2020 මහ මැතිවරණයේදී මේ රටේ මුළු චන්ද සංඛ්‍යාවෙන් 3.16% ක් පමණක් ලබාගත් ත්‍රස්ථවාදි ණඩයකට බලය දී ඊට විරුද්ධව චන්දය දුන් 97% ජනතාවක් පාවා දී ,වසර 2500 ක් පැවති මේ සින්හල බෞද්ධ රටත්, ජාතියත් විනාශ කරනවාද? ශ්‍රි ලන්කා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාම වෙත,විෂේශයෙන්ම සිංහල මන්ත්‍රීන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක්.

Spread the News

ආචාර්ය සුදත් ගුණසේකර. හිටපු ලේකම් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක.
සභාපති ශ්‍රි ශ්‍රී ලංකා පරිපාලනසේවා සංගමයේ (1991-1994) සභාපති. මහනුවර
සින්හල බෞද්ධ ජේෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය.
18.7. 2022


ක්‍රි. පූ. 543 සිට සිංහලේ රාජධානිය වශයෙන්ද ක්‍රි.පූ.307 සිට අද දක්වාම
ලෝකයේ ඇති එකම සිංහල බෞද්ධ රාජ්‍ය වශයෙන්ද පැවති බව මේ රට
විනාශකිරීම සඳහා අධිරාජ්‍ය වාදීන් විසින් දෙමල මුස්ලිම් මිනිසුන් සිංහලයින්ට
එරෙහිව උසිගන්වනතුරු පිළිගත් දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන්ද මේ සිංහල
රටේ නීත්‍යානුකූල පුරවැසියන් වනනිසා ඔවුන්ටද මෙම නිවේදනය අනිවාර්යෙන්ම
අදාල වේ.
පැරණි ලෝකයේ අනාදිමත් කාලයක සිට මෑතක් දක්වාම මිහිබට පාරාදීශය,
ධර්මද්වීපය සහ ඉන්දීය සාහරයේ මුතු ඇටය වැනි විරුදාවලි ලැබූ ඔබ අප
සියලුදෙනාගේම මව්බිම වන මේ රම්‍ය දිවයින අද අතිශයින්ම අවාසනාවන්ත
රටක් බවට පතව ඇත. 1948 ඊනියා නිදහස ලබනවිට මුළුමහත් ආසියාවේම
දෙවන සමුර්ධිමත් රට වශයෙන් තිබුණු එය අද ආසියාවේ පමණක් නොව මුලු
ලෝකයේම හිඟන රටක් සහ කඳුලක් බවට පාලකයින් විසින් පත්වකොට ඇත.
එසේම අද එය ජාති විරෝධි, දේශද්‍රෝහී උන්මත්තක ත්‍රස්ථවාදීන්ගේ
කෙළිමඬලක් වී ඇත.1948 සිටම මේ රට පාලනය කලායයි කියන සියලු දෙනාම
එසේ වීමට වගකිවයුතු බවද මුළු රටම පිළිගෙන ඇත. වර්තමාන
පාර්ලිමේන්තුවේ සිටින ඔබ සියළු දෙනාද ඊට වගකිව යුතුබව පිලිගත යුතුය.
මා මෙම ඉතා වැදගත් පණිවිඩය ඔබ සැමදෙනාමවෙත එවන්නේ අපගේ මව්
රටත් ජාතියත්, ඒ තුල වසන සියලුදෙනාත් සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියත්
පරසතුරන්ගෙන් සහ රට තුලම සිටින පරසතුරු බලවේගයන්ගේ
නියෝජිතයින්ගෙන් ආරක්ෂාකොට ගැනීමේ පරම අධ්‍යාශය පෙරදැරිකොට ගෙනය
ඊනියා අරගලයක යෙදී සිටින ත්‍රස්ථවාදීන්ගෙන් මේ රට සහ මේ රටේ හින්දු,
මුස්ලිම් මිශ්‍රිත සිංහල බෞද්ධ ජාතියේ අනාගතය ආරක්ෂාකොට ගැනීම, එසේම

