Fri. Nov 22nd, 2024
Spread the News

වම්ඉවුර…..
නෝර්වේ රාජ්‍යයට සාමය තිත්ත වේ source:

සී. ඒ. චන්ද්‍රප්‍රේම

නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් කළ මැදිහත්වීම පිළිබඳ විග්‍රහයක යෙදෙන නෝර්වීජියානු ආණ්‌ඩුවේ වාර්තාවක්‌ අප අතට පත්වී ඇත. නෝර්වේ රාජ්‍යය විසින් ලෝකය පුරාම කරන සාම මැදිහත්වීම් පිළිබඳ මුල්වරට අභ්‍යන්තර විමර්ශනයක්‌ ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි. පස්‌දෙනකුගෙන් සමන්විත කමිටුවක්‌ විසින් සම්පාදනය කරන ලද මෙම වාර්තාව අරමුණු කීපයක්‌ පෙරදැරි කරගෙන සකසන ලදී. ලංකාවේ සාම ක්‍රියාදාමයට මැදිහත්වීමෙන් ඉගෙනගත යුතු පාඩම් සමාලෝචනය කිරීම ඉන් පළමුවැන්නයි. 1997 – 2009 අතර නෝර්වේ රාජ්‍යය විසින් ලංකාවේ සාමය ඇති කිරීම සඳහා ගන්නා ලද උත්සාහයන් සමාලෝචනය කිරීමයි. තීරණාත්මක අවස්‌ථාවලදී නෝර්වේ රාජ්‍යය විසින් ගන්නා ලද තීරණවල සුදුසු හෝ නුසුදුසු බව තක්‌සේරු කිරීම, ලංකාවේ ප්‍රශ්නය පරිනාමය වූ හැටි ගැන නෝර්වීජියානු අවබෝධය සමාලෝචනය කිරීම හා අනාගත සාම ක්‍රියාදාමයන් සඳහා සුදුසු යෝජනා ලබාදීම මෙකී විමර්ශනයේ සෙසු අරමුණු විය.

විමර්ශන කණ්‌ඩායම ශ්‍රී ලාංකික සාම ක්‍රියාදාමයට හවුල් වී සිටි නෝර්වීජියානු ජාතිකයන් සමග කතා කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන් අවංක උත්සාහයක්‌ දැරූ බවත් සාම ක්‍රියාදාමය අයත්ව තිබුණේ ලංකා ආණ්‌ඩුවට හා කොටි සංවිධානයට බැවින් එහි සාර්ථක හෝ අසාර්ථක භාවයට වගකිවයුත්තේ අදාළ පාර්ශ්ව දෙක බවත්ය. සාම ක්‍රියාදාමයේ නියෑලී සිටි නෝර්වීජියානු ජාතිකයන් හැර එම රටේම වෙනත් අයට විමර්ශන කණ්‌ඩායම කතා කළ විට ඔවුන් නෝර්වීජියානු සාම ක්‍රියාකාරීන් දුටුවේ දකුණු ආසියානු දේශපාලනය ගැන අවබෝධයක්‌ නැති ඉතාමත්ම ලාමක සර්ව සුබවාදීන් හැටියට බවත් ඔවුන්ට පැහැදිලි විය. සිංහල පාර්ශ්වයට කතා කරන විට ඔවුන් කියා සිටියේ නෝර්වේ රාජ්‍යය ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවත් ඔවුන් කොටි සංවිධානයට විශේෂ හිතවත්කමක්‌ දක්‌වන බවත්ය. මුස්‌ලිම් පාර්ශ්වය ද කියා සිටියේ නෝර්වීජියානුවන් හුදෙක්‌ම කොටි සංවිධානය සතුටු කිරීමට වෙහෙසුණු බවයි. කොටි හිතවාදීන් පමණක්‌, නෝර්වේ රාජ්‍යය විසින් ගත් උත්සාහයන් පිළිබඳව ස්‌තුතිය පළකොට තිබිණි. මේ අනුව පැහැදිලිව පෙනෙන්නට තිබුණේ නෝර්වීජියානු මැදිහත්වීම ගැන සිංහල පාර්ශ්වයත්, මුස්‌ලිම් පාර්ශ්වයත් නොසතුටින් සිටි බවත් ඒ
ගැන සතුටු වූයේ කොටි හිතවාදීන්ම පමණක්‌ බවයි.

