ප්‍රංශ කොටි නායක රීගන් ඝාතනය වේ

Spread the News

 source:

ප්‍රංශ කොටි නායක රීගන් ඝාතනය වේ

“වසර ගණනකට පසු හෝ වරද කළ වුන් ඉදිරියේ
අතීතය දිග හැරේ. එය කිසි දිනෙක වසන් කළ නොහැක.
එය ඔවුන්ට කළ සරදමකි.”  – ප්‍රංශ ලේඛක ඇලෙක්‌සැන්ඩර් ඩුමා

* ප්‍රංශ කොටි නායකයා ලෙස ක්‍රියාකල නාඩරාසා මතිතරන්,
පරිති නොහොත් රීගන් ඝාතනය වේ.

* ජනාධිපති, ආරක්‍ෂක ලේකම් සහ හමුදා නායකයන්ව
අන්තර් ජාතික යුද අධිකරණයට ගෙන යැමට රටවල් 9 ක්‌
උත්සාහ කරයි.

* ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා නැගූ
බී.බී.සි. යේ කොටි හිතවාදියෙක්‌ රජයෙන් වාහන ණය ඉල්ලයි.

* ලන්ඩන් කොටි සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා.

* ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කිරීම ගැන
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආරියනේන්ද්‍රන් ඇමරිකානු රාජ්‍ය
නිලධාරීන්ට ප්‍රණාමය දක්‌වයි.

* කොටි හිතවාදීන් ඉදිරියේ ජනාධිපතිවරයා ප්‍රභාකරන්ගේ
වන්නි මාධ්‍ය සාකච්ඡාව හෙළි කරයි.

* ප්‍රභාකරන් අපිට මුව මස්‌ සමග රොටි දුන්නා, හරිම රසවත්.


තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ
ස්‌ටාලින් හා බාලු විසින් නවිපිල්ලේට
සිහිවටනයක්‌ පිළිගැන්වීම


පසුගිය සෙනසුරාදා (03 දා) සවස්‌ යාමයේ කොළඹ අරලියගහ මැදුරේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහන ණය මෙන්ම පරිගණක යන්ත්‍ර බෙදාදීමේ සමාරම්භක උත්සවය පැවැත්විණි. මේ උත්සවය ඇමතූ ජනාධිපතිවරයා මෙලෙස කියා සිටියේය.

“ඔබලාට මතක ඇති එල්.ටී.ටී.ඊ. නායකයා මාධ්‍ය හමුවක්‌ පැවැත්වූ හැටි. අපේ රටේ මාධ්‍යවේදීන් මෙන් විදේශ මාධ්‍යවේදීන් විශාල පිරිසක්‌ ඊට සහභාගිවීමට වන්නියට ගියා. මේ ගිය අය අතරින් වැඩියෙන්ම ප්‍රශ්න ඇසිය යුතුව තිබුණේ අපේ රටේ මාධ්‍යවේදීන්. එහිදී ලොව බොහෝ මාධ්‍යවේදීන් ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න ඇසුවා. එසේම ඉන්දියාවේ මාධ්‍යවේදීන් තමන්ගේ අගමැති රජිව් ගාන්ධිව ඝාතනය ගැන එක දිගටම ප්‍රශ්න ඇසුවා. අන්තිමට ඇන්ටන් බාලසිංහම්ට ඒ වෙනුවෙන් සමාව ගන්නත් සිද්ධ වුණා. එයා කිව්වා ඒක වැරදීමක්‌ කියලා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක වගේම අරන්තලාවේ භික්‍ෂු ඝාතනය, දිඹුලාගල නායක හාමුදුරුවෝ, ශ්‍රී දළදා මන්දිරයට ප්‍රහාර එල්ල කිරීම, ශ්‍රී මහා බෝධිය ළඟ සිය ගණනක්‌ මැරීම ආදී බොහෝ ඝාතන තිබුණත් ඒ එකක්‌ ගැනවත් අපේ මාධ්‍යවේදීන් ඇහුවේ නැහැ. ඔවුන්ට එහෙම අහන්න පුළුවන්කමක්‌ තිබුණෙත් නැහැ. ඇයි? ඇහුවා නම් ආපහු එන්න ලැබෙන්නේ නැහැ. එදා මාධ්‍යවේදීන්ට තිබුණ නිදහස එයයි. ඒ වෙන කොටත් එල්.ටී.ටී.ඊ. ය අපේ මාධ්‍යවේදීන් සෑහෙන පිරිසක්‌ මරා දමා තිබුණා.” ජනාධිපතිවරයා එදා පැවැති තත්ත්වය සිහිපත් කරන අවස්‌ථාවේ ප්‍රභාකරන්ගේ කිලිනොච්චි මාධ්‍ය සාකච්ඡාවට තෝරාගත් මාධ්‍ය පාර්ශ්වයන් රැසක්‌ යෑවූ තැනැත්තා ඉදිරිපෙළ අසුනක වාඩිවී සිටියේය. එදා කොන්දක්‌ ඇති මාධ්‍යවලට වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න ඇසීමට අවස්‌ථාවක්‌ නොවීය. කොළඹ සිට වන්නියට යවනු ලැබුවේ ප්‍රභාකරන්ගේ ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න නොඅසන පාර්ශ්වයන්ය. එහෙත් දස වසරකට පසු අතීතය ආවර්ජනය විය. කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයන් මෙන් ප්‍රභාකරන්ට මානුෂික මුහුණක්‌ දීමට උත්සාහ කළ පිරිස්‌ ද උත්සව සභාවේ අසුන්ගෙන සිටියේය.

