ලොව හැම ආගමක්‌ම මගේ…
මට තියෙන්නෙ හැම විරුවෙකුගේම
ලේ වලින් ගැහෙන හදවතක්
source:
තලෙයිබානුන් වෙඩි තැබූ මලාලා යුසුෆ්සායි එක්‌සත් ජාතීන්ගේ සමුළුව අමතා කළ කතාව
අධ්‍යාපන අයිතිය සඳහා කතා කළ වරදට වෙඩි තබන ලද පකිස්‌තානයේ ස්‌වාට් නිම්නයේ මලාලා යුසුෆ්සායි ඔබට මතක ඇතැයි අප සිතනවා. පකිස්‌තානයේ හා බ්‍රිතාන්‍යයේ රෝහල්ගතව සුවය ලැබීමෙන් පසු පසුගියදා ඇගේ 16 වැනි උපන් දිනය පසු කළා.
හරියටම එදින එනම් පසුගිය සිකුරාදා ඇය නිව්යෝර්ක්‌හි එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතීමේ වාසනාව ලැබුවා. ලා රෝස පැහැති ඇඳුමකින් හා හිස් ආවරණයකින් සැරසී ඇය වේදිකාවට නැඟුණේ ලොව සම්භාවනීය පිරිසකගේ අත්පොළසන් හඬ මධ්‍යයේ. එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් බෑන් කී මූන් හා බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් ඇතුළු සම්භාවනීය පිරිසෙන් අවසර ගත් ඇය කතාව ඇරඹුවේ ඉතා ප්‍රසන්න හා විනීත ස්‌වරයෙන්. අපි ඇයට සවන් දෙමු.
බොහෝ කලකට පසුව මෙම ගරු සභාව අමතා මට යළිත් කතා කරන්නට ලැබීම මා ලැබූ ගෞරවයක්. මෙම මොහොත මගේ ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථාවක් ලෙසයි. මා සලකන්නේ. මා පැළඳ සිටින්නේ ඝාතනය කරන ලද බෙනාර්සීsර් බූතෝගේ ෂෝල් පළඳනාව වීමත් මා සලකන්නේ මා ලැබූ ගෞරවයක් ලෙසයි.
මා දන්නේ නෑ, කොතැනින් මගේ කතාව පටන් ගත යුතුද කියල. මා දන්නේ නෑ, ඔබලා මගෙන් බලාපොරොත්තු වන්නේ කුමන අන්දමේ කතාවක්‌ද කියල. පළමුවෙන්ම මගේ ජීවිතය නැවත ලබා ගැනීම පිණිස දෙවියන් වහන්සේට යාච්ඤා කළ සියලු දෙනාටම මා ස්‌තුති කරනවා. මට අදහා ගන්නට බැරි වුණා, මේ තරම් අය මට ආදරය දක්‌වනවාද කියල.
ලෝකයේ සෑම දෙසකින්ම මට දස දහස් ගණනක් සුබපැතුම් පත් හා නොයෙක් තෑගි බෝග එවා තිබුණා. ඒ හැම කෙනකුටම ස්‌තුතියි. තම අහිංසක වදන්වලින් මා දිරිගැන්වූ කුඩා දරුවන්ට මා ස්‌තුති කරනවා. එමෙන්ම පකිස්‌තානයේ හා බ්‍රිතාන්‍යයේ රෝහල්වල සියලුම හෙදියන්ටත් වෛද්‍යවරුන්ටත් යූ. ඒ. ඊ. ආණ්‌ඩුවටත් මගේ ස්‌තුතිය පිරිනමනවා.
අනතුරුව සම්භාවනීය ලෝක නායකයන්ට ස්‌තුති කළ මලාලා මෙසේ කීවා.
“සහෝදර සහෝදරියනි! එකක් මතක තබා ගන්න මලාලා දිනය කියන්නේ මගේ දිනයක් නොවෙයි. එය තම අයිතිවාසිකම් දිනා ගැනීමට හඬනඟන සෑම කාන්තාවකගේම ගැහැනු හා පිරිමි ළමයකුගේම දිනය බව.”
සභාවේ අත්පොළසන් නාදය නැඟෙයි.
දැනට ලොව සිය ගණන් ක්‍රියාකාරීන් මේ මිනිස් අයිතිවාසිකම් සඳහා කතා කරනවා පමණක් නොව ඒ සඳහා අරගල කරමින්ද සිටිනවා. දහස් ගණන් මිනිසුන් ත්‍රස්‌තවාදීන් අතින් මැරුම් කා තිබෙන අතර මිලියන ගණනින් මරණීය තුවාල ලබා තිබෙනවා. මෙහි ඔබ ඉදිරියේ සිටගෙන සිටින මා ඉන් එක් යුවතියක පමණයි.
