Wed. Nov 27th, 2024
Spread the News

නවි පිල්ලේගේ වාර්තාවට කේළම් සැපයුවේ මෙරටින්

source:

“ප්‍රජාව කියන දේ විශ්වාස කිරීමට” මට සිදු වී ඇත. – නවි පිල්ලේ – 2013 අගෝස්‌තු 23 යාපනයේදී

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ පසුගිය අගෝස්‌තු මස මෙරටට පැමිණියාය.

ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කටයුතු කළ ආකාරය පහත දැක්‌වේ.

අගෝස්‌තු 21- කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේදී රාජ්‍ය නොවන සංවිධාන සමග පැයක සාකච්ඡාවක්‌ පැවැත්වීම.

අගෝස්‌තු 27 – යාපනයේදී රාජ්‍ය නොවන සංවිධාන සමග පැය 2 ක රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීම.

අගෝස්‌තු 25 – රාජ්‍ය නොවන සංවිධාන සමඟ සාකච්ඡා කිරීම.

අගෝස්‌තු 29 – රාජ්‍ය නොවන සංවිධාන සමග කොළඹ බෞද්ධාලෝක මාවතේ එක්‌සත් ජාතීන්ගේ පරිශ්‍රයේදී පැය 2 1/2 ක රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීම.

මේ සියලු සාකච්ඡා සංවිධානය කර තිබුණේ එක්‌සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයයි. මේ කාර්යාලයේ මාධ්‍ය කටයුතු භාරව හිටපු දේශපාලනඥයකුගේ පුත්‍රයකු ක්‍රියාකරයි. අනතුරුව නවි පිල්ලේ මෙරටින් යැමට පෙර තම හිතුමතේට මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූවාය. එහිදී කටාර්හි සිට ක්‍රියාත්මක වන අල්ජසීරා රූපවාහිනියට හා බී. බී. සී. සේවාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක්‌ දීමට ඇය ක්‍රියාකරනු ලැබුවාය.

මානව හිමිකම් කොමසාරිස්‌වරිය මෙරටින් යැමට පෙර රාජ්‍ය නොවන සංවිධාන ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධව වාර්තා අටක්‌ දී ඇතැයි හෙළි විය.

මේ රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව සැපයූ වාර්තාවල ද ප්‍රතිඵල දැන් සනාථ වී ඇත.

නවි පිල්ලේ කරුණු 74 කින් යුත් පිටු 20 ක වාර්තාවක්‌ ශ්‍රී ලංකා රජයට සපයා එකී කරුණු ඉටු කරන ලෙස කීවාය. මෙහි දැක්‌වෙන්නේ ඇය ශ්‍රී ලංකා රජය ඉටු කළ යුතු බවට දක්‌වන කරුණුයි.

1. ත්‍රස්‌තවාදී පනත අහෝසි කරනු

2. ප්‍රජා වාර්ගිකයන්ට මානව හිමිකම් ආරක්‍ෂකයන්ට පහර දෙන පිරිස්‌වලට දඬුවම් කරනු.

3. මෑතකදී සොයාගත් සමූහ මිනීවළවල් ගැන ස්‌වාධීන විමර්ශනයක්‌ කරනු. ඊට ජාත්‍යන්තර සහාය ලබාගනු

4. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරනු

5. 2006 ජනාධිපති කොමිසමේ වාර්තාව සහ හමුදා අධිකරණයේ වාර්තා ප්‍රසිද්ධියට පත් කරනු

6. උතුරෙන් හමුදාව ඉවත් කරනු

7. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලබා ගනු

8. උගත් පාඩම් කොමිසමේ නිර්දේශයක්‌ වූ සියලුදෙනා සැමරීම සඳහා ජාතික දිනයක්‌ ස්‌ථාපිත කරනු එසේම විවිධ කණ්‌ඩායම්වලට සැමරීම් සඳහා ඉඩ දෙනු.

9. සුළු පාර්ශ්වික කණ්‌ඩායම්වල ප්‍රශ්න ගැන නිරීක්‍ෂණය සළකා එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනු.

එසේම මාතලේ සමූහ මිනීවළ සහ මන්නාරමේදී හමුවූ ඇටකටු ගැන ද ඇය සිය වාර්තාවේ දක්‌වා ඇත. මේ හැර ඇය තවදුරටත් දක්‌වා ඇත්තේ ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ හමුවේ සාක්‍ෂි දීම සඳහා සාක්‍ෂිකරුවන් සූදානම් වී ඇතැයි විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන පවසන බවයි.

නවි පිල්ලේ සිය වාර්තාවේ සඳහන් කර ඇති විශේෂ කරුණ නම් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ ආරම්භ කළත් යුද අපරාධවලට වගකිවයුතු අයවළුන්ට සමාව නොදිය යුතු බවයි. ජිනීවා මානව හිමිකම් සමුළුව මාර්තු 3 දා ආරම්භ කිරීමට නියමිතව තිබියදි නවි පිල්ලේගේ මේ වාර්තාවේ ඉලක්‌කය ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාවට මග පෑදීමයි.

ඇය තවදුරටත් දක්‌වා ඇත්තේ යුද අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමට රජය අපොහොසත් වීම නිසා ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නවි පිල්ලේ ක්‍රියා කර ඇත්තේ පැමිණිලිකරු, සාක්‍ෂිකරු හා විනිසුරු ලෙසිනි.

ඇගේ ස්‌වාධීනභාවය පිළිබඳව දැඩි සැකයක්‌ මතුවන බව මින් සනාථ නොවන්නේ ද?

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව ඇයට තොරතුරු සැපයූ මේ රාජ්‍ය නොවන සංවිධානවල පසුබිම කුමක්‌ද? මෙරට රාජ්‍ය නොවන සංවිධාන තුනකට විදෙස්‌ රටවලින් රුපියල් මිලියන 600 ක්‌ ලැබී තිබූ බව වාර්තා විය.

මේ හැර නවි පිල්ලේට කේළම් කී උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්ගේ සැමියා කවුද? ඔහු ඝාතන රැසකට සම්බන්ධ ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායක එලිSලන්ය. මාවිල්ආරු සොරොව්ව වැසුවේත් එලීලන්ය.

මෙයට අමතරව කොටි සමග එක්‌ව ක්‍රියා කළේ ද්‍රවිඩ සංධානයයි.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් යනු යාපනයේ හමුදා නායක තීsපන්ගේ මස්‌සිනායි. මොවුන්ගේ සාක්‍ෂි විශ්වාස කළ හැකිද?

මේ පසුබිම මැද උතුරේ කණ්‌ඩායම්වලට මියගිය පිරිස්‌ සැමරීමට ඉඩ දිය යුතු බව නවි පිල්ලේ කියා සිටී. මෙලෙස ඇමරිකාව අල්කයිදා ත්‍රස්‌තවාදීන් හා ඉන්දියාව කාශ්මීර් ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දෙන්නේද?

“අත ඊසොප්ගේ වුවත් හඬ ඡේකොබ්ගේ” යන කියමන දැන් සනාථ වී ඇත.

නවි පිල්ලේගේ වාර්තාවට මුළුමනින්ම අමුද්‍රව්‍ය සපයා ඇත්තේ මෙරටින්ය. ඇගේ පිටු 20 ක වාර්තාවේ කරුණු එකින් එක නිරීක්‍ෂණය කරන විට සනාථ වන්නේ 2009 මැයි 19 දා කොටි සංවිධානය විනාශ වීමෙන් පසු මෙරට රාජ්‍ය නොවන සංවිධාන විදෙස්‌ මාධ්‍ය අමතා කළ ප්‍රකාශ ඊට අඩංගු වී ඇති බවයි.

එසේම ඇගේ වාර්තාවේ යුද අපරාධ සිදු කළ කොටින්ට සමාව නොදිය යුතු යෑයි පවසා නැත. එහෙත් රජය 11,000 කට අධික කොටි ත්‍රස්‌තයන්ට කිසිදු චෝදනාවක්‌ ඉදිරිපත් නොකර පුනරුත්ථාපනය කර මුදාහරිනු ලැබීය.

සිය සැමියාගේ අපරාධ වසන් කළ ආනන්දි සසිතරන්ට දැන් ජිනීවා ගොස්‌ රජයට එරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට ඉඩ ලැබී ඇත්තේ රජය ඇයව පුනරුත්ථාපනය නොකර නිදහස දීමේ හේතුවෙනිs.

මේ තත්ත්වය මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දැන් බටහිර රටවල රූකඩයක්‌ බවට පත්වී ඇත.

නවි පිල්ලේගේ පිටු 20 ක වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ කොටි ඩයස්‌පෝරාව එක්‌වී එකී කරුණු කෙටුම්පත් කළ බවයි.

ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි නිර්දේශ කිරීමට පෙර සාමාජික රටවල් 47 න් විමසීමට කටයුතු කළේ නැත.

එසේම පසුගිය අගෝස්‌තු මස ඇය මෙරටට පැමිණි අවස්‌ථාවේ ශ්‍රී ලංකාවට මාර්තු මස වනතෙක්‌ කල්දෙන බව කීවත් එවැනි වරයක්‌ ඇයට දුන්නේ කවුද?

ඉන් සනාථ වූයේ නවි පිල්ලේ ඇයට ලැබී ඇති බලතල ඉක්‌මවා ක්‍රියා කරන බවයි.

මෙයට අමතරව ඇය මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සාවද්‍ය තොරතුරු විශ්වාස කළේද?

නවි පිල්ලේගේ මේ වාර්තාවම කොටි ඩයස්‌පෝරාවේ උපක්‍රමයක්‌ නොවන්නේද?

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය විනාශ වුවත් වසර 4 කට පසු බොරු සාක්‍ෂිකරුවෝ තොග පිටින් මතුවී ඇත.

ප්‍රනාන්දු නමින් හඳුන්වාගත් බ්‍රිගේඩියර්ලා ද අම්මන් නමින් හඳුන්වන ප්‍රභාකරන්ගේ ආරක්‍ෂකයකු යෑයි කියන පිරිස ද බිහි වී තිබේ.

එහෙත් මේ සාක්‍ෂිකරුවෝ ලෝක ප්‍රජාව හමුqවට ඉදිරිපත් නොවේ. මෙයට හොඳම නිදසුන නාවික හමුදාවේ ද්‍රවිඩ ලුතිනන් කමාන්ඩර්වරයකු කැනඩාවට ගොස්‌ තමා යුද අපරාධ දුටු බව කියා මුළු පවුලටම දේශපාලන රැකවරණ ඉල්ලීමයි.

එහෙත් කැනඩා අධිකරණය ඔහු බොරුකාරයෙක්‌ යෑයි නිගමනය කළේය. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන ජර්මනිය, ඩබ්ලින් සහ ඔස්‌ටේ්‍රලියාවේ සිට නඩු විභාග දින 2 ක්‌ තුළ පවත්වා ශ්‍රී ලංකා හමුදාව වරදකරු යෑයි තීරණය කරයි.

මේ නඩු විභාග පිළිගත හැකිද?

ඒ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් ඇගේ අපක්‍ෂපාතීත්වය ගැන විශ්වාසය තැබිය හැකිද?

ඇය මෙරට ජාතික ආරක්‍ෂාවටද දැඩි ලෙස මැදිහත් වී ඇත. සිය වාර්තාවෙන් වසර 30 ක්‌ තිස්‌සේ කොටි කළ යුද අපරාධ ගැන ඇය වචනයක්‌වත් පවසා නැත.

යුද අපරාධ ගැන විමර්ශනය කරන්නේ නම් ඉන්දීය සාම හමුදාව සිදු කළ යුද අපරාධ ගැන ද සෙවිය යුතු යෑයි ඇය නොකියන්නේ මන්ද?

නවි පිල්ලේගේ පිටු 20 ක කරුණු 74 ක වාර්තාවෙන් පෙන්වන්නේ කුමක්‌ද?

ඒ වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවූ දේ ගැන පමණක්‌ සෙවීමට උනන්දු වීමයි.

එය කපටිකමක්‌ නොවන්නේද?

පසුගිය අගෝස්‌තු මස ඇය මෙරටට පැමිණ පිටවී ගියාට පසු අපි පැවසුවේ ඇගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවම වරදකරු කරන බවයි. එය දැන් සනාථ වී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය පසුගියදා නවි පිල්ලේගේ ක්‍රියා කලාපය හෙළි කරමින් පිල්ලේ අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බවට චෝදනා කළාය.

එසේම කලකට පෙර ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් පැවසුවේ ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමට නවි පිල්ලේ ශ්‍රී ලංකාවට එවූ බවයි.

තමාරා කුමානායගම්ගේ ප්‍රකාශය දැන් සනාථ වී ඇත. නවිපිල්ලේ පසුගිය අගෝස්‌තු මස මෙරටට පැමිණීමෙන් පසු පැවසුවේ යුද අපරාධ ගැන සෙවීමට රජය ජාත්‍යන්තර සහාය ලබා ගත යුතු බවයි. එසේ නම් ඇය කල්තියාම සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. මම ශ්‍රී ලංකාවට පැමිණියේ යුද අපරාධ ගැන සෙවීම සඳහා විමර්ශනයක්‌ පවත්වන්නේ නම් ඊට සහාය වීමට යෑයි මාධ්‍ය සාකච්ඡාවේදී පවසනු ලැබීය.

එසේම ඇය ශ්‍රී ලංකාවේදී පැවසුවේ තමාට ලැබී ඇති බලය මානව හිමිකම් මිස දේශපාලන කරුණු නොවන බවයි.

එහෙත් ඇය සිය කරුණු 74 ට දේශපාලන කරුණුද ඇතුළත් කර ඇත.

මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුවට දින කීපයක්‌ තිබියදී මානව හිමිකම් කොමසාරිස්‌ කරුණු 74 ක්‌ ශ්‍රී ලංකාවට යොමු කළේ බටහිර රටවල් වෙනුවෙනි.

මේ හැර මන්නාරම රදගුරු රායප්පු ජෝසප් මන්නාරමේ සමූහ මිනීවළ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවද පවසා ඇත. එකී කරුණුද නවි පිල්ලේ සිය වාර්තාවට යොමු කර තිබේ.

මෙකී කරුණුවලින් පැහැදිලිවම පෙනී යන්නේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවට පදනම් වී ඇති කරුණු පසුබිමේ සිටින්නේ මෙරට පාර්ශ්වයන් බවයි.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk