Thu. Nov 21st, 2024
Spread the News

පිළිතරු ආරියතිලක විසින්,
2023.11.21

වීඩියොවේ විමසන ප්‍රශ්න අනුව;

1.පළමුවෙන් ම කියන්න ඕන කාරණය නම් බුද්ධ ධර්මයේ සාහිත්‍ය කියා දෙයක් නැත. තථගතයන් වහන්සෙ විසින් දේශන ලද ධර්මය කොටස් දෙකකට බෙදන ලදී . ඒ ධර්ම සහ විනය ලෙස ය.

  1. ත්‍රිපිටක දහම ඇතුලත සම්බුද්ධ භාෂිතයට පිටින් වෙනත් අයගේ හිතළු නැත්තේ ය. ශ්‍රාවක භාෂිත සූත්‍ර ද බුදු රදුන්ගේ ධර්ම විනයට එකඟව මිස, තථාගතයන් වහන්සේගේ බුද්ධ මතයට පටහැනිව නැත්තේ ය.
  2. මහ බෝසතුන්ගේ ඉපදීම සමඟ ම ඇතිවන ධර්මතා බුදු රදුන් විසින් මහාපදාන සූත්‍රයේ වදාරා ඇත. එය දීඝ නිකායේ සඳහන් සූත්‍රයකි. එම සූත්‍රයේ ඇති සෑම වදනක් ම බුදු රදුන්ගේ මිස අනුන් විසින් ලියපු හිතළු නො වේ.
  3. “ධම‍්මතා එසා භික‍්ඛවෙ, සම‍්පතිජාතො බොධිසත‍්තො සමෙහි පාදෙහි පතිට‍්ඨහිත්‍වා උත‍්තරාභිමුඛො සත‍්ත පදවීතිහාරෙ ගච‍්ඡති සෙතම‍්හි ඡත‍්තෙ අනුහීරමානෙ, සබ‍්බා ච දිසා අනුවිලොකෙති ආසභිඤ‍්ච වාචම‍්භාසති:

“අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස,
අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි
පුනබ‍්භවො”ති.
අයමෙත්‍ථ ධම‍්මතා.”

(මහාපදානසුත‍්තං දීඝනිකාය
මහාවග‍්ග)

“මහණෙනි, මේ ධර්‍මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති.

“මම් ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි.
මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි
උතුම් බස් පවසත්. මේ මෙහි ධර්‍මතා යි.”

මේ දේශනාව සම්බුදු රදුන්ගේ ය.

වීඩියෝවේ සඳහන් ඔහු අසන ප්‍රශ්නය නම්:-

“අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨො’හමස‍්මි ලොකස‍්ස,
අයමන‍්තිමා ජාති, නත්‍ථි’දානි
පුනබ‍්භවො”ති.

යන ගාථාව මහබෝසතුන් වහන්සේ විසින් කියන ලදනම් එහි තේරුම අනුව

“මම් ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි.
මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි

යන ප්‍රකාශය අනුව බුදුවන බව දන්නවා නම් මහ බොසතුන් ආලාර කාලාම උද්දකරාම පුත්ත තවුසන් ලඟට ගියේ කුමක් නිසාද යනුවෙන් ප්‍රශන කරයි.

පිළිතුර:-

සියලු මහා බොධ් සත්වයන් වහන්සේලාට ඉපදී ශ්‍රී පාදයට ප්‍රථිවියට තබන මොහොතේ ම සම්මා සම්බුදු බවට පුරණ ලද පාරමී බලයෙන් එ මොහොතේ පුණ්‍ය ඉර්ධිය මෙන් දිවැස විවෘත වීමය. උතුර, නැගනහිර, දකුණ, බටහිර, එකී අනු දික් සහ උඩ යට යන සැම දික් බලන්නේ සිය දහස් ගණන් සක්වළවල් මහ බෝසතුන්ගේ දැකීමට යෙත්. ඒ ඒ සක්වළ දෙවියන් බ්‍රහ්මයන් මහබෝසතානෝ දකින්නාහ.එය බුදුවෙන් ජාතියේ මහබෝසතුන්ට ම උරුම ධර්මතාවයකි.
එපමණක් නොව මහ බෝධිසත්වයෝ ඒ ඒ සක්වළ සියලු දෙවි බඹ මිනිස් ආදී සියලු සත්වයන්ට වඩා අග්‍ර බව දකිත්. ශ්‍රේෂ්ට බව දකිත්. ජ්‍යෙෂ්ඨ බව දකිත්. මේ අන්තිම ජාතිය බව පුණ්‍ය ඉර්දිමත් දිවස පහළ වීමෙන් දකිත්.

ඒ පුණ්‍ය දිවැස ධර්මතාවයක් ලෙස පහළ වී නැති වී යයි.

“මම් ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි.
මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි

යන සිංහ නාදය පවත්වන්නේ ඒ දැකම අනුවය.

එකී සූත්‍ර පාඨයට අරුත කියන සුමඞගලවිලාසිනී දීඝනිකායට්ඨ කථාවෙහි මෙසේ දක්වා ඇත:-

සබ‍්බා ච දිසාති ඉදං සත‍්තපදවීතිහාරූපරි ඨිතස‍්ස විය සබ‍්බදිසානුවිලොකනං වුත‍්තං, න ඛො පනෙවං දට‍්ඨබ‍්බං. මහාසත‍්තො හි මනුස‍්සානං හත්‍ථතො මුච‍්චිත්‍වා පඨවියං පතිට‍්ඨිතො පුරත්‍ථිමං දිසං ඔලොකෙසි. අනෙකානි චක‍්කවාළසහස‍්සානි එකඞ‍්ගණානි අහෙසුං. තත්‍ථ දෙවමනුස‍්සා ගන්‍ධමාලාදීහි පූජයමානා – “මහාපුරිස, ඉධ තුම‍්හෙහි සදිසොපි නත්‍ථි, කුතො උත‍්තරිතරො”ති ආහංසු. එවං චතස‍්සො දිසා, චතස‍්සො අනුදිසා, හෙට‍්ඨා, උපරීති දස දිසා අනුවිලොකෙත්‍වා අත‍්තනා සදිසං අදිස‍්වා – “අයං උත‍්තරා දිසා”ති උත‍්තරාභිමුඛො සත‍්තපදවීතිහාරෙන අගමාසීති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

ආසභින‍්ති උත‍්තමං. අග‍්ගොති ගුණෙහි සබ‍්බපඨමො. ඉතරානි ද‍්වෙ පදානි එතස‍්සෙව වෙවචනානි. අයමන‍්තිමා ජාති, නත්‍ථි දානි පුනබ‍්භවොති පදද‍්වයෙන ඉමස‍්මිං අත‍්තභාවෙ පත‍්තබ‍්බං අරහත‍්තං බ්‍යාකාසි.

