Spread the News

ප්‍රභාකරන්ගේ  බාල පුතා ගැන හැදූ
චිත්‍රපටයේ ඇත්ත කතාව

source:

ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මා චැනල් – 4 අධ්‍යක්‍ෂ කැල්ලම්
මැක්‌රේට අභියෝග කළා. එහෙත් කොන්දක්‌ නැති චැනල් – 4
කණ්‌ඩායම අද වනතෙක්‌ ඊට ප්‍රතිචාරයක්‌ දක්‌වා නැහැ.
– මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

* ශ්‍රී ලංකාවට එරෙහිව දැඩිව ක්‍රියා කරන්නැයි ඉල්ලමින් මන්නාරම් රඳගුරු රායප්පු ජෝශප් හා පූජකවරු 132 ක්‌ මානව හිමිකම් කොමිසමට සන්දේශයක්‌ යවතී.

* ඊළම් කණ්‌ඩායම් කප්පම් ගන්නවා ඔවුන්ට මානව හිමිකම් සමුළුවට එන්න දෙන්න එපා- රුද්රකුමාරන්

* හමුදාව බාලචන්ද්‍රන්ව මැරුවාලු. නමුත් ලේ සළකුණු නැහැ.

* මෙරටින් පැන ගිය චිත්‍රකර්ම ගුරුවරිය ම්ලේච්ඡ ක්‍රියා සිදු කළේ සිංහලයන් යෑයි ස්‌විට්‌සර්ලන්තයේදී කියයි.

* ජනාධිපතිවරයා ඉතාලි තානාපතිව ආපසු කැඳවයි.

* චැනල් 4 වීඩියෝ පටය ඉන්දියාවට ද ගෙනඑයි


කොටි කොන්ත්‍රාත්තුව ඉටු කළ
කැල්ලම් මැක්‌රේගේ 2 වැනි වීඩියෝ පටය

නෝ ෆයර් සෝන් චිත්‍රපටයට දායක වූ
බෙන්ජමින් ඩික්‌සි වන්නි කොටි වීඩියෝ කණ්‌ඩායම සමග

22 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට හෙට (25) ආරම්භ වේ. මේ සමුළුව ආරම්භවීමට දින 12 කට පෙර බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌ පෝරාවේ කොන්ත්‍රාත්තුව මත ක්‍රියා කරන චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ යළි මතුවිය. ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ව හමුදා බංකරයකට ගෙනැවිත් විස්‌කෝතු කන්නදී වෙඩි තබා මැරුවා යෑයි ඔහු ඡායාරූප කීපයක්‌ විකාශනය කරමින් කියා සිටියේය. බාලචන්ද්‍රන්ට වෙඩි තබා මැරූ බවට සනාථ කිරීම සඳහා මැක්‌රේ බ්‍රිතාන්‍යයේ වෝහාරික වෛද්‍යවරයකු වන ඩෙරික්‌ පවුන්ඩර්ගේ සාක්‍ෂියක්‌ ද ප්‍රකාශයට පත් කළේය. එහෙත් මේ අපූරු වෝහාරික විශේෂඥයා සිය සාක්‍ෂිය ඉදිරිපත් කළේ බාලචන්ද්‍රන්ගේ මළසිරුර නැතිවය. එපමණක්‌ ද නොවේ. හමුදා බංකරයක සිටි බව කියන බාලචන්ද්‍රන්ගේ මුහුණේ බියක සේයාවක්‌ ද දක්‌නට නොලැබුණි. මේ හැර බාලචන්ද්‍රන්ගේ පපුවට වෙඩි පහක්‌ තබා ඇති බව කීවත් ඒ එකම වෙඩි පහරක්‌වත් ලේ ගලා යැමක්‌ සිදු වී නැත. ප්‍රභාකරන්ගේ පුත්‍රයාව ශ්‍රී ලංකා හමුදාව විසින් අමානුෂිකව ඝාතනය කළ බව ලෝක ප්‍රජාවට පෙන්නුම් කිරීම සඳහා ක්‍රියා කළ කැල්ලම් මැක්‌රේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුද අපරාධ සිදු කළ බවට එකී ඡායාරූප ප්‍රබල සාක්‍ෂියක්‌ යෑයිද පළ කළේය. එසේම කැල්ලම් මැක්‌රේට සහය වූ ඩෙරික්‌ පවුන්ඩර්ට එරෙහිව තවත් වෛද්‍ය විශේෂඥයකු ද ප්‍රකාශයක්‌ කර තිබූ බව හෙළි විය.

