ෆෝ සේල් (බිම බිස්නස් කිරීම) !
සේල් ?
කාටද ?
කාට හෝ.
බිම උරුම වී ඇති එකාටම බිම ?
අයිතිය මටනේ.
ඇයි විකුණන්නට මට අයිතියක් නැත්ද ?
අයිතිය ?
කවදා සිටද ?
බිම විකිණිය හැක්කේ අඩු තරමින් බිමෙහි උරුමය සහ අයිතිය තිබෙන එකාටය.
මම ඉපදුනු දිනේ සිට මට අයිතිය ඇත.
ඇත්තද ?
අද දවස වෙනුවෙන් හෙට දවස විකිණීම!
විකිනීම හෙවත් වෙලදකරනය!
මේ කොස් ගෙඩියකි. අවැසිනම් කඩාගෙන පවුලේ බඩගින්න නිවාගත් අපි ඉතිරිය සතුන් සඳහා ඉඩහැරියේය. කුඹුරේ වී කොටහක් “කුරුලු පාලුව ” වෙනුවෙන් වෙන් කලේය. කොස්ගෙඩිය, අඹගෙඩිය, පේර ගෙඩිය, අලය, බතලය, නිවිතිය, සාරනය පවුලේ පාරිබෝජනය හැර ඉතිරිය තබා හැරියේය. පවුලේ 10 – 12 වූ මිනිසුන්ට ඉන් හානියක් වූයේ නැත.
අද?
පවුලේ වූ 4 දෙනා මේ සියල්ලම අලෙවියට පටන්ගත්තේය. සියල්ලම විකිනුවේය. ගහකොලද, අල බතලද, ගෙදර වූ පුරාවස්තු වූ බාන්ඩද පමනක් නොව තමන්ට කිරිටික දුන් එලදෙනද, බිත්තරය දුන් කිකිලියද මසට විකුනා දැම්මේය. ඉන් නොනැවතී සතුන් වගා කර විකිනුවේය. මේ අන් කිසිවෙක් නිසා නොව පවුලේ වූ 4 දෙනා වෙනුවෙන්ය.
පැවිද්දා පන්සලේ වූ සියලු දේ විකිනුවේය. රජුන් දුන් වපසරියද, සාසනික දේපලද, පෙර උපාසක \ උපාසිකාවන් පූජා කල සියල්ලද , පන්සල් බිමද, “අද්යාත්මයද” විකුනා මුදල් කලේය (දර්මදේශනා වලට මුදල ආගමනය වූයේ එමනිසාය.).
විකිනුම කෙතරම් දුරට ගියාද කිවහොත් තම තරුන දරුවන්ද, අඹුවද, තම අවයවද විකිනීම ඇරැඹිනි.
උන්ගෙන් ජාතක වූවෝ තම මව්පියන් විකුනා ඉතිරි වූ කොටස විකිනුවේය.
එක ප්රශ්නයක් ඇසීමට ඇත.
තම ගෙවත්තේ වූ ගහ කොලද, සතා සීපාවාද විකිනූ එකා තම රට නැමැති තම වත්තට එහායින් වූ වපසරිය “අවස්තාවක් ලැබුනොත්” නොවිකුනා ඉදීද? එහි නිදන් වූ දේ හෙවත් එහි වූ උරුමය නොවිකුනා ඉදීද?
සියල්ල විකිනූ ඔහුට,
රට විකිනනු එක කජ්ජක්ද? රට මුදල් කරනු කජ්ජක්ද?
ජාතිය විකිනනු එක කජ්ජක්ද? ජාතිය මුදල් කරනු කජ්ජක්ද?
ආගම විකිනනු එක කජ්ජක්ද? සාසනය මුදල් කරනු කජ්ජක්ද?
මතකතියාගන්න!
ඔබ අද මුදලට විකුනන්නේ ඔබේ දරුවාට හෙට පය තබා නැගිට ගැනීමට ඇති පොලොවයි. ඔබ කරන්නේ “අද දවස වෙනුවෙන් හෙට දවස විකිනීමයි”.
– වෛද්‍ය ධම්මික විජේරත්න