මහා ප්‍රශ්නයක් ඇත.
භුමිය කුමක්ද ? නිජභූමිය කුමක්ද ?
භුමිය සහ නිජභූමිය අතර වෙනස කුමක්ද ?
භුමිය අයිති කාටද ? නිජ භුමිය අයිති කාටද ?
එසේනම් පරම අයිතිය හෙවත් උරුමය භුමි කරුවන්ටද ? නිජ භුමි කරුවන්ටද ?
මෙය ඉතා පැහැදිලිව විසඳාගත යුත්තකි.
භුමියක් යනු මිනිසුන් වසන හෙවත් මිනිසුන් පය තබා සිටිනා භූමියයි. එය පොලව කියා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබයි. මිනිසකු ලොව කොහේ සිටියත් ඔවුන් යම් භූමියක පය තබා සිටගත යුතුය. උදා; ඔබ මෙහේ සිට ඇමරිකාවට ගියේ නම් ඔබ දැන් පයතබා සිටින්නේ ඇමරිකන් භූමියේය.
නමුත් ඔබ එහි ගොස් පයතබා සිටින්නේ ඇමරිකන් නිජ භුමියේ නොවේ.
ඈ………
මේ දෙක අතර වෙනස කුමක්ද ?
“නිජ” යන උපසර්ගයේ සැබෑ අරුත කුමක්ද ?
භූමියක් නිජ භූමියක් වන්නේ කවර සාධක මතද ?
“නිජ” යනු “නින්ද ජනයා සතු” යන අරුත දෙයි.
“නින්දගම” යනු කුමක්ද ?
ගමක් නින්දගමක් වන්නේ යම් සේද භූමියක් නිජ භූමියක් වන්නේත් එසේමය.
උදා; ඔබ ඔබගේ දෙමව්පියන්ගේ දරුවෙකි. දෙමව්පියෝ ඔවුන්ගේ දෙමව්පියන්ගේ දරුවෝය. මේ ආකාරයට පරම්පරා දහස් ගණනක් ආපස්සට ගියත් ඔබේ පරපුර ඔබගේ භුමියේ විසුවෝ වෙති. එවැනි වූ පරම්පරා සිය දහස් ගානක් ගියද ඔවුන් යම් බිමක අවිචින්නව වාසය කෙරුවෝද ඒ පරපුර එම භූමියට “නින්ද වී ඇත” යන ගරු නාමය ලැබේ. මේ අනුව අයිතිය සහ නින්ද අයිතිය යනු එකක් නොව දෙකකි. භූමියත් එසේම වේ.
අවිචින්න බවක් නොමැති පසු කාලීනව වූ ආගමනයක් ඇත්තෝ “නින්ද” යන උපසර්ගයේ හිමිකරුවෝ නොවෙති.
නින්දබව ඔප්පුකරනා සාධක මොනවාද ?
01.ලිඛිත සාක්ෂි.
මුද්‍රිත සාක්ෂි සියල්ලම මිට අයත්වේ. ඒවා පොත පතේ ඇති දේම පමණක් නොව ටැම් ලිපි, ශිලා ලේඛන , මැටි පුවරු ලිපි , නොයෙක් තන්හි ඇඳ ඇති යම් යම් සඤා සටහන් මේ ඝනයට වැටේ.
02.පාරිසරික සාක්ෂි.
ඔවුන්ගේ පාරිසරික නිර්මාණ , ඔවුන්ගේ වාසස්ථාන , ඔවුන් පාවිච්චියට ගනු ලැබූ මෙවලම් , ඔවුන්ගේ වස්ත්‍ර \ පළඳනාවන් , ඔවුන් කල රැකියාවන් ආදී බොහෝ දේ මේ ඝනයට වැටේ.
03. දේහ සාක්ෂි.
පරිසරය අනුව දේහයන් වෙනස්වීම් දක්නට ලැබේ. උදා; චීන දේහයන් චීනයට ආවේනික වුවකි. එය ඇමරිකාවට ආවේනික නැත. එමනිසා චීනෙක් ඇමරිකාවේදී හමුවුවහොත් ඔහුට චීනෙක් කියනවා විනා ඇමරිකන් කරුවෙක් කියන්නේ නැත. අඩු තරමින් නව ප්‍රතිපදාවට අනුව “ඇමරිකන් චීනෙක්” කියා හෝ හඳුන්වනු ලැබේ.
04.බුද්ධිමය සාක්ෂි.
සමාජ සම්බන්ධතා , සමාජ චර්යාවන් , සමාජ ධර්මතා භූමියෙන් භූමියට පිළිපදින්නේ එකිනෙකට වෙනස් වූ ආකාරයටය.