මම අද කතා කරන්නේ මා ගැන නොවෙයි. මේ සඳහා හඬක් නැඟිය නොහැකිව සිටින ලක්‍ෂ සංඛ්‍යාත අය වෙනුවෙනුයි. ඔවුන් තම අයිතීන් සඳහා සටන් කරමින් සිටිනවා. ඔවුන් ඔබ මෙන්ම සාමයෙන් ජීවත්වීමට කැමැතියි. ඔවුන් තමන්ගේ අහිමි වූ උරුමයන් ලබා ගැනීමට කැමැතියි. ඔවුන් සමාන අවස්‌ථා ලබා ගැනීමට කැමැතියි. ඔවුන් අධ්‍යාපනය ලබාගැනීමට කැමැතියි.”
මෙසේ උද්වේගී ලෙස කියා සිටි මලාලා, 2012 ඔක්. 09 වැනිදා තමාට තලෙයිබානුවන් තමා ගිය පාසල් රථයට නැඟී තමාගේ නම කියා කෑ ගසා තමාගේ නළලට වෙඩි තබා සිතුවේ එම උණ්‌ඩය තමාව නිහඬ කර වූ බව වුවත් එම නිහඬ බව අද දහසක් හඬ බවට නැඟෙමින් තිබෙන බවත් කියා සිටියා.
මිත්‍රවරුනි! ත්‍රස්‌තයන් සිතුවේ මගේ අරමුණු හා අභිලාෂයන් සුන් වී ගොස් ඇත කියායි. එහෙත් දුබල බව, අපේක්‍ෂාභංගත්වය හා මරණය හැර ශක්‌තිය හා ධෛර්යය මා තුළ නැවත ඉපදී තිබෙනවා. මගේ අපේක්‍ෂාවන් හා සිහිනයන් නොනැසී එසේම පවතින බව කියන්නට කැමැතියි. (අත්පොළසන් හඬ)
දයාබර මිත්‍රවරුනි, මා කිසිවකුට වෛර කරන්නේ නෑ. අඩු තරමේ තලෙයිබාන්වරුන්ටවත් අන් ත්‍රස්‌ත සංවිධානවලටවත් වෛර කරන්නේ නෑ. මා මෙහිදී කතා කරන්නේ ලොව සෑම දරුවකුගේම අධ්‍යාපනය ගැනයි. මට ඕනෑ කරනවා. ත්‍රස්‌තයන්ගේ දරුවන්ටත් අධ්‍යාපන අයිතිය ලබා දෙන්නට.
අඩු තරමින් ඔවුන් මා ඉදිරිපිට සිට මා අතට පිස්‌තෝලයක් දුන්නත් මා ඔවුන්ට වෙඩි තබන්නේ නෑ. මට එය කරන්නට ඕනෑ නෑ. මා මෙය උගත්තේ ලොව දයාවේ හා මෛත්‍රියේ ශාස්‌තෲන් වන මහමත්තුමා. යේසුස් ක්‍රිස්‌තුස්‌තුමා හා බුදුන්වහන්සේගෙන්. මා මේ දැක්‌ම උරුම කර ගත්තෙ මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා හා මොහොමඩ් අලි ජින්නා වෙතින්.
අහිංසාවාදය මා උගත්තේ මහත්මා ගාන්ධි, බකා ඛාන් හා තෙරේසා මවුතුමීගෙන්. සමාව දීමේ උතුම් ගුණය මට උරුම වුණේ මගේ මවුපියන්ගෙන්. මගේ ආත්මය මට කොඳුරා කියන්නේ සාමකාමී වෙන්න සැමට ආදරය කරන්න කියලයි.”
අත්පොළසන් හඬින් සභා ගැබ ගිගුම් දෙයි.
දයාබර මිතුරු මිතුරියනි· යථාර්ථය වන්නේ ආලෝකයේ ඇති අගය දැනෙන්නේ අඳුරේ සිටි විට වීමයි. අපගේ නිහඬ බව නිසාම හඬෙහි ඇති වැදගත්කම දැනෙනවා. එමෙන්ම උතුරු පකිස්‌තානයේ ස්‌වාට්‌වල සිටිද්දී අන් අය අත දරන ගිනි අවි දුටු විට අපට අපගේ පෑන්, පොත්වල අගය දැනුණා. කඩුවට වඩා පෑන බලවත් බව පඬිවරයකු කියා තිබෙනවා. ඒක සත්‍යයක්.
අන්තවාදීන් පෑන් හා පොත්වලට බියක් දක්‌වනවා. අධ්‍යාපනයේ බලය ඔවුන් තැති ගන්නවා. ඔවුන් ගැහැනුන්ට ද බයයි. ඒ හඬට ඔවුන් බියෙන් වෙව්ලනවා.
ක්‌වේටාහි ම්එඒ සිටිනා විට අහිංසක පාසල් සිසුවියන් 14 දෙනකු ඔවුන් ඝාතනය කර දැම්මේ ඒ නිසයි. ගුරුවරියන් මරා දමන්නේ ඒ නිසයි. පාසල් විශාල සංඛ්‍යාවක් ඔවුන් බෝම්බ දමා විනාශ කර දැම්මේ අපගේ උෙද්‍යාගිමත් සමානත්වයේ හැඟීම් ජනතාව අතරට ගෙන යන මාර්ගය එය නිසයි.
වරක් මගේ පාසලේ එක් සිසුවියක් මාධ්‍යවේදියකුගෙන් ඇසුවා, ඇයි තලේබාන්වරුන් අධ්‍යාපනයට විරුද්ධ වෙන්නේ? කියලා. මාධ්‍යවේදියා තම අතෙහි වූ පොතක් ඉහළට ඔසවමින් ඔවුන් මේවායේ ඇති දේ නොදන්නා නිසා යෑයි එයට ඉතා පහසුවෙන් පිළිතුරු දුන්නා.
ඔවුන් සිතන්නේ දෙවියන් වහන්සේ එතරම් ගණන් ගත යුතු කෙනකු නොවන බවය.s මිනිසුන්ගේ හිසට තුවක්‌කු කටවල් එල්ල කරන්නේ ඒ නිසයි. ඔවුන් මුස්‌ලිම් නාමය තම ලාභ ප්‍රයෝජන සඳහා සාවද්‍ය ලෙස භාවිත කරනවා.”
සභා ශාලාවේ පැවතුණේ මීයට පිම්බාක් වැනි නිහඬ බවක්. සියල්ලන් ගල්ගැසී ගියාක් මෙන් මේ 16 හැවිරිදි අපූරු පකිස්‌තානු දැරිය දෙස බලා සිටියේ විස්‌මයෙන් ඇළලී ගිය දෙනෙතින් යුතුවයි.
පකිස්‌තානය සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව අවධාරණය කරමින් ඉස්‌ලාම් ආගම ඉතා සාමකාමී සහෝදරත්වයෙන් පිරුණු දහමක් බවද කියා සිටි මලාලා එම රටේ දෙමාපියන්. තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකන බව ලෝක නායකයන් හට කියා සිsටියා. නැවතත් ඇය මෙසේ තම හඬ අවධි කළා.
“අධ්‍යාපනය ලබාදීමට සාමය අවශ්‍යයි. ලෝකයේ ඇතැම් රටවල් විශේෂයෙන්. පකිස්‌තානයේ ඇෆ්ගනිස්‌තානයේ ත්‍රස්‌තවාදීන් දරුවන්ගේ පාසල් ගමන නවත්වා දමනවා. මේ යුද්ධ නිසා අප බොහෝ හෙම්බත් වෙලයි ඉන්නේ. ස්‌ත්‍රීන් හා ළමයින් ලොව සෑම තැනකම ඉන් බෙහෙවින් පීඩා විඳිනවා.
ඉන්දියාවේ අහිංසක දිළිඳු දරු දැරියන් ළමා කම්කරුවන් ලෙස වහල් සේවයේ යොදවනවා. නයිජීරියාවේ බොහෝ පාසල් විනාශ කරලා. ඇෆ්ගනිස්‌තානය අන්තවාදයෙන් පීඩා විඳිනවා. ඉතියෝපියා, පේරු, හයිටි, සියරා ලියොන්, නේපාල් යන රටවල්ද එසේමයි.
දැරියන් ළමා ගෘහ සේවිකාවන් ලෙස යොදවා ගන්නා අතර ඉතා ළාබාල වයසේදී විවාහ වීමට බල කරනු ලබනවා. දුප්පත්කම, නොසලකා හැරීම, අයුක්‌තිය, වර්ගවාදය නිසා සිය අයිතිවාසිකම් අහිමි වීමේ ගැටලුවට ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම මුහුණ දෙනවා.
