Spread the News

Courtesy Divaina

ඩයස්පෝරාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 18 ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී ඇතැයි ද වාර්තා වේ.

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේ දී ඉකුත් 06 වැනිදා සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අනුව මෙරට හමුදා නිලධාරීන් 58දෙනකු විදේශවලදී අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම හමුදා නිලධාරීන්ගේ නාමලේඛනයට අදාළ යෝජනාව ඉදිරිපත් කළ රටවල් 31කට යැවීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පියවර ගෙන ඇත.

ඉකුත් 06 වැනිදා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ආර්මේනියාව, ෆින්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ආර්ජන්ටිනාව, මෙක්සිකෝව, චෙක් රාජ්‍යය, ලක්සම්බර්ග්, මලාවි, උතුරු මැසඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් 20 ක් මෙලෙස ඡන්දය ප්‍රකාශ කළේය.

යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේ පකිස්තානය, චිනය, කියුබාව, උස්බෙකිස්තානය, වෙනිසිසුලාව, බොලිවියාව සහ එරිත්‍රියාව යන රටවල් 07 ය.

ඉන්දියාව, ජපානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ලිබියාව සහ ඉන්දුනීසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 20 අතර විය.

මෙම යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීම සඳහා කොටි ඩයස්පෝරාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 18 ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වූයේ වැඩි ඡන්ද 13 කිනි.
කීර්ති වර්ණකුලසූරිය