ඔවුන්ගේ ආගම්ද ජාතියක් නැති ආගමක් නැති මිත්‍යාදෘෂ්ඨිකයින්ගෙන්
බේරාගැනීම,
සිංහල බෞද්ධ ජනාධිපති ඝෝඨාභය රාජපක්ශ රටින් එලවා දැමීමට මුල්වූ
කන්ඩායම් අතර සිටින ඊනියා අරගල කරුවන් වන ජ.වි.පෙ., පෙරටුගාමීන්.
කතෝලික පල්ලිය, සහරාන්ගේ ණඩයට අයත් මුස්ලිම් අන්තවාදී ත්‍රස්ථවාදීන්
මෙන්ම 1505 සිට අද දක්වාම අධිරාජ්‍ය වාදීන්ට ඉටුකොට ගැනීමට නොහැකිවූ
අරමුණ වූ මේ රටේ සිංහල බෞද්ධ ජාතිය සහ සංස්කෘතිය මේ මිහිපිටින්
අතුගා දැමීමට සහ සිංහල, දෙමල මුස්ලිම්වරුන් අතර අනාදිමත් කාලයක් පුරා
පැවැති සමගිය විනාශකොට, මේ රට අස්ථාවර කිරීම සහ විනාශකිරීම සඳහා
කුමන්ත්‍රණ කරන බටහිර අධිරාජ්‍යවාදීන්, ඔවුන්ගේම නියෝජිතයින් වන ඊනියා
සිවිල් සංවිධාන, ජේ.වී.පී. සහ පෙරටුගාමි සමාජවාදි,පෙරමුණ, කතෝලික
පල්ලිය, සිවිල් සංවිධාන, රාජ්‍ය .නොවන සංවිධාන සහ විදේෂීය සංවිධානද,
රාජ්‍ය නොවන සංවිධාන සහ සියළුම සින්හල බෞද්ධ විරෝධී විදේශ
සංවිධාන හරහා ඩොලර් පොම්පකරමින් සිදුකරගෙනයන මේ මහා විනාශය ඔබ
අප සියළු දෙනාම එක්වී පරාජය කළයුතුය.
එබැවින් ඔබ 225 දෙනාම එක මවකගේ දරුවන්මෙන් මේ රටේ හා ජාතියේ මෙම
තීරණාත්මක අවස්ථාවේදී මෙම ප්‍රකාෂයේ අඩංගු කරුණු ණුවනින් සලකා බලා

  1. 7. 20022 දින ජනාධිපති වරයෙකු තෝරාගැනිමේදී, එම පුරාණ සිරිතට අනුව
    රටේ දේශපාලන ස්ථාවරය හා ජාතියේ තිරසාර සමඟිය සහ සහෝදරත්වය
    නැවත ගොඩනැගීම සඳහා පහත දැක්වෙන කරුණු ඔබ සැමගේ දැඩි සැලකිල්ලට
    ගන්නා මෙන් දෙශානුරාගයෙන් හා ජාත්‍යාලයෙන් මම ඔබ සැමගෙන් ඉල්ලමි.
    එම අපේක්ෂකයා.
    1. දැනට මේ රට තුල පවතින සින්හල, දෙමළ සහ මුස්ලිම් අන්තවාදි
    ත්‍රස්ථවාදීන්ගේ ග්‍රහනයෙන් රට බේරාගෙන පක්ෂ, පාට භේධයෙන් තොර රට හා
    ජාතිය මුල් තැන්හි තබා සෑමදෙනාගේම සහයෝගය සහ ගෞරවය දිනාගත හැකි
    අයෙකු වීම
    2. ස්ථාවර සර්ව පාක්ෂික රජයක් පිහිටුවා රට තුල පළමුව නීතිය හා සාමය යළි
    තහවුරු කොට සාමකාමි වාතාවරනයක් ඇති කිරීම සහ සියළු පක්ශ පාට,
    ජනවර්ග, කුලමල, ආගම් ආදි භේධයකින් තොරව කටයුතු කිරීම,
    3. අද රට තුල ගිනිගෙන දැවෙන ප්‍රශ්නවූ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්,
    .ඖෂධ කඩිනමින් ලබාදීම, රසායනික පොහොර, වල්නාශක, පලිභෝධ සහ
    කෘෂි උපකරන වැනි යෙදවුම් පහසුවෙන් හා ගොවින්ට දරාගත හැකි මිලට
    කලට වෙලාවට ලබාදිය හැකි එසේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා උපරිම මිලක්
    ලබා දීම මගින් ජනතාවට සහන සැලසීම.

