විශේෂ ප්‍රවෘත්තියක්.
ආචාර්ය මහාචාර්ය දෙවිවරුන් පිරිසක්
ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාවගේ වේදනාව දැක (විඳ නොවේ) ලක් පොළවේ නැවත ඉපිද මාළිමාවට එක්වන්න ඒකමතිකව තීරණය කර තිබෙනවා.
මං මේ කල්පනා කරන්නේ මේ කට්ටිය තරුණ අවධියේ දිව්‍යලෝකවල සැප සම්පත් විඳිමින් සිට මේගොල්ලන්ට තමන්ගේම කියා පාණ්ඩුකම්බල ශෛලාසන නැති නිසා ශක්‍රයාගේ අසුන උණු වීමෙන් ලද සංඥාව
පෙරදැරි කරගෙන සත්ගුණවත් උපාසක, අනුර දිසානායක, ලාල් කාන්ත, ටිල්වින්, විජිත හේරත් වැනි අයගේ ආරාධනාව මත ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සේවය කිරීම සඳහා ලක් පොළොවේ නැවත උපදින්න ගත් තීරණය මොනතරම් සාධනීය ද කියා.
මේ අය මේ දක්වා සිටියේ මේ මහපොළොවේ පය ගසා නම්
වෙනත් රටක ජීවත් වුණත්
ශ්‍රී ලංකාවේ පාසල් යන දරුවන් 6 ලක්ෂයක් නිරාහාරව පාසල් යන බව හෝ ළමා ජනගහනයෙන් 30% ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව දැනගන්නවා.
මේ ආචාර්ය මහාචාර්ය සක්විතිලා ඉගෙන ගත් නූතන තාක්ෂණ රේඩා යාන්ත්රණයට ශ්‍රී ලංකාවේ තමන්ගේ සොහොයුරු ජනතාවගේ දරු දැරියන් බඩගින්නේ සිටින බව මේ දක්වාම දැනී නැහැ.
මහදැනමුත්තලාගේ (ප්රොෆෙසර්කම්) දැවැන්ත හිඟයක් පවතින මොහොතක
දිව්‍ය සම්පත් අත්හැර ලක් පොළොවට වැඩම කිරීම ගැන
ලක් ජනතාව දෙන සාධුකාරවලින්
මුළු මහත් දෙරණම ගිගුම් දෙනු නොඅනුමානයි.
අතීතයේදී නම් මොවුන් කරපු තොවිලයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.
ගුත්තිල පඩිතුමාගේ තත් කැඩුණු වීණාවෙන් මිහිරි තත්සරක් වැයුනාමෙන් හම් පැලූණු මොවුන්ගේ බෙර වලින් නැගෙන හඬින් පීඩිත ජනතාවට කුසට ආහාර වෙනුවට කන්පැළෙන භේරිණාද වලට සවන් දීමට නම් මහඟු අවස්ථාවක් ලැබෙන බව සහසුද්දෙන් කියන්න පුළුවන්.
-තෙවැනි ඇස-
06.08.2024