බුදු දහම නව ශතවර්ෂය කරා
අචාර්ය ආනන් ද ඞ.බ්.පි ගුරුගේ
තායිලන්තයේ අති ගෞරව සොම්දෙජ් ප‍්‍රානයනසමවර සංඝරාජයාණන් වහන්සේගේ අනුහය වැනි උපන්දින සමරන මේ උතුම් මොහොතේ භික්ෂූන් වහන්සේ ද සම`ග උපාසක උපාසිකා පිරිස හා සම්බන්ධ වන මම, පළමුව ගෞරවනීය සංඝරාජයාණන් වහන්සේ විසින් සාක්ෂාත් කර ගන්නා ලද ජයග‍්‍රහණයන් පිළිබ`දව මගේ හෘදයාංගම සතුට පළ කරමි. උන්වහන්සේගේ නායකත්වය සහ ම`ග පෙන්වීම යටතේ මහ සංඝරත්නය, බෞද්ධ අධ්‍යාපනය සහ සාහිත්‍ය ය, ධර්ම ¥ත සේවය ආදී අංශ සාර්ථකව වැඩුනු ආකාරය පෙරදින මම වෙනත් ස්ථානයකදී ස`දහන් කෙළෙමි. ‘‘ සුඛී දීඝායුකො භව ’’ යැයි මම නැවතත් උන්වහන්සේට සුභ පතමි.
මෙම සන්ධ්‍යාවේ මට පැවරී ඇති මාතෘකාව ‘‘ නව ශත වර්ෂය කරා බුදු දහම ’’ යන්නයි. මීට නව වසරකට පෙර ඇරඹි 21 ශත වර්ෂය නම් වූ ප‍්‍රවත_න යුගය අසාමාන්‍ය සමෘද්ධිය හේතුවෙන් කලහකාරී, සාහසික, කරදරකාරී ලොවක් ලෙස ඉතිහාසයේ දැනටමත් සටහන් වී ඇත. එහෙත් බෞද්ධයින් වූ අපට අවුරුදු දෙකකටත් අඩු කලකින් වෙනත් නව ශත වර්ෂයක් උදාවෙයි. 2011 වසරේ වෙසක් උදාවත් සම`ග සිද්ධාර්ථ ගෞතම රාජකුමාරයා බුද්ධත්වයට පත් වී වසර 2600 ක් සපිරිමේ නැතහොත් වඩා වැදගත් ලෙස සැලකෙන බුදු දහම ආරම්භ වී 2600 වැනි සංවත්සරය සැමරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. සැබැවින්ම අපට ඉතා වැදගත් වූ මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන් අනලස්ව පිළිපැදීමට නැවත නැවතත් ඇප කැප වී පෙළ ගැසීමට හේතුවකි. එම නිසා මේ යුග දෙකම අළලා බුදු දහම විමර්ශනයට ලක් කළ යුතු යැයි මම සිතමි.
එක්සත් ජාතීන්, පවත්නා සියවස උදාව සැමරූ මොහොතේ නව සහස‍්‍රය උදාව නිමිති කරගෙන පවත්වන ලද ආගමික නායකයින්ගේ සහස‍්‍ර වර්ෂ සමුළුවට මට සහභාගි වීමට ලැබීම ගැන මා සතුටු වන අතර මිනිසුන්ගේ ජීවිත වලට ප‍්‍රබල බලපෑමක් ලෙසද එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් හා ජාතීන් අතර සාමය පෝෂණය කරන්නක් ලෙසද ආගම මෙම සමුළුවේදී මුල්තැන්හි ලා සැළකිනි.
නමුත් ඊ ළ`ග අවුරුද්දේම ඒ සමුළුව පැවැත් වූ නගරයේම 9 /11 නොහොත් සැප්තැම්බර් එකොලොස් වැනි දින නින්‍දිත සැහැසි ව්‍යසනයක් සිදු කරන ලදි. එහි ප‍්‍රතිඵලය අවුරුදු අටක් පුරා ඉතා විශාල වශයෙන් ජීවිත විනාශ වුණු යුද ගිනි දෙකකින් ඉරාකය සහ ඇෆ්ඝනිස්තානය බිළි ගැනීමයි. නොම`ග ගිය තරුණ පිරිසකගේ අන්තවාදී ආගම් භක්තික උන්මාදයේ ඵලය ශෝචනීය ලෙස 9 /11 සාහසිකත්වය යුද්ධ දෙකකට මුල් වීමයි.