05.ජනසෘති සාක්ෂි.
ලිඛිතව නැතත් , පාරිසරිකව නැතත් , දේහමය නැතත් , බුද්ධිමය නැතත් ජනවහරේ ඇති කථාන්තර මිට අයත්වේ.
06. ……..
මෙන්න මේ සාක්ෂි වලින් යමෙකුට යම් භූමියක් “නිජ” යන උපසර්ගය යොදා භාවිතාවට ගනු ලැබේ.
ඇයි මේ කථාව ?
මේ රට සිංහලයාගේ නිජ බිමයි.
ඇයි ?
පුරා ඉතිහාසය ගැනම ගවේෂණයක් කලොත් සිංහලයකුගේ හැර ඉන් ඔබ්බට වූ යම් ලිඛිත සාක්ෂියක් ඔබට හමුවෙනවාද ?
ඉතිහාසය පුරාවට වෙන යම් වූ පාරිසරික සාක්ෂියක් ඔබට ලැබේද ?
දේහ සාක්ෂියක් , බුද්ධිමය සාක්ෂියක් , ජනසෘතියක් ඔබට හමුවේද ?
එවිට අයිතිය සැවොටම වුවාට “නිජ” අයිතිය ඇත්තේ සිංහලයන්ටය. අයිතීයෙන් “නිජ” අයිතිය යටපත් කල නොහැකිය. අයිතිය මිලට ගත හැකිය. නිජ අයිතිය මිලට ගත නොහැකිය.
උදා; ඉන්ටෙල් සමාගම සතු කොම්පියුටරයක් ඔබ සතු වී ඇත්තේ එය ඔබ විසින් මිලට ගැනීමෙනි. එය ඔබ මිලදී ගත් අයිතිවාසිකමක් ප්‍රකාශ කිරීමකි. එය ඔබට තවෙකෙකුට විකුණා දැමිය හැකිය. එවිට එම කොම්පියුටරය ඔහුගේ අයිතියට යටවේ. නමුත් ඔබ ළඟ තිබුනෙත් , ඔහු ළඟ දැන් තිබෙන්නේත් ඉන්ටෙල් සමාගමේ නිෂ්පාදනයකි. ඔහු පමණක් නොව මිනිසුන් ලක්ෂයක් වෙතට මාරුවෙන් මාරුවට කොපියුටරය සංසරණය වුවාද කොම්පියුටරයේ නිජ අයිතිය ඉන්ටෙල් සමාගම සතුවේ.
තවත් උදා; සිංහල බිමට එරෙහිව කල ආක්‍රමණ කොපමණද කියා ඔබ දන්නවාද ?
ඒ සියලු ආක්‍රමණවලදී ආක්රමනිකයින් කලේ මෙම බිම තාවකාලිකව තමන්ට නතුකර ගෙන සිටීම පමණි. දැන් ඔවුන් කෝ ? මම දැනට වාසය කරන ඉඩම මිට පෙර කී දෙනෙකුට “අයිතිව” තිබුනාද කියා පත්ඉරු පරීක්ෂාවකදී පෙනේ.ඔවුන් අද නැත. නමුත් අද දක්වා ලොව කවුරුන් හෝ ලොව ශ්‍රී ලංකාව නමැති භුමිය ගැන විමසයි නම් ඔවුන් සමහරවිට මුවින් ප්‍රකාශ නොකලත් හදවත කියන්නේ මේ සිංහලයාගේ රට බවයි. ඉන්දියාව ගැන යමෙක් විමසයි නම් එය “හින්දුස්ථානි” කියනවා හැරෙන්නට එය අරාබි ජාතිකයින්ගේ රටක් කියා කවුරුන් හෝ කියනවාද ? ඉන්දියාවේ නිජ අයිතිය ඇත්තේ හින්දුන්ටය.
සිංහලයාට නිජ අයිතිය ඇති රටේ ඔබ සිංහලයකු නොවේ නම් ඔබ කරන්නේ එය තාවකාලිකව අයිති කරගෙන විසීමක් පමණි. ඒ බව තරයේ මතක තබා ගන්න.
අයිතිය තාවකාලිකය. නිජ අයිතිය සදාකාලිකය.
එනිසා අයිතිය සහ නිජ අයිතිය යනු දෙකක්. ඒ දෙක පටලවා නොගන්නා මෙන් ඉතා කරුණාවෙන් සියල්ලන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ස්තුතියි !
(විශේෂ ලියුම්කරුවකු විසිනි.)