Spread the News

අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි.” යන පාඨය අය වැය කථාවට ඇතුලත් කිරීම, අය වැය කථාවේ 3.20 වගන්තියේ
” අසාර්ථකතාවයන් නිවැරදි කිරීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා”
යනුවෙන් ද,
3.21 “සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක්” ලෙස අර්ථ දක්වන්න මම කැමති යි.” යනුවෙන් දක්වා ඇති අදහස් සමඟ ප්‍රතිවිරෝධීව පවතින බව කිව යුතු යි.
රාජ්‍ය පාලකයා සහ රජ්‍ය පාලනය ලෝකයේ ආරම්භ වන්නේ ඇතැමෙක් හොරකම් කිරීම, බාහු බලය පා බලහත් කාරයෙන් සම්පත් ඩැහැ ගැනීම, සහ බොරුව යන හේතු තුලින් ජනතාවට වන පීඩා නවත්වා ජනතාව ආරක්ෂා කිරීමේ මුඛ්‍යාර්ථය පිණිස ය. ඒ බව තථාගත බුදු රදුහු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සහ මිනිසා සම්පත් සෙවීම, ලබා ගැනීම, සහ ආරක්ෂා කර ගැනීම සඳහා දඬු මුගුරු ගැනීම සහ ප්‍රචන්ඩත්වයට යන බව දීඝ නිකායේ මහා නිදාන සූත්‍රයේ මැනවින් වදාළහ.
රාජ්‍ය බිහි වන්නේ හොරකම වංචාව, ප්‍රචන්ඩත්වය, දූෂණය, විෂමාචාරය නිසාවෙනි.
“තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි.” යන වදනක් රජයේ අය වැය කථාවට රාජ්‍ය නායකයා විසින් ගෙන ඒමෙන්, රාජ්‍යයේ දූෂණය හා නාස්තියට එරෙහි නොවීම හෝ එසේ එරෙහි වීම රාජ්‍ය පාලනයේ වගකීම ලෙස සැලකීම, බරපතල කරුණක් නොවේ යන්න ජන විඥානය තුල සාධාරණ කිරීමට උත්සාහ කිරීමක් ලෙස දැක්විය හැක. එය රාජ්‍යයක මුඛ්‍යාර්ථය අයාලේ යැවීමකි; ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන ගැරහීමකි.
එසේම “එවැනි දෙයක් ඔබලා බලාපොරොත්තු නොවිය යුතුයි” කියන්නාක් මෙනි . පසු ගිය කාලයේ මෙරට බලයට පත් වූ එක් නායකයෙක් ජනතාව විසින් ” මහ රජාණෙනි” කියනවිට ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ ” මම මහ රජෙක් නොවේ” යනුවෙනි. ඒ කියන්නේ “මගෙන් නුඹ්ලා මහ රජෙකුගේ යුතුකම් බලාපොරොත්තු නොවිය යුතුය” කියා නොවේ ද? පසුව ඔහු ඒ බව ජනතාවට ඔප්පු කර පෙන්වූ බව අපගේ අදහස ය.
“5.1 විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතුයි” යනුවෙන් දැක්වු කරුණ පිළිබඳව සහ විවිධ ආයතන කීපයක් සහ කොමිෂන් සභා කීපයක් ස්ථාපිත කිරීම්ට යෝජනා කර ඇත. මේ සියලු ආයතන වලට හා කොමිෂන් සභා වලට පත් කරන ඉහල නිළධාරීන් දූෂණයෙන් සහ වංචාවෙන් තොර නොවු නොළධාරීන් නො වුන හොත් ඇති කිරීමට යෝජිත ආයතන, සහ කොමිෂන් සභා තුලින් අපේක්ෂිත අරමුණ ඉටු නො වන බව නම් ඒකාන්තය.
52.1 “තෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සදහා නිෂ්පාදනය කිරීම” යන වැකියේ තෛලෝක විජය පත්‍ර භෝගය අරුත් ගන්වා නැත. කොළේ වසා ගැසීමකි. “පිහියෙන් ඇන්නේ නැත.පිහිය බැස්සුවා පමණයි.”

……………………………………….
3.4 “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යයි කීම තවත් එවැනි ප්‍රවාදයකි.”

3.20….
” අසාර්ථකතාවයන් නිවැරදි කිරීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ඳයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා”
3.21 “සමාජ ආරක්ෂණ විවෘත ආර්තික ක්‍රමයක්” ලෙස අර්ථ දක්වන්න මම කැමති යි.”

5.1 විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතුයි.

33.1 මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම රුපියල් මිලියන 100

36.බදු පරිපාලනය
36.1 “සුරා බදු දෙපාර්මේන්තුව”

36.2 “වයස 28 ට වැඩි සියලු දෙනාටම බදු ලිපි ගොනුවක් “

52.1″තෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සදහා නිෂ්පාදනය කිරීම”

පාර්ලිමේන්තුවට ඉදිරි පත් කර තිබෙන 77 වන අය-වැය යෝජනාව පාර්ලිමේන්තුවේ යුක්ති ධර්මය අනුව සම්මත විමට නම්, 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරය දැරීමේ හිමිකම අහිමි බැවින් , පාර්ලිමේන්තුවේ අය-වැයට ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ මන්‍ත්‍රීවරියන්ගේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති සුජාත භාවය ඔප්පු කර තිබිය යුතුය. එසේ නො මැති නම් අය වැය සම්මත වීම හෝ නො වීම යන දෙයාකාරයට ම වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනයේ සුජාත භාවය පිළිබඳව සැකයට බදුන් වීම ය. අය වැයට ඡන්දය පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අතර කවර වූ පාර්ශවයක ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රී -මන්ත්‍රීවරියන් යටත් පිරිසයින් එක් අයෙක් හෝ සිටින්නේ ද එකී ඡන්ද විමසීම සාධාරණ ඡන්ද විමසීම්ක් නො වන බව කිව යුතුය. ජනතාවගේ පරමාධිපත්‍ය සතු ව්‍යවස්ථාදායක බලය නොසලකා හැරීමක් බව කිව යුතු ය. රජයේ සියලු මුදල් බලතල පාර්ලිමේන්තුව සතු බැවින් අය වැය යෝජනාවට ඡන්දය විමසීමට පෙර, ද්විත්ව පුරවැසි බව ලත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිත් නම් ඔවුන්ගේ ඡන්දය භාවිතා කර අය වැය සම්මත කිරීම හෝ පරාද වීම තුලින් පාර්ලිමේන්තුවේ ව්‍ය්වස්ථාදාකය බලය උල්ලංඝනය වීමක් සිදු වනවා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ
76.(1) හි ” පාර්ලිමේන්තුව විසින් පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන් සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිදු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇති බැවින් ව්‍යස්ථාදායක බලය දරණ පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ පරමාධිපත්‍ය සතු එකී බලය රැක දීමට කිරීමට පාර්ලිමේන්තුව වගකීමෙන් බැදී සිටින්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නොමැතිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තු කටයුතු වලට කටයුතු වලට සම්බන්ධ වීම, ව්‍යවස්ථාදායක බලයට කරන අපහාසයකි. නීත්‍යානුකූලව පත් වී ඇති මන්ත්‍රීවරුන්ට කරන අපහාසයක් මෙන්ම ඔවුන්ගේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද අයුතු ලෙස භුක්ති විදීමක් ද සිදු වනවා ඇත. මේ අනුව එකී පුද්ගලයන්ට විරුද්ධව
පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතෙහි විධි විධාන යටතේ ක්‍රියා කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරා දඩුවම් ලබා දීමට හැකියාව ඇත.

පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතෙහි උපලේඛණය අ කොටස
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ම පමණක් දඩුවම් කළ හැකි වැරදි
4 වගන්තිය
“පාර්ලිමේන්තුව හෝ යම් කාරක සභාවක් රැවටීමේ අදහසින් පාර්ලිමේන්තුව වෙත හෝ කාරක සභාවක් වෙත හෝ ව්‍යාජ අසත්‍ය හේතු හෝ වරදවා පෙන්වූ ලේඛණයක් ඉදිරිපත්
කිරීම”

යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමකට ප්‍රතිපාදන සලසා ඇත. එයට හේතු වන වරද නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථා ප්‍රකාරව මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඉදිරියෙහි දිය යුතු නිළ ප්‍රතිඥාව හෝ දිවුරුම වන
“…….. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට/ ගෞරව බහුමානයෙන් යුත්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි” යන ප්‍රතිඥාව හා දිවුරුම සහ අත්සන් කිරීම අනුව පාර්ලිමේන්තුව රැවටීමකට භාජනය කිරීම හේතු
වන බැවිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බලරහිත වී තිබියදී ඒ බව දැනුවත් භාවය ඇතිව යමෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම, ඡන්දය පාවිච්චි කිරීම දණ්ඩනයට යටත් වන වරදක් බැවින් නීතිපතිවරයා විසින් දිසා අධිකරණයේ නඩු පවරා වන්දි අය කර ගැනීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 සහ 100 (අ), (ආ) වෙනි ව්‍යවස්ථා තුලින් ප්‍රතිපාදන සලසා ඇත.

– ආරියතිලක 2022.11.15