Fri. Nov 22nd, 2024
Spread the News

ජිනීවා දෙවැනි සටන ආරම්භ වේ

“අපේ අතට බලය ගැනීම අත්‍යවශ්‍යයි.
මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී
යම් අර්ථවත් දෙයක්‌ සිදු වනු ඇති බව අපි බලාපොරොත්තු වෙමු”
– ආර්. සම්බන්ධන් – ලන්ඩන් නුවර කොටින්ගේ ටැමිල් ගාඩියන් පුවත්පත
source:
* මියන්මාරයේ කැරන් සහ කැචින් බෙදුම්වාදීන් කණ්‌ඩායමක්‌
සිවිල් සංවිධාන මුවාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුමක්‌

* සතුරු පාර්ශ්වවල මතවාදවලට මානව හිමිකම් කොමසාරිස්‌
නවිපිල්ලේ ගොදුරු වෙලා

* 2012 මාර්තු මස ජිනීවාහිදී පිළිබිඹු වූ පරණ
මුහුණු 2013 මාර්තු මස යළින් එළිදකී

* ගිනි ඇවිලවීම සඳහා සම්බන්ධන් ඇතුළු පිරිසක්‌ දකුණු අප්‍රිකාවට යති

* ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහි කොටි පැවරූ නඩුවේ
අභියාචනය මාර්තු 8 දා කොළම්බියා අධිකරණයේදී

1. මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ
2. වැඩබලන විදේශ ලේකම්
ෂෙනුකා සෙනවිරත්න
3. ඇමරිකානු තානාපතිනිය
රට රටවල අභ්‍යන්තර කටයුතුවලට
මැදිහත් වන බවට සාක්‍ෂි
4. මෙරටට එන ඇමරිකානු කණ්‌ඩායම
5. මේජර් ජනරාල් සුදන්ත රණසිංහ
6. කොටින්ගෙන් සම්මානයක්‌ ගත් ටොරොන්ටෝ
පොලිස්‌ ප්‍රධානී බිල් බ්ලේසාරි

මෙරටට ඇමරිකානු තානාපතිනි මිචෙලි සිසන් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පසුගියදා මාතරින් ආරම්භ කළාය. ලෙබනනයේ ජාතික ආරක්‍ෂාව හා දේශපාලනයට බරපතළ ලෙසින් යොමුවූ ඇය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වී පැය 48 ක්‌ ගතවීමට මත්තෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනියක්‌ මෙරටට එන බවට වාර්තා විය. මෙලෙස ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන නිරීක්‍ෂණය කිරීමට එන මේ තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ වන්නේ 2006 සිට 2009 දක්‌වා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්‌ඩල ප්‍රධානි ෙ-ම්ස්‌ මුරේ කලක්‌ ඇමරිකානු හඬ ගුවන් විදුලියේ ශ්‍රී ලංකා වාර්තාකරු වික්‍රම් සිං සහ මානව හිමිකම් සහ ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ ජේන් සිමර්මන්ය.

මින් ජේම්ස්‌ මුරේ ශ්‍රී ලාංකික ඔත්තුකරුවන් හා විවිධ දේශපාලන පාර්ශ්වයන්ගෙන් වන්නි මෙහෙයුම සහ රජය ගැන තොරතුරු ලබාගෙන රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ වාර්තා යෑවීමට ක්‍රියා කර තිබිණි. එසේම ආරක්‍ෂක විශේෂඥයකු යෑයි හඳුන්වා ගන්නා වික්‍රම් සිං 1999 සිට 2001 අතර සමයේ ඇමරිකානු පෝඩ් පදනමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ගේ හිමිකම් හා ආරක්‍ෂාව මැයෙන් කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනය නමැති රාජ්‍ය නොවන සංවිධානය සමග එක්‌ව ව්‍යාපෘතියක්‌ දියත් කිරීමට ක්‍රියා කළේය.

මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ගේ සගයන් වූ මෙම රාජ්‍ය නිලධාරීහු තිදෙනා මෙරටට එන්නේ බරක්‌ ඔබාමා දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමට නොව පෙබරවාරි 26 දා ජිනීවාහිදී ආරම්භ වන මානව හිමිකම් සමුළුව සඳහා කොළඹ සිටින එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගෙන් හා ද්‍රවිඩ සන්ධානයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහායි.