ඇතැමෙකු පහත දැක්වෙන ආකාරයේ ප‍්‍රශ්න ඇසීමට පටන් ගත්හ. දහ අට වැනි සියවසේ බි‍්‍රතාන්‍යයේ චාර්ල්ස් කැලබ් කෝල්ටන් පූජකවරයාගේ සිද්ධාන්තය පරිදි ආගම විනාශකාරී බලවේගයක් බවට නැවතත් පත්වීද?
මිනිසුන් ආගම නිසා වාද විවාද කරති. ඒ ගැන ලියති. කලකෝලාහල කරති. ඒ කුමක් වුනත් ආගම පිළිපදින්නෝද වෙත්ද ? මනුෂ්‍යත්වයේ යහපත ස`දහා අධෛර්යමත් කළ යුතු , අමතක කළයුතු සාධකයක් බවට ආගම පත්වෙයිද? මෙම විවාදය උච්ච අවස්ථාවට පැමිණ
තිබෙන මේ අවධියේ නව ශත වර්ෂය ස`දහා බුදු දහම යන මාතෘකාව සාකච්ඡුාවීම ඉතා වැදගත්ය. බුදු දහම කෙසේ බලපායිද?
ආසියාවේ සාම්ප‍්‍රදායික බෞද්ධ රට වලින් බාහිරව ජාත්‍යන්තර වශයෙන් බුදු දහම ප‍්‍රචලිත වී දැනට ගෙවී ඇත්තේ සියවසකට ම`දක් වැඩියෙනි. බුදු දහම තමන්ගේ පෞද්ගලික ආගම ලෙස වැළ`දගත් එසේම බුදු දහමේ මිතුරන් ලෙස තමන්ගේ ජීවනය තුළින් සමහර අංග පිළිපදින මිනිසුන්ගේ සංගණනයක් කරන්නේ නම්, බුද්ධිමත් දායකයින්ගේ ලොව පුරා සංඛ්‍යාත්මක ව්‍යාපෘතිය සුවිශේෂි ලෙස විද්‍යමාන වෙයි. බොහෝ රටවල බුදු දහම ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ආගම ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එසේ බුදු දහම හදාරන ගුරුවරුන් පර්යේෂකයින් සහ බුදු දහම පිළිබ`ද නිපුණ වෙනත් ප‍්‍රචාරකයින් සංඛ්‍යාව ගණන් බලන්නේ නම් යමෙකු විස්මයට පත් වේවි. ඊට සමානවම නිතිපතා වැඩිවන බුදු දහම පරිශීලනය කරන අයගේ ප‍්‍රයෝජනය සදහා විවිධ භාෂා වලින් වාර්ෂිකව නිකුත් කෙරෙන ප‍්‍රකාශනද ඉතා වැදගත් සාධකයෙකි. එලෙසම සෑම රටකම පාහේ බෞද්ධ ආයතන සිද්ධස්ථාන ස්ථූප බිහිවෙයි. බුදු දහමට එතරම් අනුග‍්‍රහයක් ලැබෙන්නේ ඇයි ?
බුදු දහම ව්‍යාප්ත වීමට හේතුව එය ආගමක් නොවීම යැයි සමහරු කියනු ඇත. දර්ශනයක් මෙන්ම ජීවන රටාවක්ද වන බුදු දහම ප‍්‍රඥාගෝචර ආචාරධර්ම සංග‍්‍රහයක් වෙයි. ඔවුහු සාධක තුනක් මත බුදු දහම වෙනත් සංවිධානාත්මක ආගම් වලින් වෙන් කොට හ`දුනා ගනිති. පළමු වැනිව ඇදහිය යුතු යැයි පනවන සිද්ධාන්තයන් නැවත නැවත නිර්වචනය කරමින්, ප‍්‍රශ්න නොකර ඇදහිය යුතු යැයි අනුගාමිකයින්ට බල කරන මධ්‍යගත අධිකාරියක් බුදු දහමෙහි නැත. දෙවැනිව, අදහන්නාත් ඔහුගේ අධ්‍යාත්මික අපේක්ෂාවත් අතරට මැදිහත් වී තමන් සතු යාතුකර්ම පදනම් වූ බලයෙන් විමුක්තිය ලබාදිය හැකි යැයි අවධාරණය කරන පූජකවරයක් බුුදු දහමේ නැත තුන්වැනිව, යමෙකුගේ කැමැත්ත අනුව නිදහසේ පිළිපැදීමට හැකි, හුදෙක් චාරිත‍්‍ර විධි සහ යාතුකර්ම වලට තැනක් නැති බුදු දහමේ විමුක්ති මාර්ගය ස`දහා අයහපත පිටු දකිමින් යහපත පිළිගනිමින් පිරිසිදු සිතින් අනලස්ව කටයුතු කිරීම පරම අවශ්‍යතාවයයි. මේවා ඉතා වැදගත් වන්නේ මේ සියවසේ ලෝකයේ අස්සක් මුල්ලක් නොහැර මිනිසාගේ බුද්ධි පරාසය, අධ්‍යාපනය, විද්‍යාව තාක්ෂණය ඉතා වේගයෙන් අභිභවමින් පවතින නිසයි.