කොටි ක්‍රියාකාරකම්වලට ප්‍රචාරය දුන් උතුරේ කොටින්ට පක්‍ෂපාතී වූ මාධ්‍ය පාර්ශ්වයන් ද ඒ අතර විය. එසේම ටැමිල් නෙට්‌ නමැති කොටි වෙබ් අඩවියට තොරතුරු සපයන්නන් ද පසුපෙළ අසුන්වලට වී සිටියහ. ඔවුන්ගෙන් සමහරකුට පරිගණක පවා හිමි විය. මෙලෙස එදා වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ගේ මාධ්‍ය හමුවට සහභාගි වී ආපසු පැමිණි ඇතැම් මාධ්‍ය පාර්ශ්වයන් ලිව්වේ කොටි විසින් මුව මස්‌ සමග ලබාදුන් රොටි ගැනය. මෙවන් රසවත් ආහාර වේලක්‌ කිසිම දිනෙක අනුභව කර නැති බව කියමින් ඇතැම් මාධ්‍ය පාර්ශ්වයන් විසින් ප්‍රභාකරන්ව වර්ණනාවට පවා ලක්‌ කරනු ලැබීය.

මෙම උත්සවයේදී ජනාධිපතිවරයා කිලිනොච්චියේ පැවැති ප්‍රභාකරන්ගේ මාධ්‍ය හමුව ගැන කරුණු දක්‌වනු ඇතැයි කිසිවෙක්‌ සිතුවේ නැත.

එහෙත් කොටි හිතවාදීහු හා ව්‍යාජ සටන් විරාමය ප්‍රචාරය කිරීමට මුල් වූවෝ දිරවාගත නොහැකිව ජනාධිපතිගේ දේශනයට සවන් දෙනු ලැබීය.

මෙලෙස ජනාධිපතිවරයා එදා පැවැති මාධ්‍ය නිදහස ගැන හඬ නගද්දී කොටින්ගේ බිහිසුණු අපරාධවලට සුදුහුණු ගෑමේ යෙදුණු බී.බී.සී. කොටි රූකඩය නියෝජනය කරන්නෙක්‌ හොර රහසේම වාහන ණය ලබාගැනීමට ඉදිරිපත් විය. 2008 ජුනි 3 දා මොහු නඩේසන් නමැති කොටි මිනීමරුවා සමග සාකච්ඡා පවත්වමින් සිවිල් වැසියන්ව මරන්නේ හමුදාව බව කියා සිටියේය. එසේම උතුරේ සටන්වලින් කොටි පරාජය වන බවට දියත්වී ඇති ප්‍රචාරය ද සාවද්‍ය බව නඩේසන් පවසන බවද මේ කොටි හිතවාදියා තවදුරටත් සඳහන් කර තිබිණි. අනතුරුව මාරි කොල්වින් නමැති කොටි හිතවාදී ඇමරිකානු මාධ්‍යවේදිනිය විසින් ශ්‍රී ලංකා හමුදාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනාවලට ද මේ ෙද්‍රdaහියා දායක විය. පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් විකාශනය කළ කිලිංෆීල්ඩ් චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවට එරෙහි යොමු කළ යුද අපරාධ චෝදනා හුවා දැක්‌වීමට ද ඔහු ක්‍රියා කරනු ලැබීය.

එහෙත් ජනාධිපතිවරයා විසින් වාහන ණය ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ කිරීමට පෙර මොහු ලන්ඩනයේ සිට මෙරටට සම්ප්‍රාප්ත විය. එසේනම් ලන්ඩනයේ පදිංචි මේ කොටි හිතවාදියා වාහන ණය ඉල්ලන්නේ යුද අපරාධ කර ඇතැයි කියන ආණ්‌ඩුවෙන් නොවේද?

මාධ්‍යවේදී වෙස්‌ගත් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා ලන්ඩනයේ සිට මෙරටට පැමිණ දැන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන මෙහි සිටින කොටි හිතවාදීන්ගෙන් තොරතුරු විමසන බවද ආරංචි මාර්ග දක්‌වයි.

කොළඹ සිට රත්නපුරය දක්‌වා ඇති මාර්ගයේ ලිපිනයක පදිංචි බව දක්‌වා ඇති මොහුට වරක්‌ පොලිසිය විසින් හොඳටම සලකනු ලැබීය. පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව තම මානව හිමිකම් කඩවූ බව කියමින් අධිකරණය හමුවට යොමු කළ පෙත්සම ද නිෂ්ප්‍රභ විය.

ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරන කොටි හිතවාදීන්ට එක්‌වී සිටින මොහුගේ සැබෑ පසුබිම අප මෙලෙස හෙළි කරන අවස්‌ථාවේ තමාට මරණීය තර්ජන එල්ලවී ඇති බවට ප්‍රකාශ කිරීමත් එය විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ලවා ප්‍රචාරය කරලීමේ ක්‍රියාමාර්ග ගැනීමටත් ඉඩ තිබේ.

මෙලෙස ලන්ඩන් කොටි ආධාරකරුවෝ රජයෙන් වාහන ණය ලබාගැනීමට උත්සාහ කරන අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේගේ සැබෑ ස්‌වරූපය අනාවරණය විය.

ඒ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ ඩී.එම්.කේ. පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එම්. කේ. ස්‌ටාලින් හා පාර්ලිමේන්තු කණ්‌ඩායමේ නායක ටී. ආර්. බාලු නමැත්තන් සමග ඇය විනාඩි 35 ක්‌ තිස්‌සේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීමයි.

මෙහිදී ස්‌ටාලින් විසින් තමිල්නාඩු ඊළාම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා 13 ක්‌ ඇතුළත් සන්දේශය ඇයට පිළිගන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීම පිණිස ජනමත විචාරණයක්‌ පැවැත්වීම, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ඇතුළු මෙරට ඒකීය හා ස්‌වෛරීභාවයට අභියෝග කරන යෝජනා ඊට ඇතුළත් විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් ඒ ගැන සොයා බලන්නැයි ස්‌ටාලින් විසින් නවි පිල්ලේ ගෙන් ඉල්ලා ඇත.

මෙලෙස ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව සංදේශයක්‌ භාරගැනීමෙන් ඇය කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාව දෙකඩ කරන්නැයි ඉල්ලන යෝජනාවක්‌ භාර ගැනීමට නවිපිල්ලේට හිමිකමක්‌ නැත. මෙලෙස කාශ්මීර් බෙදුම්වාදීන් විසින් ඉන්දු-කාශ්මීරයේ වෙනම රටක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි දැක්‌වෙන සංදේශයක්‌ ඉන්දියාවට එරෙහිව භාර දුන්නොත් ඇය පිළිගන්නේද?

