බොස්‌ටන් බෝම්බ ප්‍රහාරයෙන්
ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම්
බොස්‌ටන් බෝම්බ කරුවන් දෙදෙනා සම්බන්ධව පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන ජනතාව සතුට පල කරන ආකාරයයි මේ…….
තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත් කරමින් තවත් 176 කට බර පතල තුවාල සිදු කළ ඇමරිකාවේ බොස්‌ටන්හි බෝම්බ පිපිරීම් සම්බන්ධව වගකිව යුතු ත්‍රස්‌තවාදීන් පැය 72 කටත් කලින් අල්ලා ගැනීමට ඇමරිකානු පොලිසියත් ඊට සහය වු ඇමරිකානු මාධ්‍යයත් මුළු ලොවටම පෙන්වූයේ ත්‍රස්‌තවාදීන් සම්බන්ධව ක්‍රියා කරන ආකාරයයි. බෝම්බ පිපිරීමට සම්බන්ධ ත්‍රස්‌තවාදීන් පසුපස බොස්‌ටන් පොලිසිය හඹායන අවස්‌ථාවේ මාධ්‍යවලට කියා සිටියේ සියළුම ජංගම දුරකථන අක්‍රීය කළ යුතු බවයි. එසේම ත්‍රස්‌තවාදීන් අල්ලාගන්නා තුරු බොස්‌ටන් නගරවාසීන්ට තම නිවාස තුළ රැඳී සිටින ලෙසත් පොලිසිය නියෝග කරනු ලැබීය. එසේම ත්‍රස්‌තවාදීන් පසුපස හඹායැමට පොලිසිය ක්‍රියා කරන අවස්‌ථාවේ පොලිසිය පසුපස නොඑන ලෙසද පොලිස් බලධාරීහු මාධ්‍යවලට උපදෙස් දෙමින් කියා තිබූ බව අනාවරණය වීය. මේ අනුව සනාථ වන්නේ ත්‍රස්‌තවාදීන් අසුවනතුරු දැඩි නිළනොවන මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක වූ බවයි.
මෙහිදී පෙනී යන තවත් ක්‍රීයාදායමයක් නම් මියගිය කිසිවෙකුගේ සිරුරු පෙන්වීමට හෝ පොලිස් වෙඩි පහරින් මිය ගිය බෝම්බ කරුගේ සිරුර පෙන්වීමට මාධ්‍ය ක්‍රීයා නොකිරීමයි. එසේම ත්‍රස්‌තවාදී බෝම්බ කරුවන් සම්බන්දයෙන් ඇමරිකානු පොලිසියත් රජයත් ක්‍රියා කළේ කෙසේ ද යන්න නිරීක්‍ෂණයට ලක් විය යුතුයි. සෝකාර් නැමති දෙවැනි බෝම්බකරුව පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඇමරිකානු නීතිය අනුව හේතු දක්‌වමින් නොවේ. එසේම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය අත්අඩංගුවට පත් බෝම්බ කරු හමුවීමට ගියේ නැත. මානව හිමිකම් සංවිධානද ශෝකාර්ගේ මානව හිමිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරන බව කියමින් ඔහු වෙත යොමු වීමට ක්‍රියා කළේ නැත. මෙහිදී ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරු දෙදෙනෙකු වු ග්‍රෝහැම් සහ ජෝන් මැකෙන් පැවසූවේ අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තවාදී සැකකරු සතුරු ප්‍රහාරයකු ලෙස සැළකියයුතු බවයි. එසේම ඇමරිකානු නීතිපති එරික් හෝල්ඩර් දැඩි ප්‍රකාශයක් කරමින් ඇමරිකානු භූමිය තුළ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් සිදු කර ගැළවිය නොහැකි බව ත්‍රස්‌තවාදීන් තේරුම් ගත යුතු බවත් ඔවුන්ට නිසි විනිශ්චය ලබා දීමට ඇමරිකාව නොපසුබට නොවන බවද කියා සිටියේය. මේ ප්‍රකාශවලින් පැහැඳිලි වන්නේ ඇමරිකාවට එරෙහිව ත්‍රස්‌තවාදීන් ක්‍රියාදාමයන්හි යෙදෙන පුද්ගලයන් කුමන තරාතිරමක වූවත් ඔවුන්ට දඬුවම් දීමට ඇමරිකාව ක්‍රියා කරන බවයි. එහිදී මානව හිමිකම් ගැන කිසිවකුත් ප්‍රශ්න කරන්නේ නැත.
බොස්‌ටන්හි බෝම්බ පිපිරීම පිළිබඳ විමර්ශනය කරන විට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක බලධාරීන්ද එය අධ්‍යනයට ලක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ මෙවන් දෙයක් සිදු වූයේ නම් මාධ්‍යය කෙළින්ම දුවන්නේ එකී සිද්ධිය වූ ස්‌ථානයටයි. එතැන් සිට ජංගම දුරකථන පණිවුඩ විශාල ලෙස හුවමාරුවේ. යම් ලෙසකින් පොලිසිය හෝ හමුදාව එකී ස්‌ථානයට යැමට ඉඩ දුන්නේ නම් මාධ්‍ය නිදහසට තර්ජනයක් එල්ල වනවා කියමින් ඝෝෂා කරති. පසුගිය කාලයේ කොළඹ ඇති වූ සිදුවීම්වලින් ඒ බව සනාථ වේ එහෙත් ඇමරිකානු මාධ්‍ය ක්‍රියා කළේ කෙසේද යන්න බොස්‌ටන් බෝම්බ පිපිරීමෙන් පැහැඳිලි වේ. ඔවුහු ජංගම දුරකථන අකA්‍රSය කරමින් ත්‍රස්‌තවාදීන් අල්ලා ගැනීම සඳහා පොලිසියට සහය වූහ. එසේම ජනතාවද මැරතන් තරගයේදී තමන්ගේ ජංගම දුරකථනවලින් ලබා ගත් ඡායාරූප කඩිනමින් පොලිසියට සැපයීමට ක්‍රියා කරනු ලැබීය. එහිදී පැහැදිලි වුයේ ත්‍රස්‌තවාදීන් අල්ලා ගැනීමට පොලිසියත් ජනතාවත් මාධ්‍යයත් එකා මෙන් ක්‍රියා කළ බවයි. එහෙත් අපේ රටේ සිද්ධවන්නේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. වැලිකඩ සිරගෙදර ඇති වූ කැරැල්ලේදී ඇතැම් මාධ්‍ය පාර්ශවයන් සිරගෙදර සිටි සිරකරුවන් සමගද පණිවුඩ හුවමාරු කරගත් බව වාර්තා වීය.
තවත් සමහරු සිරගෙයි සමීපයට වී විදේශ රටවලට වාර්තා යෑවීමට උත්සුක වූහ. එහෙත් කිසිවෙකු රටේ ජාතීක ආරක්‍ෂාව ගැන තැකීමක් කළේ නැත. මේ පසුබිම යටතේ බොස්‌ටන්හි බෝම්බ පිපිරීමේ සිද්ධියට වගකිව යුතු සොයුරන් දෙදෙනා අල්ලා ගැනීමට පොලිසියට හැකි වූයේ ජනතාවගේ සහය නිසාය. එහෙත් අපේ රටේ එවැන්නක් සිදු වේ නම් මානව හිමිකම් සංවිධානවල නියෝජිතයෝ එකී ස්‌ථානයට දිව එති. එසේම සමහර දේශපාලඥයෝ හමුදාව හා පොලිසිය වෙඩි තබන්නේ ද යෑයි නිරීක්‍ෂණය කිරීමට එකී ස්‌ථානයට පැමිණෙති. බොස්‌ටන් බෝම්බකරුවකු වෙඩි පහරින් මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය හෝ මානව හිමිකම් සංවිධාන මේ දක්‌වා කිසිදු ප්‍රශ්නයක් පොලිසියෙන් විමසුවේ නැත. බොස්‌ටන් පොලිසිය පැවසූවේ එක් සොහොයුරකු විසින් තවත් සොහොයුරෙකුට වෙඩි තැබු බවයි. එසේම වෙඩි පහරින් මිය ගිය බෝම්බකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තාව පවා අද වන තුරු ප්‍රකාශයට පත් කිරීමට බොස්‌ටන් පොලිසිය ක්‍රියා කළේ නැත. එහෙත් වවුනියාවේ සිරගෙදරදී කොටි ත්‍රස්‌තවාදීයෙකු මෙහෙය වූ කැරැල්ලේදී නිමලරූබන් නැමැත්තා මියගියේ කෙසේ ද යෑයි මෙරට මානව හිමිකම් සංවිධාන මෙන්ම දේශපාලඥයන්ද විවිධාකාර ප්‍රශ්න නගනු ලැබීය.
එසේම ඒ සම්බන්ධව කොළඹ විදේශ තානාපති කාර්යාලවලටද තොරතුරු සැපයීමට ක්‍රියා කරනු ලැබීය. බොස්‌ටන් බෝම්බකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වෙන අවස්‌ථාවේ ඇමරිකානු මාධ්‍ය මරණ පරීක්‍ෂණාගාරය ළඟ රැකගෙන සිටියේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් තත්ත්වය වෙනස්‌ය. ත්‍රස්‌තවාදී සැකකරුවෙකු වූ මිය ගිය විට මරණ පරීක්‍ෂණාගාරයේ සමීපයේ උදේ සිට දවල් දක්‌වාම විවිධ පාර්ශවයන් රැඳී සිටී. ඒ එකී මරණයට හමුදාව හෝ පොලිසිය වගකිවයුතු බව ප්‍රකාශ වන්නේද යන්න සෙවීමට හා ඊට සම්බන්ධ තොරතුරු විදේශ රටවලටත් යෑවීමේ පරමාර්ථයෙන්ය. බෝම්බ පිපිරීමට සම්බන්ධ එක් ත්‍රස්‌තවාදීයෙකු වෙඩි පහරින් මිය යැමත් දෙවැනි ත්‍රස්‌තවාදියා බෝට්‌ටුවකට සැගවී සිටියදී අසුවීමත් සමගම බොස්‌ටන් ජනතාව ඇමරිකානු ජාතික ධජය වනමින් පොලිසිය වෙත තමන්ගේ සතුට ප්‍රකාශ කරනු ලැබීය. එහි අර්ථය නම් ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමේ ප්‍රීතියයි. එහෙත් බොස්‌ටන් ජනතාගේ මේ සතුට ඇමරිකාවේ සහජීවනයට බාධාවක් යෑයි කිසිවෙකු පැවසුවේ නැත. කෙසේ වූවත් කොටි ත්‍රස්‌තවාදී නායක ප්‍රභාකරන්ගේ ඝාතනය ගැන මෙරට ජනතාව සතුට පල කරද්දී එය සහජීවනයට බාධාවක් යෑයි කියා සිටියේ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරීන්ය. මෙවන් පසුබිමක් යටතේ බොස්‌ටන් ත්‍රස්‌තවාදී සොහොයුරන් දෙදෙනා සම්බන්ධව ඇමරිකානු රජය ක්‍රියා කරන්නේ කෙසේ ද යෑයි පැහැඳිලිය. බරපතල තුවාල ලබා අත්අඩංගුවට ගත් ඝෝඛාර් නැමැත්තාගෙන් ලිඛිතව කටඋත්තර ගැනීමට ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය ක්‍රීයා කළේය. ඝෝඛාර් නැමැත්තා බරපතල තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු විසින් පවසද්දී ඇමරිකානු පොලිසිය ක්‍රියා කළේ මානව හිමිකම් මතද? ශ්‍රී ලංකාවේ නම් ත්‍රස්‌තවාදී සැකකරුවෙකු බරපතල තත්ත්වයේ පසුවද්දී පොලිසිය ප්‍රශ්න කලා නම් මානව හිමිකම් සංවිධාන විශාල ඝෝෂාවක් කරනු නියතය. මෙහිදී පැහැදිලිවන්නේ ඇමරිකාව ත්‍රස්‌තවාදීන් සම්බන්ධව අනුගමනය කරන දැඩි පිළිවෙතයි.
ඇමරිකානු භූමිය තුළ ත්‍රස්‌තවාදීන් යම් ප්‍රහාරයක් එල්ල කළා නම් ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමරිකානු රජය කඩිනමින් ක්‍රියාත්මක වන බව පැහැඳිලිය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටක එවන් ත්‍රස්‌තවාදී ක්‍රියාවක් වූවා නම් ඇමරිකාව එම ත්‍රස්‌තවාදියාගේ මානව හිමිකම් ගැන හඬ නගයි. බොස්‌ටන් බෝම්බ පිපිරීමට සම්බන්ධ චෙච්නියානු සොහොයුරන් දෙදෙනා දේශපාලන සරණාගතයන්ය. මේ දේශපාලන සරණාගතයන්ට ඇමරිකාවේ රැකවරණ දීමෙන් ඉල්ලාගෙන කෑවේද ඇමරිකාවයි. එහෙත් ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ඇමරිකාව දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය පැහැඳිලි වනුයේ මේ සතියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකාව සම්බන්ද මානව හිමිකම් වාර්තාවයි. මේ වාර්තාවෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ හමුදාව කොටි සංවිධානයට සම්බන්ධ පිරිස් ගැන තව දුරටත් විමර්ශනය කරන බවත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බවත්ය. මේ ක්‍රියාදාමය මානව හිමිකම් කඩකිරීමක් යෑයි ජෝන් කෙරී තවදුරටත් කියා සිටී. එහෙත් බොස්‌ටන් බෝම්බ කරුවන් තිදෙනාට සහය වූවන් සොයා ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය හඹා යයි. එකී ක්‍රියාදාමය මානව හිමිකම් කඩ කිරීමක් යෑයි ඇමරිකාව කියන්නේ නැත. මේ නිසා ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත තවදුරටත් සනාත නොවන්නේද?
බොස්‌ටන් සිද්ධියේ එක් බෝම්බකරුවෙකු මිය ගියේ පොලිස් වෙඩි පහරින් යෑයි මුලින්ම වාර්තා වීය. පොලිසිය පැවසූවේ එම බෝම්බකරු වෙඩි හරඹයක නිරත වූ බවයි. එහෙත් බෝම්බකරු සතු වූ තුවක්‌කු කිසිදෙයක් පොලිසිය පෙන්නුම් කළේ නැත. මේ සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය පවා පොලිසියෙන් ප්‍රශ්න කළේ නැත. බෝම්බකරු පොලිසිය සමග වෙඩි හුවමාරුවක යෙදුනේ නම් ඔහුට අවිආයුධ ලැබුණේ කෙසේද? මේ බරපතල ප්‍රශ්නයට ඇමරිකානු පොලිසියට මෙතෙක් ප්‍රතිචාර දක්‌වා නැත. ඇමරිකානු මාධ්‍යද දැඩි ලෙස නිහඩ වී සිටී. මෙවන් වාතාවරණයක් තුළින් ලෝක ප්‍රජාවට ඇමරිකාව කියා සිටින්නේ අපේ රටේ ත්‍රස්‌තවාදීන් ක්‍රියාවන් සිදු කිරීමට කවුරු හෝ ක්‍රියා කරන්නේ නම් ඔහු සම්බන්ධ කටයුතු කරන්නේ අපට අවශ්‍ය ලෙස බවයි. ඒ සම්බන්ධව කිසිවෙකුටත් ප්‍රශ්න කිරීමේ හිමිකමක් නැතැයි ඇමරිකාව කියා සිටී. එම හිමිකම ශ්‍රී ලංකාවට නැද්ද? එහෙත් ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදියෙකු මිය ගියා නම් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න කරන්නේ ඇමරිකාවයි. ඒ ත්‍රස්‌තවාදී සම්බන්ධව ඇමරිකාව අනුගමනය කරන අරුම පුදුම පිළිවෙතයි.
කීර්ති වර්ණකුලසූරිය