බුදුරජාණන් වහන්සේම සහ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ අනුගාමිකයින් වහන්සේලා ද විසින් අනුදක්නා ලද ධර්මයේ සුවිශේෂ ගුණයන් හයක් ලෙස සාරාංශ කර තිබේ. මනාකොට දේශිත හෝ ප‍්‍රකාශිත බුද්ධ ධර්මය ‘‘ ස්වක්ඛාතො’’ වෙයි. බුද්ධ දේශනාවන් අතළොස්සක් වුවත් ගැඹුරින් අධ්‍යයන කිරිම මෙම ගුණාංගය සනාථ කරයි. එම දේශනාවන් මනා සංයමයෙන් පෙළ ගස්වා තර්ක විතර්කයෙන් නිරවුල්ව පැහැදිලි කරමින් ඉතා යෝග්‍ය උපමා උපමේය පරිකථා, පරියාය පද සහිත ඉතා පොහොසත් වචන මාලාවකින් නිරූපණය කර තිබේ. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමේ විලාශයන් අධ්‍යයන කිරීමේ අවස්ථාව ලද මම, අධ්‍යාපන කලාවේ නැත්නම් විද්‍යාවේ උන්වහන්සේගේ අපූරු නිපුණතාවය ගැන මම විශ්මයට පත් වීමි. අනුශාසනා ප‍්‍රාතිහාර්යය හැර වෙනත් ප‍්‍රාතිහාර්යය පෑමෙන් වළකින ලෙස තම අනුගාමික ශ‍්‍රාවකයින් වහන්සේලාට බුදුහාමුදුරුවන් අනුශාසනා කිරීම අරුමයක් නොවේ. ඉගැන්වීමේ නිපුණත්වයෙන් සාක්ශාත් කරගත් නිවැරදි අවබෝධය හා පිළිගැනීම සැබැවින්ම ප‍්‍රාතිහාර්යයකි.
සන්දිට්ඨික සහ අකාලික අංගයන්ගෙන් සමන්විත බුදු දහමේ ඊ ළ`ග ගුණ පද්ධතිය බුද්ධ දේශනාවේ වලංගු කාලය පහදයි. ‘‘ සන්දිටඨික” යන්නෙන් අදහස් වන්නේ කෙනෙකුගේ ජීවිතයේ වර්තමාන කාලයයි. මරණින් පසු ජීවිතයක් ගැන බුදුදහමේ ඉගැන්වීමක් නොකරන්නේ බුදු දහම පිළිපදින්නෙකුට තම අභිමතාර්ථය වන බුද්ධත්වය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත හැකි නිසයි. බුදු දහමේ සෑම පිළිවෙතක්ම වර්තමාන ජීවිතයට අදාළ වෙයි. එම ප‍්‍රතිපත්ති පිළිපැදීමෙන් ලබන ඵලයද එසේ මැයි. අකාලික යන්නෙන් පැහැදිලිවම ප‍්‍රකාශ වන්නේ බුදු දහමට කල් ඉකුත්වීමේ දිනයක් නැත යන්නයි. අවුරුදු දෙදහස් හයසියක ඉතිහාසය දෙස් දෙන පරිදි බුදු දහමේ වලංගුභාවය සදාකාලිකයි.
බුදු දහමේ සර්වප‍්‍රකාරයෙන්ම වැදගත් වචනාර්ථයෙන්ම ‘‘ එව බලව ’’ යැයි අදහස් කෙරෙන ‘‘ එහි පස්සික ’’ යන්න සිව්වැනි ගුණයයි. තීක්ෂණව සිතා බලා තෝරාබේරා ගැනීමේ මිනිසා සතු බුද්ධි ශක්තිය පිළිබ`දව බුදුහාමුදුරුවෝ විශ්වාසය තැබූ සේක. තේරුම් ගැනීමට අසීරු තර්ක වලින් ගහන ගුප්ත ධර්මයක් උන්වහන්සේ දේශනා නොකළහ. තමන් වහන්සේගේ දේශනා ඉතා දැඩිව විශ්ලේෂණය හා නිරීක්ෂණය කිරීමට ඕනෑම කෙනෙකුට නිර්භීතව ආරාධනා කළ සේක.
