බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උණ කියන්නේ රෝගයක් කියලා.
ඇඟට ඇතුළුවුණ විසබීජයක් සමග ප්‍රතිදේහ (antibodies) සටන් කරන විට එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය ප්‍රබල නම් ඖෂධ වලින් තොරව හෝ උණ අඩුවිය හැකියි.
නමුත් ඒ සඳහා කාලයක් ගන්නවා.
උණ ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තදබල හිස රුදාවක් ඇතිවුණහොත්, ඕනෑම රෝගියෙක් ප්‍රථමයෙන්ම කරන්නේ හිසේ කැක්කුමට යම් ප්‍රතිකාරයක් ගැනීමයි. මන්දයත් උණ දරා ගත්තත් හිසේ කැක්කුම දරා ගන්න බැරි නිසා.
අප මුලින්ම කරන්න ඕනේ හිස කෙළින් තබාගෙන ඉන්න අවශ්‍ය කරන පසුබිම සකස් කර ගැනීමයි. අත්‍යවශ්‍ය දේ මුලින්ම කිරීමයි.
ජීව විද්‍යාත්මක සාධකයයි සමාජසාධකයයි මනාව එකිනෙක ගලපගන්න පුළුවන්.
වහා විසඳිය යුතු සමාජ හා ආර්ථික ප්‍රශ්නවලට විද්‍යාත්මක ක්‍රමවේදයක් නොයෙදුවහොත්, සුළු කාලයක් තුළ ප්‍රශ්නය උඩු දුවනවා.
ක්‍රියාදාමය න්‍යායිකද ප්‍රායෝගික ද යන්න තීරණය වන්නේ සැබෑ විසඳුමකට ප්‍රවේශයක් ගත හැකි තරම් බුද්ධි මහිමයක් නායකත්වයට තිබෙනවා නම් පමණයි.
ලෙඩා මළත් බඩ සුද්ද වී ඇත්නම් එයින් සතුටු වන මිනිස්සුත් අප අතර නැතුවා නොවේ. වඩාත් නිවැරදි ක්‍රමය බඩත් සුද්ද වී ලෙඩාත් බේරා ගැනීමයි.
රෝග විනිශ්චය නිවැරදි නම් ප්‍රතිකාරයත් පහසුයි. වෛද්‍යවරයාත් දක්ෂ නම්, ශරීරයේ ප්‍රතිදේහයන්ද ශක්තිමත් නම්, ඊළඟ දිනයට කතා කරන්න මාතෘකාවක් ඉතුරු වන්නේ නැත.
සමාජය රෝගී බව වටහා ගන්නට අපහසු නම්, තමාගේ රෝගී තත්ත්වයකට සමාජය ආදේශ කර බලන්න.
එවිට, රටක් ගොඩ ගැනීම සඳහා නව පාර්ලිමේන්තු කිහිපයක් අවශ්‍ය වන්නේ නැත. අතීතයේදී මිනිසුන් විප්ලව කළේ ඒ නිසයි.
මස් පිඬු වල සහ ආයුධවල ශක්තිය භාවිතා කළ විප්ලව සාර්ථක වුණේ නැත.
එහෙත් මොළය පාවිච්චි කර විප්ලව පමණක් නොව යුද්ධයක් වුණත් දියත් කර අඩු ජීවිත හානියකින් ඉලක්කය කරා ළඟාවිය හැකියි.
“ඒහි පස්සකෝ”
-තෙවැනි ඇස-
09.01.2024