Spread the News

අද ජිනීවා සමුළුව තීරණාත්මකයි

ජිනීවා ඇමරිකානු තානාපති කාර්යාලයෙන් බලපෑම්

source:

රුසියාව, චීනය, පකිස්‌තානය ඇතුළු රටවල් රැසක සහාය අපට

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට

රටවල් 47 ක්‌ සහභාගි වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අද (27 දා) පෙරවරු 10.00 ට ජිනීවා හිදී ආරම්භ වෙයි. මෙවර සමුළුවේදී ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කරනු ලැබේ.

මේ යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට පෙර ජිනීවාහි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් සියලුම විදේශ තානාපතිවරුන් වෙත බෙදා හැර තිබේ. මෙය මුළුමනින්ම එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව සිදුකළ ක්‍රියාමාර්ගයක්‌ වන අතර ශ්‍රී ලංකා රජය ඊට දැඩි ලෙස විරෝධය පා ඇත.

එකී යෝජනාව සම්බන්ධව ඇමරිකානු බලධාරීන් ජිනීවා හි යුරෝපා සංගම් තානාපතිවරු වෙත දැඩි බලපෑම් එල්ල කරමින් වෙනත් රටවල් වෙතද තානාපතිවරුන්ගෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දෙන්නැයි ඉල්ලා තිබේ.

මේ අතර ජිනීවා හි ඇමරිකානු තානාපතිනි අයිරීන් මොනතෝගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජිනීවාහි පකිස්‌තාන් තානාපතිවරයා දැඩි විරෝධය පා ඇත.

ඇමරිකානු රජය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති මෙකී යෝජනාවෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම හා බලය විමධ්‍යගත කිරීම යන කරුණු ඉටුකිරීම සඳහා බලපෑම් කර තිබේ.

මේ අතර රුද්‍රකුමාරන්ගේ ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ කණ්‌ඩායමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරින් සමගද රහස්‌ සාකච්ඡාවන් පවත්වා ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙම මානව හිමිකම් සමුළුව වෙත කොටි ජිනීවාහි මාරි කොල්වින් නමැත්තිය ගෙන ඒම සඳහා යුරෝපා කොටි ජාලය දියත් කළ සැලැස්‌ම ව්‍යර්ථ වූයේ ඇය සිරියාවේදී මියයැම නිසාය.

ඇගේ අභාවය ගැන යුරෝපා කොටි කණ්‌ඩායම ශෝක ප්‍රකාශයක්‌ නිකුත් කර ඇත.

එම ශෝක ප්‍රකාශයෙන් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට සැලසුම් වී තිබූ වැදගත්ම සාක්‌ෂි අහිමිවූ බවද කොටි ජාලය පවසයි.

මේ අතර ව්‍යාජ ඊළාම් ආණ්‌ඩුවේ එකොලොස්‌ දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ඊයේ (26දා) ජිනීවා වෙත පැමිණ ඇත.

මෙවර මානව හිමිකම් සමුළුවේදී මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස්‌ දේවානන්දා, රිෂාද් බදුර්දීන්, රවුµa හකීම් යන අමාත්‍යවරු කරුණු ඉදිරිපත් කරති.

මෙයට අමතරව යාපනය නගරාධිපති සන්ගුණරාජ, අරුන් තම්බිමුත්තු ඇතුළු කණ්‌ඩායමක්‌ කොටි ආධාරකරුවන්ට නිසි ප්‍රතිචාර දැක්‌වීමට ජිනීවා වෙත පැමිණ ඇත.

අද ආරම්භ වන්නේ ඩේවිඩ් යන ගොලායන් සටනට සමාන සටහන් යෑයි ජිනීවාහි යුරෝපා තානාපතිවරයකු පැවැසීය.

මේ අතර ජිනීවා ඇමරිකානු තානාපති කාර්යාලයේ දැඩි බලපෑම් ගැන අමාත්‍ය ජී.එල්. පීරිස්‌ මහතා විරෝධය දක්‌වා ඇත.

චීනය, රුසියාව, පකිස්‌තානය ඇතුළු රටවල් රැසක්‌ ඊයේ ශ්‍රී ලකාව වෙත සිය පූර්ණ සහාය දැක්‌වීම සඳහා වැඩිදුරටත් ප්‍රතිඥ දී තිබේ.