Sat. Jan 18th, 2025
Spread the News

19 ට සංශෝධන ඉදිරිපත් කිරීමේදී ගැටලු

දයා ලංකාපුර

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු කාරක සභා අවස්‌ථාවේදී එයට සංශෝධන ඉදිරිපත් කිරීම පිළිබඳ ගැටලුවක්‌ පැන නැගී ඇතැයි නීති අංශ පවසයි. මෙයට හේතුව රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යවා ඇති ගැසට්‌ පත්‍රයේ පළකොට තිබූ සංශෝධනය පිළිබඳ පමණක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොට තීන්දුවක්‌ දීමයි. පසුව රජය දෙවතාවකදී දහනව වැනි සංශෝධනයට තවත් සංශෝධන දෙකක්‌ එක්‌කොට යවා ඇති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා විභාගයට ගෙන නැත. මේ නිසා කාරක සභා අවස්‌ථාවේ එම සංශෝධන ඉදිරිපත් කොට සම්මත කර ගැනීම ප්‍රශ්නයක්‌ වී ඇතැයි ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ නීති විශාරදයෙක්‌ ‘දිවයින’ට කීය.

මේ නිසා එම සංශෝධන නීතිපතිගේ උපදෙස්‌ අනුව කාරක සභා අවස්‌ථාවේ ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරගෙන යන බව දැනගන්නට තිබේ.

Protected by Security by CleanTalk