Sun. Nov 24th, 2024
Spread the News

චෙල්ලනායගම්ලා ඊලම් මුද්දර වික්‌ක
යාපනේ අද දැක්‌කනම්…


source:
යාපනය අර්ධද්වීපයේ සිදු වූ විවිධ සමාජීය, ආර්ථික හා දේශපාලනික වැදගත් අවස්‌ථාවන්වලදී පැවැති රජයන් සමඟ සහයෝගයෙන් රාජකාරී කිරීමේ භාග්‍යය ලත් රජයේ සේවකයෙකු වශයෙන් යාපනයේ ජන ජීවිතය පිළිබඳව බොහෝ අත්දැකීම් ලබා ගැනීමේ දුර්ලභ අවස්‌ථාව මට හිමි විය. රජයේ සේවකයෙකුට හිමිව තිබූ නිදහස්‌ දුම්රිය ගමන් බලපත්‍ර ප්‍රයෝජනයට ගනිමින් මම කයිට්‌ස්‌ හි තානායමෙහි (එදා පියගු දිවයින) නතරව සිට දූපත් සියල්ලටම පාහේ බෝට්‌ටුවෙන් ගමන් කර ඇත්තෙමි. සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය විසින් 1958 සියලුම පුද්ගලික පාසල් රජයට පවරාගත් අවස්‌ථාවේ යාපනයේ පාසල් ගොඩනැඟිලිවල සහ භූමියෙහි මව්පියන් මෙන්ම පාසල් සිසුන් ද මෙම තීරණයට විරුද්ධව පදිංචිව සිටියෝය. රජය හදිසි අවස්‌ථාව යටතේ වූ නියෝග ක්‍රියාත්මක කරමින් එවකට සිටි හමුදාපති රිචඩ් උඩුගම මහතා තත්ත්වය පාලනය කිරීම සඳහා යාපනයට යවන ලදී. අනුරාධපුරයෙහි සිටි දිසාපති නිශ්ශංක විඡේරත්න මහතා යාපනේ සිවිල් පාලනය යටතේ මහජනයාට අවශ්‍යව පොදු පහසුකම් සලසා දීම සඳහා යවන ලදී.

ඒ 1958 වර්ෂයයි. වාහනවල ” ශ්‍රී” අකුර පාවිච්චි කිරීමට විරුද්ධව තාර ගෑමේ ව්‍යාපාරයක්‌ මෙන්ම ඇස්‌. ඡේ. වී. චෙල්වනායගම් මහතා විසින් ප්‍රථම ඊලාම් මුද්දරය යාපනේ කච්ෙච්රියේ බැම්ම උඩට නැග විකිණීමෙන් ” ඊලාම් රාජ්‍යයක්‌” ප්‍රකාශ කළේය. එදින ද මම යාපනේ සිටියෙන් පළමු මුද්දරය චෙල්වනායගම් මහතා අතින් මිලදී ලබා ගතිමි. එකල බොහෝ සේ සිවිල් නීති කඩකිරීම ආදි විවිධ විරෝධතා මතු වූ නමුත් ඒ වන විට අත් බෝම්බණී බිම් බෝම්බ, ඔ 56, මිසයිල ආදිය භාවිත නොවීය. 1965 දී ඩඩ්ලි සේනානායක රජය විසින් ඹභෂCEFරැ FAධරැ උHධ අනුග්‍රහයෙන් දියත් කළ කෘෂිකර්ම ව්‍යාපෘති හා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන තින්නවැලි ගොවිපල කේන්ද්‍රකොට යාපනය අර්ධ ද්වීපය තුළ දියත් කරන ලදී. එම රාජකාරී සඳහා මම මසකට දෙවරක්‌ පමණ යාපනයට ගියේ යුනිසෙµa ආයතනයෙන් මට ලබා දී තිබුණු “ෙµdක්‌ස්‌වැගන්” රථයෙනි. එම වැඩසටහන තුළින් පළමුවරට යාපනේ ගොවියන්ට අල වගාව සහ නුවරඑළියේ එළවළු වගාව හඳුන්වා දෙනු ලැබීය. අද යාපනේ ගොවි ජනතාව බුක්‌ති විඳින්නේ එහි ප්‍රතිඵල බව දැකීමෙන් මා නිහතමානී ආඩම්බරයක්‌ බුක්‌ති විඳිමි.