අප මෙහිදී අවධාරණය කරන්නේ ස්‌ත්‍රීන් හා බාලිකාවන්ගේ අධ්‍යාපන අයිතීන් අහිමි වීමයි. ස්‌ත්‍රිය තමා සතු අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නැඟී සිsටිය යුතු කාලය දැන් පැමිණ ඇතැයි මා විශ්වාස කරනවා. එය කළ යුත්තේ ස්‌තීS්‍රන් වන අප විසින්ම මිස වෙන කවුරුත් නොවෙයි”
මෙසේ අදහස් දැක්‌වූ මලාලා ලෝක නායකයන් ගෙන් ඇයද සිටියේ තම ක්‍රමෝපායන් මෙම අදහසට එරෙහි නොයන සේ සකස් කර ගත යුතු බවය. සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය අනිවාර්ය කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලා සිටි ඇය මෙසේද කියා සිටියා.
“අප ඉල්ලා සිටිනවා, සියලු ආණ්‌ඩුවලින් කෲරකමින් හා වධහිංසාවලින් දරුවන් ගලවා ගැනීම සඳහා ත්‍රස්‌තවාදයට හා ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව සටන් කරන ලෙස,
අප ඉල්ලා සිටිනවා, සෑම විටම තෝරා ගැනීම්වලදී කුලය, වර්ගය, ආගම, ගෝත්‍රය, ජාතිය, වර්ණය හා ස්‌ත්‍රී, පුරුෂ බව නොසලකා කටයුතු කරන ලෙස. අප ඉල්ලා සිටිනවා , ලොව අපගේ සියලු සොයුරියන්ට ස්‌වශක්‌තියෙන් යුතුව සෞභාග්‍යයෙන් යුතුව ජීවිතයට මුහුණ දීමේ හැකියාව ලබා ගැනීමට උදව් කරන ලෙස. ලොව සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා, තමා තුළ සැඟවී ඇතිs සියලු ශක්‌තීන් හා කැපවීම් එක්‌තැන් කොට තම අයිතීන් දිනා ගැනීමට. නැඟී සිටින ලෙස සියලු සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා.
දයාබර සොයුරු සොයුරියනි, සෑම දරුවකුටම දීප්තිමත් අනාගතයක් සඳහා පාසල් අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒ සඳහා නොනැවතී අප යන ගමන කිසිවකුට නතර කරන්නට බැහැ. අප එකමුතුව සිටින බැවින් අපේ වදන්වලින් ලොව වෙනස් කරන්නට හැකිවේවි. අපගේ අරමුණ කරා ළඟා වීමට අප සතු බලය හා දැනුම නමැති ආයුධ අපට උදව් කරනු නියතයි.
සොයුරු සොයුරියනි, අප අමතක නොකළ යුතුයි දසලක්‍ෂ ගණනින් මිනිසුන් දිළිඳුකමින්, අසාධාරණයෙන් හා නොසලකා හැරීමෙන් පීඩා විඳින බව. අප අමතක නොකළ යුතුයි ලක්‍ෂ ගණනින් දරුවන් පාසල්වලින් පන්නා දමා ඇති බව.
මෙසේ පැවසූ මලාලා තම දබරැඟිල්ල සභාව වෙත යොමු කරමින් තම කතාව අවසන් කරමින් මෙසේ පැවසුවා.
“එමෙන්ම හීන සාක්‍ෂරතාවය දිළිඳුකම හා ත්‍රස්‌තවාදයට එරෙහිව ලොව බලසම්පන්න ආයුධ වන පොත් හා පෑන් උපකාර කරගෙන අපේ බලගතු සටන පටන්ගෙන තිබෙනවා. එක ළමයෙක්. එක ගුරුවරියක්. එක පොතක් හා එක් පෑනක් ලෝකය වෙනස් කරාවි. අධ්‍යාපනය එකම විසඳුමයි. පළමුව අධ්‍යාපනයට ස්‌තුතියි”
තම කතාව අවසන් කරත්ම තම අසුන්වලින් එකහෙළා නැඟී සිටි ලොව නායකයන් ඇතුළු සම්භාවනීයයන් එකපැහැර අත්පොළසන් දෙන්නට වුණා. බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන් “ලෝකයේ ඉතා නිර්භීතම දැරිය ඇයයි” කීවේ එවිටය.
ලීලානන්ද වික්‍රමසිංහ