Spread the News


ජීවිතය “ලස්‌සන” කරගැනීමට නව ගිවිසුමේ
“ශුභාරංචි” ග්‍රන්ථවලින් කදිම අත්වැලක්‌!

source:
කිතු දහමේ සංස්‌කෘතවරයාණන් වන ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ සමි¹ණන්ගේ ජීවිතය ද ඉගැන්වීම් ද ලියෑවී ඇත්තේ ශුද්ධවූ බයිබලයේ නව ගිවිසුමෙහිය. උන්වහන්සේ ලෝකයේ විමුක්‌ති දායකයාණන් බව හඳුන්වා දීම එහි මූලික අරමුණ වෙයි. නව ගිවිසුමේ මුලින්ම ඇතුළත් වන්නේ ලේඛකයන් සතර දෙනෙකුන් විසින් ලියන ලද ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත, මෙහෙය, ඉගැන්වීම්, මරණය හා පුනරුප්ජීවනය යන කරුණු ආශ්‍රය කරගනු ලැබූ කතා වස්‌තු සතරකි. මේ සතරම ක්‍රිස්‌තුන්වහන්සේ පිළිබඳ සුබ මංගල පුවත විස්‌තර කොට ඇති හෙයින්, “සුබ අස්‌න” යන නම ඒ හතරටම දී ඇත. නව ගිවිසුමේ මූලටම ඇත්තේ මෙකී අග්‍රගණ්‍ය ග්‍රන්ථ සතරය. මේ ග්‍රන්ථ සතරෙහි ලේඛකයන් වන්නේ ශු. මතෙව්, ශු. මාක්‌, ශු. ලූක්‌ සහ ශු. ජොහාන් ය, මෙම ග්‍රන්ථ සතරේ සඳහන් බොහෝ දේ කිතුනුවන්ට පමණක්‌ නොව, ආගම් භේදයකින් තොරව ජීවිත ලස්‌සන කර ගැනීමට කාටත් පොදුවේ ගත හැකි උපදේශයන් ය.

නව ගිවිසුමේ එන මුල්ම ග්‍රන්ථය ශුද්ධවූ මතෙව් සුබ අස්‌නයි. එහි මහා මංගල දේශනය ඉතා අනර්ඝය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුහු සැනසීම ලබන්නෝය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍ය වන්තයෝ ඔවුහු දේශය උරුම කරගත්තෝය. යුක්‌තියට සා පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔවුහු දයාව ලබන්නෝය”. (ශු. මතේව් 5(4-7)

මෙකී ධර්මතාවයන් පොදුය. නිහතමානී ගුණය, යුක්‌තියට සාපිසා වීම, දයාවන්ත වීම යන උතුම් ගුණාංග ඇත්තන් හඳුන්වා ඇත්තේ භාග්‍යවන්තයන් හැටියටය.

මෙම ග්‍රන්ථයේම ඡේසුස්‌ වහන්සේගේ විවිධ ඉගැන්වීම් කීපයක්‌ මෙහිලා දක්‌වමි. “ඔබ පොලොවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස තවත්තේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. (ශු. මතෙව් – 5(12-13)

“මිනී නොමරන්නá මිනී මරණ කවරකු වුවද විනිශ්චයට යටත් වනු ඇත. එහෙත් මම ඔබට කියමි තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇතá ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු නරාගින්නට ගොදුරු වනු ඇත. (ශු. මතෙව් 5(21-22)

“කාම මිච්‍යාචාරය නොකරන්නැයි කී බව ඔම අසා ඇත. එහෙත් මම ඔබට කියමි. යමෙකු ස්‌ත්‍රියකු දෙස කාම රාගයෙන් බැලූ කෙණහිම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත”. (ශු. මතෙව් 5(27-28)

අනුන් වින්ශ්චය කිරීම අද සමාජයේ දක්‌නට ලැබෙන දෙයකි. ඒ ගැන මෙසේ කියෑවෙයි.

“අනුන් විනිශ්චය නොකරන්න. එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න. එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේá සමාව දෙන්න. එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න. එවිට ඔබටත් දෙනු ලැබේ.” (ශු. ලූක්‌ 6(38)

ඡේසුස්‌ වහන්සේ කුඩා වූවත් නොමඟට හැරවීම ගැන කරන ලද ප්‍රකාශය අදට ඉතා මැනවින් ගැලපේ.