මෙකී විමර්ශන කණ්‌ඩායමේ අවධානයට යොමු වූ තවත් කාරණයක්‌ වූයේ ශ්‍රී ලංකාවේ ආචාර්ය ජයදේව උයන්ගොඩ ඇතුළු පර්යේෂකයින් පිරිසක්‌ නෝර්වීජියානු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වූ ජාත්‍යන්තරකරණයට ලක්‌ වූ හා අසාර්ථක සාම ක්‍රියාදාමය නිසා මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට බලයට ඒ
මට පාර කැපුනු බවත් එයින් යුද්ධය කුරිරු ලෙස අවසන්වීමට හා බලය බෙදීමේ මතවාදය යටපත්වීමට පාර කැපුනු බවට කර තිබූ ප්‍රකාශයයි. ඔවුන් එතනින් අදහස්‌ කළේ මහත් සේ ජාත්‍යන්තරකරණයට ලක්‌ව තිබුණු සාම ක්‍රියාදාමයේ අසාර්ථකභාවය තුළින්ම මහින්ද රාජපක්‍ෂට නැගඒ
මට පාර කැපුනු බවත් එයින්ම කොටි සංවිධානයේ අවසානයත් බලය බෙදීමේ අවසානයත් තහවුරු වූ බවයි. එවැනි දෘෂ්ටියකින් අප මේ කාරණය දෙස බලනවා නම් යුද්ධය අවසන් කර දුන්නාට අප කාටත් පින් දීමට සිදුවන්නේ නෝර්වේ රාජ්‍යයටය. ඒ
ඔවුන් ලංකාවේ මිනිසුන්ට සාමය තිත්තකොට යුද්ධය හැරුණු විට වෙන කිසිදු මඟක්‌ නැති බව පෙන්වීමෙනි.

විමර්ශන කණ්‌ඩායමේ අවධානයට යොමු වූ වැදගත් කාරණයක්‌ වූයේ සාම ක්‍රියාදාමයේ සාර්ථකභාවය මැනීමට ගන්නා මිනුම් දණ්‌ඩ කුමක්‌ද යන්නයි. ඔවුන්ගේ අදහස වූයේ සාම ක්‍රියාදාමයක මැදිහත්කරුවකු වීමේ වටිනාකම හැමවිටම ප්‍රශ්නය නිරාකරණය වූවාද නැත්ද යන්න මතම පමණක්‌ තීන්දු කළ නොහැකි බවයි. ප්‍රශ්නය නිරාකරණය නොවූවත් එයින් වෙනත් දේවල් ලැබුණා විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඒ
සිවිල් වැසියන්ගේ සුරක්‍ෂිත භාවය හා ජීවන තත්ත්වය වැඩි දියුණුවීම, පීඩනයට පත්වී ඇති ජනතාවට යම් සහනයක්‌ ලබාදීම වැනි දෑ ද සාර්ථක භාවයට අදාළ වන බවයි.

ලංකාවේ සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයට එරෙහිව එල්ල වන ලද විවේචනවලින් වැඩි ප්‍රමාණය අදාළ වූයේ ඔවුන් තම ක්‍රියාදාමයේ මැදිහත්කරුවකු හැටියට ගෙන යන ලද භූමිකාව නිසා නොව ලංකාවේ සටන් විරාම ගිවිසුම අධීක්‍ෂණය කිරීමට බිහි කරන ලද ශ්‍රී ලංකා අධීක්‍ෂණ කණ්‌ඩායම තුළ එනම් ශ්‍රී ලංකා මොනිටරිං විෂන් තුළ ඔවුන් ගෙන යන ලද භූමිකාව නිසාය. මැදහත්කරුවකුගේ භූමිකාව ඔවුන් ඉටු කරන ලද්දේ ඉඳහිටය. නමුත් සටන් විරාම ගිවිසුම අධීක්‍ෂණය කිරීම බිම් මට්‌ටමින් දිනපතාම සිදුවූ දෙයකි. නෝර්වේ රාජ්‍යයට වැඩි වශයෙන්ම විවේචන එල්ල වූයේ ද එකී භූමිකාව තුළය.