එත්‍ථ ච සමෙහි පාදෙහි පථවියා පතිට‍්ඨානං චතුරිද‍්ධිපාදපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, උත‍්තරාභිමුඛභාවො මහාජනං අජ‍්ඣොත්‍ථරිත්‍වා අභිභවිත්‍වා ගමනස‍්ස පුබ‍්බනිමිත‍්තං, සත‍්තපදගමනං සත‍්තබොජ‍්ඣඞ‍්ගරතනපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, දිබ‍්බසෙතච‍්ඡත‍්තධාරණං විමුත‍්තිවරඡත‍්තපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, පඤ‍්චරාජකකුධභණ‍්ඩානං පටිලාභො පඤ‍්චහි විමුත‍්තීහි විමුච‍්චනස‍්ස පුබ‍්බනිමිත‍්තං, සබ‍්බදිසානුවිලොකනං අනාවරණඤාණපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, ආසභිවාචාභාසනං අප‍්පටිවත‍්තියධම‍්මචක‍්කප‍්පවත‍්තනස‍්ස පුබ‍්බනිමිත‍්තං, “අයමන‍්තිමා ජාතී”ති සීහනාදො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බානස‍්ස පුබ‍්බනිමිත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉමෙ වාරා පාළියං ආගතා, සම‍්බහුලවාරො පන නාගතො, ආහරිත්‍වා දීපෙතබ‍්බො.

(සුමඞගල විලාසිනී දීඝනිකායට්ඨ කථා හේවාවිතාරණ මුද්‍රණය රා:ව:1918 පිට 294 )

සිංහල තේරුම නම්:-

“සබ්බාචදිසා යනු මේ සත් පියවරක් තබනවිට සියළු දිසාවන් විලෝකනය කිරීම කියන ලදි. මෙය වනාහි මෙසේ නොදත යුතුයි. මහා සත්ත්වයෝ වනාහි මිනිසුන්ගේ අතින් මිදී පෙරදිග බැලීය. නොයෙක් සියදහස් ගණන් සක්වලවල් එකම මිදුලක් මෙන් විය. එහිදී දෙවි මිනිස්සු ගඳමල් ආදියෙන් පුදන්නාහු මහා පුරුෂයාණෙනි! මේ ලෝකයේ ඔබවහන්සේට සමාන කෙනෙක් නැත. ඊට වඩා උසස් කෙනෙක් නැත්තේමයයි කීහ. මෙසේ සතර දිශාවත් සතර අනුදිශාවත් මත්තෙහිද දස දිශාවන්ද බඋලා තමාට සමානයකු නොදැක මේ උතුරු දිසාව යැයි සත්පියවරක් ඉදිරියට ගමන් කළේය. මෙහිදී මෙසේ අර්ථ දතයුතුයි.

ආසභීං යනු උතුම්. අග්ගො යනු ගුණයන්ගෙන් සියල්ලන්ට පළමු. ඉතිරි දෙපදය මෙයටම සමාන පදය. අයමන්තිමා ජාති නත්‍ථිදානි පුනබ්භවො යන පද දෙකින් මේ ආත්මභාවයෙහි පත්විය යුතු රහත්බව ප්‍රකාශ කළේය.

මෙහිද සමපාදයන්ගෙන් පොළවෙහි පිහිටා සිටීම සතර ආකාර සෘද්ධිපාදයන් ලැබීමේ පෙරනිමිත්තකි. උතුරුදෙසට යොමුවීම මහාජනයා යටපත්කර ඉදිරියට යාමේ පෙරනිමිත්තකි. දිව්‍යමය ශ්වේතඡත්‍ර දරාසිටීම නිර්වාණය නමැති උතුම් ඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තකි. පංචරාජ කකුධ භාණ්ඩයන් ලැබීම පස්මහා විමුක්තීන්ගෙන් මිදීමේ පෙරනිමිත්තය. සියළු දිශාවන් බැලීම අනාවරණ ඤාණය ලැබීමේ පෙරනිමිත්තය. ශ්‍රේෂ්ඨ වාක්‍යයක් ප්‍රකාශ කිරීම වෙන කවරකු විසින්වත් පැවැත්විය නොහැකි උතුම් දම්සක් සූත්‍ර දේශනා පැවැත්වීමේ පෙරනිමිත්තය. අයමන්තිමා ජාති (මේ මාගේ අන්තිම ජාතියයි) යන සිංහනාදය අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවන්පානා බවට පෙරනිමිත්තය කියා දතයුතුයි. මේ පිළිවෙල පෙළෙහි ආවේය. විස්තර පිළිවෙල සඳහන් වන්නේ නැත. එබැවින් අධ්‍යහාරකොට දැක්විය යුතුයි.”

සතර පෙර නිමිති දැකීම ද බුදුවන ජාතියේ සියලු මහ බෝසතුන්ට ම ආවේනික කටයුත්තකි.

එර් බව සම්බුදු රදුන් විසින් මහාපදාන සුතුරෙහි වදාරන ලදී.

සම්බුදු වෙන බව දැනුවත් වු සිතින් තමයි මහ බෝසතුන් ගිහි ගෙයින් නික්මෙන්නේ. නමුත් බුදුවෙන ක්‍රමය නිසි ලෙස දැන සිටියේ නැත. බුදු වීමට මඟක් තිබිය යුතුය. ඒ මඟ සොයා ගත යුතු ය.

ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි.
මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි

යන ලෙස පුණ්‍ය දිවැස් පහල වීමෙන් කළා වූ අභීත සිංහනාදයට හේතුව අනාගතයේ සම්මා සම්බුදුවීම ම ය. එය සියලු පශ්චිම භවික මහ බෝසතානන් වහ්න්සේලාට ම පොදු ධරමතාවයකි.

ඒ භවයේ බුදු වීම නියත බැවින් ඒ බුද්ධවයට පත්වන හේතුවෙන් ම

ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි

යනුවෙන් ප්‍රකශිත ය.

බුද්ධත්වයට පත් වීමෙන් ම භවය කෙළවර වන බැවින්

“මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි ද සුභාෂිත ය.

ඒ මොහොත වන විට දස දහසක් සක්වළ අප මහ බෝසතානන් වහන්සේගේ පුණ්‍ය බලයට පුණ්‍ය ශක්තියට , පාර්මී බලයට සම වූ කිසිදු දෙව්‍ය, බ්‍රහ්ම, ශක්‍ර, මාර, ගන්ධබ්බ, යක්ෂ, රාක්ෂ, කුම්භාණඩ, දිව්‍ය නාග, සුපර්ණ, අසුර,සැම ආකාර අමනුෂ්‍ය, සහ මනුෂ්‍ය කවරෙක් හෝ නැති බව ද සිහියට ගත යුතු ය. සම තන්හි නැත්නම් ඊට වැඩියක් ගුණ බල ඇතියන් නො වේම ය. මේ කරුණෙදු මහ බොසතුන්

“ලොවට අග්‍ර වෙමි.
මම් ලොවට දෙටු වෙමි.
මම් ලොවට සෙට වෙමි.

යනුවෙන් ප්‍රකාශ කිරීම සහේතුක ය.
ඒ සියල්ල සම්බුදු බවට පුරණ ලද අසම වූ පාරමී කුසල පුණ්‍ය බලය සහ පශ්චිම භවික වූ නියත බුද්ධත්වයට පත්වීමට ඇති හිමිකම මත වන ධර්මතාවයකි.

පශ්චිම භවික මහා බෝධිසත්වයන් වහන්සේ නමක් බිහිවන්නේ නිශ්චිත කාලරාමුවක් ඇතුලත කර්ම ධර්ම දෙක අනුව ය. අප තථාගතයන් වහ්න්සේ සම්බුද්ධත්වයට පත් වන්නේ මහ බෝසතුන්ට වයස තිස්පස් වන වසරේදී ය ඒ නිශ්චිත කාල රාමුව කිසිවෙකුටත් ම ඉක්මවිය නොහැක.. බුද්ධත්වයට පත් වනතුරු ප්‍රතජ්ජන බව ඇතුලත දිවි ගෙවන අතර ම බුදු වීමට මඟ සොයා ගතයුතු ය. සුදුසු කාලය සපැමිණෙන තෙක් ප්‍රතජ්ජන භාවයෙහි වැඩ හිදිමින් ප්‍රදන් වීර්යට ඇවැසි දෑ සපුරා ගත යුතු ය. ඒ අතර කාලයෙහි මහා බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම සහ උද්දක රාම පුත්ත දෙදෙනා වෙතින් අරූප සමාපත්තිවලට සම වැදීම ප්‍රගුණ කළහ. එපමණක ද නොව වැරදි මඟ වූ සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කිරීම ද අමතක නො කළ යුතු ය. මේ කරුණු තුනෙන් ම බුදු වීමට නො හැකි විය. බුදු වීමට නො හැකි මග වූ ආලාර කාලාම තවුසාණාන්ගෙන් සහ උද්දකරාම පුත්ත තවුසාණන්ගෙන් අරූපසමාපත්ති ඉගැනීමෙන් හෝ වැරදි මඟ වූ දුෂ්කරක්‍රියා කිරීමෙන් හෝ මහ බෝසතුන්ගේ අග්‍ර බව, හෝ ජ්‍යෙෂ්ඨ බව හෝ ශ්‍රේෂ්ට බව හෝ අහිමි වූයේ ද? නැත්තේ ය. කිසිදු කරුණකිනිඳු එසේ වූයේ නැත..

මහ බෝසතුන්ගේ “අග‍්ගො’හමස‍්මි ලොකස‍්ස” යන ගථාවෙන් කියවෙන අග්‍ර බව ,ජ්‍යෙෂ්ඨ බව, ශ්‍රේෂ්ට බව, යන කරුණු තුනට හේතුව සම්බුදු වීමට ඇවැසි පාරමී කුසල පුණ්‍ය ශක්තියට සහ නියත ලෙස ම සම්බුදු වීමට ඇති නියත හේතු සම්පත්තියට අන්තරායක් නො වන බැවින් සහ නො වුණ බැවිනි. එබැවින් ප්‍රශ්නකරු විසින් ගොඩ නගන තර්කය පදනම් විරහිත බව පැහැදිලි වනවා ඇත.

5, ලලිත විස්තරය යනු සංස්කෘත භාෂාවෙන් රචිත මහායාන ග්‍රන්ථයක් බව කිව යුතු ය. එය කිසි ලෙසකින් තථගතයන් වහන්සේගේ ධර්මයට අයිති නැත. බුදු රදුන් විසින් සංස්කෘත භාෂාවට ධර්මය නො පෙරළිය යුතු ය යනුවෙන් සික පද පනවා ඇත. දෙවන ධර්ම සංගීතිකාරක මහ අරහත් උතුමන්ට විරෝධීව පැන නැගුණ මිසදිටි ගත් ගුරුකුලයන් වෙතින් ලියවුණු ගන්ථයකි ලලිත විස්තරය.

  1. අරියපරියේසන සූත්‍ර පාඨය සහ මහ බෝසතුන්ගේ අභිනිෂ්ක්‍රමණය ගලපා ගන්නේ කෙසේ ද? තථාගත බුදුරදුන් විසින් අරිය පරියේසන සූත්‍රයෙහි,

“සො ඛො අහං භික‍්ඛවෙ අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතුන‍්නං අස‍්සුමුඛානං රුදන‍්තානං, කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිං.”

