.
Mother and Father of Rizana..
SUNDAY OBSERVER PLUS
Rizana’s life still hangs in the balance
By Ananda KANNANGARA
“We have no other option of saving our daughter Rizana’s life unless Allah shows mercy on her. I believe he will come to my daughter’s rescue even at the last moment”, Rizana Nafeek’s father Abdul Salam said. |
Born on February 4, 1988 in Muttur as the eldest daughter to a family of four girls, Thambi Lebbe Abdul Salam who does not have a permanent employment but engaged in cultivation. He also earns money by selling firewood.
Unlike other families in the area, they do not have expensive household items in their wattle and daub house, which is in a state of collapse.
Rizana arrived in Riyadh on May 5, 2005 to work as a housemaid at the residence of Naif Jiziyan Khalaf Al-Otaibi in Dawadami. The town is located 390 km west of the capital Riyadh.
She got the job in Saudi Arabia through an application, processed by a foreign job recruitment agency in Maradana, Colombo. The agency operates under the approval of the Sri Lanka Bureau of Foreign Employment.
In an interview with the Sunday Observer, Salam who was in a state of shock worried over the fate of his daughter said, that he never even imagined his daughter’s life would one day hang in the balance!
|
“She was good in her studies, but could not continue due to financial constraints. The situation at home worsened to such an extent, she had to abandon her education and find a job in a foreign country.
Her dream was to build a new house and help out her family members.
“But, sadly all her dreams are in shatters ending up in a jail Rizana’s passport declares her date of birth as February 2, 1982, while her birth certificate indicates her correct date of birth which is February 4, 1988.
Prior to her departure to Saudi Arabia she was told by the job agent that she will have to do normal household chores and no mention was made of the employers four-month old infant.
The incident was supposed to have happened when she was bottle-feeding the child, when the parents were out of sight. While feeding Rizana had realised that the child was unconscious and had tried to revivive him by rubbing his chest, neck and the face.
As there was no response she shouted for help.
However after a few minutes the baby had died. The lady promptly handed over Rizana to the Police, accusing her of strangling the baby.
During the past few days a large number of media personnel visited Sahadinagar, Muttur in the Eastern Province to talk to the grieving father Thambi Lebbe Abdul Salam.
According to latest reports from Saudi Arabia, Rizana’s death sentence has been endorsed by the Supreme Court in Riyadh. The death sentence was originally handed over by the Dawadami High Court, for the murder of the infant in 2005.
Rizana’s mother who was beside him in tears, thanked President Mahinda Rajapaksa for his quick response to their plea.
“We must thank President Rajapaksa for his appeal to His Majesty the King Abdullah bin Abdul Azeez of Saudi Arabia, seeking clemency for my daughter Rizana,” the weeping mother said.
“We were reluctantly compelled to send our daughter Rizana abroad to get over our miseries. We were subjected to terrorist attacks some years ago, but were also victims of the tsunami, she said”.
On her first appearance in court she was able to seek the help of an interpreter, assigned by the Sri Lankan Embassy in Riyadh. In her evidence she explained in her own language the circumstances under which the child died that fateful day.
Although the judges who heard the case put across to the father of the dead child to grant a pardon on Rizana considering the fact that she was an underaged female employee, the court’s request was turned down.
As a result, the court had no other option but to confirmed her the death sentence by beheading. The sentence was announced on June 16, 2007.
It was also reported that Rizana’s parents had travelled to Saudi Arabia to seek a pardon from the child’s parents, but they had refused to meet them.
Meanwhile, when contacted Chairman, SLBFE Kingsly Ranawaka said the Bureau had done their best to save her life, for the past several years.
“I hope President Mahinda Rajapaksa’s request for clemency from the King of Saudi Arabia would give the consolation not only to her family, but also to all the people in the country, he said.
ජීවිතය ගැන මොකක්වත් නොදත් රිසානා
රිසානාගේ පියාත් මවත් කැලේට ගොස් දර කැපූහ. කැලෙන් කපාගෙන එන දර මිටි විකුණා ලැබෙන මුදල කෙසේවත් ඔවුන්ගේ පවුල ජීවත් කරවීමට ප්‍රමාණවත් නොවීය. පවුලේ වැඩිමහල් දියණිය වන රිසානාට සහෝදර සහෝදරියන් සිව් දෙනෙකි. රිසානා ගමේ පාසලේ නව වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබ අනතුරුව පියා සමඟ දර කැපීමට කැලයට ගියාය. වරින් වර ඇසෙන වෙඩි හඬින් ඇය තිගැස්සුණාය. ඒ කාලයේ ත්‍රස්තවාදී තර්ජන පැවැති නිසා ඇය තමාටත් පියාටත් කැලේ දර කැපීමට යෑමෙන් වන අනතුර දැන සිටියාය. රිසානා දෙමවුපියන් තුරුළේ සිටිය යුතු අවදියේ සවුදි අරාබිය බලා යෑමට සිතුවාය. තම පියාට තනිවම පවුලේ බර ඉසිලිය නොහැකි බව ඇය හොඳින් දැන සිටියාය. යන්තම් අවුරුදු පහළොව ඉක්මවූ රිසානා මහමෙරට වඩා උසට තම අනාගතය ගැන බලාපොරොත්තු තැබුවාය. දිනෙන් දින උස් මහත් වන සහෝදර සහෝදරියන්ගේ හෙට දවස ලස්සන කිරීමට ඇය අදිටන් කරගත්තාය.
අගනුවර පිහිටි ඒජන්සියක් මඟින් කාන්තාවන් පිටරට යැවීම සඳහා සහාය වන තැරැව්කරුවකු වූ රිසානාගේ ඥාතියකු ඇගේ පිහිටට පැමිණියේය. ඔහු ඇගේ උප්පැන්න සහතිකය වෙනස් කොට වැඩි වයසක් යොදා ඒ අනුව ඇගේ ගමන් බලපත්‍රය ද සකස් කළේය. ඒ 1988 උපත ලද ඇගේ වයස 1982 ලෙස සටහන් කෙරිණි. පුංචි රිසානාගේ වයස අවුරුදු විසි එකක් ලෙස සටහන් විය. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක රිසානා වෙනුවෙන් ඔහු කොමිස් මුදලක් ද ඒජන්සි කරුවාගෙන් ලබා ගත්තේය. ඉන් අනතුරුව රිසානා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව සඳහා දින දහයක කාලයක් සහභාගි වූවාය. ඇය ළාබාල තැනැත්තියකැයි කිසිවකු සැක නොකළහ. ජීවිතේ කටුක බව ඇගේ මුහුණේ ලියැවී තිබිණි. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් හමුවේ ඇය සැබැවින්ම පළ කෙළේ වැඩිමල් පෙනුමකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලද පුහුණුවෙන් අනතුරුව ඇය සවුදි අරාබියාවට යන්නට සූදානම් වූවාය. කැලේට ගොස් දර කපා මිටි බැඳගෙන ඒම කෙතරම් දුෂ්කර වුවද සුරංගනා ලෝකයක් ලෙස මවා පෙන්වූ සවුදිය කෙතරම් සුන්දර දැයි ඇය සිතුවාය. ගුවන් තොටුපළින් නික්ම යද්දීත් කිසිවකු ඇය පිළිබඳ සැක පහළ නොකළහ. ඇයට ඒ සඳහා ඉවහල් වූ අනෙක් ප්‍රධාන සාධකය මුස්ලිම් කාන්තාවන් විසින් හිස පලඳන පර්දාවයි. 2005 මැයි 04 වැනිදා ඇය මෙරටින් පිටවූවාය. සැබෑවටම 1988 උපන් රිසානාට එවිට වයස අවුරුදු පහළොවයි මාස දෙකක් විය.