ස්‌ටාලින් හා බාලු විසින් ඉන්දීය සාම හමුදාව උතුරේ සිදු කළ යුද අපරාධ ගැන සොයන්නැයි ඇගෙන් ඉල්ලීමක්‌ කර නැත. මේ සම්බන්ධයෙන් නවිපිල්ලේ ප්‍රතිචාර දක්‌වමින් පවසා ඇත්තේ මහලේකම් බෑන් කී මූන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව නිසි පියවර ගන්නා බවයි.

මෙම කොටි හිතවාදීන් දෙදෙනා ජිනීවා වෙත පැමිණීමට පෙර නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වෙත ගොස්‌ නියෝජ්‍ය මහලේකම්වරයකු හමුවී ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ යෝජනාව භාරදී ඇත.

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව සංදේශයක්‌ භාරදීම සඳහා ස්‌ටාලින්ට හා බාලුට විදේශගතවීම සඳහා ඉන්දීය රජය විසින් අවසරය දී තිබේ.

මේ අයුරින් තමිල්නාඩු කොටි ශ්‍රී ලංකාව තුළ ඊළම පිහිටුවීම සඳහා දැඩි උත්සාහයක්‌ ගන්නා අවස්‌ථාවේ පසුගිය 5 දා ජිනීවාහි පැවැති ජගත් මානව හිමිකම් සමාලෝචන සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව නිර්දේශ 210 ක්‌ ඉදිරිපත් විය. බටහිර රටවල් විසින් මේ නිර්දේශ යොමු කර තිබිණි.

එම නිර්දේශවලින් 110 ක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කෙරිණි. මෙරට හා විදේශ රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම මත බටහිර රටවල් ශ්‍රී ලංකාවට දඬුවම් කිරීම සඳහා තවත් උපක්‍රමයක්‌ ද දියත් කළේය.

එහෙත් මෙරට ජනතාවගේ අවසානය යොමුවී තිබුණේ දිවි නැගුම පනත හා අගවිනිසුරුවරියගේ ප්‍රශ්නයයි. මෙහිදී ටියුනීසියාව, උරුගුවේ, කොස්‌ටාරිකා, ඉක්‌වදෝරය, ලැටිවියාව, ස්‌ලෝවකියාව, ඔස්‌ටි්‍රයාව, ස්‌පාඤ්ඤය, ස්‌වීඩනය යන රටවල් විසින් ජාත්‍යන්තර යුද අධිකරණයට අදාළ රෝම සම්මුතිය ශ්‍රී ලංකාව විසින් පිළිගත යුතු බවට නිර්දේශ කර ඇත. මෙයට සමගාමීව ඇමරිකාව නිර්දේශ කළේ යුද අපරාධ චෝදනාවලට ලක්‌වූවන්ට වරප්‍රසාද හිමිකම ලැබීම ඉවත් කළ යුතු බවයි.

මෙම රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතියට එකඟ විය යුතු බව පවසන්නේ ජනාධිපති ආරක්‍ෂක ලේකම්, හමුදා ප්‍රධානීන් හා වන්නි හමුදා නායකත්වය අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යැමත්, විදේශ සංචාරවල යෙදෙන අවස්‌ථාවේ අත්අඩංගුවට ගැනීම සඳහාත්ය.

එහෙත් ඇමරිකාව එකී රෝම සම්ප්‍රාප්තියට අත්සන් තබා නැත. නෝර්වේ රාජ්‍යය ද මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාව වූ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කළ යුතු බව දන්වා තිබේ. නෝරාඩ් සංවිධානයේ අරමුදල් මත යෑපෙන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනියට එකී පනත සම්මත කර ගැනීමට අවශ්‍ය වී තිබිණි.

එහෙත් නව ජනමාධ්‍යලේකම් චරිත හේරත් සෘජු ප්‍රකාශයක්‌ කරමින් එවන් පනතක්‌ සම්මත කරලීමට රජය ක්‍රියා කරන්නේ නැතැයි කියා සිටියේය.