(අරියපරියෙසනසුත‍්තං මජ‍්ඣිමනිකාය මූලපණ‍්ණාසකය.)

මෙම සූත්‍ර පාඨයේ සිංහල තේරුම නම්:-

“මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. “

මේ අරියපර්‍යේෂණ සූත්‍රයෙහි ඉහතින් දැක්වූ සූත්‍ර පාඨය සහ මහ බෝධිසත්වයන් වහන්සේ මැදියම් රැය රජ මැදුරේ සියලු දෙනා නින්දට ගිය වේලාවෙහි ඡන්න ඇමැති සමඟ කන්ථක අසු පිටින් රජ මැදුරෙන් නිකමැ ඇභිනිෂ්ක්‍රමණය කළ බව ප්‍රකාශ වන අටුවා පාඨ ඉගැන්වීම සමඟ පරස්පරව සිටින බවට අඩ සියවසකට වැඩි කාලයක පටන් ඇතැම් උගතුන් විසින් මත පළ කරන ලදහ..
මේ මතය විවිධ පර්‍යේෂණ සඳහා එළි දැක්වූ බව අමතක නොකළ යුතුය.

මේ අවුල් සහගත මතය අපි අද පැහැදිලි ලෙස ම නිරවුල් කරන්නෙමු.

අරියපර්‍යේෂණ සූත්‍රයේ වදාළ ඉහතින් දැක්වූ සූත්‍ර පාඨයේ අරුත නැවත සැළකිල්ලට ලක කර බලමු.

තථාගතයන් වහ්න්සේ වදාරන්නේ
“මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. “

යනුවෙනි.

මේ සුත්‍ර පාඨයෙහි අදහස භාග්‍යවතුන් වහන්සේ ගිහි කළ ළදරු කාලයේ කළු කෙස් ඇතිව, භද්‍ර යෞවන කාලයේ දී කැමැති නැති වූ මව් පියන් කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬද්දී කෙස් රවුළු බා කසට වස්ත්‍ර සිව්රු හැඳ පෙරව, ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණි බව ය.

අනෙක් කරුණ වනුයේ;

මහ බෝසතුන් රෑ මැදියම් මව පියා බන්දු මිත්‍ර කලත්‍ර පුත්‍ර සියලු දෙනා නින්දට වන් මොහොතේ ඡන්න ඇමති සමඟ කන්ථක අසු පිටින් කිසිවෙකුටත් ම නො දැනෙන පරිදි රජ මැදුරෙන් පිට වී අභිනිෂ්ක්‍රමණය කළ බව සඳහන් සුප්‍රසිද්ධ ඉගැන්වීම ය.

අප කියන්නේ මේ සඳහන් කරුණු දෙකම සත්‍ය බව ය. මේ ඉගැන්වීම් දෙකම නිර්වද්‍ය ය. වරද නැත්තේ ය. එසේ වන්නේ කෙසේ ද?

අරියපර්යේෂණ සූත්‍ර පාඨය වැරදි ලෙස අර්ථ විග්‍රහ කිරීම් නිසයි මේ පටලැවිලි සහගත බව ඇති වී ඇත්තේ.

අරියපර්යේෂණ සූත්‍රය බුදු රදුන් වදාරන්නේ සම්බුදු වීමෙන් පසු සම්බුදු නුවණින් විමසා බැලීමෙනි. එකී දේශනාව කිසි ලෙසකින් වරදින්නේ නැති සම්බුද්ධ දේශනාවක් කිසි ලෙසකින් වෙනස් වන්නේ ද නැත.

බුදු රදුන් කන්ථක් අසුපිට ඡන්න ඇමති සමඟ රජ මැදුරෙන් රෑ මැදියම අභිනිෂ්ක්‍රමණය කළ බවට සාක්ෂි වන කදිම සූත්‍රයක් විමාන වස්තු ප්‍රකරණයේ ඇත්තේ ය.

ඛුද‍්දකනිකායෙහි විමානවත්‍ථුපාළියෙහි සුනික‍්ඛිත‍්ත වග‍්ගො කන්ථක විමාන (වස්තුව) පහත උපුටා දක්වමු. සම්පූරණ විමාන වස්තුව දක්වමු.

මුගලන් මහ අරහතුන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයට වැඩිය අවස්ථාවක, එහි වැසි මහත් සැප සම්පත්වලින් ආඪ්‍ය වූ දෙව්‍ය පුත්‍රයාන කෙනෙකුන් දැක එම දෙව්‍ය පුත්‍රයාගෙන් විමසන ලදින් දෑන ගත්තේ කන්ථක දෙවි පුතු බවය. කන්ථක දෙව්‍ය පුත්‍රයා නම් අප මහ බෝසතානන් වහන්සේ අභිණික්‍රමය කළ වේලෙහි මහ බෝසතුන් වැඩමව වූ කන්ථක අසු බව ය. .මැදියම් රාත්‍රියේ ඡන්න ඇමැති සමඟ කන්ථක අසු විසින් මහ බෝසතුන් රජ මැදුරෙන් පිට වූ බවට සාක්ෂි දරන බව මේ සූත්‍රයෙන් පැහැදිලි ය.
මුගලන් මහරහතු වහන්සේ විසින් මෙසේ විචාරන ලදී.

12.”තස‍්මිං විමානෙ පවරෙ-
දෙවපුත‍්ත මහප‍්පභො,
අතිරොචසි වණ‍්ණෙන-
උදයන‍්තොව භානුමා.”

13.”දානස‍්ස තෙ ඉදං ඵලං-
අථො සීලස‍්ස වා පන,
අථො අඤ‍්ජලිකම‍්මස‍්ස-
තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති.”

සිංහලාර්ථය:-

12.එම්බා) දේව පුත්‍රය, (තෝ) ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇති වැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.

13.(එම්බා දේවපුත්‍රය,) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද? නැතහොත් සීලයක්හුගේ ද නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.