බුදුහාමුදුරුවෝ කාලාමයින්ට මෙසේ අවධාරණය කළහ. ”කට කථා හෝ සම්ප‍්‍රදාය මාත‍්‍රයෙන්, ග‍්‍රන්ථ වල ස`දහන් තොරතුරු වලට ගැළපෙන හෙයින් සත්‍ය සේ හැගෙන නිසා හෝ අනුමානයෙන් හෝ තමන්ගේ පූර්ව නිගමනයන්ට ගැළපෙන කරුණු සළකා හෝ දේශකයා ගරු කටයුතු තැනැත්තෙකු නිසා හෝ කිසිවක් පිළිනොගන්න ’’ සෑම කෙනෙක්ම තම තමන්ම සිතා බැලීම උන්වහන්සේ අගය කළහ. බුදුරජාණන් වහන්සේ ඉතා ඉහළින් අගය කළ සිතා බැලීමේ හා එක`ග නොවීමේ නිදහස සහස‍්‍ර දෙකක් තුළ මුළු මහත් මහද්වීපයක් පෝෂණය කළා පමණක් නොව අපට දකින්නට ලැබෙන පරිදි දැන් මුළු ලෝ වාසින්ට ඔවුනොවුන්ට ආවේනික වූ එකිනෙකට වෙනස් ජීවන රටාවන් හා විවිධ ආකාරයන් ඔස්සේ බුදු දහම අවබෝධ කර ගැනීමට හා පිළිපැදීමට පෙළ ගැසෙති.
මේ විවෘතභාවය නිසා, අවධාරණය කිරීමේ ක‍්‍රමෝපායයන් උන්වහන්සේගේ මුල් දේශනාවන්ට සංසදනාත්මකව සංශෝධනය කිරීමට සිදු වී නම් බුදුහාමුදුරුවෝ ඊට හරස් නුවූහ. විය යුතු පරිදිම ලෝකයේ චිරස්ථායි වන්නේ බෞද්ධ අනින්‍යතාවයයි. වෙනස් වීම හා විකාශය නවතා ලිය නොහැකි ක‍්‍රියාවලීන් නිසා උන්වහන්සේගේ දේශනාවන්ද එම ධර්මතාවයෙන් නිදහස් නොවීය.
අභිමතාර්ථය කරා යොමු වූ අරමුණක් ස`දහා බුදු හිමියන් දේශනා කළ ධර්ම ‘‘ ඕපනයිකො’’ යැයි සංකේෂපයෙන් දක්වා තිබේ. මීට අවුරුදු දෙදහස් පන්සිය අනු අටකට පෙර, අවුරුදු හයකින් ඉෂ්ඨකර ගන්නා ලද අභිමතාර්ථය දුකෙහි අවසානය වූ බුද්ධත්වයයි. ‘ නිබ්බාන ‘ – බුද්ධත්වයට පත්වීමෙන් මුදුන් පමුණුවාගත් ඒ සැපත විවෘත හා කොයිකාටත් සාක්ෂාත් කළ හැක්කකි. ‘‘ උතුරේ බුදු දහමේ ’’ පිළි ගැනීම පරිදි සැමදෙනා තුළම ‘‘ බුද්ධ භාවය ’’ පවතී. යම් කෙනෙකුට දුක අවසන් කිරීමේ මාර්ගය ස`දහා වාහනය ධර්මයයි. විමුක්තිය, නිදහස, මෝක්ෂය, මිදීම හෝ නිදහස්වීම වන ඒ මාර්ගය නිශ්චිත ගමනාන්තයකි.
