කතෝලික ආගම යෙරුසලමින් ඇරඹී යෙරුසලමට සීමා වී නම්,
දෙවියන් සමඟ මිනිසුන් විසින් කරනා ගනුදෙනුව මීට වඩා සුගම වීමට ඉඩ තිබුණා. දේවත්වයට ලැබිය යුතු ගැඹුරුම අර්ථයත් ඒ තුළින් තහවුරු වෙනවා.
අවාසනාවකට කතෝලික ආගම බිහිවෙන්නේ රෝම වරුන්ගේ මැදිහත්වීමක් තුළින්
දේශපාලන ආධිපත්‍යයක් ගොඩනැගීමේ අරමුණින්.
ආරම්භයම කෙලෙසී තිබීම නිසා,
දිගින් දිගටම උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් හා සැබෑ ආධ්‍යාත්මික නායකයින්ගෙන් විවේචන එල්ල වන බව රෝමානු කතෝලික පූජකවරුන් දැන සිටිය නිසා යක්ෂයෙක් (සාතන්)
ඒ ආගමට ඇතුල් කරගන්නවා.
යක්ෂයාගෙන් තොරව කතෝලික ආගමට පැවැත්මක් නැති නිසා
සාතන්ගේ බලපෑමට හසුවුණා යයි සැකකර සාමාන්‍ය අහිංසක කාන්තාවන් පණ පිටින් පුළුස්සා මරා දැමූ අවස්ථා එමටයි.
විශේෂයෙන්ම 15 වන හා 16වන සියවසේ යුරෝපයේ සිටි සුවිශේෂ ගණයේ බුද්ධිමතුන් ස්වාධීන මත ප්‍රකාශ කිරීම නිසා හෝ පල්ලියේ ඉගැන්වීම් සාවද්‍ය බව තේරුම් ගත් නිසාදෝ සත්‍යයේ නාමයෙන්
ඒ උත්තමයන්ට දර සෑයවල් මත
දැවී පිලිස්සී මිය යන්නට සිදුවුණා.
ඇත්තෙන්ම බැලූ විට කතෝලික ආගමේ සැබෑ බලවතා දෙවියන් වහන්සේ නොව සාතන්.
පල්ලිය සාතන්ගේ භූමිකාව ඉටු කරමින්, අහිංසක හා බුද්ධිමත් පිරිස් ඉතාමත් කෲර අන්දමින්
මරා දැමීම කිසිම ජීවමාන දෙවි කෙනෙක් අනුමත කරන්නේ නැත.
ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන්ට එළඹි සිහියට පිවිසීම සඳහා බුදුදහම වැළඳ ගත යුතුම නැහැ.
යේසුස් වහන්සේ යනු කතෝලික ආගමට අනුව මියගිය දෙවි කෙනෙක් පමණි. සෑම කතෝලික පල්ලියකම යේසු රුව බැතිමතුන්ට ප්‍රදර්ශනය කරන්නේ
කුරුසය මත මියගිය දෙවි කෙනෙක් ලෙසයි.
මාර්ටින් ලූතර් පූජකවරයා රෙපරමාදු ආගම හඳුන්වාදීමත් සමගම ඇන්ග්ලිකානු පල්ලිවල කුරුසය මත “දිවි පිදූ” යේසු රුව ඉවත්කර කුරුසය පමණක් සංකේතයක් ලෙස ප්‍රදර්ශනය කරනු ලබයි.
ඇත්තෙන්ම කුරුසය යනු ආධ්‍යාත්මය සංකේතවත් කරන සළකුණක් නොව අපරාධකාරයින්ට මරණීය දණ්ඩනය දීම සඳහා භාවිතා කරන ලද “එල්ලුම් ගසක්” පමණයි. මෙම න්‍යායට අනුව ප්‍රංශයේ මරණ දඬුවම දීම සඳහා භාවිතා කරන ලද ගිලටීනයද 16වන ලුවීගේ හිස වෙන් වුනු කවන්ධ රූපයත් සමගම ශුද්ධ වූ ආගමික සංකේතයක් ලෙස යොදා ගැනීමට අනාගත ආගමික ශාස්තෘවරයෙක් තීරණය කළහොත්, එය බැතිමතෙකුගේ හිතේ සාමය සතුට හා සමාදානය ජනිත කළ හැකි යහපත් දසුනක් විය හැකිද?
හොඳ වෙලාවට එදා යේසුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ කුරුසයක් මත දිවි පිදුවේ නෑ.
එවැනි කෲර මරණයකට උරුමකම් කියන්න තරම් එතුමා පව් කර තිබුණේ නැහැ.
-තෙවැනි ඇස-
31.07.2024