මේ වසරේ මුලදී මා ලංකාවට පැමිණි විට තලවතගොඩ මගේ සොහොයුරියගේ නිවසේදී උවිඳු හා වෛද්‍ය කමලදාස සමග පැය හතරක පමණ කාලයක සාකච්ඡාවක් පවත්වා ඉදිරි වැඩ පිළිවෙලක් ගැනද එකඟත්වයකට පැමිණුනා.
ඉන්පසු අවස්ථාවක අන්තර්ජාල දැන්වීමක පළ වී තිබුණා ගොවිජන එකමුතුවේ සභාපති යැයි කියාගන්නා ඉතාමත් පහත් පෙළේ වැඩ කර අනාගත්ත ඉතිහාසයක් ඇති පුද්ගලයෙක් සමග උවිඳු එකම වේදිකාවේ දේශන පවත්වන බව.
මම වහාම දුරකථන ඇමතුමක් ඔස්සේ උවිඳු අමතා ඉහත කී ජාති බ්‍රෂ්ඨයා සමග එකම වේදිකාවේ පෙනී සිටින්න එපා කියා අවවාද කළා.
එම තක්කඩියා පිළිබඳව උවිඳුව දැනුවත් කිරීම ගැන ඔහුත් වෛද්‍ය කමලදාසත් මා වෙත ස්තුතිය පිරිනැමුවා.
සතියක් ගෙවෙන්නත් කලින් උවිඳු විජේවීර අනුරුද්ධ තෙන්නකෝන් කියන බොහෝ දෙනකුගෙන් මුදල් ණයට ඉල්ලාගෙන පොලු තියා මග අරින පුද්ගලයා සමග නැවත වතාවක් එකම වේදිකාවේ කතා කිරීමට යන බව දැන්වීමක් තුළින් දැනගත්තා.
රෝහණ විජේවීර තුළ තිබූ අයෝමය හැකියාව හා ප්‍රතිපත්ති වලට උවිඳුට කිට්ටු වෙන්නත් බැරි බව මේ සිදුවීමෙන් මම හොඳින් වටහා ගත්තා.
ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අඳුරු අගාධයකයි. රට එයින් ගොඩ ගැනීමට ඉතාමත් ශක්තිමත් නායකත්වයක් රටට අවශ්‍ය වී තිබෙනවා.
අනුර කුමාරට එය කරන්න පුළුවන් කියා බොහෝ දෙනෙක් සිතුවද, අනුර දිසානායක ස්ව කැමැත්තෙන්ම කාදිනල්ගේ රූකඩයක් බවට පත්වී තිබීම ඇත්තෙන්ම ශෝචනීයයි.
සමහර විට අනුර කුමාර දිසානායක මේ තීරණය ගනු ලැබුවේ තමන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා විය හැකියි.
ජාතික ජන බලවේගය බලයට පත් කළ ජනතාව සිතාගෙන සිටින්නේ, අනුරලා හරිණිලා, විජිතලා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණු වීරයින් පිරිසක් ලෙසයි.
නමුත් ඇත්තෙන්ම ඔවුන් පිටුපස සිටින්නේ කුමන බලවේගද කියා අවබෝධ කරගන්න තරම් දේශපාලන මුහුකුරා ගිය බවක් සාමාන්‍ය ජනතාවට නැහැ.
දේශපාලනය බොහෝ දෙනකුට සෙළ්ලමක් වූවාට, බුද්ධිමත් කිසි කෙනෙකුට එය සෙළ්ලමක් නොවෙයි.
දෙවන පරපුර පිළිබඳව මා තැබූ විශ්වාසය උවිඳු විසින්ම විනාශ කර දැමීම ගැන මා තුළ ඇත්තේ කළකිරීමක්.
රටේ ප්‍රශ්න විසඳීම සඳහා තරුණ කමත් උගත්කමත් ප්‍රයෝජනවත් විය හැකි නමුත්, අවංක කමක් නැත්නම් මොනම බාහිර සුදුසුකමකින්වත් පලක් නැති බව නොකිව මනායි.
සැබෑ නායකත්වයක අවශ්‍යතාවය පිළිබඳ සිහිනය නැවත වතාවක් ආපස්සට තල්ලූ බව පමණක් සඳහන් කර මේ සටහන අවසන් කරමි.