4. රට තුල පවතින විදේශ සන්චිත ගැටළුවට කඩිනම් පිලියම් යොදා ආර්ථිකය
ස්ථාවර කිරීම
5. අනවශ්‍ය රාජ්‍ය ආයතන,රටට මහා සාපයක් හා සුදු අලියෙක් වී ඇති පලාත්
සභා වැනි රටේ කාර්යක්ෂම පාලනය විනාශකොට ඇති එසේම රාජ්‍යවියදම්
අහස උසට නන්වා රට බංකොලොත් කළ නාස්තිකාරි ආයතහන වසා දමා රාජ්‍ය
වියදම් අඩුකොට රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව වැඩිකොට ජනතා සේවය
ප්‍රශස්ථ කිරීම.
6. පවතින ආර්ථික දුෂ්කරතා යටතේ සෑම රාජ්‍ය අංශයකම වියදම් අඩුකොට
ජනතා සහනවැඩි කිරීම
7. රාජ්‍ය දේපල විකිණීම වහාම නතරකොට රට තුල දේෂීය ව්‍යවෂායකයින්ට රට
සන්වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම.
8. මේ රට තුළ බහුතර ජනතාවගේ මෙන්ම ලෝක ප්‍රජාව පිළිගන්නා රාජ්‍ය
පාලනයේ පළපුරුදු, පරිනත, විචක්ෂණ පුද්ගලයකු වීම
9. මේ රට තුල මෙන්ම ජාත්‍යන්තර සංවිධානය, විදේශ රාජ්‍යනායකයින්. ඉහල
පෙලේ ජාත්‍යන්තර රාජ්‍ය ධූතයින් සමඟ සම මට්ටමේ සිට ඔවුන්ගේ ගෞරවය
දිනාගෙන ක්‍රියා කිරීමට හැකියාව ඇති අයෙකු වීම ආදි සෑම අංශයකම ඉතා
උසස් ප්‍රතිඵල කෙටි කලකින් ලබාදීමට හැකි පුද්ගලයෙකුවීම යන කරුණු
පමණක් සලකා
නැවතත් පක්ෂ, පාට, කුළමල. පුද්ගලික කෝන්තර සහ හිතවත්කම් ආදී කිසිත්
නොතකා ඉහත සඳහන් කරුණු පමණක් සැළකිල්ලට ගෙන රට හා ජාතිය වැටී
ඇති අඝාධයෙන් ගොඩගත හැකි අයෙකු
20.7.2022 දින මේ රටේ නව ජනධිපතිවරයා වශයෙන් පත්කොට ගැනීම 2500
වසරක් පැවති රට හා ජාතිය වෙනුවෙන් ඉටුකළයුතු ඔබ සියළු දෙනාගේම පරම
වගකීම බව මින් දන්වා සිටිමි.
.
ඔහුගේ අතීත ක්‍රියාවන් වල කුමන අඩුපාඩ්ඩුකම් තිබුණත්…
1. ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් අතුරෙන් රාජ්‍ය පාලනයේ ඇති පලපුරුද්ද,
වැඩබලන අගමැතිවරයා මෙන්ම වැඩබ්ලන ජනාධිපතිවරයා වශයෙන් පත්වූ
අවස්ථාවේ සිට මේ දක්වා ඔහු ක්‍රියාකොට ඇති ඈකාරය සහ ඉහත අංක
1 සිට 10 දක්වා සඳහන්කොට ඇති කාර්යයන් සාර්ථකව ඉටුකිරීමේදී දක්වා
ඇති හැකියාව, දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිම දේශපාලන පක්ෂයකට
ඔහු අයිති නැතිවීම, ඔහුට රැකීමට පරපුරක් නැතිවීම සහ ඉදිරිපත්ව සිටින