ඒ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග දැඩි සබඳකම් පවත්වන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීහු දෙදෙනෙක්‌ පුන පුනා බලා සිටී. මෙහිදී රජය උගත් පාඩම් කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කර නැති බවටත් කොටි මිනීමරුවන් සැමරූ සිසුන්ව මුදාහැරීමට ක්‍රියා නොකිරීම හා උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකිරීම හා ද්‍රවිඩයන්ට දේශපාලන විසඳුමක්‌ දීමට ක්‍රියා කර නැති බවටත් දැක්‌වෙන පැමිණිලි ඔවුන් වෙත යොමු කිරීම සිදුවේ.

මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකානු බලධාරීහු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක්‌ ගෙනඒමට සූදානම් වන බව වාර්තා වී ඇත. මෙලෙස ශ්‍රී ලංකා විරෝධී නාටකය ජිනීවාහිදී රඟදැක්‌වීමට සැලසුම් කර ඇත්තේ 2012 දී ජිනීවා නාටකය මෙහෙය වූ පරණ මුහුණුයි. මේ නාටකය සඳහා අලුතින් එක ද මුහුණක්‌ හෝ සොයා ගැනීමට මොවුන්ට අද වනතුරු නොහැකිවී ඇත. මේ අතර ඇමරිකානු හමුදාව විසින් විදේශ රටවල හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා හමුදාවට ඇරයුම් කළ අතර ඊට මේජර් ජනරාල් සුදන්ත රණසිංහ නම් කෙරිණි. එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ නම කපාහැරීයේය. 2010 පෙබරවාරි මසදී කොටි පුනරුත්ථාපනය කිරීමේ මෙහෙයුම භාරගත් මේ හමුදා නිලධාරියා වන්නි මෙහෙයුම අවසන්වීමෙන් පසු 53 වැනි සේනාංකය භාර ප්‍රධානියා ලෙස පත්විය. එහෙත් එම මෙහෙයුම සමයේ ඔහු කිසිදු හමුදා සේනාංකයක්‌ භාරව ක්‍රියා කළේ නැත. මෙම හමුදා නිලධාරියාගේ නම ඇමරිකානු හමුදා පුහුණු වැඩසටහනින් ඉවත් කිරීමට පෙර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔහු සම්බන්ධව හමුදාපති ජගත් ජයසූරියගෙන් විමසීමක්‌ කර නැති බව හෙළි විය.

මින් සනාථ වූයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සම්බන්ධව ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කියන ෙද්‍රdaහීන් සිටින බවයි. මේ අන්දමට ජ්‍යෙෂ්ඨ මාණ්‌ඩලික නිලධාරියකුට ද ඇමරිකාවේ පුහුණුව සඳහා ඇරයුමක්‌ ලැබී රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවලංගු කෙරිණි. පසුව ඇමරිකානු හමුදාව මැදිහත්වීම මත එම නිලධාරියාට යළිත් ඇරයුමක්‌ ලැබුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර ජිනීවා මානව හිමිකම් නාඩගමට තව ඇත්තේ දින 31 කි. අන්තර්ජාතික ගැටුම් නිරීක්‍ෂණ කණ්‌ඩායම නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය පිටු තුනක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට සනාථ කිරීමට ක්‍රියා කළේය. එම වාර්තාවේ මෙලෙස සඳහන්වේ. “40000 ක්‌ හෝ ඊට වැඩි සිවිල් ජනතාවක්‌ ඝාතනය කිරීමේ ක්‍රියාමාර්ගයට බලපාන ජාත්‍යන්තර නීතිය නොතකා හැරීමට සහ යුද අපරාධ අරබයා පිළිගත හැකි පරීක්‍ෂණයක්‌ පැවැත්වීම එක දිගටම ප්‍රතික්‍ෂේප කර ඇත. එසේම සාමකාමී විරෝධතා හමුදාව යොදා මැඬලමින් කොටි සංවිධානය සමග සබඳතා ඇති බවට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් දෙමළ සිසුවන් අත්අඩංගුවට ගනිමින් විසම්මුතියට නිසි ඉඩකඩ ලබාදීමට රජය ක්‍රියා කර නැත.”

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් සැමරුවේ මියගිය කොටි යෑයි ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන් පවා පවසද්දී එකී රාජ්‍ය නොවන සංවිධාන එම සිසුන් කොටි සංවිධානයට සම්බන්ධ නැතැයි පැවසීම විහිළුවක්‌ නොවේද?

මේ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකික ඒජන්තවරයා සිටින්නේ ද කොළඹයි. මෙම සංවිධානය සිය වාර්තාවෙන් කියන්නේ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඇතුළු ආයතන වහාම ශ්‍රී ලංකාවට දෙන ආධාර කපාහැරිය යුතු බවයි.

