Spread the News

කොටි අපරාධකරුවන් 20කට රටවල් 5කින් රැකවරණ
ශ්‍රී ලංකා රජය හිලරි ක්‌ලින්ටන්ට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය source:

ඇමරිකාව ඇතුළු රටවල් පහකින් කොටි යුද අපරාධකරුවන් විස්‌සකට රැකවරණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ට ප්‍රතිචාර දක්‌වමින් හෙළිකර ඇත. කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයා වූ කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී හමු වූ රහස්‌ ලියවිලිවලින් මොවුන් සිටින රටවල් හෙළිවී තිබේ.

අමාත්‍ය ජී. එල්. පීරිස්‌ සහ හිලරි ක්‌ලින්ටන් අතර පැවැති සාකච්ඡාවලදී යුද අපරාධ ගැන ක්‍රියාකළ යුතු බව ඇය ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ සිටින ප්‍රධානතම කොටි යුද අපරාධකරු ප්‍රභාකරන්ගේ යුද අපරාධවලට සහය වූ අයුරු කස්‌ත්‍රොaගේ ලියවිලිවලින් අනාවරණය වී තිබේ.

බ්‍රිතාන්‍යයේ කොටි යුද අපරාධකරුවන් පස්‌දෙනෙක්‌ ද ප්‍රංශයෙන් හතරක්‌ ද නොර්වේහි දෙදෙනකු ද ජර්මනියේ තිදෙනකු ද ස්‌වීඩනයේ හා ඩෙන්මාර්කයේ සිව්දෙනකු ද කැනඩාවේ එක්‌ අයකු ද සිටින බව ද රජය සොයාගෙන තිබේ.