Courtecy lanka C news
සමලිංගික(LGBT) චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම සහ ඒ සමගම “කළ යුතු දේ” මෙන්ම ඉන් පසුව “නොකළ යුතු දේ” පිළිබඳව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
සමලිංගික(LGBT) චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම සහ ඒ සමගම “කළ යුතු දේ” මෙන්ම ඉන් පසුව “නොකළ යුතු දේ” පිළිබඳව…
මේ වන විට සමලිංගික චර්යාවන් හෙවත් පොදුවේ LGBT කණ්ඩායම්වල හැසිරීම් අපරාධ වරදින් නිදහස් කිරීම සඳහා පනත් කෙටුම්පතක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත වුවහොත් අප රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය සංශෝධනය කෙරෙනු ඇත. එම වගන්තිය මගින් යටත් විජිත සමයේදී අදාළ චර්යාවන් අපරාධ වරදක් බවට පත් කර ඇත. එසේම 1995දී එම වගන්තිය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර වැළැක්වීම සඳහා ප්‍රබල ප්‍රතිපාදන ඊට ඇතුළත් කරනු ලැබීය. ඉන්දියාවේ ඊට සමගාමීව එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් ඒ සඳහා ප්‍රතිපාදන පනවා තිබිණි. නමුත් 2018දී එම වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳ විරෝධයක් නොමැති බවට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත. ඊට පෙර ඉන්දියාවේ 2012දී සම්මත කළ “ළමයින් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ පනත” මගින් ළමා අපචාර වැළැක්වීම සඳහා ප්‍රබල ප්‍රතිපාදන පනවා ඇත. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ළමයින් ලිංගික අපරාධවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අමතරව විශේෂ නීතියක් පනවා නැත. කෙසේ වෙතත් සමාජයේ 3%කට වඩා අඩු පිරිසක් ලෙස සැලකෙන අදාළ කණ්ඩායම් විසින් එම චර්යාවන් අපරාධ වරදක් බවට පත් කිරීම බලවත් අසාධාරණයක් බවට ලෝකයේ විවිධ රටවල සමාජ සංවාද ඉහළට ඔසවා ඇත. ඉහත සදහන් කළ ආකාරයට අවස්ථා කිහිපයකදී නොකළ යුතු බවට පැවති මතවාදය 2018දී වෙනස් වන්නේ විවිධ මනෝ වෛද්‍ය ආයතන සහ වෙනත් පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද මතවාද නිසා බව ඉතා පැහැදිලි ය. එම මතවාද සහ ඊට අදාළ සාක්ෂි අනුව අදාළ හැසිරීම් පුද්ගලයකු උපතින්ම රැගෙන එන ප්‍රවණතාවකි. එසේ වුවත් එම හැසිරීම් ප්‍රචලික කිරීම මගින් දරුවන් සහ යෞවනයින් ඊට ඇබ්බැහි වීමේ අනතුරක් තිබෙන බවට ද පැහැදිලි මතයක් ඇත. ඒ පිළිබඳව රුසියානු රජය ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇති බව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශවලින් පවා පැහැදිලි වේ.
විශේෂයෙන්ම ප්‍රධාන කරුණු දෙකක් එහිදී සැලකිල්ලට ලක් වී ඇත. පළමුවැන්න, අදාළ හැසිරීම් අපරාධ වරදක් බවට පත් කිරීම මගින් එම පුද්ගලයින් බරපතළ මානසික පීඩාවකට ලක් වීම නිසා ඔවුන් තුළ සමාජ විරෝධී හැඟීම් වර්ධනය වීම ය. ඒ මගින් ඔවුන් සමාජයට එරෙහිව අපරාධ සිදු කිරීම සඳහා පෙළඹවීමක් ඇති විය හැක. දෙවැන්න, එම හැසිරීම් අපරාධ වරදින් නිදහස් කිරීම මගින් අදාළ කණ්ඩායම් විසින් තම හැසිරීම් සමාජය තුළ ප්‍රචලිත කිරීමට එනම් ප්‍රදර්ශනාත්මකව හැසිරීමට උත්සාහ කිරීම ය. එමගින් දරුවන් සහ යෞවනයන් අතර එම හැසිරීම් අත්හදාබැලීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි අතර ඒ මගින් ඊට ඇබ්බැහි වීමේ හැකියාවක් ඇත. ඊට අමතරව ඒ මගින් ළමා අපචාර වර්ධනය වීමේ අනතුරක් ද මතු වේ. ඒ අනුව රුසියානු රජය විසින් අදාළ හැසිරීම් අපරාධ වරදින් නිදහස් කළ නමුත් ප්‍රදර්ශනාත්මකව හැසිරීම සහ ඒවා දැනුවත්ව ප්‍රචලිත කිරීම තවදුරටත් නීතිය මගින් තහනම් කරනු ලැබීය. බටහිර රටවල එවැනි කණ්ඩායම් විසින් ප්‍රදර්ශනාත්මකව තම හැසිරීම ප්‍රචලිත කිරීමට උත්සාහ කිරීම ද ඊට හේතු වූවා විය හැක.