ඊළඟට ඔවුන් කියා සිටින්නේ වන්නි හමුදා නායකත්වය යුද අපරාධකරුවන් කර දඬුවම් කළ යුතු බවයි. එහෙත් වාර්තාවේ කිසි තැනක කොටි සංවිධානය කළ අපරාධ ගැන වචනයක්‌වත් සඳහන් නොවේ. සතුරන් 2013 මාර්තු මසදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී හමුදාව සාවද්‍ය චෝදනා මත යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන බවට තවදුරටත් සනාථ වූයේ ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජික ස්‌ටීවන් රැට්‌නර්ගේ පිටු 10 ක වාර්තාවකිනි. යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යෑයි සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් කියා සිටි බව රැට්‌නර් සිය වාර්තාවෙන් හෙළි කළේය. (Reජදපපැබාසබට aබ සබඑeරබ්එසදබ්ක ජරසපසබ්ක ජදමරඑ සබඩැsඑසට්‌එසදබ as sදපැ භගඨගධගීග ය්d adඩදජ්එed)

එසේම රැට්‌නර් සිය වාර්තාවෙන් පෙත්සම්කරුවන් 2300 කට වැඩි පිරිසක්‌ තොරතුරු 4000 ක්‌ පමණ දරුස්‌මාන් මණ්‌ඩලයට එවූ බවද සඳහන් කර ඇත. මෙකී වාර්තාවෙන් ස්‌ටීවන් රැට්‌නර් ද කියන්නේ ශ්‍රී ලංකාවට දඬුවම් කිරීම ප්‍රමාද වී ඇති බවයි. මෙලෙස ලොව බිහිසුණු ත්‍රස්‌ත කණ්‌ඩායම සමග එරෙහිව සටන් වැදුනු හමුදාවක්‌ යුද අපරාධකරුවන් කිරීමට විවිධ ක්‍රියාමාර්ග දියත් වන අවස්‌ථාවේ කොටි හිතවාදීන් තිදෙනකු විසින් ජනාධිපතිවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ අභියාචනය මාර්තු 8 දා ඇමරිකාවේ කොළම්බියා දිස්‌ත්‍රික්‌කයේ අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය. මේ නඩුව ගොනු කර ඇත්තේ රාජ්‍ය නායකයකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිට වරප්‍රසාද හිමිකම අයත් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශයට එරෙහිවය. මෙකී නඩුව පැවරූ කාසිපිල්ලේ මනෝහරන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවකු වන අතර පසුව ලන්ඩනයට පැන ගියේය. මුතූර්හි සිටි ප්‍රීමන් ආනන්දරාජා සහ තලෙයි සෙල්වි ලෙවන් දැන් පදිංචිව සිටින්නේ දකුණු අප්‍රිකාවේයි.

ශ්‍රී ලාංකික පුරවැසියන් වූ මොවුන් ජනාධිපතිවරයාට එරෙහිව නඩුව ගොනු කර ඇත්තේ ඇමරිකාවේයි. මේ අන්දමට ඇමරිකානු ජනාධිපති ඔබාමාට එරෙහිව ශ්‍රී ලංකාවේ නඩුවක්‌ ගොනු කළ හැකිද?

මේ අතර කොළඹදී රජයට එරෙහිව විරෝධතා දැක්‌වීම සඳහා විදේශ රටක සිට පැමිණි තැනැත්තෙක්‌ ගැන ද පොලිසියට වාර්තා විය. කලක්‌ රජයේ මාධ්‍ය ආයතනයක සේවය කළ මෙම තැනැත්තාව මෙරට මාධ්‍ය විසින් හඳුනාගනු ලැබීය. මොහුගේ පසුබිම ගැන හා ඔහු විදේශ රටක සිට පැමිණියේ කුමන කාර්යයක්‌ ගැන ද යන්න ගැන දැන් බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණයක්‌ කෙරේ.

මේ අතර ශ්‍රී ලංකාවට කිසි දිනෙක පැමිණ නැති බුරුමයේ සිවිල් සංවිධාන සමාජයේ ක්‍රියාකාරීන් යෑයි හඳුන්වා ගත් දස දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවේ පැවැති කොටි ත්‍රස්‌තවාදය ගැන රාජ්‍ය නොවන සංවිධානවලින් තොරතුරු දැන ගැනීමට යෑයි කියමින් මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. කැරන් වුමන් ඇක්‌ෂන් ගෲප්, කැචින් සාම ජාලය නමැති බෙදුම්වාදීන් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ද ඊට අයත්වේ. මෙම මියන්මාර් කණ්‌ඩායමට මෙරටට ඇරයුම් කර ඇත්තේ කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක්‌ යෑයි හෙළි විය.