“මේ කුඩා වූවන්ගෙන් කෙනෙකුගේ වැටීමට යමෙකු හේතු වේද ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක්‌ එල්ලා මුහුදේ හෙලනු ලැබීම ඔහුට ඊට වඩා යහපති”. (ශු. ලූක්‌ 17(2)

ඡේසුස්‌ වහන්සේ වදාළ ධර්මතා කීපයක්‌ මෙසේය.

“ඔබ ආඥ දන්නෙහිය. මිනී නොමරන්නá කාමමිථ්‍යාචාරය නොකරන්නá සොරකම් නොකරන්නá නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න. (ශු. ලූක්‌ 10(19-20)

“රන් අණ” යනුවෙන් ශු. බයිබලයේ සඳහන් ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ විසින් වදාල එක්‌ වගන්තියක්‌ වෙයි. “අනුන් ඔබට යමක්‌ කරනවාට කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න ව්‍යවස්‌ථාවලියෙහි දිවැසාවලියේ හරය එය වේ”. (ශු. මතෙව් 7(12)

මේ ඉතා කෙටි වගන්තිය කොතරම් ගැඹුරු දහමක්‌ අපට කියා පාන්නේ මෙයද? අනුන් අපට කරනවාට කැමැති දේ අප අනුන්ටත් කළ යුතුයි එයින් කියෑවෙයි. සැබැවින්ම මෙය සරළ වගන්තියක්‌ ලෙස බාහිරව පෙනී ගියද මෙය ඉටු කිරීම කොයිතරම් අසීරුද?” “රන් අණ” යනුවෙන් මෙය හඳුන්වා අත්තේ ඒ නිසාම විය යුතුය. තවත් අනඟි කියමනක්‌ එහි ම වෙයි.

“පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළල්ය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. එහෙත් ජීවනය ම යන දොරටුව පටුය. පාරද අවහිරය එය සොයාගන්නෝ ස්‌වල්ප දෙනෙක්‌ පමණකි. (ශු. මතෙව් 7(13-14)

විනාශයට යන විශාල දොරටුවෙන් ඇතුල් වන මහා සෙනඟ ගැන අද දිනපතා ජනමාධ්‍ය මගින් අපට පෙන්වා දෙයි. ඒ තත්ත්වය එන්ට එන්ටම වැඩිවීම කනස්‌සල්ලට කරුණකි.

මෙහිලා ඉදිරිපත් කරන ලද්දේ ශු බයිබලයේ නව ගිවිසුමේ සුභාරංචි වලින් උපුටා ගත් කොටස්‌ කීපයකි. කුමන දහමක්‌ ඇදහුවද සිය ජීවිතය “ලස්‌සන” කර ගැනීමට ඒවා වැදගත් බව අපේ අදහසයි. ශු. බයිබලය සැබැවින්ම විශ්ව කාලීන ග්‍රන්ථය කි. එදා. අද හා හෙට යන කාල ත්‍රිත්වයටම එය අයත්ය.

සී. ආර්. ඩික්‌සන් ඇන්ටනි
ජාතික කතෝලික ලේඛක හවුල

Evangelist drowns trying to walk on water
Friday, 22 September 2006
source: WorldNetDaily, August 30, 2006

An evangelist who tried replicating Jesus’ miracle of walking on water has reportedly drowned off the western coast of Africa.Pastor Franck Kabele, 35, told his congregation he could repeat the biblical miracle, and he attempted it from a beach in Gabon’s capital of Libreville.”He told churchgoers he’d had a revelation that if he had enough faith, he could walk on water like Jesus,” an eyewitness told the Glasgow Daily Record.

“He took his congregation to the beach saying he would walk across the Komo estuary, which takes 20 minutes by boat. He walked into the water, which soon passed over his head and he never came back.”

The New Testament records the story of Jesus walking on the Sea of Galilee as he approached his disciples in a boat.

“And in the fourth watch of the night Jesus went unto them, walking on the sea.” (Matthew 14:25)

බලවේගය ප්‍රශ්නය?:දෙපැත් තෙන් ඇහෙන කතා කට්ටියක් අලුත් තෙස්සමෙන්තුවට තම ජිවිතයෙන් ඇප තබයි කට්ටියක් උදම් අනයි ! අපි සිංහල කෝක පිලිගනිමුද ?