Spread the News

උගත් පාඩම් එල්ලුම් ගහේ අප එල්ලා දැමීම! source:

ලංකාවට නමක්‌ ලබා දුන් විදේශ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරන ලද්දේ සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය විසිනි. එතුමියගේ දියණිය චන්ද්‍රිකා, නිදහසින් පසු අපට සිටි අපේ ස්‌වෛරීත්වය වඩාත්ම පළුදු කළ නායිකාව වූවාය. ඇගේ නොදත්කම පිළිබිඹු වූ එක්‌ උදාහරණයක්‌ නම් ඇගේ දුරස්‌තර ඥති සොහොයුරෙකු වූ අයෙක්‌ යුනෙස්‌කෝ සංවිධානයේ නායකත්වයට නම් කිරීම ය. දෙසීයක්‌ පමණ වූ ඡන්ද සංඛ්‍යාවෙන් ඔහුට ලබා ගත හැකි වූයේ එකම එක ඡන්දයක්‌ වීම ඉමහත් නින්දාවක්‌ විය.

1973 දී ආරම්භ කළ යුද්ධය මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ සහෝදර ගෝඨාභය විසින් සාර්ථක නිමාවකට ගෙන එන ලදී. එහෙත් රාජපක්‍ෂ තම පුත්‍ර නාමල්ගේ පොදුරාජ්‍ය ක්‍රීඩා සැලැස්‌ම ක්‍රියාවට නැංවීමට රුපියල් මිලියන 800 ක්‌ නාස්‌ති කළේය. එසේ වුවද ජිනීවාහි දී අප ලත් පරාජය නිසා මහින්ද රාජපක්‍ෂගේ අධිෂ්ඨානය සෙලවී නැත. එය එසේ විය යුතුය. අනුන්ට මානව හිමිකම් ගැන බණ කියන රටවල් දෙකක්‌ වන ඇමෙරිකා එක්‌සත් ජනපදය හා ඉන්දියාව අපව මට්‌ටු කළේ අපේම උගත් පාඩම් (LLRC) එල්ලුම් ගහේ එල්ලා දැමීමෙනි. එය හරියට එදා ශ්‍රී ලංකා විරෝධී සිංදු කියමින් ජිනීවාහි වරක්‌ කොටින් සමග පෙළපාලි ගිය ඊනියා ජාතික සාම කවුන්සලයේ ප්‍රාර්ථනා ඉටුවූවාක්‌ බඳුය.

මෙවර ජිනීවාහිදී එළඹගත් නින්දා සහගත යටත් විජිතවාදී තීරණය ඉන්දියාව විසින් රහසිගතව සකස්‌කරන ලද්දකි. මෙය ඒකපාර්ශ්වීය සටන් විරාම ගිවිසුම ඔවුන් විසින් සකස්‌ කරන ලදුව නෝර්වේ ලවා එය ඉදිරිපත් කරවීම හා සමානය. එක්‌සත් ජනපදය විසින් ඉදිරිපත් කරනු ලැබ ජිනීවාහිදී ස්‌ථිර කරන ලද යෝජනාව හැඳින්විය යුත්තේ මානව හිමිකම් කොමිසම (UNHRC) විසින් යෝජනා වූවක්‌ ලෙස නොව උගත් පාඩම් (LLRC) මගින් ගෙන එන ලද්දක්‌ ලෙසය.

පුද්ගලයින් කිහිපදෙනකු විසින් රටේ ස්‌වෛරීභාවය නොතකා නිර්මාණය කරන ලද (LLRC) එක්‌සත් ජාතීන්ගේ මිනිස්‌ අයිතිවාසිකම් කවුන්සලයේදී සලකන ලද්දේ ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ගේ දස පනත මෙනි. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇත.

වාර ගණනාවකම ශාස්‌ත්‍රීය කටයුතු වලට යැමෙන් මට එක්‌සත් ජනපදය හා ඉන්දියාව යන දෙරට ගැන මනා අවබෝධයක්‌ ඇත. ඒ දෙරටේම මට සමීප මිතුරෝ සිටිති. ඒ සෑම දෙයට වඩා මා ඒ දෙරට පිළිබඳ පුළුල් ලෙස කියවා ඇත. මේ දෙරටේ මානව හිමිකම් පිළිබඳ ඇත්ත තත්ත්වය දෙස මොහොතක්‌ අවධානය යොමු කරමු.

1960 ගණන් වනතෙක්‌ ඇමෙරිකාව තුළ එරට කළු මිනිසුන්ට සම තත්ත්වයකින් බස්‌රථවල පවා යැමට තහනම් ප්‍රදේශ මෙන්ම සමහර පොදු ස්‌ථානද තිබිණ. සමහර ප්‍රදේශවල බස්‌රථ වල පසු පස ආසන කළු මිනිසුන් සඳහා වෙන් කර තිබිණි. කළු පැහැ ඇති ශ්‍රී ලාංකිකයන් වුවද එකල ගණන් ගන්නට ඇත්තේ මෙසේ විය යුතුය. එකල ශ්‍රී ලංකාවේ මෙවැනි තහනම් ප්‍රසිද්ධ තැන් තිබුණා නම් එසේ තිබුණේ යාපනයේ ඊනියා පහත් කුලයේ දෙමළ ජනතාව සඳහා පමණි. ළිං, කෝවිල් වැනි ප්‍රසිද්ධ ස්‌ථාන ඔවුන්ට තහනම් විය. මා පළමුවෙන්ම රැකියාව කළේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේය. පහත් කුල වල යෑයි සැලකෙන දෙමළ අය ඇසුරු කළ නිසාත්, එමෙන්ම ඔවුන්ගෙන් ඉල්ලාගෙන වතුර බිව් නිසාත් උසස්‌ කුලයට අයත් මගේ ප්‍රධානියාගෙන් මම බැණුම් ඇසුවෙමි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ කළු මිනිසුන්ට 1960 ගණන් වලදී ඡන්ද බලය ලැබුණේ දුෂ්කර සටන් ක්‍රියාදාමයකින් පසුවය. මෙය බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් ඔවුන්ගේ වැවිලි කර්මාන්තය සඳහා අපේ රටට ගෙන්වා ගන්නා ලද වතු දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිවාසිකම් පිළිබඳ කතාවට වඩා හාත්පසින් වෙනස්‌ ය. පසුව මෙම අන්තර්ජාතික ප්‍රශ්නය සිරිමා-ශාස්‌ත්‍රී ගිවිසුම මගින් විස¹ ගනු ලැබිණ. එවන් අන්තර්ජාතික ප්‍රශ්න අදත් ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පවතී. එය එක්‌සත් ජනපද දේශ සීමාවෙන් පිට ලතින් ඇමෙරිකානු රටවලින් එන දසලක්‍ෂ ගණන් වූ ස්‌පාඤ්ඤ බස කතාකරන පිරිස සම්බන්ධයෙනි. ඔවුහු ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වසන ඡන්ද බලය හෝ වෙනත් අයිතිවාසිකම් නොමැති පිරිසකි. ඇමෙරිකා එක්‌සත් ජනපදයට සුද්දන් ඒමට පෙර සිටි මුල් පදිංචිකාරයන් අදත් දිවි ගෙවන්නේ ගෝත්‍රීය වාස භූමි තුළය. ඔවුන් අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වීම මෙසේ ආත්ම ගෞරවය බිඳ වැටීමේ ශෝචනීය ප්‍රතිඵලයකි.

මධ්‍යම පාංතික කළු ඇමෙරිකන්වරුන්ගේ දියුණුවක්‌ තිබුණද කළු ඇමෙරිකන් තරුණ පිරිසෙන් හතරෙන් එකක්‌ ඉන්නේ හිර ගෙවල් තුළ ය. ඇමෙරිකාවේ නිදහසේ රඟ හෙළිකරන තවත් ලක්‍ෂණයක්‌ වන්නේ හැම ඇමෙරිකානුවන් එකොළොස්‌ දෙනෙකුගෙන් එක්‌ කෙනෙක්‌ ජීවිතයේ කුමන අවස්‌ථාවක දී හෝ හිරබත් කන්නෙකු වීමය. ළඟදී කළ අධ්‍යයනයකින් හෙළි වූ තවත් කරුණක්‌ නම් හැම ඇමෙරිකානුවන් සිය දෙනෙකුගෙන් එක්‌ අයකු කිසියම් මොහොතක දී හිරේ ලැග සිටින බවය. මීටත් වඩා භයානක තත්ත්වයක්‌ වන්නේ ලෝකයේ සිර ගත වූවන්ගෙන් 20% ක්‌ම ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිර ගෙවල් වල සිටින්නන් වීමය. ඇමෙරිකා එක්‌සත් ජනපද ජනගහනය ලෝක ජනගහනයෙන් සියයට 5 ක්‌ පමණි. එසේ වෙද්දී ඉන් මිලියන 2.5 කට වැඩි කොටසක්‌ හිරගෙවල් තුළ ලැග සිටිති. චීනය වැනි රටවල් ඉලක්‌ක කරගෙන මිනිස්‌ අයිතිවාසිකම් ගැන බණ කියන ඇමරිකන් ප්‍රචාරයට මෙය හොඳ නිදසුනකි. ඉහත කී සංඛ්‍යා ලේඛන උපුටා ගත්තේ ඇමෙරිකාවේ රාජ්‍ය ලේඛන වලිනි. ලෝකයේ රටවල් වල හිරකාරයෙන්ගෙන් වැඩිම ප්‍රතිශතයක්‌ ඉන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවා ලෙස පෙනී සිටින ඇමෙරිකාවේ හිර ගෙවල් තුළ ය.

ඊළඟට ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී යෑයි කියා ගන්නා ඉන්දියාවේ තත්ත්වය කෙබඳුදැයි විමසා බලමු. ඉන්දියාවේ අන්තම අන්ත දිළිඳුකම, කුලවාදී පීඩනය හා අපිරිසිදුකම ශ්‍රී ලාංකිකයන් දුටුවොත් ඔවුන් තුළ පිළිකුලක්‌ ඇතිවනු නියතය. රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස තවත් ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද සමඟ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඉන්දියානු පාසල් දැක බලා ගැනීම සඳහා පාසලෙන් යෑවූ සති තුනක සංචාරයකට එකල මම සහභාගි වීමි. ඉන්දියාවේ අපිරිසිදුකම හා සමාජ අසමානතා ගැන මා පළමුවෙන්ම මවිතයෙන් අත්දුටුවේ එවිට ය.

ඉන් දශක කීපයකට පසු මගේ පොතක්‌ ගැන විචාර ලිපියක්‌ ලියූ ඉන්දියානු ජාතික මහාචාර්ය දිනේෂ් මොහාන් කියා සිටියේ මට ඉන්දියාවේදී මුණගැසෙන බුද්ධිමතුන් ඉන්දියාවේ සමස්‌ත ජනයා නියෝජනය නොකරන බවත් ඔවුන් නියෝජනය කරන්නේ 15% “උසස්‌ කුලීනයන්” බවත්ය. කෙසේ වුවද කිවයුත්තක්‌ ඇත. ඔවුන් ලංකාවේ බුද්ධිමතුනට වඩා දැනුමෙන් පිරිපුන් බවය.

ඒ සමඟ සසදන විට ලංකාවේ ඇත්තේ ඉතා ලිහිල් කුල භේදයකි. එයද පශ්චාත් අනුරාධපුර යුගයේදී පැමිණි හින්දු මතිමතාන්තර හරහා ආවක්‌ විය හැකිය. නිදහස්‌ අධ්‍යාපනයත් සමඟ එතෙක්‌ පැවැති කුල භේදය බොහෝදුරට බිඳ වැටී ඇත. ඉන්දියාවේ දලිත් හා තවත් එවන් පහත් කුල ලෙස ගැනෙන තත්ත්වයක්‌ අපේ රටේ කොහෙත්ම තිබුණේ නැත. අපේ නිදහස්‌ අධ්‍යාපනය බිහිවූයේ, කන්නන්ගර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නිසා පමණක්‌ නොව, වල්පොල රාහුල හිමියන් ඒ සඳහා ලබා ගත් අත්සන් මිලියනය රාජ්‍ය මන්ත්‍රන සභාවට මගහැරිය නොහැකි වීම නිසාත් අත් වූ ජයග්‍රහණයක්‌ ලෙසිනි. අද කොටි පාක්‍ෂික බවට සලකනු ලබන එදා නිදහස්‌ අධ්‍යාපනයට එරෙහි ව්‍යාපාරය මෙහෙය වූ කතෝලික පල්ලියට ලබා ගත හැකි වූයේ අත්සන් දස දහසක්‌ පමණි. නූගත් බයාදු, අපිරිසිදු ඉන්දියානු බහුතරය බෞද්ධ ආභාසය ලැබූ අග්නි දිග ආසියාවේ ජනයාට හාත්පසින් වෙනස්‌ ය. එකී කිළුටු ඉන්දියානු බහුතරය චීනයේ ජනතාවටද වඩා වෙනස්‌ය.

ඉන්දියාවේ ප්‍රාන්ත ඔස්‌සේ ඔබ සංචාරය කළොත් තමිල්නාඩු හා හයිද්‍රාබාදයට ඔබ්බෙන් ආන්ද්‍ර ප්‍රදේශයේ හා බිහාර් වැනි ස්‌ථාන වලදී දකින්නට ලැබෙන්නේ පිළිකුල ඇති කරන අපිරිසිදු බවකි. එසේම ආසියාවේ වෙනත් කිසිම තැනක නොදකින ජරා කන්දරාවකි. තරු පහේ හෝටල් වලින් පිටත සමහර විට දකින්නට ලැබෙන්නේ අසූචි ගොඩවල් ය. විචාරකයන් පවසන පරිදි ඉන්දියාව යනු ආසියාවේ කළු අප්‍රිකාවය. ඉන්දියාව චීනයට අභියෝගයක්‌ යනු හුදු මිත්‍යාවකි. කාශ්මීරය තුළ අර්ධ සමූල ඝාතනයක යෙදී සිටින ඉන්දියාව පන්ජාබයේ කැරැල්ල කෲර ලෙස මර්දනය කොට, දැන් චතිස්‌ගාර් ප්‍රාන්තයේ නැඟීමට එම ප්‍රතිපත්තියම යොදා ගැනීම කිසිසේත් මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තියට අනුකූල නොවේ. නොබෝදා අපට එරෙහි වීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දිරිමත් කළ ඉන්දියාව සම්බන්ධයෙන් ඊට පසු එම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයම කියා ඇත්තේ, ඉන්දියාව විසින් විශේෂයෙන් කාශ්මීරයේ කර ඇති මිනිස්‌ ඝාතන ජාත්‍යන්තර විමසුමට ලක්‌ කළ යුතු බවය.

ජිනීවාහි දී ශ්‍රී ලංකාව පැරැද්ද වූ ඉන්දියාව අද යළිත් තමිල්නාඩුව තුළ කොටි පුහුණුවක යෙදී සිටින බවට වාර්තා වී ඇත. එහෙත් අප කල්පනාකාරීව කටයුතු කළහොත් අනාගතය අපේ පැත්තේය. නමුත් එය කළ හැක්‌කේ ජේ.වී.පී. භාවිත කරන සරල ඉන්දියන් විරෝධී සටන් පාඨ වලින් නොවේ. ජිනීවාහිදී අපට පක්‍ෂව ඡන්දය දුන් අය ඉන්දියාවේ අසල් වැසියෝ වෙති. අප ඤාණවන්ත විදෙස්‌ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළහොත් යම්දුරකට ඉන්දියාව තනිකිරීමට අපට හැකි වනු ඇත. බංගලාදේශය, චීනය, ඉන්දුනීසියාව, මාලදිවයින, තායිලන්තය යන මේ සියලු රටවල් අපට පක්‍ෂව ඡන්දය දුන්හ. එසේම ඉස්‌ලාමීය රටවල් වන කුවේට්‌, කටාර්, සෞදි අරාබිය. අපට පක්‍ෂව ඡන්දය දුන්හ. මේ ඉස්‌ලාමීය රටවල් ඇමෙරිකාවේ චිරන්තන යහළුවෝය. ඔවුන් සමහර විට අපට පක්‍ෂව ඡන්දය දුන්නේ පලස්‌තීනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ, දීර්ඝ කාලයක සිට ඔවුන්ට දුන් අනුග්‍රහය නිසා විය හැකිය. රුසියාව අපට දුන් ඡන්දය, බාහිරට පෑ විරෝධයකි. ආසියාවේ ප්‍රබලතම කතෝලික රට වන පිලිපීනය අපට දුන් ඡන්දය අපට විරුද්ධ වූ සියලුම ලතින් ඇමෙරිකානු කතෝලික ඡන්ද සලිත කළේය. ඇමෙරිකාවේ යටත් විජිතයක්‌ව සිටි පිලිපීනයේ දේශපාලන වශයෙන් පවතින ඇමෙරිකානු විරෝධය ස්‌වාභාවිකය.

සංස්‌කෘතික වශයෙන් නම් පිලිපීනය ඇමෙරිකාව බෙහෙවින් අගය කරයි. තායිලන්තය සහ සෙසු ථෙරවාදී බෞද්ධ රටවල් සමඟ අවුරුදු 1000 ක්‌ තරම් පැරණි අපේ විශේෂ සම්බන්ධතා අපේ ප්‍රයෝජනය සඳහා යෙදිය යුතුව ඇත. එවන් සම්බන්ධතා යොදා ගනිමින් අපේ විදෙස්‌ ප්‍රතිපත්තිය යළි සකස්‌ කළ යුතු වෙමු.

ඉන්දියාව තුළ ද තමිල්නාඩුව හැර මෙතෙක්‌ අප ප්‍රයෝජනයට නොගත් අනෙක්‌ ප්‍රාන්ත තුළද අපේ ප්‍රයෝජනය සඳහා යොදා ගතහැකි වැදගත් සාධක ඇත. තමිල්නාඩුව ඇතුළත වුවද එවැනි සාධක ඇත. මේවා ඉදිරි ලිපි වල සාකච්ඡාවට භාජන කිරීමට බලාපොරොත්තු වෙමි.

ආචාර්ය සුසන්ත ගුණතිලක