ධර්මයේ හයවැනි සහ අවසාන ගුණය වන්නේ සෑම ප‍්‍රඥායෙකුම ධර්මය පෞද්ගලිකව අවබෝධ කළ යුතුයි යන්නයි. (පච්චත්තතං වේදීතබ්බෝ විඤ්ඤූහි* ’’ මෙම වචන තුනෙන් එක් එක් වචනය නියත තේරුමකින් පරිපූර්ණය. ධර්මය දැන ගත යුතු හා ප‍්‍රත්‍යක්ෂ කළ යුතු දෙයකි. ධර්මය නිවැරදිව අවබෝධ කළ යුතු බව බුදු හාමුදුරුවෝ උපදේශයකින් මෙසේ අවධාරණය කරති. දිය නයෙකු දඩයම් කරනා දඩයම් කරු උගේ හිසින් අල්ලා ගත යුතුයි. උගේ අගිස්සෙන් ඇල්ලූවොත් ඌ ආපසු හැරී දඩයම් කරුවාට දෂ්ට කරයි. දුක පිළිබ`ද බුදු හාමුදුරුවන්ගේ ඉගැන්වීම් වරදවා තේරුම් ගැනීමේ භයානක තත්ත්වයක් උදාවීම නිසා බුදු හාමුදුරුවන්ට මෙම උපදේශය පනවන්නට සිදුවිය. සමහර ශ‍්‍රාවකයින් තම ජීවිතයේ නිස්සාරත්වය කොතරම් දුරට ඒත්තු ගත්තා දැයි කිවහොත් ඔවුහු දුක ජය ගැනීම ස`දහා තම ජීවිත අවසන් කිරීමට කෙටි ම`ගක් පැතූහ.
ඔවුහු එක්කෝ සියදිවි හානි කරගත්හ. නැත්නම් අන් අය වලූන් ලවා තම ජීවිත නසාලීමට සැළැස්වූහ. ශරීරයට අන්ත දුක් දීමෙන් සාගින්නෙන් (සල්ලේබන* දිවි හානිකර ගැනීමේ ජින මහා වීරගේ න්‍යාය මෙයට බලපාන්නට ඇත. බුදුහාමුදුරුවන්ට එවන් මතයක් නොතිබිණි. මිනී මැරීම තහනම් කරමින් තුන්වෙනි පාරාජිකා සිල් පදය පැනවීමට හේතුව එයයි.
මේ අවබෝධය යමෙකු තමන් විසින් දැනුවත් විය යුතු වූයේ මුල් බුදු දහම අනුන්ගේ පිහිටෙන් පාපයෙන් ගළවා ගැනීම අනුමත නොකළ නිසයි. කෙනෙකුට වෙනත් අයෙකු අතින් අල්ලා නිර්වාණයට කැ`දවාගෙන යා නොහැක. ‘‘ තුමෙහි කිච්චං ආතප්පං’’ අක්ඛාතාරො තථාගත ’’ (බුදුවරුන් ම`ග කියා දෙනවා පමණක් නිසා කළ යුතු දේ තමන්ම කරගත යුතුයි *. මේ සංකල්පයෙන් බැහැර වී මෝක්ෂ මාර්ග දෙකක් ගැන කථා කරන පිරිස නිසා ජිරිකි සහ තරිකි නම් වූ සම්ප‍්‍රදායන් දෙකක් බිහිව තිබේ.
ජපන් භාෂාවෙන් ‘ ජිරිකි ’ යන්නේ අදහස් කරන්නේ යමෙකු ස්වෝත්සාහයෙන් මෝක්ෂයට යාම වන අතර තරිකි යනු තවකෙනෙකුගේ අනුග‍්‍රහයෙන් නැත්නම් පිහිටෙන් මෝක්ෂයට පත් වීමයි. ධරණි සඣජායනය, අමිතාභ බුදුන්ගේ නමින් පුණ්ඩරීක සූත‍්‍රයට පුද සත්කාර කිරීම වජ‍්‍රයාන මන්ත‍්‍ර ජප කිරීම (‘‘ ඕම් මනිපද්මේ හුම් ’’* මේ ප‍්‍රභේදයට අයත් වෙයි. එවැනි කෙටි මාර්ග තිබුණාවුවත් බුදුහාමුදුරුවන්ගේ දාර්ශනික ඉගැන්වීම් ගැඹුරු ලෙස අධ්‍යයනයේදී සියළු සම්ප‍්‍රදායන්හි කෙනෙකුගේ ව්‍යාවෘතවීම හා නිපුණතාවය අවධාරණය කෙරේ.
මේ ප‍්‍රකාශයේ තුන්වෙනි සාධකය ප‍්‍රතිපත්ති පිළිපදින්නාගේ ප‍්‍රඥාව අවධාරනය කිරීමයි. බුද්ධ ධර්මය, බුද්ධි ශක්තිය ඇති නැණවතුන් විසින් අවබෝධ කටයුතුයි. හො`ද නරක වෙන් කර හ`දුනාගත නොහැකි ඉන්ද්‍රජාල, විජ්ජා වතාවත් සහ යාතු කර්ම විශ්වාස කිරීමට තරම් බුද්ධි ප‍්‍රභාවෙන් පසුගාමී අය ධර්මාවබෝධයෙන් හා පිලි ගැනීමෙන් දුරස්ථය. එබැවින් බුදුන්ගේ ධර්මය නුවණැත්තන් විසින් අවබෝධ කටයුතු බව සම්මතයයි
කෙනෙකු මේ ධර්මයෙන් ලබන යහපත කුමක්ද? ධමෙමා හවෙ රක්ඛති ධම්මචාරී ’’ බුද්ධ දේශනාවයි. ධර්මයෙහි හැසිරෙන ධර්මය පිලිපදින තැනැත්තා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි.
ධර්මිෂ්ට වීමේ ඵලය ධර්මිෂ්ඨත්වයෙන්ම ලැබෙන බව බුදුහාමුදුරුවන් මීට වඩා හො`දින් පැහැදිලි කරන්නේ කෙසේද? එම ඵලය, ලැබෙන්නේ සියල්ල දත් ඒක දේවවාදී මැවුම්කාර දෙවියෙකුගෙන් නොවේය යන සංකල්පය මිනිසුන් වැඩිදෙනා තේරුම් ගත යුත්තාහ. බුද්ධ ශාසනයේ අඩංගු අව්‍යාජ එහෙත් සර්ව සම්පූර්ණ ආචාර පද්ධතිය ආවරණය කරන ධර්ම පදනම් වන්නේ විවිධ ලෙස විකාශ වන විකෘතියට පැමිණෙන හා නැවත එකතු වන ලෝභ, දෝෂ, මෝහ ජය ගනිමින් මුදුන් පමුණුවා ගන්නා වූ චිත්ත පාරිශුද්ධිය මතයි.
යමෙකු ශුද්ධ වූ අරහත් තත්ත්වයට පත්ව බුදු දහමේ අභිමතාර්ථය වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? එය ඉෂ්ට කරගත යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙනි. (අරිය අටඨංගික මගග* සිතුවිල්ලෙන් කි‍්‍රයාව ඇරඹෙයි. යමෙකු නිවැරදි චින්තනයට හා නිවැරදි අධිෂ්ඨානයට යොමු වෙයි. සිත වචනය පාලනය කරන හෙයින් නිවැරදි වචනය බොරුවෙන් පරුෂයෙන්, අපහාසයෙන්, හිස් බවෙන්, නිස්සාරත්වයෙන් තොරය.
ප‍්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන් හා සුරාපානයෙන් වැළකීම යහපත් ක‍්‍රියාවයි. අනුන්ටත් ජීවත් වීමට ඉඩ දෙමින් ධර්මිස්ටව හරි හම්බ කිරීම යහපත් ජීවනයයි. යමෙකුගේ වචනය හා ක‍්‍රියාව එසේ හික්මුණු කෙනෙහි, අපේ අධ්‍යාත්මය මෙහෙය වන තීරණාත්මක මනස පුහුණු කිරීමෙන් යහපත් වීර්යයට පිවිසෙයි. එම පුහුණුව යහපත් සතියට යහපත් කල්පනාවට යොමු වෙමින් යහපත් සමාධිය නොහොත් මානසික ඒකාග‍්‍රතාවය මුදුන් පත් කරවයි. මනහර ගාථා පාඨ දෙකකින් මේ සමස්ත මාර්ගය බුදුහාමුදුරුවෝ පැහැදිලි කල සේක.
සීලෙ පතිටඨාය නරො සපඤෙඤා – චිත්තං පඤ්ඤංච භාවයෙ
ප‍්‍රඥාවන්තයා සීලයෙහි පිහිටා මනසත් ප‍්‍රඥාවත් දියුණු කර ගනී.
එසේ සියුම් ලෙස සකසා ඒකාග‍්‍රකරගත් සිත තවදුරටත් පිරිසිදු කර ගැනීම මග්ගඵල නම් අෂ්ඨාංගික මාර්ගයෙන් ඇරඹෙයි. යෝගාවචරයා මාර්ගයට පිවිසමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස යන සංයෝජන ජයගෙන සෝතාපන්න ඵලය ලබයි. හෙතෙම කාමරාග සහ ව්‍යාපාද මැඩලමින් අනාගාමී ඵලය ලබයි. තව බාධක නොහොත් සංයෝජන පහක් ඇත අර්හත් මාර්ගයේදී ඒ සියල්ල ජයගත යුතු වෙයි. ඒවා රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච නම් වෙයි. එවිට යෝගාවචරයා රහත් ඵලය ලබයි.
බුදුහාමුදුරුවන් එසේ ක‍්‍රමානුකූලව ඉදිරිපත් කළේ සදාචාර පරිපූර්ණත්වයට මානුෂික ප‍්‍රවේශයකි. විසි එක්වෙනි සියවසත් සම`ග නව සහස‍්‍රවසට එළඹීමේදී ලෝකය මහත් නොඉවසිල්ලෙන් අපේක්ෂා කරන්නේ යුද්ධයේ අනිටු විපාක සැහැසිකම අනාරක්ෂිත බව සදාචාරය බි`ද වැටීම, අගතිය අසහනය, අවිනීතකම, උදාසීනත්වය, ආර්ථිකය අනිසි ලෙස යොදා ගැනීම හා කඩා වැටීම බලාපොරොත්තු සුන්වීම මැඩලන මානුෂීය උපායකි. මේ සියලූ දුෂ්ටකම් පටන් ගන්නේ කොහේද? පක්ෂීන්ගේ මෘගයින්ගේ සිත්වල හෝ වෙන කොහේවත් හෝ නොවේ මිනිස් සන්තානයෙහිය. නූතන මිනිසා ලෝකයේ සෑම ජාතියක්ම පරම්පරාවෙන් පරම්පරාවට සුරැුකි අධ්‍යාත්මික උරුමයන් ගැන උනන්දුවන්නේ නම් අද අප සොයන මනුෂ්‍යත්වය, බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් තුළ සාමාන්‍යයෙන් ව්‍යවහාර වන බුද්ධාගමේ ඇතුළත් බව ඔහු / ඇය නිසැකවම නිරීක්ෂණය කරාවි.
දැන් මගේ අවසාන ප‍්‍රශ්නය ඉදිරිපත් කරමි. බුදු දහම පිළිපදින බෞද්ධයින් වශයෙන් අද ලෝකය තුළ අපේ කාර්යභාරය කුමක්ද? අප බොහෝ දෙනෙකුට බුදු දහම ලැබී ඇත්තේ මව් කිරිත් සම`ග සහජ උරුමයෙනි. අපි විශිෂ්ඨ අධ්‍යාත්මික උරුමයක් ඇති දීර්ඝ විපුල ඉතිහාසයක උරුමකාරයෝ වෙමු. ඇදහීම් හා ප‍්‍රතිපත්ති මාලාවක් ස`දහා බුද්ධිමය ගවේෂණයකින් පසුව බුදු දහම ඔවුන්ගේ ජීවිත වලට මාර්ගෝපදේශයක් ලෙස තෝරාගත් අය අප අතර සිටිති. බෞද්ධයින් වන අප හැම දෙන, නවීන ලෝකයට විපුල ඵල ලැබිය හැකි, අසීමිතව වටිනා, මහාර්ඝ නිධානයක් සතුව සිටින්නෙමු. සමස්ත මිනිස් සංහතිය සම`ග එය බෙදා හදා ගන්නේ කෙසේද යන අභියෝගයට බුද්ධත්වයෙන් පසු එළඹෙන දෙදහස් හයසිය වැනි සංවත්සරයත් සම`ග තව අවුරුදු දෙකකින් උදාවන සියවසේදී මුහුණ දිය යුතුවෙයි.
සීලෙ පතිටඨාය නරො සපඤෙඤා
චිත්තං පඤ්ඤංච භාවයෙ
ප‍්‍රඥාවන්තයා සීලයෙහි පිහිටා මනසත් ප‍්‍රඥාවත් දියුණු කර ගනී.
එසේ සියුම් ලෙස සකසා ඒකාග‍්‍රකරගත් සිත තවදුරටත් පිරිසිදු කර ගැනීම මග්ගඵල නම් අෂ්ඨාංගික මාර්ගයෙන් ඇරඹෙයි. යෝගාවචරයා මාර්ගයට පිවිසමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡුා, සීලබ්බත පරාමාස යන සංයෝජන ජයගෙන සෝතාපන්න ඵලය ලබයි. හෙතෙම කාමරාග සහ ව්‍යාපාද මැඩලමින් අනාගාමී ඵලය ලබයි. තව බාධක නොහොත් සංයෝජන පහක් ඇත අර්හත් මාර්ගයේදී ඒ සියල්ල ජයගත යුතු වෙයි. ඒවා රූපරාග, අරූපරාග, මාන උද්ධච්ච නම් වෙයි. එවිට යෝගාවචරයා රහත් ඵලය ලබයි.
බුදුහාමුදුරුවන් එසේ ක‍්‍රමානුකූලව ඉදිරිපත් කළේ සදාචාර පරිපූර්ණත්වයට මානුෂික ප‍්‍රවේශයකි. විසි එක්වෙනි සියවසත් සම`ග නව සහස‍්‍රවසට එළඹීමේදී ලෝකය මහත් නොඉවසිල්ලෙන් අපේක්ෂා කරන්නේ යුද්ධයේ අනිටු විපාක සැහැසිකම අනාරක්ෂිත බව සදාචාරය බි`ද වැටීම, අගතිය අසහනය, අවිනීතකම, උදාසීනත්වය, ආර්ථිකය අනිසි ලෙස යොදා ගැනීම හා කඩා වැටීම බලාපොරොත්තු සුන්වීම මැඩලන මානුෂීය උපායකි. මේ සියලූ දුෂ්ටකම් පටන් ගන්නේ කොහේද? පක්ෂීන්ගේ මෘගයින්ගේ සිත්වල හෝ වෙන කොහේවත් හෝ නොවේ මිනිස් සන්තානයෙහිය. නූතන මිනිසා ලෝකයේ සෑම ජාතියක්ම පරම්පරාවෙන් පරම්පරාවට සුරැුකි අධ්‍යාත්මික උරුමයන් ගැන උනන්දුවන්නේ නම් අද අප සොයන මනුෂ්‍යත්වය, බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් තුළ සාමාන්‍යයෙන් ව්‍යවහාර වන බුද්ධාගමේ ඇතුළත් බව ඔහු / ඇය නිසැකවම නිරීක්ෂණය කරාවි.
දැන් මගේ අවසාන ප‍්‍රශ්නය ඉදිරිපත් කරමි. බුදු දහම පිළිපදින බෞද්ධයින් වශයෙන් අද ලෝකය තුළ අපේ කාර්යභාරය කුමක්ද? අප බොහෝ දෙනෙකුට බුදු දහම ලැබී ඇත්තේ මව් කිරිත් සම`ග සහජ උරුමයෙනි. අපි විශිෂ්ඨ අධ්‍යාත්මික උරුමයක් ඇති දීර්ඝ විපුල ඉතිහාසයක උරුමකාරයෝ වෙමු. ඇදහීම් හා ප‍්‍රතිපත්ති මාලාවක් ස`දහා බුද්ධිමය ගවේෂණයකින් පසුව බුදු දහම ඔවුන්ගේ ජීවිත වලට මාර්ගෝපදේශයක් ලෙස තෝරාගත් අය අප අතර සිටිති. බෞද්ධයින් වන අප හැම දෙන, නවීන ලෝකයට විපුල ඵල ලැබිය හැකි, අසීමිතව වටිනා, මහාර්ඝ නිධානයක් සතුව සිටින්නෙමු. සමස්ත මිනිස් සංහතිය සම`ග එය බෙදා හදා ගන්නේ කෙසේද යන අභියෝගයට බුද්ධත්වයෙන් පසු එළඹෙන දෙදහස් හයසිය වැනි සංවත්සරයත් සම`ග තව අවුරුදු දෙකකින් උදාවන සියවසේදී මුහුණ දිය යුතුවෙයි.
ගරුතර මහා සංඝයා වහන්ස,
නෝනාවරුනි, මහත්වරුනි,
ඉගැන්වීම, ප‍්‍රචාරනය, ජනමාධ්‍ය අන්තර්ජාල ම`ගින් තොරතුරු හා දැනුම විසුරුවා හැරීම හුදෙක් බුදු දහම බෙදා හදා ගැනීම නොවේ. අපගේ ජීවිත අපගේ කැපවීම, අපගේ හැසිරීම් රටාව මනුෂ්‍ය සංහතියේ ශුභ සිද්ධිය ස`දහා අපගේ කැපවීම සහ අපගේ ආදර්ශය පමණක් අපට ම`ග පෙන්වන මනුෂ්‍යත්වයම බව ලෝකයට පැහැදිලි කරනු ඇති. නව ශත වර්ෂයේදී කාර්ය භාරය මෙයයි. නව සහස‍්‍රයේදී අපගේ අභියෝගය මෙයයි.
සබෙබ සත්තා භවන්තු සුඛිතත්තා (සියළු සත්වයෝ සතුටු වෙත්වා. සුවපත් වෙත්වා*
Source:Dhamasara News