ආරියතිලක
2023.03.30
එක්තරා පවුලකට සශ්‍රීක පොල් වත්තක් තිබුණි. අක්කර විසිපහක් පමණ වපසරියකින් යුතු මෙකී පොල් වත්ත, මේ පවුලට පරම්පරාවෙන් හිමි වූවකි.
සැලකිය යුතු නම්බුකාර පිරිසක් වූ මේ පවුලේ අය අතීතයේ ඉතා හොදින් ජීවත් වූ උදවිය වෙත්. අනුන්ට අත නොපා ජීවත් වීමට තරම් හොඳ ආදායමක් මේ වත්තෙන් ලැබිණි. ඉතා සරුසාර මේ ඉඩමෙහි ජලයද හොදින් තිබිණි. මේ හේතුවෙන් මේ වත්තේ යටි වගාවක් වශයෙන් වෙනත් භෝග ලෙස පළතුරු, ගමමිරිස්, එළවළු, අල, බතල ද සහ කාලයෙන් කාලයට ගැලපෙන භෝග ද වගා කළහ.
මේ වත්ත හිමි පවුලේ දූ දරුවන්ගේ පියා එතරම් බුද්ධිමත් නොවූ නාස්තිකාර පුරුෂයෙකි. පරිපාලන දක්ෂතාවයෙන් ද මුදල් කළමනකරණයෙන් ද අදක්ෂ වු මොහු බේබදු කමට ද ඇබ්බැහි විය. මේ හේතුවෙන් එදිනෙදා කළමනාකරණය දුර්වල විය. වත්තේ ආදායම් අඩු විය. වත්ත පාඩු ලබන තැනට පත් විය.
නිසි පරිපාලනය සහ ආරක්ෂාව නොමැති කමින් හොරකම් කිරීම් ද වගාවට නිසි පරිදි සාත්තු නො කිරීමෙන් පලදාව අඩු වීම ද. ,හේතුවෙන් අදායම නො ලැබීමෙන් පාඩු විය. දෛනික අදායම දිනෙන් දින අඩු විය
මේ හේතුවෙන් පවුලේ නඩත්තුව, ද දූ දරුවන්ගේ අධ්‍යාපණ කටයුතු ද නිසි පරිදි කර ගෙන යාමට බැරි තැනට පත් විය. දරුවන්ගේ ඉගැනීම කටයුතු අඩපණ විය. වෙනත් වෘත්තීන් ද හැදෑරීම අවකාශ නැති වීම හේතුවෙන් දරුවෝ ද ධනයෙන් ද
හැකියාවෙ න් ද පිරිහිමට ලක් විය. වැඩි වයසට පත් දූ දරුවන්ට සිදු වූයේ තම පවුලේ අතීත කුල පදනම් අමතක කොට අන්‍යයන්ගේ ඉඩම් වල කුලියට වැඩ කිරීමට යාමට ය.
ගැහැණු දරුවන්වන්ගෙන් ඇතමෙක් අනුන්ගේ ගෙවල්වල වැඩ පලට රැකියාවට ගියහ. ඒ ගිය ඇතැම් දූ වරුන්ට නිවෙස්වල වලං පිඟන් සේදීම, රෙදි පෙරදි සේදීම, ළමයි බලා ගැනීම, ඉවුම් පිවුම් කටයුතු කිරීම, ගේ දොර වත්ත පිටිය අතු පතු ගෑමට ද සිදු විය.
ඇතැම් අවස්ථාවල තම ආගම දහම ඇදහීම ඒ ඒ නිවෙසවල තහනම් විය. වැඩ කරන ගෙදර හිමියන්ගේ බලහත් කාරකමට ලක් වී අවකල් ක්‍රියා වල යෙදුනේ යැ යි ඉද හිට අසන්නට ලැබුණු අවස්ථා ද නැත්තේ නොවේ.
අදූරදර්ශි ක්‍රියා හේතුවෙන් දිනෙන් දින ආර්ථික අසීරු කම් වලට ලක වූ වත්තේ හිමිකරු දරු පවුල රැකීමට ණය ගැනීම ද කළේ ය. ගිනි පොලියට ද ණය ගත්තේ ය.
