ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

Spread the News

Photo

ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී

තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.
source:

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.ඉන් පසුව ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති අන්තර්ජාතික ඉන්ජිනේරු හා විද්‍යා තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව ඔහුට හිමිවූ අතර ඔහු විසින් ඉදිරිපත් කළ තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුන අනාවැකි කීමේ ක්‍රමවේදයට එම තරඟාවලියේ හොඳම නිර්මාණාත්මක හා විද්‍යාත්මක නිබන්ධනය සඳහා වන අංශයේ පදක්කම හිමිවුණ.ඒ නව නිර්මාණකරණය පිළිබඳව රටවල් 65ක සිසුන් 1,600ක් අතුරින්.

එම තරඟය පැවැත්වුන දිනයේදී එම නගරයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එම නගරයේ කාලගුණ අනාවැකිය අනුව ගිගුරුම් සහිත වැසි දිනයක් බවට ප්‍රකාශ කර තිබුණා.

නමුත් මෙම සිසුවාගේ අනාවැකියට අනුව එය සුළු වර්ෂාපතනයක් ලැබෙන දිනයකි. සැබෑවටම එදින සුළු වර්ෂාපතනයක් පමණක් ලැබී තිබූ නිසා තරඟ සංවිධායකයින්ගේ පැසසුමට පවා එය ලක්වී තිබුණා.

ඔහුගේ මෙම නව ක්‍රමවෙදය අනුව ඉදිරි වසර 9999 සඳහා ලෝකයේ ඕනෑම රටක ඕනෑම නගරයක කාලගුණය පිළිබඳව අනාවැකි කිව හැකිය.

වයඹ පලාතේදී ඔහුගේ ක්‍රමවේදයේ නිරවද්‍යතාවය 90%කට ආසන්න වන අතර ඇමරිකාවේ පීටර්ස්බර්ග් හිදී එය 97%කටත් වඩා නිරවද්‍ය වී තිබෙනවා.

මේ පිළිබඳව සිසුවා පවසන්නේ මෙවැන්නක්.

මම මාගේ ව්‍යාපෘතියේදී යොදාගන්නවා කරුණු හතරක්. මේ කරුණු හතර තමයි
1) පිහිටීම
2) තරු වල පිහිටීම
3) ඇසිමුත් රේඛා පද්ධතිය
4) යොදා ගන්න කාලය

ඇසිමුත් රේඛා පද්ධතිය කියන්නේ අක්ෂාංශ දේශාංශ වල රේඛා පද්ධතියක්. මේ තරුව වල පිහිටීමේ වෙනසක් ඇතිවෙනවානම් ඒ වෙනස සොයාගන්න පුළුවන් මෙම රේඛා පද්ධතිය මගින්.

මේ පිළිබඳව වීඩියෝව පහතින්.
http://www.youtube.com/watch?v=Fztw_1-MJzM&feature=relmfu

Maleen Wijerathna of Maliyadeva Colllege, Kurunegala conducted a project titled ‘Novel Method of Rainfall Forecasting through Star Locations on Azimuth Grid’ for the Sri Lanka Science & Engineering Fair organized by the NSF. He did a creative project to predict rainfall using star location.He was selected as a winner of the competition & represented Sri Lanka at the Intel International Science & Engineering Fair 2012 held at Pittsburgh, USA recently.Social media team of the Intel selected 50 creative projects (among 1,500 projects) to develop graphical posters.NSF is happy to inform you that, Maleens project was selected as one of the creative project at this competition. They have developed a graphical poster for his project.

 
http://www.facebook.com/permalink.php?id=137762309652923&story_fbid=290910451004774
 
[youtube http://www.youtube.com/watch?v=Fztw_1-MJzM&w=420&h=315]