නෝර්වේ රාජ්‍යය ලංකාවේ සටන් විරාම අධීක්‍ෂණ කටයුතු සඳහා මැදිහත් වූ ආකාරය ගැන ඉතාමත්ම කර්කශ විවේචනයක්‌ කළ අයෙක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ විමර්ශකයකු වූ පිලිප් ඇල්ස්‌ටන් මහතාය. ඔහු 2005 නොවැම්බර් 28 හා දෙසැම්බර් 6 අතර ලංකාවේ කළ සංචාරයකින් පසු ඒ
ගමන පිළිබඳ වාර්තාව ලියුවේ නෝර්වේ රාජ්‍යය ගැන මහත් කලකිරීමකිනි. ඔහුගේ විවේචන පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.

1. නෝර්වේ නායකත්වය යටතේ පැවැති සටන් විරාම අධීක්‍ෂණ කණ්‌ඩායම කොටි සංවිධානය විසින් කරන සටන් විරාම කඩකිරීම් විමර්ශනය නොකිරීම. ඔවුන් ඇල්ස්‌ටන් මහතාට කියා තිබුණේ තමන්ට “පොලිස්‌ රාජකාරි” කළ නොහැකි බවයි. ඔවුන් කරන්නේ සටන් විරාම කඩකිරීමක්‌ ගැන තිබෙන පැමිණිල්ලක්‌ අනෙක්‌ පාර්ශ්වය වෙත යොමු කර, ලැබෙන පිළිතුර අනුව සටන් විරාම කඩකිරීමක්‌ සිදුවී ඇත්දැයි බැලීම පමණි.

2. සටන් විරාම කඩකිරීම් ගණන පිළිබඳ වාර්තා ඔවුන් පළ කළ ද, එම කඩකිරීම් ගැන සවිස්‌තර වාර්තා පළ කිරීමෙන් වැළකී සිටීම.

3. නෝර්වේ රාජ්‍යය සාම සාකච්ඡාවල මැදිහත්කරු වනවා පමණක්‌ නොව, සටන් විරාම ගිවිසුම අධීක්‍ෂණය කිරීම ද කරන නිසා, සාම සාකච්ඡාවලට කොටි සංවිධානය එන්නේ නැතිවේය යන බියෙන් සටන් විරාම කඩ කිරීම් නිසි ආකාරව විමර්ශනය කිරීමෙන් ඔවුන් වැළකී සිටි බව.

ඇල්ස්‌ටන් මහතා කළ විෙච්නයෙන් පැහැදිලි වූ කාරණය වූයේ නෝර්වේ රාජ්‍යය කොටි සංවිධානය සාම ක්‍රියාදාමය තුළ තියා ගැනීමට ඇති වුවමනාව නිසා ඔවුන් කරන සටන් විරාම ගිවිසුම් කඩකිරීම් ගැන විමර්ශනය නොකරන බවත්, ඒ
වා පිළිබඳ විස්‌තර පළ නොකරන බවත්ය. සටන් විරාම ගිවිසුමක්‌ එවැනි මානසිකත්වයකින් අධීක්‍ෂණය කළ නොහැකි බව ඇල්ස්‌ටන් මහතාගේ අදහස විය.

නෝර්වේ රාජ්‍යයේ භූමිකාව විමර්ශනය කිරීමට පත් කරන ලද අදාළ විමර්ශන කමිටුව විසින් යම් යම් කාරණා ස්‌වයං විවේචනාත්මකව පිළිගෙන ඇත. සටන් විරාම ගිවිසුමෙන් සිදුවූයේ සාමයක්‌ ඇති කිරීම නොව, සටන වෙනත් ස්‌වරූපයකින් කරගෙන යැම බව ඔවුන් පිළිගෙන ඇත. එයින් කොටි සංවිධානයට තම වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ ව්‍යාපෘතිය කරගෙන යැමට රුකුලක්‌ වූ බවත්, කොටි සංවිධානයේ සාමාජිකයන්ට නිදහසේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැරිසැරීමට එයින් අවකාශයක්‌ ලැබුණු බවත්, සටන් විරාම ගිවිසුමට පාර්ශ්වකරුවෙක්‌ හැටියට අත්සන් කිරීමෙන් ඔවුන්ට යම් පිළිගැනීමක්‌ ලැබුණ බවත්, පොදු කටයුතුවලදී ජාතික කොඩිය හා කොටි ධජය යන දෙකම ඔසවන තත්ත්වයක්‌ නිර්මාණය වූ බවත් විමර්ශකයෝ පිළිගෙන ඇත.

සටන් විරාම ගිවිසුම නිසියාකාරව අධීක්‍ෂණය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් නිරීක්‍ෂකයෝ නිදහසට කාරණා කිහිපයක්‌ ගෙනහැර දක්‌වා ඇත. ඉන් පළමුවැන්න, මුළු නිරීක්‍ෂණ කණ්‌ඩායමේම සිටි උපරිම නිලධාරීන් ගණන හැටකට සීමා වූ නිසා කඩකිරීම් විමර්ශනය කිරීමට ඔවුන්ට අවශ්‍ය පිරිස්‌ බලය නොතිබුණු බවයි. ඔවුන්ට පිරිස්‌ බලය වැඩි කිරීමට නොහැකි වූයේ ද සටන් විරාම ගිවිසුමේ පාර්ශ්වකරුවන් හා ඉන්දියාව ද එවැනි වැඩි කිරීමකට එරෙහි වූ නිසා යෑයි කියයි. නමුත් ඉන්දියාව එයට එරෙහි වූවා යෑයි කියන කතාව අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැක. ඉන්දියාව සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් සිටියේ ප්‍රේක්‍ෂකයකු හැටියට පමණි. ඔවුන් එයට කිසිදු මැදිහත්වීමක්‌ නොකළේය. ඉන්දියාව විරුද්ධ වූ නිසා නිරීක්‍ෂකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට නොහැකි වූවා යෑයි ඔවුන් කියන්නේ වගකීම අනුන් මත පැටවීමේ ෙච්තනාවෙන් මිස සද්භාවයෙන් නොවන බව අපට පැහැදිලිය. ඉන්දියාව එවැනි දෙයකට විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියත් ඇමරිකාව ඇතුළු සියලුම බටහිර රටවල් එකතුවී ඔවුන්ට කරුණු පහදාදීමට හැකියාව තිබිණි. නමුත් එවැනි සංවාදයක්‌ කිසිදාක හටගත් බවට අප වෙත කිසිදු වාර්තාවක්‌ සැලවී නැත.

නිරීක්‍ෂකයන්ගේ ගණන වැඩි කිරීමට ලංකා ආණ්‌ඩුව ද විරුද්ධ වන්නේ නැත. ඇත්තවශයෙන්ම ආණ්‌ඩුවට තිබුණු ප්‍රශ්නය වූයේ මේ නිරීක්‍ෂණ රාජකාරිය හරිහැටි සිදු නොවීමේ කාරණයයි. නිරීක්‍ෂකයන්ගේ ගණන වැඩි කිරීම අවාසියට හිටින්නේ කොටි සංවිධානයට පමණි. ඒ
මන්ද යත් විමර්ශන කණ්‌ඩායමේ තක්‌සේරුව අනුවම සටන් විරාම කඩ කිරීම්වලින් 92% කටම වගකිවයුතුව තිබුණේ කොටි සංවිධානය නිසා බැවිනි. මෙයින් ද නැවතත් තහවුරු වන්නේ නෝර්වීජියානු මැදිහත්වීම කොටි සංවිධානයේ වුවමනාවන්ට බලපා තිබුණු ආකාරයයි.

නෝර්වීජියානු රජය විසින් පත් කරන ලද විමර්ශන කණ්‌ඩායම සටන් විරාම ගිවිසුම නිරීක්‍ෂණය කිරීමට යොදා තිබුණු පුද්ගලයන්ගේ විවිධ අඩුපාඩුකම් ද දුටුවේය. ඔවුන්ට ලංකාව පිළිබඳව තිබුණේ ඉතාමත්ම අල්ප වැටහීමක්‌ බව ඔවුන් පවසයි. තවද මෙවැනි සියුම් දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික කර්තව්‍යයන් ඉටු කිරීමට අවශ්‍ය හැකියාවන් ද වෘත්තීය පුහුණුව ද ඔවුන්ට නොතිබිණි. එක්‌ අවස්‌ථාවක නාවුක හමුදාවේ යාත්‍රාවක නැඟී ආයුධ ගෙනඑන කොටි නැව් සෙවීමේ නියෑලී සිටි එක්‌ නිලධාරියෙක්‌ කොටින්ට දුරකථනයෙන් කතාකොට ඔවුන්ගේ නැව් මේ ළඟපාතක තිබෙනවා දැයි ඇසීම වැනි මෝඩ ක්‍රියා නෝර්වීජියානු නායකත්වය යටතේ පැවැති සටන් විරාම නිරීක්‍ෂකයන්ගේ අතින් සිදුවූයේ ද වෘත්තීය දැනුම තබා ව්‍යවහාර ඥනය වත් ඔවුන්ට නොතිබුණු නිසා යෑයි විමර්ශකයන් පිළිගෙන ඇත. නෝර්වීජියානු රජය ලංකාවේ කළ මැදිහත්වීමෙන් ඉගෙනගත යුතු පාඩම් අතර විමර්ශක කණ්‌ඩායම පහත දැක්‌වෙන කාරණා ගෙනහැර දක්‌වා ඇත.

ෆ රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට බාහිර උදවිය මැදිහත්වීමෙන් පාර්ශ්වකරුවන්ගේ අදහස්‌ වෙනස්‌ කළ නොහැකි බවයි.

ෆ නෝර්වේ රාජ්‍යයේ හිටපු අගමැතිවරයකු වන ටී. ජැග්ලන්ඩ් මහතා පෙන්වාදී ඇති පරිදි නෝර්වේ රාජ්‍යය ලෝකය පුරා මෙතෙක්‌ මැදිහත්වූ සියලුම සාම ක්‍රියාදාමයන් කඩාකප්පල් වූ බවයි.

ෆ ලංකාවේ සිදුවුණු දෙයින් පැහැදිලි වන්නේ ලෝකයේ බල තුලනය වෙනස්‌ වී ඇති බවත් බටහිර රටවලට අමතරව ලෝකය තුළ දැන් වෙනත් බලකේන්ද්‍ර නිර්මාණය වී ඇති බවත් මේ නව තත්ත්වයන් තුළ නෝර්වේ රාජ්‍යය විශ්වාස කරන ආකාරයේ සාම මැදිහත්වීම්වල වලංගුතාවය ප්‍රශ්න සහගත වන බවත්ය.

නෝර්වේ රාජ්‍යයේ ආණ්‌ඩුව විසින්ම විදේශීය රටවල සාම ක්‍රියාදාමයන්ට මැදිහත්වෙමින් එම රට ගෙන ගිය ක්‍රියාකලාපය විමර්ශනය කිරීමට පත් කරන ලද විමර්ශන කණ්‌ඩායමේ නිගමනයන් අනුව බලනවිට ඉදිරියේදී නෝර්වේ රාජ්‍යය මෙවැනි සාම මැදිහත්වීම් නොකර සිටීමට ඉඩ ඇතිය යන්න ගම්‍ය වේ.

Protected by Security by CleanTalk