ලිපිය ලිවීමට පාදක වූයේ සමාජ මාධ්‍ය ජාලාවේ කෙනෙක් විසින් කර තිබුණු අභියෝගයක්.ඔහුට අනුව බටහිර ධනවාදය හා ආර්ථික න්‍යායේ දෘෂ්ටිය කුමක්ද කියා දන්නා කෙනෙක් ලංකා දේශපාලනයේම නැත.මම දන්නෙ නෑ මා ලියා ඇති දෙයින් ඔහු තෘප්තිමත් වේද කියා.මම කොහොමටත් කරන්නේ ලංකාවේ දේශපාලනය නොවෙයි.
ගෝලීය දේශපාලනයේ ලංකාවේ භූමිකාවයි.
දින කීපයකට ඉහතදී කෙනෙකු අභියෝග කර තිබුණා බටහිර ආර්ථික හා දේශපාලන දර්ශන වල දෘෂ්ටිය කුමක්ද කියා හැකිනම් පැහැදිලි කරන්න කියා.
මෙයාට ඇත්තෙන්ම කෙටි පිළිතුරක් දී සෑහීමකට පත් විය නොහැකියි.
මන්ද ඒ තුළ මානව ඉතිහාසයේ බලවත්ම පරිච්ඡේදයක් අන්තර්ගත වී තිබෙන නිසා.
කෙසේ නමුත් මෙම පැණයට කෙටි පිළිතුරකින් ප්‍රතිචාර දක්වා එහි දිගුවක් ලෙස ඉතිරි කොටස පැහැදිලි කරන්නම්.
ධනවාදය හෝ ධනවාදී ආර්ථික ක්‍රමය වෙන් කොට විග්‍රහ කිරීම තුළින් පැහැදිලි කිරීම පටු වීමට ඉඩ තිබෙන නිසා මෙම සමාජ දේශපාලන හා ආර්ථික විපර්යාසයට තුඩුදුන් ආසන්න ඓතිහාසික සාධක ද සලකා බැලීමට සිදුවෙනවා.
කාල් මාක්ස්ගේ විග්‍රහයන්ට අප පූර්ණ වශයෙන් එකඟ නොවුණත් යුග හා සම්බන්ධ සමාජ පරිණාමය පිළිබඳව ඔහු කළ පැහැදිලි කිරිම අභියෝගයට ලක්කිරීමට ලෙහෙසියෙන් කෙනකු ඉදිරිපත් නොවන්නේ එය සමාජ විකාශනයක ඍජු ප්‍රතිඵලයක් වුණ නිසයි.
ධනවාදය බිහිවීමට හේතු ප්‍රත්‍ය වූ කාරණා මූලික වශයෙන් මෙසේ හඳුනාගත හැකියි.
- බටහිර කාර්මික විප්ලවය
- කාර්මික විප්ලවය වැඩවසම් යුගය තුළ ප්‍රති විරෝධතා මතු කිරීම
- ධනවාදය බිහිවීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස නිදහස් වෙළඳපොල පිළිබඳ සංකල්පය නිදහස සඳහා කරන අරගලවලට සෘජුව සම්බන්ධ කිරීම
- ධනවාදයට අවශ්‍ය සමාජ ආර්ථික පසුබිම සකස් කිරීම සඳහා පැවතුණු වැඩවසම් ක්‍රමය බිඳ දැමීම
- වැඩවසම් ක්‍රමය තුළ ශ්‍රම විශේෂීකරණය හා ශ්‍රම විභජනයට ඉඩක් නො තිබීම ධනවාදයේ බිහිවීමට බාධාවක් ලෙස දැකීම (ගොවියා හා කම්කරුවා අතර දැවැන්ත පරතරයක් ඇතිවීම)
- සාම්ප්‍රදායික කතෝලික ආගමේ ඉගැන්වීම් (ඔටුවෙක් ඉඳිකටු සිදුරක් තුළින් රිංගා ගියත්, ධනවතෙකු ට ස්වර්ගයට යා නොහැකියයි ජේසුස් වහන්සේ කළ ප්‍රකාශය) සමාජ ප්‍රගමනයට බාධාවක් ලෙස සැලකූ නිසා 16 වන සියවසේදී ජර්මන් කතෝලික පූජකයෙක්වූ Martin Luther වතිකානුවට එරෙහිව රෙපරමාදු ආගම (Protestant)
බිහි කරනු ලැබීම ආදී වශයෙන්.
