විජාතික බලවේගවල කුමන්ත‍්‍රණයකට රට නතුවුණු, විජාතික බලවේගවල වුවමනාව මත ගොඩනැගුණු අශුද්ධ හවුලකට රාජ්‍ය බලය ඩැහැගැනීමට ඉඩ සැලසුණු 2015 ජනවාරි 08 වෙනස සම්බන්ධයෙන් අපි, එ් මවුබිම පරාජය කරනු ලැබ තිබූ මොහොතේ දී ම ‘වෙනස සැප ද?’ යන ප‍්‍රශ්නය රට හමුවේ තබමින් සංවාදගත වුණෙමු. එ් කුමන්ත‍්‍රණකාරී වෙනසට වසර 3ක් පිරුණු මොහොතේ රටවැසියා සිය මතය ප‍්‍රකාශයට පත් කර ඇත. දැන් සිදුවිය යුත්තේ කුමක් ද? සිදු කළ යුත්තේ කුමක් ද?
රටවැසියා ඉතා අවධාරණාත්මක ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ ගෙවුණු වසර 3 පුරාවට පැවති පාලනය, කි‍්‍රයාත්මක කළ- කි‍්‍රයාත්මක කිරීමට වෙර දැරූ ප‍්‍රතිපත්ති සහමුලින් ම ප‍්‍රතික්ෂේප කරන බව ය. එ් සමඟ ම ම්ලේච්ඡු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය සහමුලින් ම පරදා එ්කීය ශි‍්‍ර ලංකාව යළි ප‍්‍රතිස්ථාපනය කළ, විජාතික බලවේග හමුවේ නොසැළී ශී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය හා දේශයේ සම්පත් සුරක්ෂිත කිරීමට කැපවුණු මහින්ද රාජපක්ෂ නායකත්වය රටට අවශ්‍ය බව ය.
නිදහසින් පසු එදා-මෙදා තුර සෑම පළාත් පාලන ආයතන මැතිවරණයකින් ම ජයග‍්‍රහණය කර ඇත්තේ, එ් වන විට රාජ්‍ය බලය හිමි ව තිබූ පාර්ශව ය. එහෙත් පෙබරවාරි 10 මැතිවරණයේ දී රාජ්‍ය බලය භුක්ති විඳිමින් සිටි වික‍්‍රමසිංහ අගමැතිවරයා ගේ එක්සත් ජාතික පක්ෂයට 2015 මහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද 14,73,417ක් (28.9%) අහිමි වී ඇත. රාජ්‍ය බලය දරන සිරිසේන ජනාධිපතිවරයා ගේ ශ්‍රී ල.නි.ප.ට හා එ.ජ.නි.ස.ට 2015 මැහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද 32,44,709ක් (68.5%) අහිමි වී ඇත. රාජ්‍ය අනුග‍්‍රහයෙන් විපක්ෂ නායකකම දරමින් රජයේ කොටස්කරුවකු ලෙස ක්‍රියා කරන සම්බන්ධන්-සුමන්දිරන් මහතුන් ගේ දෙමළ ජාතික සන්ධානයට ඡුන්ද 1,76,288ක් (34.2%) අහිමි වී ඇත. එ් අනුව පෙබරවාරි 10 පුංචි ඡන්දය භාවිත කරමින් මෙ රටවැසියන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ආණ්ඩු වෙනසක්, ප‍්‍රතිපත්ති වෙනසක්, නායකත්ව වෙනසක් ඉක්මවා යන මහා ජාතික අභිලාශයක් නොවේ ද?