Spread the News

ආගමික සහජීවනය වනසන්නෝ කවරහු ද?

මේ රටේ සුළු ජාතීන් නොමැති බව ජනාධිපතිතුමා කීවේ ය. මේ රට සර්වාගමික රටක් බව අග්රාමාත්‍යතුමා නිතර නිතර කියා සිටී. වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රටකට සැබෑ සාමය උදාකිරීමට ජාතින් අතර සමඟිය අත්‍යවශ්‍ය ය. සුළු ජාතීන් නොමැති බව පැවසීමෙන් අදහස් කළේ ඒ සමඟිය ගොඩ නැගීම සඳහා බව තේරුම් ගැනීමට අපට හැකි ය. එහෙත් සුළුජාතීන් නැති බව ප්රාකාශ කිරීමෙන් ම ජාතික සමඟිය ඇතිවේ ද යන ප්රශ්නය ද සැලකිල්ලට ගතයුතු වේ. සිංහල, දෙමළ, මුස්ලීම් හා බර්ගර් යන ජනවර්ග තමන්ව හඳුන්වා ගන්නේ එම ජනවර්ගයේ නමින්ම ය. එනිසා සුළු ජාතීන් නැතිබව කීමෙන් පමණක් මෙම අනන්‍යතාවය නැතිව ගොස් ලාංකික යන අනන්‍යතාවය පමණක් බිහිවන්නේ ද නැත. මේ රට සිංහල බහුතරයක් සිටින අතීතයේ ‘‘හෙළදීපය’’ යනුවෙන් හැඳින්වුනු හෙළයන්ගේ රට නැතහොත් සිංහලූන්ගේ රට වශයෙන් ඉතිහාසයේ දැක්වේ. එමෙන් ම වසර 2500 ක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහිත බොදු රටක් වශයෙන් ද ඉතිහාසය පෙන්නුම් කරයි. මෙම ඉතිහාසය මකාදැමිය හැකි ද? යුරෝපා රටවල් බොහෝමයක් ‘බහුජාතික’ ‘බහු ආගමික’ ප්රතිපත්තියක් අනුගමනය කළ හ. ඒත් එංගලන්තය ඉංග‍්‍රීසි ජාතිකයන්ගේ වීමත්, ප්රශය ප්රශ ජාතිකයන්ගේ වීමත්, ස්පාඤ්ඤය ස්පාඤ්ඤ ජාතිකයන්ගේ වීමත්, ජර්මනිය ජර්මන් ජාතිකයන්ගේ වීමත් එලෙසම පැවතුනි. බහුජාතික බහුආගමික ප‍්‍රතිපත්තිය අනුගමනය කළත් තමන්ගේ ජාතිකත්වය රැකගැනීමට අධිෂ්ඨානශීලීව සිටිය හ. නමුත් බහුජාතික බහුආගමික ප‍්‍රතිපත්තිය තමන්ට සිදුවූ වැරැද්දක් බව දැන් ඔවුන් කල්පනා කරන අතර ඒ පිළිබඳව කනස්සල්ලට පත් වී ඇත. එම ප‍්‍රතිපත්තිය පිළිබඳව නැවත සලකා බැලීමට ඔවුන් කටයුතු කරමින් සිටී. අප ද එම තත්වයට පත්විය යුතු ද? ‘සර්ව ආගමික’ රටක් ය යන්න පුන පුනා කීමෙන් පලක් නැත. එයින් ආගමික සමඟිය ඇති වනවා වෙනුවට ආගමික අසමඟිය ඇතිවිය හැක. අනෙක් අතට මේ රටේ ප‍්‍රධාන ආගම බුද්ධාගම යි. සියලූ ආගම් වලට එක සමාන ලෙස සලකන බවත්, සියලූ ආගම් එකසමාන බවත්, කියමින් අගමැතිතුමා සර්වාගමික වාදනය කොතෙක් කලත් මේ රටේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ බුද්ධාගම ප‍්‍රධාන ආගම බවයි. එනිසාය එහි ‘‘බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය සතු ය’’ යන වගන්තිය ඇතුළත් ව තිබෙන්නේ. එසේ නොවන්නේ නම් සියලූ ආගම් එක සමාන ය. සියලූ ආගම්වලට එකසේ සලකනු ලැබේ යන වගන්තිය ඇතුළත්ව තිබිය යුතු ය. බුද්ධ ශාසනයට ප‍්‍රමුඛත්වය දෙන බව සඳහන් වීම වගේ ම අන්‍යාගම් ඇඳහීමේ පූර්ණ නිදහස තිබෙන බව ද ව්‍යවස්ථාවේ සඳහන්ව තිබේ. එසේ නම් ඇයි මේ ආගම් කලබලය. උත්තරය පැහැදිළි ය. දේශපාලඥයන්ට තමන්ගේ බලය රැකගැනීම සඳහා ඡුන්ද ගොඩ වැඩිකරගැනීමේ උවමනාව පමණක් ම පෙරදැරි කරගෙන බෞද්ධ නොවන ආගම් සඳහා අසීමිත ලෙස නිති කැඞීමේ සහ අසීමිත ලෙස නොයෙක් පහසුකම් ලබාදීමේ ක‍්‍රියාවලිය අනුගමනය කරන හෙයින් මේ ගැටුම ඇති වී තිබේ. 1982 වර්ෂයේ දී පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කළ දඹුල්ල පූජා භූමිය ඇතුළතම මුස්ලීම් යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගැනීමට ඉඩ දුන්නේ කුමන නීතියක් යටතේ ද? මෙය දේශපාලන වුවමනාවක් මත සිදු වූ බව හොඳින් පැහැදිලි ය. රජයට සම්බන්ධ දේශපාලඥයන් වන අමාත්‍ය ෆවුසි, ආණ්ඩුකාර අලෙවි මව්ලානා, නාගරික මන්ත‍්‍රී ආසාද් සාලි ඇතුළු දේශපාලඥයින් ප‍්‍රසිද්ධියේ බෞද්ධයාට අභියෝග කරන්නේ ඒ නිසා ය. අනවසරයෙන් බෞද්ධාගමික පූජා භූමියක් තුළ පල්ලියක් පවත්වාගෙන යාම වැරැද්දක් සේ පිළිගන්නේ නැතිව බෞද්ධයන්ට ම අභියෝග කරන්නට තරම් ඔවුන් නීතිගරුක වී ඇති තරම නොපෙනේ ද? එහෙත් එක ද සිංහල බෞද්ධ දේශපාලඥයෙක් වැරැුද්ද පෙන්වා දීමට කට ඇරියේ නැත. එසේ නම් ගැටුමට හේතුව පැහැදිලි ය. බෞද්ධයා කුපිත කළේ කවුරුන්දැයි පැහැදිලි ය. තවමත් ප‍්‍රශ්නය අවසන් ව නැත. මුස්ලිම් ජාතිකයන් සිංහල බෞද්ධයා අවමානයට ලක් කරමින් ලොව පුරා ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරති. බී.බී.සී යට විකෘති ප‍්‍රවෘත්තිය සැපයූයේ මුස්ලීම් කාන්තාවකි. රටට අහිතකර ලෙස බටහිර මාධ්‍ය උපයෝගී කරගෙන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරමින් රට අපකීර්තියට පත්කරන්නේ කවුදැයි නොතේරෙන්නේ ඇයි? ආගමික සහජීවනය නසන්නෝ කවුදැයි පැහැදිලි ය. මිහිඳු මහරහතන් වහන්සේට පූජා කළ මහමෙව්නාවේ පල්ලියක් ඉදිකර බෞද්ධයා කුපිත කළ හ. කූරගල, මුහුදු මහ විහාරය, දෙවනගල, දීඝවාපිය යන ඓතිහාසික බෞද්ධ පුදබිම් කෙළෙසූ හ. දැන් එය දඹුල්ලට පැමිණ ඇත. හෙට දින දළදා මාලිගාවට ද පැමිණෙනු ඇත. එසේ නම් බෞද්ධයා නිදා සිටිය යුතු ද?