ඊට පසු මා යාපනයට ගියේ හෙලිකොප්ටරයෙනි. 1985 පැවැති දිස්‌ත්‍රික්‌ සංවර්ධන ඡන්දයේ දී සිදු වූ යම් යම් සිද්ධීන් පිළිබඳව ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ නියෝග සඳහන් ගැසට්‌ පත්‍රය ද රැගෙන අභ්‍යන්තර ආරක්‍ෂක ඇමතිවරයා සිටි “ෂෝහාස්‌” හෝටලයට ගියෙමි. එකල හමුදාපතිවරයා වූයේ ජෙනරාල් වීරතුංග ය. එදා රාත්‍රී යාපනේ වටිනාම පුස්‌තකාලය ගිනි තබා නගරයේ තවත් ස්‌ථාන රැසක්‌ ද ගිනි තැබීය. පසු දින මා A 9 පාර දිගේ ආපසු ගෙදර පැමිණියේ මට මෙන් මගේ දරුවන්ට නම් කිසි දිනක නිදහසේ යාපනයට යැමට අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇතැයි ශෝක සිතිනි. ඊට හතලිස්‌ අවුරුද්දකට පමණ පසුව මගේ දූ දරුවන් මෙන්ම මුණුබුරු මිනිබිරියන් ද සමඟ දීර්ඝ අති අන්තයක්‌ යාපනයේ දී ගත කිරීමේ අවස්‌ථාව ජීවිතයේ මා ලැබූ මහත් භාග්‍යයක්‌ කොට සලකමි. ඇත්ත වශයෙන්ම හතලිස්‌ අවුරුද්දක්‌ පමණ වූ අරාජික තත්ත්වයෙන්ද තුන් අවුරුද්දක්‌ පමණ තිබූ බිහිසුණු යුද්ධයකින් ද පසුව යාපනය නැවත ලංකා සිතියමට එක්‌ කිරීම අප විසිඑක්‌වන සියවසේ ලද විශිෂ්ඨතම ජයග්‍රහණය ලෙසට අනාගත ඉතිහාසයට එක්‌වනු නිසැකය.

අද A 9 පාර දිගේ මහනුවර සිට යාපනයට යැමට පොලිස්‌ වේග මාපක කැමරා රථ වාහනවලට එල්ල නොවෙන්නේ නම් ගතවන්නේ පැය හයකි. ඉතා නවීන තාක්‍ෂණය යොදා පාරවල් පිළිසකර වන අතර යාපනේ දුම්රිය මාර්ගය මාන්කුලම දක්‌වා සම්පූර්ණ කර ඇත. එමෙන්ම මඩු දක්‌වා තලේමන්නාරම් මාර්ගයෙහි දුම්රිය ධාවනය වනු ඇත.ඊලාම්වාදින් තමන්ගේ මූලස්‌ථාන නගරය ලෙස ප්‍රකාශ කළ කිලිනොච්චිය සංවර්ධනයේ හිරු රැස්‌ වැටී බබලන්නේ නව යුගයක්‌ සනිටුහන් කරමිනි. කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයක්‌ බවට ප්‍රකාශ වූයේ 1984 පෙබරවාරියේ දීය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් බිම දැමූ කිලිනොච්චියේ ජලය සැපයූ කුලුණ අනාගත පරපුරට දැක ගැනීමේ කෞතුක භාණ්‌ඩයක්‌ වීමට ඉතිරිකොට නව ජල යෝජනා ක්‍රමයක්‌ ලබා දී ඇත. ලංකා විදුලි බල මණ්‌ඩලය මෙහි නව විදුලි අංගනයක්‌ (ඨRෂD) ඉදිකර විදුලිය සපයයි. රජයේ බැංකු, පෞද්ගලික බැංකු හා පෞද්ගලික මූල්‍ය ආයතන ආදිය ප්‍රදේශයට පැමිණ අලංකාර ගොඩනැඟිලිවල ස්‌ථානගතව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මෙන්ම ව්‍යාපාරිකයන්ගේ ද අවශ්‍යතා සපයයි.