රිසානාගේ මව පියා බාල සොයුරියන් දෙදෙනා සහ වෛද්‍ය කිෆායා ඉස්තිකාර් සමග |
ඇය සිව් මස් බිලිඳකු මරා දැමි යැයි චෝදනා එල්ල කොට මරණ දඬුවම නියම කැරෙන්නේ ඉන් පසුවය. ඇය සිර දඬුවම් විඳින සවුදි අරාබියාවට ගිය රිසානාගේ කතාව ඇරැඹෙන්නේ එතැනින්ය. රජයේ සේවකයකු වන තායිෆ් ඔනයිබ් ගේ නිවෙසේ රිසානාට සේවය කිරීමට ලැබිණි. එම පවුලේ සාමාජික සංඛ්‍යාව දස දෙනෙක් යැයි ඇය පවසා ඇත. එහි සිටි එකම ගෘහ සේවිකාව රිසානාය. ඇයට අවදි වීමට සිදුවූයේ හිමිදිරි පාන්දර තුන වන විටය. මධ්‍යම රාත්‍රිය වන තෙක් ඇයට නින්දක් නොලැබිණි. සුරංගනා ලෝකයක් බවට ඒජන්සිකරුවන් මවා පෙන්නු සවුදි අරාබි ගෘහ සේවය ඇයට අති දුෂ්කර විය. මුතූර් හි සාෆිනගර්හි දර කැපීමට පියා සමඟ ගිය ද මෙතරම් මුදලක් ඔවුන්ට ලැබෙන්නේ නැත.
එහෙත් ඒ ජීවිතේ කෙතරම් සුන්දර දැයි වරක ඇයට සිතුණි. එයට හේතුව සුළු දෙයටත් ඇයට ස්වාමි දුවගේ ගුටිබැටවලට ලක්වීමට සිදුවීමයි. බඩගින්නේ සිටිය ද රිසානාගේ මව ඇයට තැලුවේ නැත. ඇයට සවුදියේ හාම්පුතුන්ගේ වැඩ නිමක් නැත. රෙදි සේදීම, ඉවුම් පිහුම්, නිවෙසේ පිරිසිදු කිරීම් සියල්ල ඇය තනිවම කළාය. ඒ අතර ස්වාමි දුවට දරුවකු ලැබිණි. ඉන් අනතුරුව දරුවා බලා හදා වඩා ගැනීමට සිදු වූයේ ද රිසානාටය. සිවුමස් දරුවකු බලා ගැනීමත් නිවසේ මෙහෙවර කිරීමත් ඇයට තනිවම කිරීමට නොහැකි විය. සවුදියට ගොස් දෙසතියකින් සිය මවුපියන්ට ලියු ලිපියේ ඒ අතිශය ඛේදනීය තත්ත්වය ඇය පැහැදිලි කොට ඇත.
රිසානාට දරුවන් රැක බලාගෙන පළපුරුද්දක් දැනුමක් නොවීය. සිව්මස් බිලිඳාට කිරි පොවමින් සිටියදී කිරි හිර වීමෙන් මියගොස් ඇතැයි ඇය චෝදනා ලැබ සිටියාය. ඒ 2007 ජුනි මාසයේදීය. තම දරුවා රිසානා විසින් මරා දැමුවා යැයි දරුවාගේ දෙමවුපියෝ චෝදනා කිරීමත් සමඟ එරට පොලිසිය මඟින් ඇය අත්අඩංගුවට පත්කර තිබේ. මිනීමැරිමේ චෝදනාව යටතේ රිසානා නෆික් සවුදි අරාබියාවේ පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව ඇයට විරුද්ධව නඩු විභාගය ආරම්භ කෙරිණි. වසර දෙකකට ආසන්න කාලයක් පුරා නඩුව විභාගයට ගැනිණි. එහි දී රිසානා වැරැදිකාරිය බවට පත් විය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට භාෂා පරිවර්තකයකුගේ සහායවත් නොලැබී ඇති බව ද පැවැසේ. මිනීමැරීමේ චෝදනාවෙන් ඇය වැරැදිකාරිය බවට පත් වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් සංවිධානයේ මැදිහත් වීමෙන් රිසානා ඇපෑලක් ඉදිරිපත් කළාය.
