කිසිම වැද්දෙක් වටුකුරුල්ලන් ව අතින් අල්ලා ගන්න උත්සාහ කරන්නේ නැත.
දැළ වුණත් හැමදාම උගුලක් ලෙස පාවිච්චි කළ නොහැක්කේ මොළේ ඇති එක කුරුල්ලෙක් හෝ කණ්ඩායමේ සිටියහොත් වැද්දාගේ උත්සාහයෙන් පළක් වන්නේ නැත.
අප දැන් සිටින්නේ මොළයෙන් වැඩ ගන්නා යුගයකයි.
වැද්දා වටුවන්ට පරදීද, නැත්නම් වටුවන් වැද්දාට පරිදීද යන්න තීරණය වන්නේ කවුද වැඩියෙන්ම උපක්‍රමශීලී වුනේ යන නිර්ණායකය මතයි.
වැද්දාගේ පැවැත්මට වටුවන් අවශ්‍ය නමුත් වටුවන්ගේ පැවැත්මට වැද්දා අවශ්‍ය නොවේ.
දඩයම සාර්ථක නම් වැද්දා ජීවත් වේ. දිගින් දිගටම දඩයම් අසාර්ථක නම් වැද්දාට පැවැත්මක් නැත.
ජීව විද්‍යාත්මක අරගලයේ දී වටුවන් සහ වැද්දන් සහජීවනයෙන් කටයුතු කළේ නැත.
පුදුමයකට මෙන්, වෙනස් වෙන ලෝකයේ තමන්ගේ සනුහරය වැද්දන්ට පාවාදෙන වටු කුරුළු රෑන් ද දැන් දැන් බිහිවෙමින් පවතී. වැද්දාට දැළක් නැත්නම් වෙනත් කාගේ හෝ දැළක් සොරාගෙන වැද්දාට ගෙනවුත් දීමට තරම් “සානුකම්පික” වන වට්ටෝද අප ජීවත් වන සමාජයේ නැතුවා නොවේ.
මේ කතාව අප මෙයින් අවසන් කළත්, වටු කුරුළු කතාව ඉන් නිමා නොවනු ඇත.
– එඩ්වර්ඩ් –
19.03.2023