එම ණය ගෙන එදිනෙදා ගෙදරට අවශ්‍ය හාල් දුරු මිරිස් ඈ කන, බොන දෑ ද ළමයින්ගේ පාසල් වියදම් ද බෙහෙත් හේත් ද මිළට ගත්තේය. ගත් ණය වලින් කොටසක් අන්වශ්‍ය දෑට ද වියදම් කළේ ය.
අවසානයේ ණය සහ පොලි ණය හිමියන්ට මුදල් ගෙවා ගත නොහී මහත් අසරණ භාවයට පත් විය.
අහෝ ඛේදයකි! මහත් වූ සශ්‍රීක පොල් වත්තක් හිමි ධනවත් පවුලකට සිදුවූ විපත පුදුම ය!
අධූරදර්ශී, අකාර්යක්ෂම, පරිපාලන අදක්ෂතාවය, හේතුවෙන් විපතට පත් වූ බව අවබෝධකර නොගත් වත්තේ හිමිකරු මෙම තත්වයෙන් ගොඩ ඒමට යැයි සිතා නව වෑඩ පිළිවලක් ආරම්භ කෙරෙණි.
එම නව වැඩ පිළිවෙළ අනුව පොල් වත්තේ පොල් ගස් තිහ , හතළිහ, පනහ,හැට වශයෙන් අවුරුද් විස්සට, තිහට වශයෙන් බදු දීමට තීරණය කොට වත්තේ ඇති හොඳට පලදාව ගැත හැකි ගස් ඇතුළු ව වත්තේ වැඩි කොටසක් බදු දීම කළේ ය. බදු ගත් බදු හිමියන්ගේ පාලනයට වත්තේ වැඩි කොටසක් නතු විය.
වත්ත හිමියාත් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගෙන් වැඩි පිරිස ද පොල් ගස් බදු ගත් බදු හිමියන් යටතේ තම වත්තේ ම කුලී වැටුපට වැඩ කිරීමට පටන් ගත් හ. දැන් තම ඉඩමේ ම අයිතිකරු ඇතුලු පවුලේ සැම බදු හිමියන් යටතේ කුලියට පොල් කඩති. කැඩූ පොල් එකතු කරති. පොල් ලෙලි ගසති. පොල් වාහනවලට පටවති.
පොල් ගස්වලට පෝර දමති. පොල් අතු අදිති. පොල් ගස් අතරේ කාණු කපති. කරන වැඩ වලට දිනපතා කුලිය ලැබ ගනිත්.
ඒ කුලී මුදලින් ඉඩම් හිමියා ඇතුලු ඒ දරු පවුල ජීවත් වෙත්.
ඉඩම බදු ගත් බදු හිමියන් පොල් අදායමෙන් ලාභ උපයා ගොඳ සැප පහසු ලෙස කටයුතු කර ගනී.
ඉඩම් හිමියා ඇතුළු දරු පවුල කුලී වැඩ කර උපයා ගන්නා මුදලින් ජීවිකාව ගත කරත්. හරි හමන් කෑමක් බීමක් නැත. හොඳ ඇදුම් නැත. වාහන නැත. රැකියාවද කුලී පදනම මත ය.
එක දිනක් දරුවන් ඉඩම් හිම් පියාගෙන් විමසන්නේ ” තාත්තේ, ඇයි මේ ලෙස මේ ඉඩම බදු දී අපි කුලියට වැඩ කරන්නේ ” යනුවෙන්
එවිට ඉඩම් හිමි පියා ” මේ බදු දුන්නා නොවේ. පොල් ගස් ප්‍රතිව්‍යූහ ගත කළා” යැයි උත්තර දුනි. ළමයි සිත්න්නේ “මේ අපේ තාත්තානෙ බදු දුන්නට වඩා ප්‍රතිව්‍යූහ ගත කිරීම හොඳ ඇති. වචනයත් ටිකක් නම්බුයි.” යනුවෙන් සිතා නිබ්ශබ්ද වූහ.
පසු ගිය දිනක රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහ ගත කරන බව මාධ්‍ය තුලින් වරින් වර ප්‍රචාරය කරයි.
ඒ ප්‍රචාරයන් ඇසෙන දකින විට ඉහත දරු පවුලට වූ සිදු වීම සිහයට නැගිනි .
“ප්‍රතිව්‍යූහගත කිරීම” යන වචනය එක ම බව. එසේ සිතන විට තරමක් නොසන්සුන් කමක් දැනින.