ඒ ආකාරයට බොහෝ රටවල් මෙම ගැටළුවට අදාළව ඉතා පරිස්සමින් කටයුතු කිරීමට පෙළඹෙන්නේ මානුෂීය හේතු ඉදිරිපත් කරමින් සමාජය බිඳවැට්ටවීමට හේතු වන සංස්කෘතික ආක්‍රමණ සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන විවිධ බලවේග සිටින බවට හඳුනාගෙන තිබීම නිසා ය. විශේෂයෙන්ම සමලිංගික විවාහ නීතිගත කිරීම මගින් “පවුල” නැමැති මහා සංකල්පය සහ “මව සහ පියා” නැමැති උත්තරීතර භූමිකාවන් අවතක්සේරු කිරීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇත. එම තත්වය කෙතරම් නරක අතට හැරී ඇත්ද යන්න යම් රටවල් අපරීක්ෂාකාරීව හඳුන්වාදුන් නීති සහ ක්‍රියාමාර්ග මගින් එම රටවලට මුහුණ දීමට සිදු වී ඇති සමාජයීය සහ සදාචාරමය අර්බුදවලින් පැහැදිලි වේ. උදාහරණයක් ලෙස නවසීලන්තය රාජ්‍ය ලේඛනවල මව සහ පියා වශයෙන් සඳහන් කිරීම වෙනුවට පළමු දෙමාපිය සහ දෙවන දෙමාපිය වශයෙන් නව නාමකරණයක් හඳුන්වා දෙනු ලැබීය. ඊට හේතු වූයේ සමලිංගික පවුලක මව සහ පියා ලෙස ජීව විද්‍යාත්මක සහ සමාජ සංස්කෘතික හඳුනා ගැනීමක් සිදු කළ නොහැකි වීම ය. ඊට අමතරව එවැනි පවුලක් විසින් දරුවකු දරුකමට හදා ගැනීම සිදු කළහොත් මව සහ පියා යන හැඳින්වීම එම පවුලට සහ දරුවාට ගැටලුකාරී වීම සහ ඒ මගින් සිත් රිදවීමක් ඇති වීම ද ඊට හේතු විය. නමුත් ඉතා සුළු පිරිසක් වෙනුවෙන් ගනු ලැබූ එම තීන්දුව මගින් මහා සමාජයට බලවත් මානසික පීඩනයක් සහ සංස්කෘතික අගතියක් සිදු වී ඇත.
කෙසේ වෙතත් අප රටේ ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවක අධිකරණය විසින් සලකා බලනුයේ යම් නීතියක් ව්‍යවස්ථාවට අනුකූලද යන්න පමණි. යම් නීතියකින් සමාජ සංස්කෘතික පද්ධතියට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගතයුත්තේ පාර්ලිමේන්තුව විසිනි. ඒ නිසා අදාළ පනත පිළිබඳ අවසත් තීන්දුව ගැනීමේ බලය ව්‍යවස්ථාදායකය සතු වේ. ඒ නිසා පනතට අදාළ අධිකරණ තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මානසික බාධක පනවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළ යුතුය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් දේශපාලන පක්ෂයක් ලෙස අපගේ ස්ථාවරය මෙසේ සමාජයට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව ඉහත සඳහන් මහා පින්තූරයට යටත්ව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් විවාදයට ගැනීමට නියමිත පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීමේදී පහත සඳහන් කරුණු අවධාරණය කළ යුතුය.
මෙම පනත් කෙටුම්පත මගින් සමලිංගික චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම සඳහා 365 ප්‍රධාන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. එසේ ප්‍රධාන වගන්තිය සංශෝධනය කිරීමේදී ළමා අපචාර වැළැක්වීම සඳහා 1995දී ඇතුළත් කරන ලද ප්‍රතිපාදනය ද ඉවත් වේ. එම අවශ්‍යතාව 365(අ) වගන්තිය මගින් ද ආවරණය වේ. නමුත් එම වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට යෝජනා කිරීම තුළ මෙම පනතේ ළමා අපචාර ප්‍රවර්ධනය කිරීමේ යම් අරමුණක් තිබේ ද? යන ප්‍රශ්නය මතු කිරීමට සිදුවේ. ඊට හේතුව අප වැනි රටවල සමාජ වටිනාකම් පද්ධතිය විශේෂයෙන්ම පවුල් සංස්ථාව බිඳ දැමීම සඳහා ගෝලීය මට්ටමින් සංස්කෘතික ආක්‍රමණයක් දියත් වීම ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ 2002දී ඉදිරිපත් කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ න්‍යාය පත්‍රය යටතේ ඊට පහසුකම් සලසන යෝජනා රාශියක් ඇතුළත් විය. විශේෂයෙන්ම, ඒ මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ළමා අපචාර සහ සමලිංගික ගණිකා වෘත්තිය ආදිය ප්‍රචලිත කිරීම රහසිගත උපායමාර්ගයක් ලෙස පිළිගත් බව රහසක් නොවේ.
ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් ශ්‍රී ලංකාව, ඉහත සඳහන් කළ ජාත්‍යන්තර මෙහෙයුමේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නොහැක. ඒ මගින් සිදු වන වරද තවත් වැරදි රාශියකට මගපාදන බව ජාත්‍යන්තර අත්දැකීම්වලින් පැහැදිලි වේ. එවැනි තත්වයක් තුළ අදාළ මන්ත්‍රීවරයා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම බරපතළ වරදට දායක වන බව පිළිගැනීමට සිදු වේ. ඔහුට තම සුජාතභාවය, එනම් අවංකවම මානුෂීය හේතු මත පමණක් සමලිංගික චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීමේ උවමනාවක් තිබෙන බව තහවුරු කිරීම සඳහා පහත පියවර සඳහා එකඟතාව පළ කිරීමේ හැකියාව ඇත.
1. සමලිංගික හැසිරීම් අපරාධ වරදින් නිදහස් කිරීමට එකඟ වන අතර ළමා අපචාර ඇතුළු එම හැසිරීම් ප්‍රචලිත කිරීම සහ ඊට අදාළ ප්‍රදර්ශනාත්මක හැසිරීම් නීතිය මඟින් තහනම් කළ යුතුය. ඒ සඳහා දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට සංශෝධනයක් ඇතුළු කළ හැක. ඒ අනුව 165(අ) වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වෙනුවට එම සංශා්ධනයට පහත සඳහන් සංශෝධනය ඇතුළු කළ යුතුය. එනම් එම වගන්තියේ “වරදකට වරදකරු වනු ඇත” යන වාක්‍ය ඛණ්ඩයට පෙර “හෝ අදාළ චර්යාවන් සමාජයේ ප්‍රචලිත කිරීම සඳහා ප්‍රදර්ශනාත්මකව ප්‍රසිද්ධියේ හැසිරීම” යන වාක්‍ය ඛණ්ඩය ඇතුළු කිරීම ය.
2. සමලිංගික විවාහ නීතිගත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට සියලුම දේශපාලන පක්ෂ නායකයින් සහ පනත ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා මෙන්ම ඊට පක්ෂව ඡන්දය ලබා දීමට අපේක්ෂා කරන මන්ත්‍රිවරුන් විසින් රටට සහතිකයක් ලබා දිය යුතුය. (ඒ පිළිබඳව තම මතය ප්‍රකාශ නොකර මග හැරීමට ඉඩ ලබාදීම මගින් අදාළ කාරණයට පක්ෂ මෙන්ම විපක්ෂ යන පාර්ශ්ව දෙකටම අසාධාරණයක් සිදු වේ.)
3. LGBT කණ්ඩායම් අතර ශල්‍යකර්ම මගින් ලිංගික වෙනස්කම් සඳහා පෙළඹවීම් ඇති කිරීමේ වාණිජ ව්‍යාපාරයක් ලෝකයේ පවතින බැවින් එවැනි අයුතු ක්‍රියා ස්වාභාවික යුක්තියට පටහැනි ජාවාරමක් ලෙස සලකා ඊට එරෙහිව නව නීති පැනවීම.
ඊට අමතරව සමලිංගික චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙස සමලිංගික විවාහ නීති ගත කිරීමට සහ අදාළ ක්‍රියාමාර්ග මගින් පවුල මව සහ පියා යන උත්තරීතර මහා සංකල්ප වලට මෙන්ම පවුල නැමති සමාජ සංස්ථාවට පහරදීමට පාලකයින් අතර හෝ වෙනත් පාර්ශ්ව අතර කූඨ අරමුණක් තිබේ නම් අප ඊට එරෙහිව දැඩි විරෝධය පළ කරන අතර ඊට එරෙහිව ඕනෑම දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙළඹෙන බව ද දන්වා සිටිමු. මෙම යථාර්ථය පිළිගනිමින් සමලිංගික චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම යනු මහා සංස්කෘතික ආක්‍රමණයක පළමු පියවර ලෙස සලකා කටයුතු කරන පිරිස්වලට තම කූඨ අරමුණු වෙනස් කර ගන්නා ලෙස ද අපි බල කරමු.
එසේම ඉහත සඳහන් සාධාරණ හා යුක්තිසහගත සංශෝධන ඇතුළත් කිරීමට එකඟ නොවේ නම් මෙම පනත පරාජය කළ යුතු බව සහ ඊට පටහැනිව එය සම්මත කළහොත් ඊට දායක වන මන්ත්‍රීවරුන් මහා ජාතික අපරාධයකට වගකිව යුතු වන බව ද අවසාන වශයෙන් සඳහන් කරමු.
විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