මෙම තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් ඇතුළු කණ්‌ඩායමක්‌ අද (27 දා) දකුණු අප්‍රිකාවට යැමටය නියමිතය. ඔවුන් එරටට යන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේදී දකුණු අප්‍රිකාව ලවා ගිනි ඇවිලවීමට යෑයි වාර්තාවේ. නැගෙනහිර කොටි හමුදා නායකයාව සිටි රමේශ්ගේ බිරියට දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ ද දකුණු අප්‍රිකාවයි. මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ද දකුණු අප්‍රිකානු කාන්තාවක්‌ නිසා ද්‍රවිඩ සන්ධානයේ උපක්‍රමය මැනවින් සනාථ නොවන්නේද?

නවි පිල්ලේ දැන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ඇය බරපතළ ලෙසින් බලපෑම් කිරීමේ නිරතව සිටින බව සනාථ වී ඇත. මේ සතියේ දිනෙක විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ෂෙනුකා සෙනවිරත්න විසින් නවිපිල්ලේ වෙත චෝදනා නගමින් ඇය ශ්‍රී ලංකාවට ද්වේශ සහගතව සලකන බව කියා සිටියාය.

නවිපිල්ලේ වෙත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය විසින් යෑවූ ලිපියේ තවදුරටත් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවට සතුරු සහ විවිධ අභිලාෂයන්ගෙන් යුත් පාර්ශ්ව විසින් පෙන්නුම් කරනු ලබන පූර්ණ පක්‍ෂපාතීත්වය ඇති කරන මතවාදයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ ප්‍රකාශවලින් සනාථ වන බවත් ඇගේ අන්තනෝමතික ප්‍රකාශ එක්‌සත් ජාතීන්ගේ පද්ධතියේ අපේක්‍ෂා කරන අපක්‍ෂපාතීත්වයේ හා සමානාත්මතාවයේ ප්‍රමිතීන් සම්බන්ධව ප්‍රශ්නයක්‌ වී ඇති බවයි. එසේම ස්‌වෛරීරාජ්‍යයක්‌ වූ ශ්‍රී ලංකාවේ ගැටලුවක්‌ සම්බන්ධයෙන් නවිපිල්ලේ පැහැදිලිවම මැදිහත්වී ඇති බව සෙනවිරත්න මහත්මිය දැඩි ස්‌ථාවරයක්‌ අනුගමනය කරමින් දක්‌වා ඇත. මෙරට වැඩබලන විදේශ ලේකම්වරියගේ ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට යටවී ඇති බවයි. මේ අතර මෙරට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ පැවැති උත්සවයක්‌ අමතමින් තමා ඇමරිකානු තානාපතිනිය හමුවන සෑම අවස්‌ථාවේදීම ශ්‍රී ලංකාවේ සෙබළුන්ට දඬුවම් කිරීමට ක්‍රියා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන බව පළ කළේය. “නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සෙබළුන්ට දඬුවම් කළ නොහැකි බව මා කියා සිටියා. ඇමරිකාවට ගත හැකි ක්‍රියාමාර්ගය නම් අපේ හමුදා නිලධාරීන්ට ලබාදෙන විදේශ පුහුණුව නතර කිරීමයි. එහෙත් අපි හමුදා නිලධාරීන්ව චීනයට යවා පුහුණුව දෙනවා. එසේම වන්නි මෙහෙයුමේදී ඇමරිකාවෙන් අපට යුද අවි සහාය ලැබුණේ නැහැ යෑයි රාජපක්‍ෂ මහතා තවදුරටත් කියා සිටියේය. මෙලෙස ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් යුද අපරාධ සිදු කළ බව කියමින් ඔවුන්ට දඬුවම් කරන්නැයි ඉල්ලන ඇමරිකානු තානාපතිනිය ෙඩ්‍රාaන් යානාවලින් ඇµaගනිස්‌තානයේ හා පකිස්‌තානයේ සිවිල් වැසියන් මියයැමට වගකිවයුතු ඇමරිකානු සෙබළුන්ට දඬුවම් කරන්නැයි පවසා නැත. කොටි සංවිධානයට යුද අවි ලබාගැනීමට අරමුදල් සැපයූ කානඩා ද්‍රවිඩ කොන්ග්‍රසය මේ සතියේ දිනෙක රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ සමග සම්මාන පිරිනැමීමේ උත්සවයක්‌ පවත්වනු ලැබීය. මෙහිදී ටොරොන්ටෝ පොලිස්‌ ප්‍රධානී බිල් බ්ලෙයාර්ට්‌ හා වන්නියේ සිටි කොටි වෛද්‍යවරයකුට ද සම්මාන පිරි නැමූහ. කොටි හිතවාදීන්ගේ මේ උත්සවය ඇමතූ ද්‍රවිඩ කොන්ග්‍රසයේ සභාපති සුන්දර්මුර්ති නමැත්තා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ගේ මානව හිමිකම් උල්ලංඝණයවීම හෙළා දුටු කැනඩා රජයට ප්‍රණාමය දක්‌වන බව කියා සිටියේය. මේ අතර මැලේසියාවේ කොටි හිතවාදීන් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට ගත් උත්සාහය පොලිසිය විසින් ව්‍යාර්ථ කෙරිණි. අනතුරුව එම කොටි කණ්‌ඩායම මෙහෙය වූ අරජුනන් නමැත්තා ශ්‍රී ලංකා ධජය ඉරා දැමීය.

ඔහු ශ්‍රී ලංකාව විනාශ කළ යුතු බවද පවසමින් නියෝජ්‍ය මහ කොමසාරිස්‌ සුනිල් වික්‍රමසිංහ මැලේසියානු ජනතාවගෙන් සමාව යෑදිය යුතු යෑයි කීවේය. එහෙත් නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා කොටින්ගෙන් සමාව ගත්තේ නැත. මේ අතර 1940 දී ආනන්ද සමරකෝන් මහතා ලියූ ජාතික ගීය සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් නැවත ලියෑවිය යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ රජයේ ඇමැතිවරයකු විසින් රජයට ඉදිරිපත් කර ඇත. එහෙත් ඉන්දියානු ජාතික ගීය තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාව සිටින නිසා ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ වී ගායනා කළ යුතු බවට ඉන්දීය රජය ක්‍රියාකර ඇත.

මේ අන්දමට බ්‍රිතාන්‍යයේ අරාබි ජාතිකයන් විශාල පිරිසක්‌ සිටින අතර එරට ජාතික ගීය අරාබි භාෂාවෙන් සකස්‌ වී තිබේද?

මේ පසුබිම යටතේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පසුගිය 23 දා මෙරට නිදහස්‌ මධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම අමුද්‍රව්‍ය සපයනු ලැබීය. ඒ සඳහා තෝරාගෙන තිබුණේ නෝර්වේ අරමුදල් ලබන කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැණියයි. ලොව කිසිම රටක නැති අයුරින් මෙරට ඉතාමත් බිහිසුණු මාධ්‍ය මර්දනයක්‌ ඇති බවට දක්‌වමින් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරිකයෙක්‌ එහිදී බෙරිහන් දුන්නේය. ඒ සඳහා 29 දා ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක්‌ පවත්වා මහජන පුස්‌තකාලයට ගොස්‌ රැලියක්‌ පවත්වන බවද ඔහු පළ කළේය. ඉන් පසුව සිදු වන්නේ එකී විරෝධතාවයේ හා රැලියේ ඡායාරූප හා වීඩියෝ දර්ශන විදේශගත කිරීමයි. නෝවීජියානු නෝරාඩ් සංවිධානයෙන් වැඩි වැඩියෙන් ඩොලර් ලැබෙන්නේ එවිටය. කොටි හඬ ගුවන්විදුලියට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම හෙළා දුටු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමට දමිළ මාධ්‍ය සංගමය ද එකතු විය. පසුගියදා අරලියගහ මැඳුරේදී ලැප්ටොප් ලබාගැනීමට පැමිණියේ ද එකී දමිළ මාධ්‍ය සංගමයේ පිරිසයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ – දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන හා ද්‍රවිඩ සන්ධානය උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරලීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළට හමුදා බලධාරීහු පසුගිය බ්‍රහස්‌පතින්දා නිසි ප්‍රතිචාරයක්‌ දක්‌වමින් ශ්‍රී ලංකා රජයට රටේ ඕනෑම තැනක හමුදා කඳවුරු ස්‌ථානගත කළ හැකි යෑයි කියා සිටියේය. උගත් පාඩම් කොමිසම මගින් ද උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම නිර්දේශ කර තිබූ අතර ඒ ගැන විමර්ශනය කිරීමට හමුදාපති ජගත් ජයසූරිය විසින් කමිටුවක්‌ පත් කර තිබිණි.

පස්‌ දෙනකුගෙන් යුත් මේ හමුදා කමිටුව සිය වාර්තාවෙන් දක්‌වා තිබුණේ යුදමය තත්ත්වයකදී රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් විය යුතු බවට නිසි පද්ධතියක්‌ නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk