මේ මගේ සුළු මවය. මාගේ අම්මා මා කුඩා කල මියගොස් තිබු බැවින් අප දරුවන් තිදෙනා රැකබලාගෙන පවුල ඉදිරියට ගෙනයාම වෙනුවෙන් තාත්තා තවත් විවාහයක් එකල කරගෙන ඇත. ඇත්තටම මා දන්නා කාලයේ සිට ඇය මට මගේ අම්මාය.
අපගේ සියලු කටයුතු කලේ ඇයය. ඇය තරම් අපගේ දුකේදී දුක්වුණු , සැපේදී හිනැහුණු වෙනත් අයෙක් ලොව නොවිය. අපගේ අම්මා තරමටම (අම්මා අප දැක නැත) ඇය අපට ආදරය කළේය. අපට සැලකුවේය. අද ඇය ඉතා මහළුව ඇතත් අයගේ කැපකිරීම මේ අම්මාගේ සහ මේ සුළු අම්මාගේ යයි කියා හඳුනාගත නොහෙන තත්වයේ එකක් වී තිබිණි.. ඒ නිසා ඇත්තම කියුවොත් අම්මාගේ කැපකිරීමක් කොයි ආකාරදැයි හිතාගත නොහෙන සේ ඇය අප සමග බද්ධවි සිටියේය.
දිනෙක පුදුමාකාර දෙයක් සිදුවිය.
ඒ බුද්ධාගම පාඩමයි. බොරුකිමේ ආදීනව අප ස්වාමින්වහන්සේ විසින් අපට උගන්වමින් තිබිණි.
“ළමයි ! අද මම ඔබට ප්‍රශ්න පත්තරයක් දෙනවා. එය පුරවන්න. මේ කරුණු මත ඔබ බොරුකාරයෙක්ද නැද්ද යන වග මා තීරණය කරනවා. එහි අඩංගු කරනු රහස්‍ය කරුණු ලෙස තබාගැනීමට මම පොරොන්දු වෙනවා. ඒ නිසා කරුණාකර ඇත්ත ලියන්න. ඇත්ත නොලීම බොරුව මතුවීමට හේතුවෙනවා.”
ප්‍රශ්න පත්‍රය ලැබිණි !
පළමු ප්රශ්නය වුයේ “ඔබගේ අම්මාගේ නම ලියන්න” කියාය.
මම ගල්ගැසුණි. සාමාන්යෙන් අම්මා කියා කියන්නේ වැදු අම්මාටය. ඇත්ත ලියනවද ඇත්ත වසංඟා ලියනවද ? හිත දෙගිඩියාවෙන් නලියන්නට විය. හොඳයි ! මම “අම්මා” කියා මගේ සුළු අම්මාගේ නම ලියුවා යයි කියමුකෝ. හාමුදුරුවෝ මේ ගැන දන්නවානම් ? එවිට මම බොරුකාරයෙක් වෙයි. ඇරත් ලියන දේ රහස්‍ය ලෙස තබාගන්නවා කියලත් හාමුදුරුවෝ කිව්වනේ….
අන්තිමේ මම ඇත්ත ලියුවේය.
අම්මා කව්ද කියන තැන “මාගේ පුන්චිඅම්මාගේ නම” කියා ලියා ඇයගේ නම ලියුවේය.
විභාග ප්‍රතිපල ලැබිණි………
ස්වාමින්වහන්සේ මා පංතියේ ඉදිරියට කැඳවා මා හට අන්‍යයෝ ඉදිරියේ විශේෂ ප්‍රශංසාවක් කොට ඇත්ත ලිවීමේ තරඟයෙන් මම මුල් තැනට ආ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මට එදා දැනුන සතුට අදද ඒ ලෙසම මා තුල ඇත.
ඉතින් මෙවැන්නක් අද මා ලියන්නේ ඇයි ?
රටේ සිංහල සමග අන්‍ය වූ ජාතින් ඇත. ඔවුන් සිංහලයන් සමග “සංහිඳියාවෙන්” ජීවත්වේ යයි පාලකයෝ තම පැවැත්ම උදෙසා නිතරම පාරම්බායි.
ඇත්ත ! ඔවුන් එසේ ජීවත්වේ. ඔවුන් සිංහලයාගේ සියලු දේ කර දෙයි. ඇතැම් විට කැතකුණු අතගායි. එවිට ඊට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
නමුත් ශ්‍රී ලංකාවේ උරුමකරුවෝ කව්ද යන ප්‍රශ්න පත්‍රයේදී ඔවුන් ගේ නම් හැමවිටම හැලේ.
ඒ වෛරය නිසා නොවේ. ඒ තරහවක් නිසා නොවේ. ඒ ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ වීමකි.
මා වදාපු අම්මාගේ ගුණ සුවඳ මට දැනී නැත. නමුත් ඒ ගුණ කෙසේද යයි මා අසා ඇත. හදාපු අම්මාගේ ගුණ සුවඳ මා හොඳාකාරවම දනී. එසේම මගේ රටේ උරුමය සහ එහි ගුණ සුවඳ ගැන එකල මා නොසිටියත් මා අසා ඇත. අද එහි වූ “සුවඳ” ඊට හාත්පසින් වෙනස්වුවක් වුවත් සත්‍ය හෙවත් යථාර්තය පෙර වූ මහා සුවඳය.
ඒ නිසා මා ඇත්ත ප්‍රකාශ කරමි.
ඉන් සුහදත්වයට කිසිදු බාධාවක් නොවේ යයි මම සිතමි.
එනම් මේ සිංහලයාගේ රටයි. සිංහල ගුණ සුවඳ රැඳී විශ්වයේ එකම වූ රත්නයයි. “මුතු ඇටය” කියා එදා හැඳින්වුයේ එබැවිනි.
සුහදත්වය මත සත්‍ය වසංගමුද නැතිනම් ලොවට සත්‍ය හෙලිකරමුද ?
ස්තුතියි !
(නම් , ගම මනකල්පිතයි.)