ඒ අදහස වැඩිදුරටත් දියුණු කරමින් John Calvin කතෝලික ආගම පමණක් නොව ප්‍රොතෙස්තන්ත ආගමත් වෙනස් කරමින් දෙවියන්ගේ සර්වබලධාරීත්වයත් බයිබලයේ වටිනාකමත් මතුකර පෙන්වීමට උත්සාහ කළා.
Calvin ට අනුව “කාලය යනු රත්‍රං” වේ.
ජේසුස් වහන්සේගේ මූලික ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනි ව ඔහු විසින් කියා සිටියේ මුදලින් ආඩ්‍යවීම දිව්‍ය ලෝකයට පැමිණීම සඳහා දෙවියන්ගේ තෝරාගැනීම සනාථ කරන නිර්ණායක බවයි.
සමාජ විද්‍යාවේ පියා වශයෙන් සළකන Max Weber නම් සමාජ දාර්ශනිකයා ඔහුගේ Protestant Ethics and Spirit of Capitalism ග්‍රන්ථයෙන් මූලික වශයෙන් ම උත්සාහ කළේ යුරෝපා කරේ ධනවාදය බිහිවීමට දැඩි ලෙස බලපෑවේ
” ප්‍රොතෙස්තන්ත ආචාරධර්ම” බවයි.
මෙම අදහසට අප පූර්ණ වශයෙන් එකඟ නොවුණත් ජර්මනිය ඕලන්දය වැනි රටවල් වල ප්‍රොතෙස්තන්ත ආගම ජනප්‍රියවීමත්, වෙළෙඳපොළ මුල්කරගෙන පුද්ගල ව්‍යවසායකයින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් දීමත් පැහැදිලිවම දකින්නට ලැබෙනවා.
Martin Luther හා John Calvin ධනවාදයක් ගැන සිතා මෙම රෙපරමාදු ප්‍රතිසංස්කරණ නොකළත් ධනවාදයේ හිස එසවීමට ඉන් බලපෑමක් ඇති වුණු බව බොහෝ දෙනකු පිළිගන්නවා.
මෙයින් කාරණා දෙකක් ඉෂ්ට වුණා.
එක පැත්තකින් මහා පරිමාණයෙන් කෙරෙන නිෂ්පාදනවලට නිදහස් වෙළෙඳපොළක් ලබා ගැනීම සඳහා කරන ලද අරගලයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමත්, ගරා වැටෙන්නට ආසන්න ව තිබුණු වතිකානුවේ යල්පැනපු ආගමික ඉගැන්වීම් අභිබවා ක්‍රිස්තියානි ආගම නව පණකින් ගෝලීයකරණයට ලක් වීමත් ධනවාදයේ හිස එසවීමත් සමග සහසම්බන්ධිතව පැතිර යෑමට හේතු වුණා.
ඉතිහාසය තුළ සිදු වූ මේ විපර්යාසය තනි තනි පුද්ගලයින් තුළ තිබූ දියුණුවීමට ඇති කැමැත්ත ද්‍රව්‍යවාදී පදනමක් මත පොහොසත් වීමේ සත්ව සහජාශයක් (Biological Instinct) බවට පත්වී එයම ලෝකය වෙනස් කරන බලවත්ම ආර්ථික න්‍යායක් බවටත් පත් වුණා.
සමස්තයක් හැටියට ගත් කළ ධනවාදයේ බිහිවීම යුගයේ අවශ්‍යතාවයන් ගණනාවක් ඉටුකරමින් ගෝලීය සන්දර්භය තුළ බලවත්ම දේශපාලන හා ආර්ථික න්‍යාය බවට ද පත් වුණා.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)