“හිමියනි මම නළුවෙක්. මම මගේ මුළු ජිවිත කාලයම කැප කලේ මිනිසුන්ව සන්තෝෂ කරන්න. ඒ පිනම මට ඇති නේද සුගතිගාමී වෙන්න?”
නිහඬය.
නැවතද ඇසු එම පැණයට නිහඬ බව පළකලද නැවතත් ඇසීම නිසා පිළිතුරක් ලැබිණි.
“යමෙක් මිනිස් මනසක වූ රාගය තම අභිරුපණ මගින් අවුස්සාවිද , යමෙක් මිනිසකු සතු ද්වේශය තම අභිරූපණ මගින් උද්දීපනය කෙරේද , යමෙක් මිනිස් මනසක වූ මෝහය තම අභිරූපණ මගින් අවධි කෙරේද , ඔහුට අන්යන් තුල මෙතෙක් යටපත්වී තිබු රාගය , ද්වේශය , මෝහය ඇවිස්සීමේ අකුසලය සිදුවේ. ඒ හේතුවෙන් ඔහු\ඇයට ඊළඟ උත්පත්තිය ලෙස පහාසය නමැති අවීචි මහා නරකයේ එක් කොටසක් ලැබේ.”
එදා නළුවෝ සිටියේ අතලොස්සකි. අද නළුවෝ බොහෝය.
ඒ කොහොමද ?
ඒ සමාජ මාධ්‍යන් නිසාය.
යම් දසුනක් නිසා ඔබ තුල රාගය උපන්නාද එම දසුන නොදැනිම නමැති එකම හේතුව මත ඔබ එය අන් අයටත් පෙන්වමියි කියා සිතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ලොව පුරා විසිරුවාහරියිද (ෂෙයාර් කරයිද) එය දකින්නේ කවරෙක්ද ඔහු තුල ඇතිවන්නේත් එවිට රාගයකි. එවිට එදා අතලොස්සක් වූ නළුවන් කල දේ අද ඔබම කරගනී.
යම් දසුනක් අරභයා ඔබට ද්වේශය උපන්නාද ඔබ එම දසුන ෂෙයාර් කිරීමෙන් ඔබ අපේක්ෂා කරන්නේද අන් මිනිසුන් තුලත් ඔබට ඇතිවූ දෙවේශය ජනිත කරලීමයි. එවැනි වූ ද්වේශ සහගත කීම් , කිරීම් කොපමණක් දේශපාලනයේදී දේශපාලකයින් සහ ඔවුනගේ අත්උදව්කරුවන් විසින් දිනකදී සමාජගත කරනවාද ?
ඔබ මෝහය හෙවත් ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත නොහැකිවන ආකාරයේ හැඟීම් අවුස්සන යම් නිර්මාණයක් කර එය සමාජගත කිරීමෙන් කරන්නේද ඔයටිකම පමණි.
උදා; යම් බොරුවක් ගොතා ඔබ වීඩියෝවක් කරවයි නම් එය සමාජගත කිරීමෙන් බලන්නන් රැවටෙන ප්‍රමාණය කෙතෙක්ද ඒ සා ප්‍රමාණයක් ඔබ එසේ නම් ඉහත සඳහන් කල න්‍යායෙන් අකුසල් කරගනී. දේශපාලනයේදී ඔබ, තම කැමති අපේක්ෂකයා වෙනුවෙන් කරන්නේද එවැනි වූ නිර්මාණයන් කර ඒවා සමාජගතකර අනුන් නිසා තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමකි. .
මිට අදාළ හොඳම සාක්ෂිය හමුවන්නේ පසුගිය දේශපාලනයේදීයි !
රජා රටට කර තිබු දෙයක් තිබුනේ නැත. ඒ නිසා තමා කරා යයි පෙන්වීමට කිසිවක් ඔහුට තිබුනේ නැත. ඒ නිසා ඔහු සහ ඔහුගේ සහචරයින්ගේ උපක්‍රමය වුයේ මිනිසුන් තුල පෙර රජුන් ගැන ද්වේශය සහ මෝහය ඉපද්දීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොකළ දෙයක් නොමැත. නොකී දෙයක් නොමැත. ඒ සඳහා ඔවුන්ට නිර්මාණ කිරීමක් හැර අන් යමක් නොවිය. සියල්ලම එවිට නිර්මාණයන් විය. පිරිසක් කලේ එසේ අනුන් නිර්මාණය කරනා ද්වේශය සහ බොරුව තව දුරටත් ෂෙයාර් කරමින් තමනුත් ඊට හවුල්වීමයි.
රජාත්, රජාගේ ගෝලබාලයන් පිරිසත් කියූ සහ පෙන්වූ අප්‍රමාන බොරු කන්දරාව දෙස එදා සහ අද ගැන සංසන්ඳනය කරමින් බලන්න. ඊට රැවටුණු ජනතාව කොපමණද යයි කියා ඔහුට පාවිච්චි කල කතිර සංක්‍යාව කෙතෙක්දැයි කියා ගණනයෙන් ඔබට පහසුවෙන් හඳුනාගත හැකිය. එම සංක්‍යාව දෙස බැලීමේදී ඔවුන් කෙතරම් ප්‍රමාණයක් ඒ බොරුවට හසුවුනාද යයි ඔබටම ගණනය කල හැකිය.
එවිට “පහාසය” සම්මත නළුවන් සඳහා පමණක්ද ?
ඇයි ඔබට නැත්ද ?
ස්තුතියි !
විශේෂ ලියුම්කරුවකු විසිනි.