මහ මුගලන් මහ අරහතුන් වහන්සේ මෙසේ විචාරන්නේ කන්ථක දෙවි පුතුගේ පිළිතුර:-

14.සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො,
පඤ‍්හං පුට‍්ඨො වියාකාසි-
යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

15.අහං කපිලවත්‍ථුස‍්මිං-
සාකියානං පුරුත‍්තමෙ,
සුද‍්ධොදනස‍්ස පුත‍්තස‍්ස-
කන්‍ථකො සහජො අහං.

16.යදා සො අඩ‍්ඪරත‍්තායං-
බොධාය මභිනික‍්ඛමි,
සො මං මුදූහි පාණීහි
ජාලතම‍්බනඛෙහි ච.

17.සත්‍ථිං ආකොටයිත්‍වාන-
වහ සම‍්මාති ච බ්‍රවී,
අහං ලොකං තාරයිස‍්සං-
පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

18.තං මෙ ගිරං සුණන‍්තස‍්ස-
හාසො මෙ විපුලො අහු,
උදග‍්ගචිත‍්තො සුමනො-
අභිසිංසිං තදා අහං.

19.අභිරූළ‍්හඤ‍්ච මං ඤත්‍වා-
සක්‍යපුත‍්තං මහායසං,
උදග‍්ගචිත‍්තො මුදිතො-
වහිස‍්සං පුරිසුත‍්තමං

20.පරෙසං විජිතං ගන‍්ත්‍වා-
උග‍්ගතස‍්මිං දිවාකරෙ,
මමං ඡන‍්නඤ‍්ච ඔහාය-
අනපෙක‍්ඛො සො අපක‍්කමි.

21.තස‍්ස තම‍්බනඛෙ පාදෙ-
ජිව‍්හාය පරිලෙහිසං,
ගච‍්ඡන‍්තඤ‍්ච මහාවීරං-
රුදමානො උදික‍්ඛිසං.

22.අදස‍්සනෙනහං තස‍්ස-
සක්‍යපුත‍්තස‍්ස සිරීමතො,
අලත්‍ථං ගරුකාබාධං-
ඛිප‍්පං මෙ මරණං අහු.

23.තස‍්සෙව අනුභාවෙන –
විමානං ආවසාමිදං,
සබ‍්බකාමගුණොපෙතං-
දිබ‍්බං දෙවපුරම‍්භි ච

සිංහලාර්ථය නම්:-
14.දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසී ය.

15.(වහන්ස) මම (පෙරැ) ශාක්‍යයන්ගේ උතුම් වූ පුරය වූ කපිල වස්තුයෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජ වූ කන්‍ථක අශ්වයා වීමි.

16-17.යම් කලෙක ඒ සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේ ද එකල්හි හෙතෙමේ ජාලහත්‍ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යව යි කී ය.

18.මා ඒ වචනය අසත් ම මට මහත් වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තා වූ එසේ ම සතුටුසිත් ඇත්තා වූ මම එය ආදරයෙන් පිළිගතිමි.

  1. මහායසස් ඇති ශාක්‍යපුත්‍ර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැති වැ සොම්නස් වැ ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියෙමි.
  2. ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදා වූ කල්හි මා ද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිත ව බැහැර ගියේ ය. 21.(මම) ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙවීමි. යන්නා වූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි. 23.ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නො දැක්මෙන් (මම) මරණාන්තික රෝගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.

23.ඒ පුණ්‍යකර්‍මයාගේ අනුභාවයෙන් (මම) තව්තිසා භවනයෙහි සියලු කම් සැපතින් යුක්ත වූ මේ විමානයෙහි වසමි.

මේ කන්ථක දෙව් පුතුගේ තිරසාර පිළිතුර ය.

තවද ඒ කන්ථක දෙව් පුතු තෙමේ බුදුරදුන් බැහැ දැකීමට ගියෝ ය. තථාගතයන් වහන්සේගෙන් සද්ධර්මය ශ්‍රවණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියෝ ය. ඒ බැව් මෙසේ විමාන වස්තුවේ දක්වත්.

24.යඤ‍්ච මෙ අහුවා හාසො-
සද‍්දං සුත්‍වාන බොධියා,
තෙනෙව කුසලමූලෙන-
ඵුසිස‍්සං ආසවක‍්ඛයං.

25.සචෙ හි භන‍්තෙ ගච‍්ඡෙය්‍යාසි-
සත්‍ථු බුද‍්ධස‍්ස සන‍්තිකෙ,
මමා පි නං වචනෙන-
සිරසා වජ‍්ජාසි වන්‍දනං.

26.අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං-
ජිනං අප‍්පටිපුග‍්ගලං,
දුල‍්ලභං දස‍්සනං හොති-
ලොකනාථාන තාදිනන‍්ති.

27.සො කතඤ‍්ඤූ කතවෙදී-
සත්‍ථාරං උපසඞ‍්කමි,
සුත්‍වා ගිරං චක‍්ඛුමතො-
ධම‍්මචක‍්ඛුං විසොධයි.

28.විසොධෙත්‍වා දිට‍්ඨිගතං –
විචිකිච‍්ඡං වතානි ච
වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ- තත්‍ථෙවන‍්තරධායථාති

සිංහලාර්ථය නම්:-

24.බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්‍ෂයෙක් වී ද, ඒ කුසලමූලයෙන් ම නිවනට ද පැමිණෙන්නෙමි.

25.වහන්ස, ඉදින් ශාස්තෘ වූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන් ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.

26.සමාන පුද්ගලයෙක් නැත්තා වූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි. තාදී ගුණ ඇති ලොවට පිහිට වූ බුදුවරුන්ගේ දැකීම දුර්‍ලභ වෙයි.

27.කළ ගුණ දන්නා වූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේ ය. හෙ තෙමේ පැනැස් ඇති බුදුන්ගේ ධර්‍මය අසා දහම් ඇස (සෝවාන් මග) පිරිසිදු කෙළේ ය.

28 ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයෝජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහි ම අතුරුදහන් වී ය.

ආර්ය කන්ථක දෙව් පුත් තෙමේ මහ බෝසතුන් රජ මැදුරේ සිට සිධාර්ථ මහ බොසතානන් වශයෙන් ගිහිබ්ගෙය හැර පැවිදි නොවී කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය කළ බවට සාක්ෂි භාවයෙන් සම්බුදු සසුනට දායක බව මේ විමාන වස්ථුවෙන් පැහැලිය.

මහ බෝසතානෝ අරියපර්‍යේෂණ සූත්‍රයේ සඳහන් ආකාරයට ගිහි කළ ළදරු කාලයේ කළු කෙස් ඇතිව, භද්‍ර යෞවන කාලයේ දී අකැමැති වූ මව් පියන් කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬද්දී කෙස් රවුළු බා කසට වස්ත්‍ර වූ සිව්රු හැඳ පෙරව, ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණ අසු පිටින් යෑමක් නැත්තේ ය. සාරසංඛ්‍ය කප් ලක්ෂයක් පාරමී පිරූ පශ්චිම භවික මහ බෝසත් උතුමෝ එවැනි ශ්‍රමණ සාරුප්‍ය නැති ආචාර ගෝචරයට පටහැනි ලාමක හැරිරීම්වල නො යෙදෙත්. එවැනි ලාමක හැසිරීම් මහබෝසත් උතුමන්ට අභව්‍ය වේ.

එසේ නම් කෙළෙසද අරියපර්‍යේෂණ සූත්‍රයේ

“සො ඛො අහං භික‍්ඛවෙ අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතුන‍්නං අස‍්සුමුඛානං රුදන‍්තානං, කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිං.”

යන සූත්‍ර පාඨයේ අර්ථය නිරවද්‍ය වන්නේ මෙසේ ය.

මේ සූත්‍ර පාඨයෙහි

1.අකාමකානං මාතාපිතුන‍්නං අස‍්සුමුඛානං රුදන‍්තානං,

2.කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා

3.අගාරස‍්මා අනගාරියං පබ‍්බජිං.”

පාලි පාඨ තුන කෙරෙහි අපි අවධානය යොමු කරමු.

සිංහල තේරුම් නම් :-

1.අකමැති වූ දෙමාපියන් කදුළු පිරි මුහුණ ඇතිව අඬද්දී,

  1. කෙස් රවුළු බහා (ඉවත් කර) කසට වස්ත්‍ර(චීවර) හැඳ පෙරව,
  2. ගිහි ගෙය හැර පැවිදි වුණි.

යන අරුත් සැලකිල්ලට ගැනීමේ දී මේ දේශනාව තථාගතයන් වහන්සේ වදාරන්නේ බුද්ධත්වයයෙන් පසුව සම්බුද්ධ ඥානයෙන් දැකීමෙනි.

මහා බෝධිසත්වයන් වහන්සේ, රජ මැදුරෙන් පිට වී අභිනිෂ්ක්‍රමණය කළ පසු රජ මැදුරෙහි පිය රජ තුමා මව් තුමිය( මහා ප්‍රජාපතී ගෝතමිය), යශෝදරා දේවිය ඇතුලු රජ වාසලෙහි පිරිස අවදි වී මහ බෝසතුන් නො දැක නැවත නැවතක් සොයා බැලන්නේ, ගිහි ගෙය අත් හැර පැවිදි වන බව පිය රජ තුමා ඇතුළු සලොහිත ඥාති වර්ගයා දැන සිටි බැවින් මහත් වූ හටගත් ශෝකයෙන් කදුළු පිරි දෙනෙතින් යුතුව කදුළු පිරි මුහුණින් යුතුව සිටින අවස්ථාවේ දී මහ බෝසතානන් වහ්න්සේ (රජ මැදුරේ නොව) අනෝමා ගං තීරේදී කෙස් රවුළු බහා ඝටීකාර බ්‍රහ්ම රාජයන් විසින් පිළිගන්වන ලද කසට වස්ත්‍ර සහිත පාත්‍රා (සිවුරු) පිළිගෙන,කසට සිවුරු හැඳ පොරවා, ගිහි ගෙයින් නික්ම පැවිදි වුණු සේක.

මේ සිදු වීම් එකම වේලාවේ දෙ තනක සිදු වුණි. සම්බුදු රජුන් පසු කලැ මේ දෙතනක සීදු වූ සංසිද්ධිය සම්බුදු මනසින් දැක එම සිදුවීම අරියපර්‍යේෂණ සූත්‍රයේ වදාළ සේක.

අරියපරියේසන සූත්‍ර පාඨයේ කොතනකවත් “ අකමැති වූ මව් පියන් කදුළු පිරි මුහුණින් යුතුව අඬද්දී මහ බෝසතානන් වහන්සේ පැවිදි වී රජ මැදුරෙන් පිට වී වැඩිය බවක් දේශනා කොට වාදාරා නොමැත.

එසේ හෙයින් මහ බෝසතානන් වහන්සේ කන්ථක අස්වයා පිටින් ඡන්න ඇමතියා සමඟ අභිනිෂ්ක්‍රමණය කිරීමත් අරියපරියේසන සූත්‍රයේ සඳහන් කදුලු පිරුණු මුහුණින් යුතුව මව් පියන් හඬද්දී ගිහි ගෙයින් නික්ම පැවිදි වූ බව වදාළ දේශනාව යන දෙශනා දෙකම සත්‍ය බව පැහැදිලි ය.

කන්ථක විමාන වස්තුව තව දුරටත් විමසීම් කරන්නන්ගේ පහසුව පිණිස සන්නය සමඟ පහතින දක්වමු.

1.“පුණ‍්ණමාසෙ යථා චන්‍දො නක‍්ඛත‍්තපරිවාරිතො,
සමන‍්තා අනුපරියාති
තාරකාධිපතී සසී.”

2.තථූපමං ඉදං ව්‍යම‍්හං –
දිබ‍්බං දෙවපුරම‍්භි ච.,
අතිරොචති වණ‍්ණෙන-
උදයන‍්තොව රංසිමා.

