බුද්ධත්වය පතාගෙන බෝධිසත්වයන් වහන්සේලා ලොව පහල වෙති. සියලු බෝධිසත්ව වරු මනුලොව ඉපැදීමට කලින් පස් මහ බැලුම් බලති.
ඉන් එකක් වන්නේ දේශයයි.
බෝධිසත්ව වරයෙක් තමාගේ සම්බුද්ධත්වය උදෙසා දේශයක් තෝරන්නේ ඇයි?
ලොවම එකක් නම් , ලොවම ඉන්නේ මිනිසුන් නම් බෝධිසත්ව වරයෙකුට දේශයක ඇති අවශ්‍යතාව කුමක්ද ?
දේශයක් තෝරන්නේ ගහ කොල හෙවත් පරිසරය නිසාම නොව තමන් අවබෝධ කරනා ගැඹුරු දහම තේරුම්ගත හැකි පිරිසක් සිටිනා දේශයක උත්පත්තියෙන් ඔවුනට මහත් වූ වැඩ සැලසිය හැකි නිසාය. මින් ගම්‍ය වන්නේ සියල්ලන්ම මිනිසුන් වුවත් සියලූ මිනිස් ප්‍රජාවන් මේ දහම අවබෝධ කොට ගත හැකි මට්ටමක නොසිටිනා බවයි.
එක් බිමක එක් රැලක් ඒ සඳහා දක්ෂ වේ යනු එහි සැඟවී ඇති යටි අරුථයි.
එසේම,
බුද්ධත්වයට පත්වීමෙන් පසුව තමා අවබෝධ කල දහම යම් කාල සීමාවක් සඳහා පවත්වාගැනිමටද උන්වහන්සේලා තෝරන්නේද එවැනිම වූ බිමක්. ඊට හේතුවත් පෙර කී කාරනාවමය.
බුදු වීමෙන් පසුව එහි පැවැත්මක් සඳහා යම් මිනිස් රැලක් තෝරාගන්නේත් විශේෂිත වූ හැකියාවක් ඒ සඳහා ඇති අයවළුන් ගෙන්ය. ගෞතම බුදු රදුන් ඒ සඳහා තෝරාගත්තේ අප රට සහ එහි උරුමක්කාරයන් වූ අපේ පිරිසය.
කෙතරම් එකිනෙකා ඇනකොටා ගත්තද, මිනීමරා ගත්තද , වල් සතුන් ලෙස හැසිරුනද ඔවුන් සියල්ලෝම බුදුන්ගේ ප්‍රජ්නාවන්ත සොයාගැනීම ඉදිරියට ගෙනයෑම සඳහා ලොව්තුරා බුදුවරයකු විසින් තෝරාගත් අය වෙති.
ඔවුන් ඔබ කියන ලෙස “නරක” මිනිසුන් නම් බුදුවරයකු තම දහම සුරැකිව වසර දහස් ගණනක පැවැත්මක් උදෙසා ඔබ කියන “හොඳ” මිනිසුන් කැල තෝරා නොගත්තේ ඇයි ?
එමනිසා දහම රැකීමේ යම් උත්තුංග අරමුණක් යමෙකුට වේද ඔහු එම උරුමක්කාර මනුස්ස ප්‍රජාව රැකීමට වග බලා ගැනීමත් එවැනිම වූ උත්තුංග වූ යුතුකමකි.
ස්තුතියි !