ප්‍රශ්නයක් නැගී ආයේය.
ඇත්තේ සරල පිළිතුරකි.
මේ උදාහරණය ගන්න !
ඔබට අයිති ඔබගේ නිවසක් ඇත. එම නිවසට තාවකාලිකව ලැගුම් ඉල්ලාගෙන පැමිණියෙක් ඔබගේ වූ කරුණාව මත ඔබ ඔබගේ නිවසේ තාවකාලිකව ලැගුම් ගැනීමට ඉඩ දුන්නා යයි සිතන්න. කලකදී ඔබගේ නිවසට යම් භාහිර පුද්ගලයන්ගෙන් නොයෙක් කරදර කම්කටොළු පැමිණියා යයි සිතන්න. උදාහරණයක් ලෙස ඔවුන් ඔබගේ නිවාස බලහත්කාරයෙන් අල්ලා ගැනීමට යනවා යයි සිතන්න.
දැන් ඔබේ නිවසේ ඔබද සිටි. ඔබගේ නිවසේ තාවකාලික ලැගුම් ගත් පුද්ගලයාද සිටි. භාහිර පුද්ගලයා නිවස අත්පත් කරගැනීමට කරනා උත්සාහයේදී ඔබ නිසැකවම ඊට එරෙහි වනු නොඅනුමානය. ඊට අවශ්‍ය ප්‍රති ක්‍රියාමාර්ග ඔබ විසින් ගනු ලැබීම පුදුමයක් නොවේ. ඊට හේතුව නිවස ඔබට අයිති නිසාය.
මේ අවස්ථාවේ ඔබගේ නිවසේ ලැගුම් ගත්තාගේ භූමිකාව කුමක්ද ?
ඔහුට මේ නිවසේ කිසිත් අයිතියක් නොමැති බවත්, ඔහු එහි ඉන්නා තාවකාලික පදිංචි කරුවකු බවත් ඔහු හොඳාකාරව දනී. ඒ නිසා ඔහු මේ අරගලයේදී මැදිහත් වීමක් නොකරයි. ඔහුට මේ ගෙය ඔබට තිබුනත් , පිටස්තරයාට තිබුනත් කම් නැත. හේතුව කුලීකරුවකුට අයිතිය අහිමිය. අයිතියක් ප්‍රකාශ කල නොහැකිය.. අයිතිය සතුවන්නේ කාටද ඔහුට තම කුලිය ගෙවා තම ජීවිතය පවත්වා ගෙන යා හැකිය.
හොඳයි ! ඔබ සහ පිටස්තරයා අතර වන අරගලයේදී ඔබ විශාල කැපකිරීම් කර ඔබගේ නිවාස බේරාගත්තා යයි සිතමු. කුලීකරුවා දිගටම ඔබට තම කොටහ ගෙවා තම පැවැත්ම එහි තහවුරු කරගනු ඇත.
පසු කලෙක කුලීකරුවා මෙවැනි වූ ඉල්ලීමක් කලොත් ?
“මම මෙපමණ කලක් මේ නිවසේ වාසය කළේය. මටත් මේ නිවසට මුල සිටම අයිතියක් තිබුනේය. උරුමයක් තිබුනේය.” කියා නිතිය ක්‍රියාත්මක කරන්නා වූ ආයතන වෙත ගියහොත් ?
මෙහිදී ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නයක් ඇත.
ඔබට මේ නිවසට අයිතියක් තිබුනා නම් , මේ නිවසට උරුමයක් තිබුනා නම් එදා ඒ භාහිර පුද්ගලයා මේ නිවස ඉල්ලා අරගල කරන විට ඔබ නිහඬව සිටියේ ඇයි ? ඔබට මෙහි අයිතියක් තිබුනා නම් එදා ඔබත් මා සමග ඔහු හා සටනට පැමිණෙනු නිසැකය. එදා නිහඬව සිට අද අයිතිය කතා කරන්නේ ඇයි ?
මේ රට සම්බන්ධයෙන්ද ඇත්තේ ඔය කතාවමය.
මේ රටෙහි උරුමක්කරුවෝ මේ රටට ආ ප්‍රධාන ආක්‍රමණ සාර්ථකව මුහුණ දී රට බේරා ගත්තේය. එදා එක්කෝ නිහඬව සිටි හෝ ආක්‍රමනිකයාගේ පැත්ත ගත් නුඋරුමක්කරුවෝ අද රටට අයිතිවාසිකම් කියති. රට ඔවුන්ගේ යයි කියති.
ඇසිය යුතු ප්‍රශ්නය පෙරසේමය.
ඔබට රෙටෙහි අයිතියක් තිබ්බා නම් මේ රටට ආ ආක්‍රමණ පරාජය කිරීමට ඔබ එදා නාවේ ඇයි ?
ළමයකු අරභයා ළමයා වැදු අම්මා කව්ද සහ හැදු අම්මා කව්ද කියා සොයාගත නොහැකිව ඇතිවුණු ද්වන්ධ අරගලයේදී හුණු වටයක් තුල දරුවා හොවා දරුවාගේ එක් අතක් වැදු අම්මාටද අනෙක් අත හැදු අම්මාටද දී දෙපසට අදින්න යයි අණ ලැබුන මොහොතේදී සහ තම අතින් ඇද දරුවා තමා වෙතට ඇදගත් කාන්තාවට දරුවා ලබා දෙන බව ප්‍රකාශ කොට ඇති අවස්ථාවකදී දරුවාට ඇති අසීමිත ආදරය නිසා දරුවාට රිදෙයි යන බියෙන් වැදු අම්මා දරුවා අතාරින අයුරු “හුණු වටයේ කතාවෙන්” පිළිබිඹු වේ. එසේ නම් දරුවාට ආදරේ ඇත්තේ වැදු අම්මයි. අරබුදයක් ඇති වූ විට සංවේදී වන්නේ වැදු අම්මාය. ඉහත පරීක්ෂණයෙන් වැදු අම්මා කව්ද යයි නිගමනය කරන ලදී.
ඒ ආකාරයටම රට කොල්ලකන්නට , රට කණපිට පෙරලන්නට ආක්‍රමණික හමුදා එදා ලඟා වූ මොහොතේදී ඒ වෙනුවෙන් සංවේදී වුවෝ රටේ අයිතිය තමා සතු යයි විශ්වාස කරන්නෝ මිස අන් කිසිවෙක් නොවේ. ඒ වෙනුවෙන් කැකෑරෙන ලේ ධාතුව පවතින්නේ ඔවුන්ටය. එසේ නැතිව රටට වූ විපතකදී තමා කිසිත් ඒ වෙනුවෙන් නොකර නිහඬව , නිඳාගෙන ඔහේ සිට හෝ ආක්‍රමණිකයා සවිමත්කර නමුත් වැරදීගොස් ඒ සියල්ල නිමවී යම් දුරක් පැමිණි කල “මේ මගේ රට” යයි තෙපරබෑම විපල්ලාසයකි. රටට ආදරයක් , රටට අයිතියක් තිබුනා නම් එදා ඒ ලෙස හැසිරෙයිද ? ආක්‍රමණිකයා හා සටනට නොඑයිද ?
ඉන්ම මේ රට අයිතියක් නොමැති වුවන්ට අයිතියක් නොමැති බව ඔප්පුවේ.
ස්තුතියි !
වෛද්‍ය ධම්මික විජේරත්න
-දෙදෙනුකුගේ සංවාදයක් ඇසුරෙන් සකස් කල ලිපියකි-