3.වෙළුරියසුවණ‍්ණස‍්ස –
ඵලිකා රූපියස‍්ස ච.
මසාරගල‍්ලමුත‍්තාහි
ලොහිතඞ‍්කමණීහි ච

4.චිත්‍රා මනොරමා භූමි-
වෙළුරියස‍්ස සන්‍ථතා,
කූටාගාරා සුභා රම‍්මා –
පාසාදො තෙ සුමාපිතො.

5.රම‍්මා ච තෙ පොක‍්ඛරණී- පුථුලොමනිසෙවිතා,
අච‍්ඡොදිකා විප‍්පසන‍්නා- සොණ‍්ණවාලුකසන්‍ථතා.

6.නානාපදුම සඤ‍්ඡන‍්නා- පුණ‍්ඩරීකසමොතතා,
සුරභිං සම‍්පවායන‍්ති –
මනුඤ‍්ඤා මාළුතෙරිතා.

7.තස‍්සා තෙ උභතො පස‍්සෙ –
වනගුම‍්බා සුමාපිතා,
උපෙතා පුප‍්ඵරුක‍්ඛෙහි-
ඵලරුක‍්ඛෙහි චූභයං.

8.සොවණ‍්ණපාදෙ පල‍්ලඞ‍්කෙ-
මුදුකෙ චොලසන්‍ථතෙ,
නිසින‍්නං දෙවරාජංව-
උපතිට‍්ඨන‍්ති අච‍්ඡරා.

  1. සබ‍්බාභරණසඤ‍්ඡන‍්නා-
    නානාමාලා විභූසිතා,
    රමන‍්ති තං මහිද‍්ධිකං –
    වසවත‍්තීව මොදසි.

19.භෙරිසඞ‍්ඛමුදිඞ‍්ගාහි වීණාහි-
පණවෙහි ච,
රමසි රතිසම‍්පන‍්නො –
නච‍්චගීතෙ සුවාදිතෙ.

11.දිබ‍්බා තෙ විවිධා රූපා –
දිබ‍්බා සද‍්දා අථො රසා,
ගන්‍ධා ච තෙ අධිප‍්පෙතා –
ඵොට‍්ඨබ‍්බා ච මනොරමා.

12.තස‍්මිං විමානෙ පවරෙ-
දෙවපුත‍්ත මහප‍්පභො,
අතිරොචසි වණ‍්ණෙන-
උදයන‍්තොව භානුමා.

13.දානස‍්ස තෙ ඉදං ඵලං-
අථො සීලස‍්ස වා පන,
අථො අඤ‍්ජලිකම‍්මස‍්ස-
තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතොති.

14.සො දෙවපුත‍්තො අත‍්තමනො මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතො,
පඤ‍්හං පුට‍්ඨො වියාකාසි-
යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

15.අහං කපිලවත්‍ථුස‍්මිං-
සාකියානං පුරුත‍්තමෙ,
සුද‍්ධොදනස‍්ස පුත‍්තස‍්ස-
කන්‍ථකො සහජො අහං.

16.යදා සො අඩ‍්ඪරත‍්තායං-
බොධාය මභිනික‍්ඛමි,
සො මං මුදූහි පාණීහි
ජාලතම‍්බනඛෙහි ච.

17.සත්‍ථිං ආකොටයිත්‍වාන-
වහ සම‍්මාති ච බ්‍රවී,
අහං ලොකං තාරයිස‍්සං-
පත‍්තො සම‍්බොධිමුත‍්තමං.

18.තං මෙ ගිරං සුණන‍්තස‍්ස-
හාසො මෙ විපුලො අහු,
උදග‍්ගචිත‍්තො සුමනො-
අභිසිංසිං තදා අහං.

19.අභිරූළ‍්හඤ‍්ච මං ඤත්‍වා-
සක්‍යපුත‍්තං මහායසං,
උදග‍්ගචිත‍්තො මුදිතො-
වහිස‍්සං පුරිසුත‍්තමං

20.පරෙසං විජිතං ගන‍්ත්‍වා-
උග‍්ගතස‍්මිං දිවාකරෙ,
මමං ඡන‍්නඤ‍්ච ඔහාය-
අනපෙක‍්ඛො සො අපක‍්කමි.

21.තස‍්ස තම‍්බනඛෙ පාදෙ-
ජිව‍්හාය පරිලෙහිසං,
ගච‍්ඡන‍්තඤ‍්ච මහාවීරං-
රුදමානො උදික‍්ඛිසං.

22.අදස‍්සනෙනහං තස‍්ස-
සක්‍යපුත‍්තස‍්ස සිරීමතො,
අලත්‍ථං ගරුකාබාධං-
ඛිප‍්පං මෙ මරණං අහු.

23.තස‍්සෙව අනුභාවෙන –
විමානං ආවසාමිදං,
සබ‍්බකාමගුණොපෙතං-
දිබ‍්බං දෙවපුරම‍්භි ච

24.යඤ‍්ච මෙ අහුවා හාසො-
සද‍්දං සුත්‍වාන බොධියා,
තෙනෙව කුසලමූලෙන-
ඵුසිස‍්සං ආසවක‍්ඛයං.

25.සචෙ හි භන‍්තෙ ගච‍්ඡෙය්‍යාසි-
සත්‍ථු බුද‍්ධස‍්ස සන‍්තිකෙ,
මමා පි නං වචනෙන-
සිරසා වජ‍්ජාසි වන්‍දනං.

26.අහම‍්පි දට‍්ඨුං ගච‍්ඡිස‍්සං-
ජිනං අප‍්පටිපුග‍්ගලං,
දුල‍්ලභං දස‍්සනං හොති-
ලොකනාථාන තාදිනන‍්ති.

27.සො කතඤ‍්ඤූ කතවෙදී-
සත්‍ථාරං උපසඞ‍්කමි,
සුත්‍වා ගිරං චක‍්ඛුමතො-
ධම‍්මචක‍්ඛුං විසොධයි.

28.විසොධෙත්‍වා දිට‍්ඨිගතං –
විචිකිච‍්ඡං වතානි ච
වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ- තත්‍ථෙවන‍්තරධායථාති.

(කන්‍ථක විමානං -ඛුද‍්දකනිකාය විමානවත්‍ථුපාළි)

මෙහි සිංහල තේරුම:-

1.තාරකාවන්ට අධිපති වූ සස ලකුණු ඇත්තා වූ තාරකාවන් විසින් පිරිවරන ලද පුරපසළොස්වක් හි චන්‍ද්‍රයා යම්සේ හාත්පස වටා ඇවිදී ද,

.2.එබඳු වූ මේ දිව්‍යවිමානය ද උදාහිරුමෙන් දෙව්ලොවැ පැහැයෙන් අතිශයින් බබළයි.

.3-4.වෙරළුමිණියෙන් හා රනින් ද පළිඟුයෙන් හා රිදීයෙන් ද මැසිරිගලින් හා මුතුයෙන් ද රතුමිණියෙන් ද විසිතුරු වූ සිත්කලු භූමිය වෙයි. වෙරළුමිණියෙන් අතුරන ලද වෙයි. සිත්කලු වූ යහපත් වූ කුළු ගෙවල් ද වෙයි. මෙසෙයින් තාගේ පහය මැනවින් මැවුණේ වේ.

5.දිවමසුන් විසින් සෙවුනා ලද නිර්‍මල ජලය ඇති වෙසෙසින් පහන් වූ රුවන්වැලි ඇතුරූ නොයෙක් පියුමෙන් ගැවැසීගත් හෙළ පියුමෙන් හාත්පස පැතුරුණු පවනින් කම්පිත වූ මනරම් වූ තාගේ පොකුණු මනා සුවඳ වහනය කෙරේ.

07.තාගේ ඒ පොකුණු දෙපස මල්රුකින් හා පලරුකින් යුක්ත වූ වනලැහැබ්හු මවනලදහ.

08.රන්වන් පා ඇති දිවසළු අතුළ මොළොක් වූ පලඟෙහි සක්දෙව් රජු මෙන් හුන්නා වූ තා වෙත දිව්‍යාප්සරාවෝ එළඹ සිටිත්.

09..සියලු අබරණින් වැසුණු නන්වන් මලින් සැරැහුණු ඒ දිව්‍යාප්සරාවෝ මහත් ඍද්ධි ඇති තා සතුටු කරවත්. (ඒ තෝ) වසවත් දෙව්රජහු මෙන් සතුටු වෙහි.

10.දේවරතියෙන් යුක්ත වූ (තෝ) බෙර සක් මිහිඟුයෙන් ද වීණායෙන් හා පණාබෙරින් ද නැටුම් ගැයුම් මැනවින් පවත්නා කල්හි සිත් අලවා වෙසෙහි.

11.තා විසින් කැමතිවන ලද මනරම් වූ නන්වැදෑරුම් වූ දිව්‍යමය රූපයෝ ද දිව්‍යමය ශබ්දයෝ ද නැවැත දිව්‍යමය රසයෝ ද දිව්‍යමය සුගන්‍ධයෝ ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෝ ද තට ඇත්තාහ.

12 (එම්බා) දේව පුත්‍රය, (තෝ) ඒ උතුම් දෙව්විමනෙහි උදාහිරු මෙන් මහත් ප්‍රභා ඇති වැ පැහැයෙන් අතිශයින් බබළන්නෙහි.

13.(එම්බා දේවපුත්‍රය,) තාගේ මේ පුණ්‍යඵලය දානයක්හුගේ ද? නැතහොත් සීලයක්හුගේ ද නැතහොත් අඤ්ජලිකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.

14.මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසී ය.

15.(වහන්ස) මම (පෙරැ) ශාක්‍යයන්ගේ උතුම් වූ පුරය වූ කපිල වස්තුයෙහි සුද්ධෝදන රජුගේ පුත්‍රයාගේ සහජ වූ කන්‍ථක අශ්වයා වීමි.

16-17.යම් කලෙක ඒ සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේ ද එකල්හි හෙතෙමේ ජාලහත්‍ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යව යි කී ය.

18.මා ඒ වචනය අසත් ම මට මහත් වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තා වූ එසේ ම සතුටුසිත් ඇත්තා වූ මම එය ආදරයෙන් පිළිගතිමි.

  1. මහායසස් ඇති ශාක්‍යපුත්‍ර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැති වැ සොම්නස් වැ ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියෙමි.
  2. ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදා වූ කල්හි මා ද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිත ව බැහැර ගියේ ය. 21.(මම) ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙවීමි. යන්නා වූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි. 23.ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නො දැක්මෙන් (මම) මරණාන්තික රෝගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.

23.ඒ පුණ්‍යකර්‍මයාගේ අනුභාවයෙන් (මම) තව්තිසා භවනයෙහි සියලු කම් සැපතින් යුක්ත වූ මේ විමානයෙහි වසමි.

24.බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්‍ෂයෙක් වී ද, ඒ කුසලමූලයෙන් ම නිවනට ද පැමිණෙන්නෙමි.

25.වහන්ස, ඉදින් ශාස්තෘ වූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන් ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.

26.සමාන පුද්ගලයෙක් නැත්තා වූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි. තාදී ගුණ ඇති ලොවට පිහිට වූ බුදුවරුන්ගේ දැකීම දුර්‍ලභ වෙයි.

27.කළ ගුණ දන්නා වූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේ ය. හෙ තෙමේ පැනැස් ඇති බුදුන්ගේ ධර්‍මය අසා දහම් ඇස (සෝවාන් මග) පිරිසිදු කෙළේ ය.

28 ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයෝජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහි ම අතුරුදහන් වී ය.

ඉහත වීඩියෝවේ අසන හා පවසන බොහෝ කරණු බුද්ධ ශාසන නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැනි බව සිංහලේ දිනපොත විසින් සමාජයට අවධාරණය කිරීමට කැමති බව අවධාරණය කර සිටිමු.

Protected by Security by CleanTalk