රිසානාගේ පියා දර පළමින් |
එරට ශ්‍රේෂ්ඨාධිකරණය වන අල් දමාම් ඉහළ අධිකරණයේදී 2008 ඇරැඹු නඩුව තෙවසරකට පසුව විභාග වීමෙන් අනතුරුව එහිදී ද ඇයට මරණ දඬුවම තහවුරු කෙරිණි. සවුදි අරාබියාවේ කම්කරු නීතියට අනුව නම් ගෘහස්ථ සේවයේ යෙදෙන ගෘහ සේවක සේවිකාවන්ට එරටට පැමිණීමෙන් පසු සේවයේ යෙදිය යුතු වන්නේ තම තමන් පුරුදු පුහුණු වූ තමන්ට පැවැරුණු රාජකාරිය පමණි. ගෘහ සේවය සඳහා එරටට යන අයට දරුවන් බලා ගැනීමට අවසරයක් නොමැති බව පැවැසේ. ඒ සඳහා සහතිකයක් ලබා තිබිය යුතුය. එහෙත් රිසානාට එරෙහිව නඩු තීන්දුව විභාග කෙරුණේ ඒ වන විට පැවැති එරට කම්කරු නීතියට අනුව නොව ‘ෂාරියා’ (ආගමික) නීතියට අනුවයි.
රිසානා නාෆික් වැනි කුඩා දැරිය අතින් යම් වරදක් වූවා නම් ඒ ඇගේ නොදැනුවත් කම නිසා නොවේ ද? මෙහෙකාරියක ලෙස සේවය කළ නිවසේදී රිසානාට විඳින්නට වූ අනේකවිධ දුක් ගැහැට ඇගේ වයසට කෙසේවත් ඔරොත්තු නොදෙන තරම්ය. ඇය වැනි දරුවන්ට එතෙර මෙතෙර වන අසාධාරණකම් පිළිබඳ වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමුවිය යුතුය. ඇය මෙරටින් පිටව ගියේ ඇයට සිහින මාලිගා තනන්නට නොව, ඇගේ මව්පියන්ගෙත් සහෝදර සහෝදරියන්ගෙත් බඩගිනි නිවීමටය. එය කෙතරම් අවිහිංසක පැතුමක් ද? සියලු මිනිසුන්ගේම අනුකම්පාව දයාව ඇය වෙත ලැබිය යුතුමය. රිසානාට කෙතරම් වධ හිංසා පමුණුවා ඇතිදැයි ඇගේ සිරුරේ ඇති පහරදීම් තුවාල කැළල් සාක්ෂි සපයන්නේය. එහෙත් අරාබියේ ‘ෂාරියා’ නීති පොතට එය අදාළ වූයේ නැත.
රිසානාට මරණ දඬුවම නියම වීමෙන් අනතුරුව ඇයට නිදහස ලබා දෙන ලෙස ජාති ආගම්, කුලමල භේදයකින් තොරව සියලු දරුවන් සම සේ රකින දැයේ දරුවන්ගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත උතුම් පිතු සෙනෙහසේ නාමයෙන් කරන ලද ඉල්ලීමට අනුව අබ්දුල්ලා බින් අබ්දුල්ලාඩීස් රිසානාගේ මරණ දඬුවම අත් හිටුවිය.
මරණ දඬුවම ලැබු කෙනෙක් වැඩි කාලයක් සිරගතකොට නොතබන බවත් මරණ දඬුවම ලැබී වැඩි කලක් සිරගත කොට ඇත්තේ රිසානා බවත් තොරතුරු හෙළි වී තිබේ. සවුදි අරාබියේ ජීවත්වන ශ්‍රී ලාංකීය වෛද්‍යවරියක වන කිිෆායා ඉස්තිකාර් විසින් රිසානා නිදහස් කර ගැනීමට ඇය සේවය කළ නිවෙසේ හාම්පුතුන් සමඟ සාකච්ඡා කර ඇති අතර ඇය බැලීමට නිතර යන බවත් සඳහන් වේ.
‘ෂාර්යා’ නීතියට අනුව රිසානාට සමාව දිය යුත්තේ මියගිය ළදරුවාගේ දෙමවුපියන් යැයි ද පැවැසේ. දෙමවුපියන්ගේ කැමැත්ත අනුව ‘ලේ වන්දි’ (ඕතධධඤ ර්ධදඥර) නමින් හඳුන්වන වන්දිය ගෙවා ඇය නිදහස් කැරගත හැකිය.
මරණ දඬුවම ලැබු බාල වයස්කාර රිසානාට එම දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ලංකා රජය මැදිහත් වීමෙනි.
රිසානා බේරා ගැනීමේ උත්සාහය ශ්‍රී ලංකා රජය නතර කළේ නැත.
ඇය බේරා ගැනීමට යළිත් උත්සාහයක යෙදෙන ලංකා රජය ඇය බේරාගෙන ඒමේ අරමුණින් පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සවුදි අරාබියාව බලා පිටත්ව ගියහ.
රිසානා එනතුරු මග බලාසිටින අම්මා |
අගහිඟකම්වලින් පිරි ඇගේ නිවෙසේ පියාගේ පවුල් බරට උර දෙන්න ගිය රිසානාට නිදහස ලැබේ යැයි සියල්ලන්ගේම විශ්වාසයයි. ඇයට සමාව දීම තරම් කරුණු කාරණා රැසක් ඇය වටා ගොනු වී තිබේ.
සවුදි සිරභාරයේ සිටින රිසානා යළිත් මෙරටට පැමිණේ යැයි ඇගේ මව වන සෙයියදු අහමදු ෆරිනා මග බලා සිටින්නීය. ඇය අල්ලා දෙවියන්ගෙන් යදින්නේ දරුවා යළිත් තමාට ලබා දෙන ලෙසය.
“අපිට කිසිම දෙයක් කාගෙන්වත් ඕන නැහැ. මම ඉල්ලන්නේ මගේ දරුවායි. දුප්පත්කම නිසයි අපි දරුවව යැව්වේ. අදටත් අපි ඉන්නේ කුඩා පැලක. වහිනකොට වතුරින් ගේ යට වෙනවා. හැමෝම අහනවා ගෙයක් හදලා ඕනද කියලා. අපිට කිසිම දෙයක් වැඩක් නැහැ අපිට ඕන අපේ දරුවා. මට මගේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට මගේ දරුවා දකින්න ලැබෙන එක. මගේ දුව තවම දන්නේ නැහැ එයාට මරණ දඬුවම ලැබිලා තිබුණ කියලවත්. එයා කාටවත් හිරිහැර කරන කෙනෙක් නෙමෙයි. මට විශ්වාසයි මගේ දරුවට නිදහස ලැබෙන බව. අපි හුඟාක් දුප්පත් මිනිස්සු ඒත් හැම අම්මා කෙනෙකුටම දැනෙන දරු දුක මටත් දැනෙනවා.
දරුවා අද එයි හෙට එයි කියලා අපි මග බලාගෙන හිටියා. දැන් එයා හිරේ ගිහින් අවුරුදු හයයි මාස තුනක් වෙනවා. මේ මුළු ලෝකයෙන්ම මම ඉල්ලනවා මගේ දරුවගේ ජීවිතය බේරලා මගේ ළඟට ගෙනත් දෙන්න කියලා. රිසානා සේවය කළ නිවෙසේ අයගේ අනුකම්පාව පහළ වෙලා මගේ දරුවට නිදහස ලැබෙන්න කියලයි. මෙවර මට විශ්වාසයි අනිවාර්යයෙන්ම මගේ දරුවා ගෙන එන බව“ ඇගේ මව පවසයි.
