147000 ක්‌ ද්‍රවිඩයන් මැරූ බවට ජිනීවාහිදී බොරු චෝදනා

Spread the News

147000 ක්‌ ද්‍රවිඩයන් මැරූ බවට
ජිනීවාහිදී බොරු චෝදනා
source:

* හමුදාව ඉඩම් අත්පත් කරගන්නා බවට දක්‌වමින් පවත්වන ලන්ඩන් සමුළුවට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් – ශ්‍රීධරන් – ආරියරත්නම් සහ රජයේ වාහන ණය ලබාගැනීමට උත්සාහ කළ එන්. ජී. ඕ. ක්‍රියාකාරිකයා සහභාගි වේ.

* ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු හා බ්‍රිතාන්‍ය යෝජනාවලට එරෙහිව මාර්තු 24 දා ජිනීවා නගරයේදි ඉතාලි, ප්‍රංශ, ජර්මානු හා බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්‌වෙති

* මියගිය කොටි මිනීමරුවන් සැමරීමේ ස්‌මාරකයක්‌ ඉදිකිරීමට උතුරු පළාත් සභාව උත්සාහ කරයි

“වැඩිදෙනා දුක්‌ විඳිද්දි අනිත් අයට පැන යැමට ඉඩ දෙන්නද කියන්නේ”
– ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය ආනන්දි සසීතරන්

“ආනන්දිගේ සැමියා එලිලන්ගේ නියෝග මත සිවිල් වැසියන්ට වෙඩි තැබූ බව හිටපු කොටි ක්‍රියාකාරින් පවසනවා. ඔවුන් ඕනෑම අවස්‌ථාවක සාක්‍ෂි දීමට සූදානම්”
– කොටින් ඝාතනය කළ මඩකලපුව මන්ත්‍රි සැම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු


ආනන්දි නැමැත්තිය ඝාතන රැසක්‌ සිදුකළ එලිලන් සමඟ…

මාර්තු 10 දා ජිනීවාහිදී පවත්වන කොටි නැටුම

සින්නතුරෙයි සසීතරන් හෙවත් එලිලන් ප්‍රධාන පොළේ ඝාතකයෙකි. 2003 වසරේ වව්නියාව කොටි දේශපාලන කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එලිලන් 2004 සිට 2006 දක්‌වා ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායකයා විය. එහෙත් ඔහුගේ දේශපාලන කාර්යාලයේ අවි ආයුධ තිබූ බව බුද්ධි අංශ දැන සිටියත් 2004 පැවැති රජය කොටින්ට හිස නැමීම නිසා ඒ ගැන පියවරක්‌ ගැනීමට නොහැකිවිය. ත්‍රිකුණාමලයේ එච්චලම්පත්තු ප්‍රදේශයට ඇතුළුවූ මුස්‌ලිම් ග්‍රාමාරක්‍ෂක භටයන් පවා අත්අඩංගුවට ගනු ලැබුවේ එලිලන්ගේ නියෝග මතය. එසේම වන්නියේ වලෙහිවාරම්වාඩම්හි රෝසරි දෙව්මැදුරේ කතෝලික පූජකවරුන්ගේ සහ කන්‍යා සොහොයුරියන්ගේ රැකවරණ යටතේ සිටි 900 කට අධික සිවිල් වැසියන්ව කොටින්ට භාරදෙන ලෙස නියෝග කළේද එලිලන් සහ ඉලම්පරනි යන කොටි ත්‍රස්‌තයන්ය. එම සිවිල් වැසියන්ට ළමුන්ද ඇතුළත් විය.

“පල්ලියේ රැකවරණ ලබා සිටි පිරිස භාරදෙන ලෙස එලිලන් ඉලම්පරති කළ නියෝගය කතෝලික පූජකවරු ප්‍රතික්‍ෂේප කළහ.

ඒ අනුව සන්නද්ධ කොටි කණ්‌ඩායමක්‌ සමඟ පල්ලියට කඩාවැදුණු එලිලන් රැකවරණ ලබා සිටින පිරිස කොටින්ට එරෙහි වූවන් බවත් පවසා ඇත. පල්ලියේ සිටි පිරිසට ඉන් ඉවතට එන්නැයි කළ නියෝගය ඔවුන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා එලිලන්ගේ නියෝගයමත වෙඩිතබනු ලැබීය. මේ වෙඩි තැබීමේදී 100 කට අධික පිරිසක්‌ මියගියා ඉතිරි පිරිස බස්‌රථල නංවාගෙන ගෙනගියා යයි හිටපු මඩකලපු කොටි ක්‍රියාකාරින් පිරිසක්‌ තමන් හමුවේ හෙළිකළ බව මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු කියා සිටියේය.

ළමුන්ව පැහැරගෙන ගොස්‌ කොටි හමුදාවට බැඳෙව්වේ එලිලන් යයි එලිලන්ගේ කාර්යාලයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරිකයකු අනාවරණය කළේය.

එහෙත් එලිලන්ගේ බිරිය ආනන්ති කිසිදු දෙයක්‌ නොදන්නා මෙන් යුද අපරාධ චෝදනා ගැන අන්තර්ජාතික විමර්ශනයක්‌ අවශ්‍ය බවට හඬ නගයි.

2009 මැයි 14 දා ප්‍රභාකරන් පුමුඛ ඝාතන කණ්‌ඩායම විනාශවීම නිසා කිලිනොච්චි දිසාපති කාර්යාලයේ සේවිකාවක්‌ යයි පවසමින් ඇය රැඳවුම් භාරයෙන් ගැලවුණි.

ඉන් පසු ස්‌විස්‌ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ පැතූ නමුත් එය ප්‍රතික්‍ෂේප විය. 2013 වසරේ මාර්තු මස ඇය රාජ්‍ය නොවන සංවිධානයක්‌ හරහා මානව හිමිකම් සමුළුව වෙත යැම සඳහා වීසා බලපත්‍රයක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප විය.

මේ අතර පසුගිය සඳුදා උතුරු පළාත් සභාව රැස්‌වූ අවස්‌ථාවේ ආනන්ති සයිතරන් යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් 1,46679 ක්‌ අතුරුදන් වී ඇති බවත් ඒ ගැන සෙවීමට ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවත් කීවාය.

ඇගේ යෝජනාව සම්මත විය.

එසේම මන්නාරමේදී සිරුරු කීපයක්‌ හමුවීම නිසා එක්‌සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවටද එලිලන් ඝාතකයාගේ බිරිය ආනන්දි තවදුරටත් හඬ නැගුවාය.

ඇගේ යෝජනාවට ප්‍රතිචාර දැක්‌වූ උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී උතුරු පළාත් සභාව නියෝජනය කිරීමට ඇයව නම් කළේය.

එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

ආනන්තිගෙන් පසු මිනීමරු ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වූ ෂිවාජිලිංගම් යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටිය යුතු බව කීවේය.

ෂිවාජිලිංගම් තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් යුද අපරාධ ගැන සෙවීමට ශ්‍රී ලංකා රජය පත්කළ යාන්ත්‍රණය ප්‍රතික්‍ෂේප කළ යුතු බවද කියා සිටියේය.

මෙම යෝජනා තුනම සම්මත විය. ඉන් පසු තවත්a යෝජනාවක්‌ ඉදිරිපත් විය.

එම යෝජනාවෙන් කියා සිටියේ 2009 මැයි මස කොටින්ට එරෙහිව දියත් වූ අවසාන හමුදා ප්‍රහාරයෙන් මියගිය පිරිස සැමරීමට මුල්ලිවයික්‌කාල්හි ස්‌මාරකයක්‌ ඉදිකිරීමට උතුරු පළාත් සභාව ක්‍රියාකළ යුතු බවයි. එය ඉදිරිපත් කළේ මුලතිව් පළාත් සභා මන්ත්‍රී ඒ. රවිහරන්ය. එය උප සභාපති ඇන්තනි ජෙයනාදන් ස්‌ථිර කළේය.

මෙම යෝජනාවලින් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටින යෝජනාවට සංහාරය යන වචනය යෙදවිය යුතු යයි ඉල්ලීම් ඉදිරිපත් වූවත් උතුරු මහ ඇමැතිවරයා එය ඇතුළත් කිරීමට එකඟ වී නැත. එහෙත් සංහාරයට සමානයි යන වචනය එකී යෝජනාවට ඇතුළත් කිරීමට ඔහු ක්‍රියාකර ඇත.

විග්නේශ්වරන්ගේ මේ ක්‍රියාදාමය නිසා කොටි ඩයස්‌පෝරාව කලබලයට පත් විය. තමිල්නාඩු පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් සංහාරය කළ බවට යෝජනාවක්‌ සම්මත කළා නම් උතුරු පළාත් සභාවට එය කළ නොහැක්‌කේ මන්දැයි කොටි ඩයස්‌පෝරාව ප්‍රශ්න නඟා තිබේ.