මෙහිදී ප්‍රංශයට අවශ්‍ය වූයේ අත්අඩංගුවේ සිටින කොටි හිතවාදීන්ගේ නාමලේඛනයයි. අනතුරුව නෙදර්ලන්තය හඬ නැගුවේ මෙරට මඩ වෙබ් අඩවි මෙහෙය වන්නන් ගැනය. වෙබ් අඩවි තහනම ඉවත් කරනු යෑයි නෙදර්ලන්තය පවසද්දී ස්‌ලෝවේකියාව කියා සිටියේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට අත නොතබනු යන්නයි.

මේ නිසා සනාථ වූයේ මෙරට එන්.ජී.ඕ. කාරයන් විසින් මෙකී රටවලට ශ්‍රී ලංකාවට එරෙහිව නිර්දේශ සපයා ඇති බවයි. වසර ගණනකට පෙර ශ්‍රී ලංකාව ගැන වචනයක්‌වත් සඳහන් නොකළ රටවල් පවා විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සාවද්‍ය චෝදනා පිළිගන්නා අවස්‌ථාවේ ලන්ඩනයේ ද්‍රවිඩ සමුළුව නමින් කොටි හිතවාදීන්ගේ සමුළුවක්‌ පවත්වා ඇත.

මේ සමුළුවේදී ජාත්‍යන්තර යුද අධිකරණයට අදාළ රෝම සම්මුතිය මත ක්‍රියා කිරීම උතුරු නැගෙනහිර සිංහලයන්ට පදිංචිවීමට ඉඩ නොදීම, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම, ද්‍රවිඩයන් මුහුණපාන තත්ත්වයට වගකිවයුතු අය අත්අඩංගුවට ගැනීම යන කරුණු ඇතුළත් යෝජනා සම්මත වී ඇත.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ ශ්‍රීධරන් ද තමිල්නාඩුවේ එම්. කේ. ස්‌ටාලින්, ටී. ආර්. බාලු, තොල් තිරුමාවලන්, ටී. කේ. ඉලන්කෝවන්, ටී. පාන්ඩියන්, ජී. කේ. මානි වැනි කොටි හිතවාදීහු මේ සමුළුව අමතා තිබේ.

මේ සමුළුව ඇමතූ කොටි හිතවාදී පී. එම්. කේ. පක්‍ෂයේ ලේකම් ජී. කේ. මානි නමැත්තා මෙසේ පවසා ඇත. “සිංහලයන් සමග ජීවත්වීමට ද්‍රවිඩයන්ට බැහැ. ජාත්‍යන්තර ප්‍රජාව වහාම ඊළාම් රාජ්‍ය ස්‌ථාපිත කිරීමට ක්‍රියා කළ යුතුයි.”

තොල් තිරුමාවලන් නමැති කොටි හිතවාදියා ද ලන්ඩන් කොටි සමුළුව අමතමින් ද්‍රවිඩ නිජබිමේ සිංහල හමුදාව සිටිනවා. මේ හමුදාව කළ යුද අපරාධ ගැන සෙවිය යුතුයි”යෑයි කියා සිටියේය.

මෙහිදී ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ සභාපති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාව ඊළාම් ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරන බව කියා සිටියේය. “ශ්‍රී ලංකාවෙන් ඉතා ක්‍රමානුකූලව ද්‍රවිඩ රාජ්‍යය ඉවත් කරනවා” යෑයි ඔහු තවදුරටත් පැවසීය.

සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ද පැවසුවේ ශ්‍රී ලංකා රජය යටතේ ද්‍රවිඩයන්ට අසාධාරණයක්‌ සිදුවන බවයි. අනතුරුව කොටි හිතවාදියකු වන අයර්ලන්තයේ සිටින ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති එන්.ජී.ඕ. ක්‍රියාකාරියා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන සමූල ඝාතන ක්‍රියාදාමය ගැන ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඉන්දියාව විසින් සොයා බැලිය යුතු බවයි.

මොවුන් මින් ලෝක ප්‍රජාවට පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සංහාරය වන බවයි. එසේම සුඩානය, සර්බියාව, ඉන්දුනීසියාව යන රටවල් දෙකඩ කළ ආකාරයට ශ්‍රී ලංකාව ද දෙකඩ කර ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු යෑයි ජූඩ් ලාල් නමැත්තා කියා සිටී. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ලන්ඩනයේ කයිලාසපති මනෝහරන් නමැත්තා පැවරූ නඩුවේ අභියාචනය විභාගයට ගැනුණි. එහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මිචෙල් බර්ජර් සහ බෙන්ජමින් වුඩ් පැවසුවේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට්‌ තැචර්ට හා කොළම්බියා හිටපු ජනාධිපති උල්වා උරයිබ්ට ඇමරිකානු රජය විසින් තහවුරු කළ වරප්‍රසාද හිමිකම ශ්‍රී ලංකා ජනාධිපතිට ද හිමි වී ඇති අතර ඊට එරෙහිව ක්‍රියා කළ නොහැකි බවයි.

ලන්ඩනයේ පැවැති සමුළුවට සමානව තවත් කොටි සමුළුවක්‌ නෝර්වේහිදී පැවැත්විණි. ඇමරිකාවේ සිටින කොටි ඒජන්ත රුද්‍රකුමාරන් විසින් මේ සමුළුව “ස්‌කයිප්” පරිගණක ක්‍රමය මගින් අමතනු ලැබීය. “අපි ද්‍රවිඩ ඊළම පිහිටුවිය යුතුයි. ශ්‍රී ලංකා රජය දැන් ක්‍රමානුකූලව ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරනවා. අපි මෙය පෙන්නුම් කර ස්‌වාධීන ඊළාම් රාජ්‍යය ඇරඹීමට ක්‍රියාත්මක විය යුතුයි.”

මෙහිදී ව්‍යාජ ඊළම් ආණ්‌ඩුවේ නියෝජ්‍ය අගමැති යෑයි හඳුන්වා ගන්නා ශෝකාර් රුද්‍රමුර්ති නමැත්තා තා කරමින් මුල්ලිවයික්‌කාල් ගැටුම නිමාවීම නිසා අරගලය ගෙන යැමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා ඇත. මේ අතර වන්නි මෙහෙයුම දියත් කිරීම සඳහා ඉඩදීමට ඇමරිකානු හා ඉන්දීය නිලධාරීන් සහය වූ බව පවසමින් ජාත්‍යන්තර කොටි ජාලය විසින් ඔවුන්ව යුද අපරාධකරුවන් ලෙස හඳුන්වා ඇත. මේ පිරිස නම් ඉන්දියාවේ එම්. කේ. නාරායන්, ෂිව් ශංකර් මෙනන්, නිරුපමා රාඕ, ප්‍රනාබ් මුකර්ජි, බෑන් කී මූන්, රොබට්‌ බ්ලේක්‌, බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ඔත්තු සේවාවේ ප්‍රධානී ජෝන් සෝවර්ස්‌ හා එරික්‌ රිවන්ස්‌ය.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආරියනේන්ද්‍රන් ද පසුගිය සතියේ ඇමරිකාවට ගොස්‌ සහකාර රාජ්‍ය ලේකම්වරියක්‌ වූ ඇලිසා අයර්ස්‌ හා ෙ-න් සිමරමන් හමුවී සාකච්ඡාවක්‌ පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක්‌ සම්මත කිරීම ගැන ඔහු ඇමරිකානු නිලධාරියාට සිය ස්‌තුතිය පුද කර ඇත. එහෙත් ආරියනේන්ද්‍රන්ට මන්ත්‍රී වැටුප් හා පහසුකම් ලබාදීමට දායක වන්නේ මෙරට ජනතාවයි.

මේ අතර ප්‍රංශයේ කොටි නායකයා ලෙස ක්‍රියාකරල නාඩරාසා මහෙන්ද්‍රන් නොහොත් පරිති පසුගිය බ්‍රහස්‌ප්‍රතින්දා රාත්‍රීයේ පැරිස්‌ නුවරදි ඝාතනය වී ඇත. පැරිස්‌ ද්‍රවිඩ කමිටුවේ සභාපති ලෙස ක්‍රියකල පරිතිව කලකට පෙර ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිදහස කර තිබිණි. කොටි සංවිධානය වෙනුවෙන් අවි ආයුධ එකතුකර ඇත්තේ මොහුයෑයි හෙළිතිබේ.

කීර්ති වර්ණකුලසූරිය