විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම…
මෙහිදී විනිසුරුවරයා විසින්,
1. වැරදි කායික ක්‍රියාවකින් තීරණය ලබාදීම
2. වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දිම
යන ආකාර 2 අදාලව සළකා බලා ඇත.
විනිසුරු වැරදි කායික ක්‍රියාවක් කර නඩුවේ තීරණය දීම
(උදා: නඩුවේ සටහන්, සාක්ෂි, ලේඛන සිය තනි අභිමතයට වෙනස් කිරීම, තනි අභිමතයට සහ හරස් ප්‍රශ්නවලට ලක්නොකර සාක්ෂි ඇතුළත් කිරීම, නඩුවේ පාර්ශවයක් වී තිබියදී සහ නඩුවේ තීරණය දීමට පාර්ශවයක් විරුද්ධ වී තිබියදී තීන්දුව ලබා දිම….)
සහ
විනිසුරු වැරදි නීතිමය ක්‍රියාවක් කර නඩුවේ තීරණය ලබා දීම
(උදා: සිද්ධිය, සාක්ෂි සහ නීතිය වැරදි ලෙස ගැලපීම, ඉදිරිපත් කරුණු මත වැරදි නීතිමය නිගමන වලට එළඹීම, වැදගත් කරුණු නොසලකා සිටීම, පක්ෂපාතීවීම, නිසි ක්‍රියාදාමය අනුගමනය නොකිරීම, දෙපාර්ශවයට සවන් නොදීම,….) වෙනස් තත්ත්වයන් ය.
පළමු ක්‍රියාවේදී විනිසුරු චේතනාවෙන් වරදක් කරන තත්ත්වයට පත්විය හැකි අතර, දෙවන ක්‍රියාවේදී විනිසුරු චේතනාවෙන් වරදක් කරන තත්ත්වයට පත් නොවේ.
මේ අවස්ථා දෙකම අභියාචනයේදී පෙන්වා දිය හැකි අතර අභියාචනා කිරීමේ නෛතික පටිපාටිය අනුගමනය කරමින් සහන ලබා ගත හැකිය.
එසේම පළමු ක්‍රියාව ඒ විනිසුරුගේ විනය සම්බන්ධ ක්රියාවලියකටද යටත් විය හැකි අතර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීතිමය ප්‍රතිපාදන ඇත.
http://neethiyalk.blogspot.com/2025/04/blog-post.html?m=1
විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම…විනිසුරු වැරදි කායික ක්‍රියාවකින් හෝ වැරදි නෛතික ක්‍රියාවකින් තීරණය ලබා දීමේ බලපෑම…neethiyalk.blogspot.com |
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394