අය අතර සහ පාර්ලිමේන්තුව තුල ඔහුට ඇති පෞරුෂත්වය ආදි හේතූන් සහ
ප්‍රියමනාපකම ආදී හේතූන් මත

රට තුළ පවතින උග්‍ර අර්බුධකාරී වාතාවරණය යටතේ ත්‍රස්ථවාදීන්ට යටත්
නොවෙන එකම අපේක්ශකයා වීම, ජනාධිපති තරඟයට දැනට ඉදිරිපත්වී
සිටින අය අතුරෙන් සුදුසු එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව මගේ
නිගමනයයි
එසේම ඔහුට මේ අවස්ථාව නොදුන්නොත් මින් ඉදිරියට වෙනත් කිසිම
පුද්ගලයෙකුට ත්‍රස්ථවාදීන්ගේ අනුමැතිය නැතිව පාර්ලිමේන්තු අසුනකට පවා
ඉදිරිපත්වීමට නොහැකි දවසක් මේ රටේ උදාවන බවද තවද මේ රටේ
අධිකරණවල තීන්දු දීමද අනුර කුමාරලා කුමාර් ගුනරත්නම්ලා දෙන නියෝග
අනුව සිදු කිරීමට සිදුවන දවසක් උදාවීම නියතය.
2022.7.20 වනදායින් පසු මේ රට තවදුරටත් සුසුමෙන් හා කඳුලින් බරවූ
ශාපලත් දේශයක් කරනවාද එසේ නොමැතිව යලිත් සිනාවෙන්, ප්‍රීතියෙන් හා
බලාපොරොත්තුවෙන් පිරි වාශනාවන්ත දේශයක් කරනවාද යන්න රඳා
පවතින්නේ ඔබ 225 දෙනාගේ අතේය.
ජාතියක් නැති, ජන්මයක් නැති , ආගමක් නැති ඊර්ෂියාව ක්‍රෝධය සහ වෛරය
මත පදනම්වූ මේ රටට ආගන්තුක දේශපාලන දර්ශනයකින් වියරු වැටුණු,
කුළය සහ පන්ති භේධය අනුව ගොඩනැගුනු, ඇති උන්ගෙන් උදුරා ගෙන නැති
උන්ට දී සියල්ලන්ම නැතිඋන් කරණ දේශපාලන උන්මාදයකින් .පෙළෙන, 2020
මැතිවරණයේදී එම තනතුරට ඉදිරිපත්ව සිටින එකම සුදුස්සාට නොදී මේ
රටේ මුළු චන්ද ප්‍රමාණයෙන් යෙන් 3.16% ක් පමණක් ලබාගත් ත්‍රස්ථවාදි
ණඩයකට මේ රටේ 97% ජනතාවක් පාවා දෙනවාද යන ප්‍රශ්නය අවසාන
වශයෙන් මම ඔබ සෑමගෙන් අසමි
තවදුරටත් රාජ්‍ය යාන්ත්‍රණයේ සිව් වන කණුව අරගලයයි කියන එසේම
අරගලය මේ රටේ නීතිය යයි මාධ්‍යයෙන් ලෝකයට ප්‍රකාශකරන අරගල
කරුවන් ගෙන් තොර රජයක් මේ රටේ නොතිබිය යුතුයයි හඬගා කියන
කුමාර් ගුනරත්නම් වැනි ත්‍රස්ථවාදීන්ගෙන් සැදුණු කණ්ඩායමකට මේ රටේ
දේශපාලන බලය දෙනවාද? එසේකොට දේශපාලන වශයෙන් ඔබ සියළු
දෙනාම සියදිවි නසාගන්නවාද ? යන්න 20.7.2022. දින ඔබලාම තීරණය කළ
යුතුය.