ඊට සමගාමීවම මැක්‌රේ නෝ පයර් සෝන් නමැති වීඩියෝ පටය ද නිර්මාණය කළේය. මේ වීඩියෝ පටයට දායක වී ඇත්තේ මෙරටින් ජර්මනියට පැනගිය ඡේ. ඩී. එස්‌. හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ නමින් සංවිධානයක්‌ අවටාගත් රෝහිත භාෂණ අබේවර්ධන නමැති කොටි හිතවාදියාත්, වන්නියේ නෝවීජියන් පීපල් ඒඩ් සංවිධානයේ ඡායාරූප ශිල්පි බෙන්ජමින් ඩික්‌සි, කොටින්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියක්‌ හා කොටි ත්‍රස්‌තයකු වන පුලිනේවන්ගේ අතිජාත මිතුරියක්‌ වූ මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන් සහ ග්‍රවුන්විවාස්‌ වෙබ් අඩවියයි.

මින් බෙන්ජමින් ඩික්‌සි නමැත්තා වන්නියේ කොටි වීඩියෝ කණ්‌ඩායම සමඟ එක්‌ව ක්‍රියා කළේය. (ඡායාරූපය සාක්‍ෂි දරයි)

එසේම රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි ත්‍රස්‌තයන්ගේ දේදුන්න පුවත්පත සකස්‌ කළ අයෙකි. මොහු ගැන බුද්ධි සේවාවන්ට වාර්තාවීමත් සමගම ඔහු පැන ගියේය.

මෙයට කලකට පෙර ඔහු පැවසුවේ චැනල් 4 රූපවාහිනියට වීඩියෝ දර්ශන සැපයූවේ තමන් බවත් සිංහලයකු ඒවා ලබාදීම නිසා. එකී රූපවාහිනී සේවාව එය පිළිගත් බවයි. මේ හැර ප්‍රභාකරන්ගේ බාලපුත්‍ර බාලචන්ද්‍රන්ගේ ඡායාරූපයේ වෙඩි වැදුණු බව නියත සලකුණු සම යටට ඇති බව පිළිබිඹු වේ. මෙලෙස පපුවේ ස්‌ථාන මැන මැන වෙඩි තබන පිරිස්‌ සිටින්නේ කුමන රටේද?

මෙම පසුබිම යටතේ කැල්ලම් මැක්‌රේ සිය නෝ පයර් සෝන් වීඩියෝ පටයෙන් සාක්‍ෂි කීපයක්‌ ද ඉදිරිපත් කරයි. ඒ සිය ඥතීන් හමුවීමට වන්නියට ආ බව කියන වානි නමැති බ්‍රිතාන්‍ය ද්‍රවිඩ කාන්තාවයි. එහෙත් මේ වානිs නමැත්තිය කවුද? ඇය 2008 පෙබරවාරි මස සංචාරක කාන්තාවක්‌ ලෙස මෙරටට පැමිණි තමිලිනි ඥනකුමාර් නමැත්තිය කොටි කාන්තාවකි. තමා වන්නියට පැමිණියේ මව්පියන් දැකීමට බව ඇය පැවසුවත් ඈ බොරුකාරියක්‌ යෑයි හෙළි වෙයි. ලන්ඩනයේ සිටින ඇගේ නැඟනිය හා ඥතීහු එම ප්‍රකාශය සාවද්‍ය යෑයි පවසා තිබුණි. කොටි සංවිධානය විසින් ඇයව හඳුන්වනු ලැබුවේ දමිල්වානිs නමිනි. නම් තුනකින් පෙනී සිටි ඇය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ගේ පිහිටෙන් මෙරටින් ගියාට පසු යුරෝපා පාර්ලිමේන්තුව අමතා ඇත. එහිදී ඇය කොටි සංවිධානය වෙනුවෙන් හඬ නඟා ඇත.

ශ්‍රී ලංකාවේ නීතිවිරෝධීව රැඳී සිටිමින් නම් තුනකින් පෙනී සිටි වානිsකුමාර් කියන දේ පිළිගත හැකි දැයි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා චැනල් ෙෆda අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේ ඔහුට කටඋත්තර නැති විය.

එහෙත් වානිකුමාර් ව දැන් යළිත් වරක්‌ කරළියට ගෙනවිත් ඇත. මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ කැල්ලම් මැක්‌රේ සිය නෝපයර් සෝන් වීඩියෝ පටය මෙම 27 දා ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවේ පැවැත්වෙන ගෝලීය ද්‍රවිඩ සංසදයේ තෙවැනි සමුළුව හමුවේ තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

මේ නිසා බ්‍රිතාන්‍ය කොටි සහ කැල්ලම් මැක්‌රේ අතර ඇති සබඳතාවය සනාථ නොවන්නේද? “තක්‌කඩි දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති” බව පැවසුවේ ඇමරිකානු ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රම් ය.

දැන් ඒ බව සනාථ වී ඇත. ලන්ඩන්හි පැවැත්වෙන ගෝලීය ද්‍රවිඩ සංසදයේ සමුළුවට – බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති නිතිs ක්‌ලේග්a බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලයේ වර්සි, ලේබර් පක්‍ෂනායක මිලිබෑන්ඩ්, එච්. ඩේව් සහ ඩග්ලස්‌ ඇලෙක්‌සැන්ඩර්, එරික්‌ සෝල්හයිම්, කොටින්ව බේරා ගැනීමට උත්සාහ කළ වේවිඩ් මිලිබෑන්ඩ් අප්‍රිකානු මන්ත්‍රි ෂිෂා ජිනේලිකා සහ දරුස්‌මාන් මණ්‌ඩලයේ යස්‌මින් සුකා සහ ද්‍රවිඩ සංධානයේ ආර්. සම්බන්ධන් ද ඊට සහභාගි වේ.

මෙකී කොටි සමුළුව හමුවේ නෝපයර් සෝන් වීඩියෝ පටය ප්‍රදර්ශනය කරන කැල්ලම් මැක්‌රේ ඉන් බ්‍රිතාන්‍ය දේශපාලකයන්ට කියා සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතු බවයි.

එහෙත් බාලචන්ද්‍රන්ගේ මළසිරුර අසල සිටින්නේ සෙරෙප්පු දමාගත් අයෙකි. සෙරෙප්පු දමාගත් කොටින්ගේ ඡායාරූප මෙයට පෙරද විකාශනය විය. එසේම 2012 දී මැක්‌රේ විසින් බාලචන්ද්‍රන්ගේ ඡායාරූපය ජිනීවා වෙත ගෙන ආවේ මියගිය කොටි රැකවළුන් පස්‌දෙනකු සමගය. එහෙත් 2013 දී ලෝක ප්‍රජාවට ඉදිරිපත් කර ඇත්තේ බාලචන්ද්‍රන් පමණි.

මේ අතර චැනල් ෙෆda රූපවාහිනිය ලන්ඩන් නුවරට පැමිණ නවිපිල්ලේ සමග විගස සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. “චැනල් ෙෆda රූපවාහිනි සේවාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශනයක්‌ කිරීම මම අගය කරනවා. ඔබලා මෙය අපේ අවධානයට යොමු කළා යෑයි නවිපිල්ලේ එම සාකච්ඡාවේදී කීවාය.

මෙලෙස නවිපිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණිලිකාරිය සහ විනිසුරුවරිය ලෙස කටයුතු කරන අවස්‌ථාවේ මිනීමරු ප්‍රභාකරන්ගේ පුත්‍රයාවූ බාලචන්ද්‍රන්ගේ ඡායාරූප ගැන තමින්නාඩු කොටි හිතවාදීන් විසින් විවිධ ප්‍රකාශ කරනු ලැබීය.

ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ පට්‌ටලි මක්‌කල් කච්චි පක්‌ෂයේ නායක රාම්ෙද්‍රdaaස්‌ මෙලෙස කියා සිටියේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එරෙහිව අපි මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර නඩු විභාගයක්‌ පැවැත්විය යුතුයි.

ඉන්දීය කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ලේකම් රාමක්‍රිෂ්ණන් පැවසුවේ මේ සිද්ධිය ගැන ඉන්දීය රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බවයි. මෙම වාතාවරණය මැද මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජකවරුන් සහ කන්‍යා සොයුරියන් 132 ක්‌ ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්‌ සහ එම කොමිසමේ සියලු සාමාජිකයන් වෙත පිටු දෙකක සන්දේශයක්‌ යවමින් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රීලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඇත.

එම සන්දේශයේ මෙලෙස සඳහන් විය. “දස දහස්‌ ගණනක්‌ ද්‍රවිඩ ජනතාව ඝාතනය වී හා අතුරුදන් වී අපේ ආගම සභ්‍යත්වය සහ භාෂාව ක්‍රමානුකූළව විනාශ කිරීමේ පියවර ගෙන තිබේ. අනාගතයේදී අපගේ අනන්‍යතාව ද විනාශ කෙරේ. යුද්ධය පැවැති සමයේදී ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංඝනය කිරීම ගැන ජාත්‍යන්තර ස්‌වාධීන කොමිසමක්‌ද මානුෂීය හිමිකම් උල්ලංඝනය වීම ගැන කටයුතු කිරීම ගැන කටයුතු කිරීමට පුළුල් බලතල ඇති විශේෂ නියෝජිතයකු පත්කරන මෙන්ද යුද්ධයේදී තම යුතුකම පැහැර හැරී එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් ගැන ක්‍රියා කිරීමට යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරන මෙන් ද ඉල්ලා සිටින්නෙමු.

මෙලෙස ශ්‍රී ලංකාව තුළම රැඳී සිටිමින් ශ්‍රීලංකාවට එරෙහිව විවිධ පාර්ශ්ව ක්‍රියා කරන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාව අතර අර්බුදයක්‌ මතු විය.

එය සනාථ වූයේ ඇමරිකාවේ සිට අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානයක අගමැති යෑයි හඳුන්වා ගන්නා විශ්වනාදන් රුද්රකුමාරන් විසින් නවිපිල්ලේ වෙත යෑවූ හදිසි සන්දේශයකින් එහි මෙලෙස සඳහන් විය.

“2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන් මිය යැමට පෙර මාව ඊළම් ද්‍රවිඩ ජනතාවගේ නායකයා ලෙස පත් කළා. එහෙත් විවිධ ද්‍රවිඩ ඊළම් කණ්‌ඩායම් අපේ හිටපු නායකයාගේ දර්ශනය අනතුරු දායක තත්ත්වයකට පත් කරනවා. ඔවුන් ද්‍රවිඩ ඩයස්‌ පෝරාවෙන් බලහත්කාරයෙන් කප්පම් ගන්නවා. ගත වූ වර්ෂවල ඔවුන් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් මානව හිමිකම් සමුළුව හමුවේ පෙනී සිටියා. එවන් කණ්‌ඩායවලට සමුළුව හමුවේ පෙනී සිටීමට ඉඩ දෙන්න එපා. අපිව නියෝජනය කරන කණ්‌ඩායම මෙසේයි. විරතානි සුන්දර්ලිංගම්, සිවරාජා ශ්‍රී සජිතා, සෙල්වරාජා ජෙසම්, රජිනිදේවි , සින්නතම්බි සහ මුරගයියා ප්‍රගස්‌තන්.

රුද්රකුමාරන්ගේ මේ සන්දේශයෙන් කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ගැරි ආනන්දසංගරී , වී. තිරුබාකරන්, සුරේන්a, සුරේන්ද්‍රන් වැන්නන් ප්‍රතික්‍ෂේප කර ඇති බව සනාථ වේ.

මේ පසුබිම යටතේ ලන්ඩනයේ ස්‌කූල් ඔෆa එකොනමික්‌ස්‌ ආයතනයේ පැවැති සමුළුවක්‌ ඇමතූ නවිපිල්ලේ ශ්‍රී ලංකා රජයට අනතුරු අගවමින් එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් පිරිස හෙවත් ඩොලර් කාක්‌කන්ට අත තිබ්බොත් බලාගෙනයි යනුවෙන් අනතුරු ඇඟවූයේය.

මේ අතර 2009 දී සිය සැමියා සමඟ ස්‌විට්‌සර්ලන්තයට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලැබූ යුලානි පෙරුම්බුවගේ නමැත්තිය ෂොප්හොසන් ප්‍රදේශයෙන් මතු විය.

චිත්‍රකර්ම ගුරුවරියක්‌ යෑයි හඳුන්වාගත් ඇය ස්‌විස්‌ මාධ්‍යවේදියකු අමතමින් කර ඇති ප්‍රකාශය මෙරට හා යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය උදෙසා මෙලෙස දක්‌වන්නෙමු.

“අනිකුත් අයට එරෙහිව බහුතර ප්‍රජාව සිදු කල ම්ලේච්ඡ ක්‍රියාවල වගකීම භාර ගැනීමට අපට ආත්ම ශක්‌තියක්‌ නැතනම් පිරිසිදු සහජීවනයක්‌ ඇති නොවේ. එම සමයේ යුද්ධයට එරෙහිව කිසිදෙයක්‌ ලියන්න හැකිවූයේ නැත. පාසලේ කාර්ය මණ්‌ඩලය හා අසල්වැසියන් මට ෙද්‍රdaහියෙක්‌ ලෙසට තර්ජනය කලා. මගේ සැමියාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී මරණ ලැයිස්‌තුවට ඇතුළත් කර තිබුණා.

මම මාර්ගවල දැවෙන සිරුරු දුටුවා. ඔවුන්ව වධ හිංසා පමුණුවා ප්‍රසිද්ධියේ පිළිස්‌සුවා. සොල්දාදුවකු මළාම ඔහුගේ පවුලේ අයට මූල්‍යමය සහය ලැබෙනවා. බෞද්ධ භික්‍ෂූන් ඔහුව වීරයකු කරනවා. මම දැන් ද්‍රවිඩයන් හා ස්‌විස්‌ ජනතාව අතර සබඳතාව ගොඩනැඟීමට ක්‍රියා කරනවා.

කුරුණෑගල උපන් මේ තැනැත්තිය ස්‌විට්‌සර්ලන්තයේ සිට කියන්නේ ප්‍රභාකරන් නොව බහුතර සිංහලයන් ම්ලෙච්ඡ ක්‍රියා සිදු කළ බවයි.

ඇය මේ සාකච්ඡාවේදී සිය සැමියා කවුරුන්දැයි හෙළි කර නැතත් ෂොප්හොසන්හි ඇය පදිංචි ස්‌ථානය සමීපතම කොටි විරෝධියකු ඔහු කව්දැයි අපට අනාවරණය කළේය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මානව හිමිකම් සමුළුවට සමීපව තිබියදී මොවුන් මතුවීමයි. ජාත්‍යන්තර මාධ්‍යවේදී දිනය අත ළඟ තිබියදී එක්‌ මාධ්‍යවේදියකු ට පහරදීමක්‌ සිදු විය. මෙවර මානව හිමිකම් සමුළුවටම සමීපව තිබියදී ගල්කිස්‌සේ මාධ්‍යවේදියකුට වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා විය.

එහෙත් දැන් එම වෙඩි තැබීම ගැන හඬනැඟීම නතර වී ඇත. මෙහිදී වෙඩි තැබීමට ලක්‌වූ පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා තමාට ආරක්‍ෂාව සලසා ඇති බවයි. මේ අතර ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරාට දැඩි විරෝධය දක්‌වමින් ශ්‍රී ලාංකික ජනතාව දැක්‌වූ විරෝධාතාවය නිසා ජනාධිපතිවරයා විසින් ඔහුව මෙරටට කැඳවනු ලැබීය.

ශ්‍රී ලාංකිකයන්ට නිසි සේවාවන් ලබානොදීම හා අකාර්යක්‍ෂම පාලනය යන චෝදනා ඔහුට එල්ල කර ඇත.

මේ අතර චැනල් 4 රූපවාහිනියේ නෝපයර් සෝන් වීඩියෝ පටය නවදිල්ලියේ කන්ස්‌ටිටියුෂන් ක්‌ලබ් ආයතනයේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත.

ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ඉන්දීය අධ්‍යක්‍ෂ ආනන්ද පද්මනාදන්, අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ, අයි. ඒ. එන්. එස්‌. ප්‍රවාත්ති සේවයේ කර්තෘ නාරායන්ස්‌වාමි සහ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ පී. සහදේවන්ද එම අවස්‌ථාවට සහභාගි වේ. කැල්ලම් මැක්‌රේ මෙම වීඩියෝ පටය ඉන්දියාවට ගෙන ආවේ ගිනි ඇවිලවීමට බව සනාථ නොවන්නේ ද?

කීර්ති වර්ණකුලසූරිය