බාලසිංහම් මුහුදු ගුවන් යානයෙන් ගොඩබැසගත් ඉරණමඩු වැව ජලයෙන් පිරී ඉතිරෙයි. ඉන් ජලය සැපයූ කුඹුරු යායක්‌ පැලගොයමින් පිරී ඇති අතර සමහර කුඹුරු වී ඉසීම සඳහා සූදානම්ව ඇත. මෙම නයනාකර්ෂණීය දසුන් මෙහි පැමිණ විඳගන්නා ලෙස මම සැමට ආයාචනා කරමි. මුදලිඳු ඩී. රාසනායගම් ඔහුගේ zඒන්ෂන්ට්‌ ජැµaනාZ පොතෙහි සඳහන් කරන්නේ ගම් හාර ලක්‍ෂ පනස්‌ දහසක්‌ (450,000) පිහිටි යාපනේ අර්ධද්වීපය පැරණි පිහිටි රටට අයත් වූ බවයි. මෙහි විශාල සිංහල බෞද්ධ ජනගහනයක්‌ ජීවත් වී ඇත. මෙහි වෙහෙර විහාර බුදු පිළිම පිරිවෙන් ආදිය රාශියක්‌ තිබූ අතර බෞද්ධ ජනගහනය දොලොස්‌ දහසකට වැඩි විය. යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන්ගේ මතය අනුව zතිව්Z යන්නෙන් හැඳින්වෙන සියලුම දූපත් අයත්ව තිබුනේ මහනුවර සිටි රජතුමාටය. තිව් යනු දෙමළ භාෂාවෙන් දූපත යන්නය.

ප්‍රභාකරන් මුලතිව් මහා වනයේ හැංගී සිටි සිව් මහල් බංකරය අද සංචාරකයන්ගෙන් පිරී ගොස්‌ ය. ඔහුගේ අවි ගබඩා, සබ්බැරීන් යාත්‍රාංගණය හා එහි තිබූ යාත්‍රා ආදිය සංචාරකයන්ගේ දැක ගැනීම සඳහා ආරක්‍ෂා සහිතව කෞතුකාගාරයක්‌ බවට පත් කර ඇත. ඔවුන් අල්ලාගත් “µdරා 2” නැව අසල මුහුදෙහි නැංගුරම්ලා ඇති අතර එය නැරඹීමට විශාල ජනකායක්‌ පැමිණ සිටියහ. තද හිරු රැස්‌ නොතකා අද මූලදීපය සංචාරක පාරාදීසයකි. මීට කලකට ඉහත දී ප්‍රභාකරන් විසින් පැහැරගත් මහත් ආන්දොaලනයකට හා ජාත්‍යන්තර පුවත්පත් ජාලයේ ද ප්‍රසිද්ධියට පත් ඇමෙරිකානු ඇලන් යුවල රඳවා සිටියේ ප්‍රභාකරන්ගේ මුලතිව් මන්දිරයක ය. එම මැදුර පසුව හමුදාව යටතට පත්විය. අභාවප්‍රාප්ත රංජන් විඡේරත්න ඇමැතිතුමා සමඟ මම ද එහි ගොස්‌ ඇති නමුත් මුලතිව් භූමියෙහි අද රැඳී සිටි සෙබලුන් ඒ පිළිබඳ දැන සිටියේ නැත. එම මැදුර කොතනද යන ප්‍රශ්නයට මට සෑහෙන පිළිතුරක්‌ නොලැබුණි. මූලදීප සිට පුදුකුඩුඉරිප්පු හරහා එන සමුද්‍රdසන්න මාර්ගයේ ද බොහෝ සංවර්ධන වැඩසටහන් දැක ගැනීමට හැක. නව මාර්ග, 33 ණඪ විදුලි රැහැන්, නව ධීවර වරාය, ධීවර බෝට්‌ටු ආදිය වේ. මුලතිව් ඝන කැලෑවෙහි දැනට පාර දෙපස එළිකර ඇත. යාපනය, මුලතිව්, කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයන් තුළ හැම තැනම දැකගත හැක්‌කේ යුද්දයෙන් විනාශ වූ ගොඩනැඟිලිවල සුන්බුන් හා තල්ගස්‌ වැනි විශාල ගස්‌වල මිසයිල් ප්‍රහාරයන්ට ලක්‌ව විනාශ වී ගිය කරටිවලින් ඉතිරී වී ඇති කඳන් පමණි.

1991 දී මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව මහතා විසින් එල්.ටී.ටී.ඊ. යට අයත්ව තිබූ ප්‍රදේශ මුදවා මාදගල් හරහා කන්කසන්තුරේට ද, පලෙයි සිට කරේනගර් දක්‌වා ද ගොඩබිමින් ගමන් කිරීමේ අවස්‌ථාව උදාකර දුන්නේය. A9 මාර්ගයට සමාන්තරව එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට පත්ව තිබූ කොකාවිල් කිලිනොච්චි මාන්කුලම් පරන්තන් ආදි ප්‍රදේශ අද නිදහස්‌ය. මෙම ප්‍රදේශ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. නාගදීප, දඹකොල පටුන, කදුරුගොඩ, නල්ලූර් කෝවිල, සංකිලිතෝප්පුව, කීරමලේ, පුත්තූර් පතුල රහිත ළිඳ ආදි සියලුම පූජනීය හා ඓතිහාසික ස්‌ථාන සංචාරකයන්ගෙන් පිරී පවතී. නමුත් 2000 දී මෙම කඳවුරු සියල්ල යටත් කරගෙන අලිමංකඩ හරහා යාපනය නගරයට ත්‍රස්‌තවාදීන් ඇතුල් විය.

මේ අතර 2002 පෙබරවාරි මාසයේ අත්සන් කිරීමට යෙදුන සටන් විරාම ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය වර්ග කිලෝමීටර් 92 ක්‌ වූ මුහමලේ සිට උතුරට වූද දකුණට ඕමන්තය දක්‌වා වූද භූමි ප්‍රමාණය අත්කර ගත්තේය. එමෙන්ම නැගෙනහිරින් හා බටහිරින් මුහුදු සීමාව දක්‌වා වූ ප්‍රදේශය ද ඊට අයත් විය.

දෙවුන්දර තුඩුවේ සිට ලංකාවේ දුරම ස්‌ථානය වූ පේදරුතුඩුවට කි.මී. 432 ක්‌ බවට සලකුණු කළ කණුව මුහුදේ සිටුවා ඇති අතර එහි සිංහ කොඩිය අලංකාර ලෙස හමුදාව විසින් සංචාරකයන්ගේ දර්ශනයට ලක්‌වන අයුරු ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැකීම අප ලද භාග්‍යයක්‌ සේ සලකමු. ප්‍රභාකරන්ගේ නිවස අද පොලොවට සමතලා වී ඇති අතර වැල්වැටිතුරේ ගම්මු ඔවුන්ට පුරුදු ධීවර කර්මාන්තයේ හා ගොවිතැනෙහි යෙදෙනු දුටුවෙමු. සමහර ගෙවතු වැටවල ඔවුන්ගේ දුම්කොල අස්‌වැන්න වියලා ගැනීම සඳහා මායිම් වැට දිගට දමා ඇත. සියල්ල සාමාකාමීව ඔබ මොබ ගමන් කරනු දුටුවෙමු.

සටන් විරාම ගිවිසුම කාලය තුළ මෙම කොටසෙහි එල්.ටී.ටී.ඊ. පොලිස්‌ බලතල ක්‍රියාත්මක විය. පෙරවරු 07.00 ට ප්‍රදේශයට ඇතුල් වී පස්‌වරු 05.00 ට ඉවත් විය යුතුය. මෙම ප්‍රදේශයට යැමට එක්‌ අයෙකුට රු. 200/- ක්‌ ගෙවිය යුතුය. නියමිත වේලාවට පිට වීමට නොහැකි වූ අය එල්.ටී.ටී.ඊ. හිර කඳවුරුවලට ගාල් විය. එසේ වූ අයට දඬුවම් පැමිණුණේ කඳවුරු භාරව සිටි කොටින්ගේ මනාපය අනුවය. මෙසේ වඩාත් වධහිංසා පැමිණුණේ නාගදීප වන්දනා නඩයන්ටය. ඔවුන් වන්දනා නඩයක්‌ රැගෙන ගිය බුදු පිළිමයක වටිනාකම රු. 14000/- ට තක්‌සේරු කර ඉන් සියයට දහයක්‌ වූ රු. 1400/- දඩ වශයෙන් ලබා ගත්තෝය. එල්.ටී.ටී.ඊ. යේ මෙවැනි වධහිංසා ආදිය ගැන පිටරට ඩයස්‌ පෝරාව දැනුවත් විය යුතුය. ඔවුන් මානව හිමිකම් ගැන කථා කරන්නේ මේවා නොදැන පිට රටවල සිටය. යුද්ධය තව වසර දෙකක්‌ දික්‌ ගැසුනේ නම් අපට ලංකාව අහිමිවනු නියතය. මෙතෙක්‌ අපි සාර්ථක ගමනක්‌ පැමිණ ඇති බැව් යාපනයට යන පිරිස්‌ අනුමත කරනු නොඅනුමානය. අද යාපනයේ හිස්‌ ඉඩම් ගොවිතැනට යොදා ගෙන ඇත. මා මුලින් කියූ උඩරට එලවළු වර්ග සාර්ථකව කොටු පුරා දැකිය හැක. මිදි වගාව සරුවට කෙරේ. කිලෝ එක රු. 300/- කි. එහි තිබූ ආඬියා ළිං වෙනුවට අද ළිංවලට විදුලිය ප්‍රයෝජනයට ගෙන පොම්ප සවිකර ඇත. ත්‍රිවිධ හමුදාව සංචාරකයන්ට විශිෂ්ට සේවාවක්‌ සපයයි. ඔවුන්ගේ ආපනශාලාවලින් සහන මිලට කෑම් බීම් සැපයේ. ඔවුන් ආචාරශීලීය. ශිෂ්ටය. නාවුක හමුදාව මගින් කරෙයිනගර් හි පිහිටුවා ඇති zහැමන් හිල්Z ආපන ශාලාව නවාතැන් ද සපයයි. එහි ඉතා යහපත් හා ආචාරශීලී නාවික හමුදා සේවක පිරිසක්‌ කාර්යයෙහි නියුතුව සිටිති. මෙම ගෞරවනීය තත්ත්වය රටට ලබා දුන් ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සෙසු කාර්ය මණ්‌ඩලවලට ද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. උතුරු වසන්තයේ වැඩසටහන යටතේ දියත් කර ඇති සීඝ්‍ර සංවර්ධනය හා යටිතල පහසුකම් දියුණු කිරීමේ ක්‍රියාදාමයට සමගාමීව එකඟතාවය ඇති කිරීමේදී, නැවත යථා තත්ත්වය ගොඩනැගීමේදී හා නැවුම් පරිසරයක්‌ බිහි කරවීමෙහි දී අත්‍යාවශ්‍ය අංශයක්‌ වන අෙන්‍යාන්‍ය විශ්වාසය ගොඩනැගීම සඳහා පක්‍ෂ භේදයෙන් තොරව සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවය හා කැපවීම මෙන්ම විශ්වාසය ගොඩනැගීමේ සමාජ මානසිකත්වයක්‌ ඇති කරවීම අත්‍යවශ්‍යය.

එස්‌. බී. කරල්ලියද්ද

Protected by Security by CleanTalk