මේ පසුබිම මැද උතුරු පළාත් සභාවේ පස්‌වැනි සැසි වාරය අමතමින් ප්‍රභාකරන්ගේ නෑයා වූ ෂිවාජිලිංගම් මෙලෙස ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකා රජය යුද්ධය දිනුවේ ද්‍රවිඩ ජනතාව, සංහාරය කරලයි. ඒ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍යයි.”

උතුරු පළාත් සභාව රඟදක්‌වන කොටි නාටකය දැන් ක්‍රම ක්‍රමයෙන් එළිදක්‌වා ඇත. ආනන්ති සසිහරන්ට මානව හිමිකම් සමුළුව වෙත යෑවීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත්තේ එය ඊලම් රාජ්‍යයක්‌ තුළ ක්‍රියාත්මක වන්නේ යයි සිතාගෙනද?

රජය උතුරු පළාත් සභාවේ නඩත්තුවට රුපියල් මිලියන ගණනක මුදලක්‌ ලබාදී ඇති අවස්‌ථාවක ඉහත කී යෝජනා සම්මත කරලීමෙන් ද්‍රවිඩ සන්ධානය රජයට හා ආරක්‍ෂක හමුදාවට අභියෝගයක්‌ එල්ල කර ඇත.

එකී යෝජනාවලින් ඔවුන් රජයට සෘජුව කියන්නේ අපි දැන් සටන පටන්ගත්තා යනුවෙනි.

මෙලෙස උතුරු පළාත් සභාව ශ්‍රී ලංකාවේ රජයත් හමුදාවත් යුද අපරාධ සිදු කළ බව කියමින් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටීමට දින පහකට පෙර ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක්‌ ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මේ සාකච්ජාවට කොටි සමඟ සබඳකම් පැවැත්වූ හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරිසන් – ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකා යස්‌මින් සූකා – එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශක ජුවන් මෙන්ඩස්‌ සහ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෘප් සංවිධානයේ ජෙනිµර් ලෙනාඩ් සම්බන්ධ විය.

එහිදී ජුවන් මෙන්ඩස්‌ නැමැත්තා මෙලෙස පවසා ඇත. “මාර්තු මස මානව හිමිකම් සමුළුවේදී අපට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමට නොහැකිවුවොත් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමු කළ යුතුයි.

යස්‌මින් සූකාද ඊට දායක වෙමින් සිවිල් වැසියන් තිදෙනෙක්‌ මළාද? දරුස්‌මාන් වාර්තාවේ අපි සටහන් කළේ 40,000 යි. චාල්ස්‌ පෙට්‌රිගේ වාර්තාවේ 70,000 යි. මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් කියන්නේ 120000 ක්‌ අතුරුදන් කියලයි. මෙය කම්පනය ඇතිකරන සිද්ධියක්‌ යයි කීවාය.

ඉන්පසු මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්‍රැන්සස්‌ හැරිසන් වන්නි මෙහෙයුම ඇසින් දුටුවාක්‌ මෙන් ප්‍රකාශයක්‌ කළාය. ඇය 2004 වසරේදී මෙරටින් පිටව ගොස්‌ තිබිණි.

“2013 දී පැහැරගෙන යනු ලැබූ පිරිමින් සහ කාන්තාවන් 14 ක්‌ ලිංගික අතවරවලට ලක්‌වී ඇති අයුරු මා පෞද්ගලිකව දන්නවා. රැඳවුම් කඳවුරට ගෙනගිය ඔවුන්ට අනිකුත් ද්‍රවිඩයන් මරහඬ නගන අන්දම ශ්‍රවනය වූහ. කීදෙනකු මැරුවාද කියා අපි දන්නේ නැහැ. 10000 කට කිට්‌ටු සංඛ්‍යාවක්‌ අල්ලා ගත්තා යෑයි ඇය කීවාය.

වන්නි මෙහෙයුම නිමාවීමට පෙර මෙරටින් ගිය මේ බී බීසී වාර්තාකාරිය එකී ප්‍රකාශය කරන්නේ රැඳවුම් කඳවුරේ සිටි අයුරුණි.

මේ වාතාවරණය මැද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇමරිකාවේදී එරට බලධාරීන්ට අනතුරු ඇඟවීය. ජාත්‍යන්තර විමර්ශනයක්‌ ආරම්භ කළහොත් රට තුළ අයහපත් තත්ත්වයක්‌ උදාවෙයි. එවන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය නම් 1980 සිට සිදුවූ දේ ගැන විමර්ශනයක්‌ කළ යුතුයි. ඒ සඳහා වසර දෙකක්‌ තිස්‌සේ ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවේ කළ දේ ගැනද ඇතුළත් විය යුතුයි යයි හෙතෙම කියා සිටියේය.

මේ අතර එමානුවෙල් දේවගැතියේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය අතර අරමුදල් බෙදාගැනීම සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවිය.

ගෝලීය ද්‍රවිඩ සංසදය ලන්ඩනයේ හොංකොං ඇන්ඩ් ශැංහයි බැංකුවේද කැනඩාවේ රෝයල් බැංකුවේ හා ඔස්‌ටේ්‍රලියාව් ඒ එස්‌ ඉසඩ් බැංකුවේද ගිණුම් පවත්වයි. 2010 සිට ගෝලීය ද්‍රවිඩ සංසදය වාර්ෂික හමුව පවත්වා නැති බව කියමින් තමන් මින් පසු එකී සංසදයේ කිසිම කටයුත්තකට සහභාගි නොවන බවට බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ප්‍රකාශ කර ඇත. මෙය කොටි ඩයස්‌පෝරාව දෙකඩ වීමකි.

මේ පසුබිම යටතේ රජය ස්‌විට්‌සර්ලන්තයේ බර්න් අගනුවර නේවාසික දූත කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කර ඇත.

මෙය අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වසා දැමීමක්‌ වැනිය. ස්‌විස්‌ කොටි ජාලය සියලු ශ්‍රී ලංකා විරෝධි මෙහෙයුම් දියත් කළේ බර්න් නුවර සිටය.

ශ්‍රී ලංකාව 2012 වසරේදී ඩොලර් මිලියන 224 ක භාණ්‌ඩ මෙරටට ආනයනය කළේ ස්‌විස්‌ටර්ලන්තයෙනි. එහෙත් ස්‌විස්‌ රජය ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කොටින්ට විරෝධතා පැවැත්වීමට ඉඩදෙයි.

2012 යන 2013 වසරවල ස්‌විස්‌ රජය ඇමරිකාවට පක්‍ෂව ශ්‍රී ලංකාවට එරෙහි වූ යෝජනාවලට එකඟතාවය දැක්‌වීය.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන්වූ සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, ශ්‍රිධරන් හා ආරියරත්නම් ද ලන්ඩන් නුවරට පැමිණ ඔවුන්ට පෙර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකුවූ රනත් කුමාරසිංහ නැමැත්තාද ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවී ඇති ඉඩම් අත්පත්කර ගැනීමේ සමුළුවට සහභාගිවීමට ලන්ඩන් වෙත පැමිණ තිබේ. මෙම සමුළුව පැවැත්වෙන්නේ ලන්ඩනයේ පාර්ලිමේන්තු ශාලාවේදීය.

මේ එන්.ජී.ඕ ක්‍රියාකාරියා පසුගිය දිනෙක කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පැමිණ සිටියේ මාධ්‍යවේදින්ට වාහන මිලට ගැනීමට රජය ලබාදෙන ණය මුදල ලබාගැනීමටය.

ශ්‍රී ලංකා හමුදාව ඉඩම් අත්පත්කර ගන්නා බව කියමින් ලන්ඩන් නුවරදී එම සමුළුව මෙහෙයවන්නේ කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායමට පසුගිය සිකුරාදා ආරම්භ වූ එකී ශ්‍රී ලංකාවට එරෙහි සමුළුව ඊයේ (1) අවසන් විය.

මෙවන් සමුළු පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසන් මාර්තු 26 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනාවට “අමුද්‍රව්‍ය” වශයෙනි.

මෙකී සමුළුවට සහභාගි වූ එන්.ජී.ඕ. ක්‍රියාකාරී රතන් නැමැත්තා වන්නි මෙහෙයුම පැවැත්වෙන සමයේ ජිනීවාහි කොටි විරෝධතා රැලියක්‌ අමතමින් යුද හමුදාව බැරැක්‌කවලට යනු යයි මුර ගෑවේය.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය එරට විපක්‍ෂ නායක එඩී මිලිබැන්ඩ් සමඟ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙහිදී ඔවුන් එඩ් මිලිබැන්ඩ් වෙතින් ඉල්ලීම් කරමින් මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි දැඩි යෝජනාවක්‌ ගෙන එන්නැයි දන්වා තිබේ.

මේ තත්ත්වය මැද එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධුරයෙන් ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක්‌ දියත් විය.

ඇමරිකාවේ සිටින මාටින් රසල්ලී නැමැති කොටි හිතවාදී වෙබ් අඩවි මෙහෙයවන්නා ඊට මුල්වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය