සාවත්ථියං…
සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….
ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.
එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
”යේසං ධම්මා සුසම්මුට්ඨා
පරවාදේසු නීයරේ
සුත්තා තේ නප්පබුජ්ඣන්ති
කාලෝ තේසං පබුජ්ඣිතුන්ති”
“කෙනෙකුට ආර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැසිලා ගියොත්, අන්න ඒ උදවිය තමයි අන්‍යාගමික ආක්රමණවලට හසුවෙන්නෙ. ඔවුන් නිදාගෙනයි ඉන්නෙ. ඔවුන්ට නැගිටින්න ඕනකමක් නෑ. නමුත් දැන් මේ ඔවුන්ට අවදිවෙන්න කාලයයි.”
(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :
”යේසං ධම්මා අසම්මුට්ඨා
පරවාදේසු න නීයරේ
සම්බුද්ධා සම්මදඤ්ඤාය
චරන්ති විසමේ සමන්ති”
“කෙනෙකුට ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ අවස්ථාව නැසුනෙ නැත්නම්, ඔවුන් කවදාවත් අන්‍යාගමික ආක්රමණවලට හසුවෙන්නෙ නෑ. මේ ගැන සම්බුදුරජාණන් වහන්සේලා හොඳට දන්නවා. ඒ නිසා උන්වහන්සේලා මේ විෂම ලෝකයේ සමව හැසිරෙනවා.”
සාදු! සාදු!! සාදු!!!