13 + සහ අහිමිවන සිංහලයාගේ අයිතිය
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
source:
වාද කරන, රණ්‌ඩු කරන, එපා කියන, ඕන කියන, දෙන්න හදන, වැඩියෙන් ඕන කියන මේ ආදියෙන් මෑතකාලීන සමාජයේ අතිශය කතාබහට ලක් වූ ලක්‌වෙන කරලියේ මාතෘකාව නම් 13 වන සංශෝදනයයි. නැතහොත් 13 යි. මේ සම්බන්ධයෙන් නොයේක් දෙනා අදහස් ඉදිරිපත් කරමින් සිටින අතර පක්‍ෂ විපක්‍ෂ බෝහෝ දෙනාත් නානාවිධ අදහස් ඉදිරිපත් කරනු දැකිය හැකිය. ආණ්‌ඩු පක්‍ෂයේ සිටින ඇතැම් මැති ඇමැතිවරුන්නටද මේ සම්බන්ධ ඒතමතිකත්වයක් නොමැතිව සිටින අතර තුර සමස්‌තයක් ලෙස පොදු විපක්‍ෂය තුළද දැකිය හැක්‌කේ අපැහැදිලිතාවයකි. මේ අතර විද්වතුන් සේම නොයෙක් ජාතික හා විජාතික සංවිධානද කරලියට බැස නානාප්‍රකාරයේ දෑ පවසමින් සිටිති. විද්යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් මගින්ද සුපුරුදු පරිදි කරලියේ මාතෘකාවට අඩු වැඩි වශයෙන් ඉඩ ලබා දෙමින් දිනෙන් දින එම තේමාව මුල් කරගනිමින් අලුත් අලුත් වේදිකාවන් හා සිද්ධීන් මෙන්ම මතවාදයන්ද නිර්මාණය කරමින් සිටිති. මේ සියල්ල සිදුවෙද්දි ඇතැම් වියතුන් බුද්ධිමතුන් සිය අදහස් උදහස් දක්‌වද්දී ඇතමුන් නිහඬවම සිටිති. සමස්‌තයක් ලෙස බලන කල මේ සියල්ල රිසි සේ සිදු වෙද්දි රටේ මහ ජනතාව නිසොල්මන්ව බලා සිටිති. සියලු දෙනා එක්‌ව ර`ගන මේ රැඟුම දෙස විලම්භීතව බලා සිටිනු විනා ඔවුන්ට ඒ සම්බන්ධව යමක් කතා කිරීමට හෝ වෙනත් ක්‍රියා මාර්ගයකට පිවිසෙන්නට කිසිදු අවබෝධයක් නැත. අප විශ්වාස කරන පරිදි 13 ක් බදාගෙන මාධ්‍ය වීරයන් වී බෙරිහන් දෙන බෝහෝ දෙනාද එලෙසින් බෙරිහන් දෙන්නේ කිසිවක් නොදැන බවයි. 13 සුභ අසුභ හෝ ආදීනව කිසිවක් නොදකින නොදන්නා බොහෝ දෙනා කෑ ගසන්නේ ගතානුගතික වී නොයෙක් දේශපාලන, වාර්ගික ආදී රාමුන් තුළ සිරවීය. ස්‌වාධීනව නොසිතන ඔවුහු ඒ වෙනුවට තමන්ගේ ඉහළ හෙන්චයියලාට අනුව සිතමින් එසේ කෑ ගසති.
අතීතයේ සිට මේ රටේ යම් යම් ජාතික, ආගමික, සාමාජයීය ප්‍රශ්නයක් උද්ගතව තිබුණා නම් එය එසේ වී තිබුණේ ” සිංහල බෞද්ධයාට හිමි තැන අහිමි කිරීමේ” එකම ප්‍රශ්නය නිසාය. මෑතකාලීන එහි එක් ප්‍රධාන අංකුරයක් වූ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය අද වන විට නිමාවට පත් වී ඇත. යමෙක් උතුරු නැගෙනහිරට විසඳුම් දීමට යෑයි කියමින් 13 ක් ගැන කතා කරන්නේ නම් ඔවුන්ට අනුව උත්තර දෙන්නේ නම් මේ වන විට ඒ සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් නොමැත. මන්ද ඵලය හේතුව නැසීමෙන් මේ වන විට නසා ඇති නිසාය. වෙනත් අයුරකින් කියතොත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තයින් පරාජය කිරීමෙන්ම විසඳුම ලැබී ඇති නිසාය. දැන් උදා වී ඇත්තේ වසර 30 ක් තිස්‌සේ ඒ අරභයා මේ රටේ මහ ජාතියට අහිමි වී ගිය අයිතිය ඉල්ලීම සදහා අරගල කිරීම පමණකි. නමුත් අද උත්තර දීමට යන්නේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලැබ වසර තුනකට ආසන්න කාලයක් තිස්‌සේ සියලු ප්‍රතිලාභ භුක්‌තිවිඳින උතුරු නැගෙනහිර ජනතාවමයි. මෙහි ඇති සුවිශේෂත්වය නම් අදටත් විසඳුම් සොයන්නේ එදා මෙන්ම අදටත් එන් ජී ඕ සුනඛයන්ගේ සුනඛ පෝතකයන්ව අශූචි අනුභව කළ සිංහල, දෙමළ, මුස්‌ලිම් අවස්‌ථාවාදීන්ය.
හැමෝම බෙරිහන් දෙන 13 මොකක්‌ද? මේක කොහෙන් ආනයනය කරන ලද්දක්‌ද? මේ ආදී පැහැදිලි කර ගැනීමක් අප සිදුකරගත යුතුය. ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම 13 වන සංශෝධනය මෙරටට බලහත්කාරයෙන් පටවන ලද්දකි. 13 වන සංශෝධනය බඳු දේශපාලන විසඳුමක් ගෙන ආ යුතු බව සදහන් ඉන්දු-ලංකා ගිවිසුම එවකට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා හා එවකට ඉන්දියාවේ අගමැතිවරයාව සිටි රජිව් ගාන්ධි මැතිතුමා විසින් අත්සන් තබා ඇත්තේ 1987 ජූලි මස 29 වන දිය. එසේ වුවත් ව්‍යවස්‌ථා සංශෝධනයක් ලෙස 13 වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත්තේ 1987 නොවැම්බර් මස 12 වන දිනය. මෙම සංශෝධනයට පක්‍ෂව ඡන්ද 138 ක් ලැබී ඇති අතර විපක්‍ෂව ලැබී ඇත්තේ ඡන්ද 11ක් පමණි. එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව විසින් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන සමයේදී එවකට එම ආණ්‌ඩුවේ කර්මාන්ත ඇමැතිවරයාව කටයුතු කළ සිරිල් මැතිව් හා එම ආණ්‌ඩුවේම කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි ගාමණී ජයසූරිය මැතිතුමා එක්‌ව මෙම සංශෝධනයට විරුද්ධව කටයුතු කොට ඇති අතර අවසනදී එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපලානයෙන්ද ඔවුන් සමුගෙන ඇත. මෙරට පළාත් 9 කට බෙදා ඇති නමුත් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය මගින් නීති සම්පාදනය කොට ඇත්තේ පළාත් සභා 8 ක් පිහිටුවීම සඳහා පමණි. එසේ වූයේ උතුර නැගෙනහිර යන දෙපළාත සඳහා කොන්දේසී සහිතව එක් පළාත් සභාවක් ස්‌ථාපිත කිරීමට කටයුතු කළ බැවිණි.
එම පළාත් සභා දෙක කොන්දේසි සහිතව එක්‌කළ බව සඳහන් කළ යුතුව ඇත්තේ ඉන්දු- ලංකා ගිවිසුමේ 3 (ආ) වගන්තිය යටතේ නැගෙනහිර පළාත එක් ආණ්‌ඩුකාරවරයෙක්, එක් ඇමැතිවරයෙක් සහ එක් අමාත්‍ය මණ්‌ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද යන්න නැගෙනහිර පළාත් ජනතාව තීරණය කිරීêමට හැකිවන සේ 1988-12-31 දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් ස්‌වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය”. යනුවෙන් සඳහන් කර ඇත. එම කොන්දේසිය අනුව 1988-12-31 දින හෝ ඊට පසු හෝ කිසි දිනෙක “නැගෙනහිර පළාත උතුරට එක් කරනවාද නැද්ද යන්න ” නැගෙනහිර ජනතාවගෙන් විමසීමට ජනමත විචාරණයක් නොපැවැත් වූ අතර පසුව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් උතුර හා නැගෙනහිර වෙන්කර ඇත. එම පළාත් සභාවන්ට අමතරව බස්‌නාහිර, දකුණ, උතුරුමද, ඌව, වයඹ, සහ සබරගමුව, යන පළාත් සභා සඳහාද 13 වන ව්‍යස්‌ථා සංශෝධන මගින් පළාත් සභා ස්‌ථාපිත කර ඇත.
සෑම පළාත් සභාවක්a සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්‌ඩුකාරවරයෙක් පත්කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 5කි. පළාත් සභාව කැඳවීම, පළාත් සභාවේ වාර අවසන් කිරීêම සහ පළාත් සභාව විසුරුවා හැරීම කරනු ලබන්නේ ආණ්‌ඩුකාර තැන විසිනි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154-ඊ-4 අනු ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පත්කරනු ලබන්නේද ආණ්‌ඩුකරයා විසිනි. මීට අමතරව 13වන ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ඇමැතිවරුන් 4 දෙනෙකුට නොවැඩි ඇමැති මණ්‌ඩලයක් පත් කළ හැකිය.
කවුරු කවුරුත් දැන හෝ නොදැන බෙරිහන් දුන්නේ මෙම 13 ගැනයි. ඉන්දු-ලංකා ගිවිසුමේ අතුරු පල විපාකයක් වූ එවකට ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් වශයෙන් ක්‍රියා කළ ඡේ. ඇන් ඩික්‌සිත්ගේ නොමද උත්සාහයක් මෙන්ම සිහිනයක්‌ද වූ 13 සැබෑවක් කිරීමයි. ඩික්‌සිත් පිළිබඳ මෙහිදී සඳහන් නොකරම බැරිය. එවකට ඔහුගේ මෙරට ක්‍රියාකාරීත්වය කෙබඳුද යත් ඔහු මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ හැඳින්වූයේ මෙරට සිටින ඉන්දීය ආණ්‌ඩුකාරවරයා ලෙසටයි. 13 ජනිත කළ ඉන්දු ලංකා ගිවිසුම සඳහා පසුබිම සකස් වූ ආකාරය පිළිබඳව ඩික්‌සිත්ගේ කෝණය වැදගත් වන්නේ එහි බලහත්කාරී බව එමගින් විද්‍යමාන වන බැවිණි. ඉන්දු-ලංකා ගිවිසුමෙන් දස වසරකට පසු ඔහු එදා තිබූ තත්ත්වය කතාන්දරයක ස්‌වරූපයෙන් මෙන්ම විග්‍රහාත්මකවද ලියමින් කොළඹ භූමිකාව නම් ග්‍රන්ථය රචනා කළේ ඉන්දු- ලංකා ගිවිසුමේ පසුබිමත් 13 වැනි සංශෝධනයේ විලිරුදාවත් එමගින් මැනවින් විද්‍යමාන වේ.
එදා මෙම ගිවිසුම ගෙනා අවධියේදීම මේ සඳහා නොයෙක් විරෝධතා ඇතිවිය. එසේ විරෝධය දැක්‌වූවන් අද බොහොමයක් දෙනා ජීවතුන් අතර නොමැත. ඇතමෙක් ජීවතුන් අතර සිටියත් එදා කතාව සහ අද කතාව අතර පරස්‌පරතා ඇත. ඒ අතුරින් දේශපාලන චරිත කිහිපයකගේ අදහස් මෙහිදි දැක්‌වීම උචිතයෑයි හඟිsමි.
ජනතා පරමාධිපත්‍ය බිඳ දැමීමක්.
ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සතුටු කිරීම පරමාර්ථ කොට දැනටමත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පළාත් සභා පනත් කෙටුම්පතේ 13 වැනි සංශෝධනයේ අලූත් වෙනස්‌කම් ඇති කිරීම අනිසි ක්‍රියාවක්.
පළාත් සභා පනතේ 9 වැනි උප ලේඛනයට සාධාරණ හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථානුකූල නිසි පරිදි ක්‍රියා කිරීමෙන් තොරව එයට රහසේ නව වගන්තිs, නව සංකල්ප හෝ වෙනත් මූලධර්මයන් ගෙන ඒම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැණියි. එමෙන්ම එය ජනතා පරමාධිපත්‍ය පාවාදීමක්‌ද වෙනවා.
මේ සංශෝධනය සම්මත කළහොත් උතුරු නැගෙනහිර එක්‌කළ ඊළාම් සිතියම සම්මත වෙනවා. ඊළාම් රාජ්‍යයක් ගැන මුලින්ම පොරොන්දු වූ ආකාරයට අනුව අද වෙන පියවරකට ඇවිත් තියෙනවා. ලංකාව පළමු වරට ජාතිවාදී පදනමක් මත බෙදන්න හදනවා. උතුරු නැගෙනහිර දෙමළ වාසභූමියක් කියන්නේ ජාතිවාදය අනුව රට බෙදීමක්.
(සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය)
මේ පනත සම්මත වුණොත් අග්‍රාමාත්‍යවරයා පළාත් පාලන ඇමැති නොවෙයි. මාහාමාර්ග ඇමැති නොවෙයි. සියලු දිසා ඇමැතිවරුන්ට තනතුරු අහිමි වෙනවා. මධ්‍යම ආණ්‌ඩුව පාලනය කරන්නේ, කොළඹ නගරය හා ශ්‍රී ජයවර්ධනපුර නගරය පමණි. සිද්ධස්‌ථාන පළාත් සභාවලට අයත් වෙනවා.
දිනේෂ් ගුණවර්ධන පා. ම මහජන එක්‌සත් පෙරමුණ
(1987-11-12 පාර්ලිමේන්තුවේදි- )
රට දෙකට තුනට කැඩෙනවා මට බලාගෙන ඉන්නේ බැහැ.
මා පෞද්ගලිකව හිතනවා මේ පළාත් සභා පනත සම්මත වුවහොත් එජාපයේ අරමුණක් වූ ඒකීය ලංකාවක් පිළිබඳ අදසහ මුලිමනින්ම විනාශ වන බව. එය අපේ පක්‍ෂයේ බොහෝ දෙනෙක් මා සමග කියා තිබෙනවා. මා අද මේ සිටින තැනට මා ගෙන ආ පක්‍ෂයට හා පක්‍ෂයේ සාමාජිකත්වයට මා ලැබූ ඇමැති පදවියට වඩා මම මගේ ජාතියට ආගමට ආදරය කරනවා. මගේ ජාතිය ආගම විනාශ වී රට දෙකට තුනට කැඩී මගේ ජාතියත්, මගේ අනාගත දරු දැරියනුත් විනාශ වී යනු බලා සිටීම මට කෙලෙසකවත් කළ හැක්‌කක් නොවේ.
(ගාමණී ජයසූරිය-හිටපු අමාත්‍ය එජාපය)
මේ පනත මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවාසනාවන්තම පනතයි
මෙය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවාසනාවන්තම පනතයි. විවිධ රටවල කාලයක් යටත් විජිතයක්‌ව තිබු ලංකාව අද ඉන්දියාවේ යටත් විජිතයක් වෙලා. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි භාෂාවයි. අනෙකුත් භාෂා ප්‍රාදේශීය භාෂා හැටියටයි හඳුන්වන්නේ. මේ පනත අනුව ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක්. මේ ගිවිසුම ගැන අපේ රටේ මිනිස්‌සු සතුටු වෙන්නේ නෑ. ඒ ගැන සතුටු වෙන්නේ වෙනත් රටවල්.
(මෛත්‍රීපාල සිරිසේන- පා.ම ශ්‍රීලනිප 1987-11-12 පාර්ලිමේන්තුවේදී)
මේ රටේ අති බහුතරයගේ නානාවිධ විරෝධතාවන් මධ්‍යයේ මෙන්ම නොයෙක් ආණ්‌ඩු යටතේ අද වන විටත් මේ 13 වන පනත නොවෙනස්‌ව පැවත එමින් පවතී. එම පනත මගින් අත්හිටුවා ඇත්තේ ඉඩම් බලතල හා පොලිස් බලතලයි. මේ කරුණු දෙක මේ පනත පිළිබඳ නොදන්නා අය පවා දැන සිටීම මගින් පැහැදිලි වන්නේ එය මොනතරම් නම් කාලයක් තිස්‌සේ මන්ත්‍රයක් සේ ජප වෙමින් පැවත ඒමයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගත් ආණ්‌ඩු ගණනාවක් බිහි වුවත් එම පනතින් ජාතියේ හා දේශයේ අවාසානාවන්ත ඉරණම තවදුරටත් අවධානමින් අවදානමට ලක් කරනු විනා එයින් මුදවා ගැනීමක් නම් සිදුව නොමැත. එනිසාම අදටත් මෙය කරලියේ මාතෘකාව වී ජාතියේ හා දේශයේ හෘද ස්‌පන්දනය වේගවත් කරමින් රතු එලියක් දල්වති. ඇතමුන් 13+ ගැන කතා කරති. ඇතමුන් මේ සම්බන්ධ පක්‍ෂ විපක්‍ෂ අදහස් දක්‌වද්දි කවුරු කවුරුත් උගුරට හොරා බෙහෙත් බොති. ඇතැමුන් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ කරලියේ මාතෘකාව සම්බන්ධයෙන් නිහඬව සිටීමෙන් මාධ්‍යයේ වීරයෙක්‌ව සිටීමට ඇති නොහැකියාව නිසායි. එසේ වංචාවන් සිදු වද්දි දැනටමත් උතුරු නැගෙනහිරට ලබා දී ඇති ඉඩම් බලතල හා පොලිස් බලතල පිළිබඳ මුනිවත රකිති. සැබෑව නම් දැනටමත් උතුරු නැගෙනහිරට ඉඩම් බලතල දි ඇති බවයි. විශේෂයෙන්ම උතුරට සම්පූර්ණයෙන්ම මෙය ලබා දි ඇත. යුද්ධය නිමා වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවමත් සිංහලයන්ට උතුරුබිම අකැපය. ලක්‍ෂ ගණනින් ද්‍රවිඩයන් හා අනෙක් වර්ගයන් පදිංචි කරද්දී යාපනයේ, නාවක්‌කුලියේ බලහත්කාරයෙන් පදිංචි වී සිටින සිංහලයන්ට ලැබෙන සැලකුම් සුනඛයන්ටත් වඩා පහත්ය.
නැගෙනහිර අර්ධ වශයෙන් හෝ ඊට වැඩි වශයෙන් සිංහලයාගේ ඉඩම් අයිතිය අහිමි වී ඇත. සිංහලයාගේ අයිතිය වෙනුවෙන් කිසිවෙක් කතා නොකර 13 ක් ගැන බදාගනිමින් බෙරිහන් දෙති. සැබෑ ප්‍රශ්නය එකතැන පල්වෙමින් තබන්නට උවමනා නිසා හා තමන්ගේ අරමුණ දැනටමත් ඉතා හොඳින් දියත් වන බව දැන 13 ඕනෑ යෑයි කියන වුන් බෙරිහන් දෙති. එවිට අපේ මුග්ධ රැලද ඒ පිටුපස එලවන්නට හැර ඊළාම් සිහිනය විකල්ප මාර්ග ඔස්‌සේ දියත් වෙති. මෙනිසා අමුතුවෙන් දීමට ඉඩම් බලතලයක් ඉතිරි වී නොමැත. උතුර මෙන්ම දකුණද දිනෙන් දින අහිමි වන්නේ සිංහලයන්ට පමණි. පොලිස් බලතල කියා අමුතුවෙන් දිමටද දෙයක් නොමැත. අද උතුරේ මෙන්ම නැගෙනහිරද ක්‍රියාත්මක වන්නේ දෙමළ හා මුස්‌ලිම් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම්ය. එය එසේ නොවේ නම් ඒ 9 පාර දිගේ මෙන්ම සමස්‌ත උතුරේ මෙන්ම නැගෙනහිරද අස්‌සක් මුල්ලක් නෑර පල්ලි ඉදි නොවන්ට තිබිණ. එය එසේ නොවේ නම් ඒ 9 පාර දිගේ හමුදා සුබ සාධක වෙළඳ සැල් නොවැසෙන්නට තිබිණ. එය එසේ නොවේනම් යාපනය හමුදා කඳවුරේ බුද්ධ ප්‍රතිමාවක් තබන විට දෙමළ ජාතිකයන් දේශපාලුවන්ගේ උවමනාව පිට එයට විරෝධය පළ නොවන්නට තිබිණ. එය එසේ නොවේ නම් නැගෙනහිර බෞද්ධ උරුමය අන්‍යාගමිකයන්ගේ සිතැඟි පරිදි විනාශ නොවන්නට තිබිණ. එය එසේ නොවේ නම් මුස්‌ලිම් අන්තවාදි, ත්‍රස්‌තවාදී සංවිධාන නැගෙනහිර නොරජයනු ඇත. සිංහලයන්ගේ ඉඩම් හොර රහසේම නොවිකණනු ඇත. එනිසා මෙකී නොකී බොහෝ දෑ තුළින් තහවුරු වන්නේ මේ වන විටත් ඉඩම් බලතල හා පොලිස් බලතල නියමයෙන් හෝ අනියමෙන් දි ඇති බවයි. එනිසා 13+ විය යුත්තේ උතුරු නැගෙනහිර සිංහල ජනයාගේ අනන්‍යතාවය හා උරුමය ආරක්‍ෂා කරදිමයි. මෙනිසා උතුරු බිමෙන් මෙන්ම නැගෙනහිර බිමෙන් ඇතිවෙන ඊලාම් ලංකාව වැඩි ඈතක නොවන අතර තවත් නසරිස්‌තානයක්‌ද ඇති වීම කා හට නම් වැළැක්‌විය හැකිද? මෙතුවක් කල් මේ රටේ අහිමි වූයේ සිංහලයාගේ අයිතිය මිස වෙන කිසිවෙකුගේ අයිතියක් නොවේ.