සිංහල ශිෂ්ටාචාරය වනාහි ඇළදොළ ගංගා සතා සිවුපාවුන් සමග සහජීවනයෙන් විසීමට හැකි පරිදි සැලසුම් කර කාලයේ විවිධ අභියෝග වලට ඔරොත්තු දෙන පරිදි අත්හදා බලමින් ලොව අන් කිසිදු ශිෂ්ටාචාරයකට නොදෙවෙනි ලෙස ගොඩනගා ගත්තකි.
මිහිපිට යම් මනුෂ්‍ය වාසයක් ඇතිවූයේ ද අන්න එදා සිට සිංහලයා ශ්‍රි ලංකාව තම එකම වාසභූමිය කරගෙන පැවත එයි.
වසර දසදහස් ගණනක් තිස්සේ සිංහලයෝ තම ජාතියත්, එය පවත්වාගෙන යන භූමියත් අතර ඇති අවියෝජනීය බැඳීම ආරක්ෂා කරගැනීම සදහා දිවිහිමියෙන් කැප වී කටයුතු කර ඇත්තාහ.
එබැවින් සිංහල ජාතිය සහ සිංහල භූමි ය අතර ඇති සම්බන්ධය උලඟඊම ට නොහැකිය.
උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ සිංහල රාජ්‍ය නියෝජනය කළ නායකයින් විසින් සිංහල ශිෂ්ටාචාරයේ ප්‍රාණ වායුව වන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිස බ්‍රිතාන්‍යයන් එකඟ කරවා ගැනීමට සමත් විය.
එයට ප්‍රධාන හේතුව වුයේ ජාතික ශිෂ්ටාචාරය සහ ජාතික භූමිය දෙකක් නොව එකක් බැවිනි.
ඉහත සඳහන් කළ පරිදි භෞමික අඛණ්ඩතාවයට නීතිමය අර්ථය ලැබී ඇත්තේ මෙරට මහජනතාවගේ ඓතිහාසික සම්මුතිය සැමවිටම රටේ නීතිය බැවිනි.
සිංහල ජාතිය සතු පරම අයිතිය 1972 ජනරජ ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය ලෙස සම්පිණ්ඩනය කර දක්වා තිබේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය ලෙස බුද්ධ ශාසන නීතිය දක්වා ඇත.
බුද්ධ ශාසන නීතිය සෘජුවම ඓතිහාසික සිංහල ජාතිය සුරකීම සඳහා ප්‍රඥාගෝචරව
ඇතුල කරන ලද්දකි.
ඉහත සඳහන් කළ ‘රට දැය සමය’ කිසි විටෙක වෙන් කළ නොහැකි ලෙස එක් දේහයක් ලෙස පවත්වාගෙන යනු ලබන්නේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය මගිනි.
වාසභූමිය ඛණ්ඩනය කිරීම මගින් ද සිංහල ශිෂ්ටාචාරයට එල්ලවන්නේ මරු පහරකි.
©2023
✍️ ඉන්දික සහභණ්ධු