ඇයට දැන් හඬන්නට කඳුළු නැති තරම්ය. ඒ ඇයට එතරම් කඳුළු ප්‍රමාණයක් ඇගේ දෑසේ නැති හෙයිනි.
පසුගිය වසර හයක් පුරා සිරගෙයි ගත කළ රිසානා ඇයට සිපිරි ගෙයින් දෙන සුළු මුදල එකතු කළාය. ඒ ඇය සාෆිනගර්හි පිහිටි ඇගේ කුඩා පැලේ සිටිනා මවට තෑගි ගෙන යාමටය. රිසානාට මරණ දඬුවම ලැබ සිටි බව ඇය නොදන්නීය. රිසානාගේ මව තම දියණිය එනතුරු දෑස් අයා බලා සිටින්නීය. දස මසක් කුස දරා ලේ කිරට හරවා පෙවු ඇගේ මවගේ පැතුම මෙන්ම අනේකවිධ දුක් විඳ දූවරුන් හැදු වැඩූ සියලු මවුව්වරුන්ගේ පියවරුන්ගේ අද දවසේ පැතුමයි.
සුභද්‍රා දේශපි‍්‍රය
ඡායාරූප-ත්‍රිකුණාමල විශේෂ
“මේ වතාවේ නම් දුව ගෙදර එනවාමයි”
රිසානාගේ මව කියයි
සුභද්‍රා දේශප්‍රිය
”මේ වතාවේ නම් මගේ දුව ගෙදර එනවාමයි. ඒ ගැන කිසි සැකයක් නැහැ.” සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී සිටින රිසානා නාෆික්ගේ මව, අහමදා ෆරීනා සිළුමිණට පැවසුවාය.
”රිසානා අපට දුරකථනයෙන් කතා කළා. සිර භාරයේ සිටියත් කිසිදු කරදරයක් නැති බවත් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට එන බවත් රිසානා කීවා” යැයි ද ෆරිනා මහත්මිය සඳහන් කළාය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ වන විටත් සෞදි අරාබියට ගොස් ඇති අතර එහිදී රිසානා නිදහස් කරගැනීමට එතුමාට හැකි වේ යැයි ද ඇය විශ්වාසය පළ කළාය.
සෞදි අරාබියේ සේවය කරන වෛද්‍යවරියක වන කිෆායා ඉස්තිකාර් මහත්මිය තම දියණියගේ සැපදුක් සොයා බැලීමට නිතර ඇය සිටින සිර ගෙදරට යන අතර රිසානාට දුරකථනයෙන් ඇමැතීමට හෝ තමන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ඇයට ස්තුතිවන්ත වන බවත් ෆරිනා මහත්මිය පවසයි.
මෙවර රාමලාන් උත්සවය අවසන් වීමත් සමඟ ඇය නැවත ශ්‍රී ලංකාවට එන බවත් මෙරට සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව සහයෝගය ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
බලවේග ප්‍රශ්නය :අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ඉල්ලීම නිසාත් රිසානා දැරිවියගේ පෙරපින් නිසාත් තම ජීවිතය ගලවා ගත හැකිව තිබේ.. එය අප සතුතට හේතුවන කාරණයකි…නමුත් සෞදියේදී කටුක මාරාන්තික අත් දැකීම් තාමත් ලබන, ලබපු ,අහිංසක ගෘහ කාන්තාවන්ගේ ජිවිත ගැන හඬා වැලපෙන්නේ කවුරුන් විසින්ද ?
ඇණ ගැසීම
පිච්චීම
වද දීම