Sun. Nov 24th, 2024
Spread the News

යහපාලනයේ නවතම සුපිරි බද්ද (super gains tax) හරහා සුපිරි ව්‍යාපාරික ප්‍රජාව සාක්කුවට දමාගැනීමේ මෙහෙයුමක්!!!!!!!!!!!!!!!

යහපාලන නව රජයේ අතුරු අයවැය මගින් දැවැන්ත සමාගම් වෙත ගසා තිබෙන සුපිරි බද්ද (super gains tax) පිළිබඳව විරෝධතාවයක් මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාව තුළින් ඇතිවී තිබේ.ලැබෙන ලැබෙන නවතම තොරතුරු වාර්තා කරනුයේ ,මෙම සුපිරි සමාගම් විරෝධතාවය නව රජය අපේක්ෂා කල බවත් ,විරෝධතාවයන් හමුවේ සියලුම සුපිරි සමාගම් ගෙන්වා සාකච්චා කිරීමෙන් පසුව සුපිරි බද්ද අඩු කිරීමට කටයුතු කිරීමට කටයුතු කිරීමට නව රජය අපේකෂා කරන බව වාර්තාවේ , තවද මෙම සාකච්චා අතරවාරයේදී ඉදිරි මැතිවරණ වලට අවශ්‍ය මුල්‍යමය ආධාර ලබාගැනීමට වක්‍රව කටයුතු කිරීම මෙම හදිසි සුපිරි බද්දේ මුලික අරමුණ බව අපවෙත තොරතුරු දැන්වූ රජයේ නිලධාරියා පැවසීය

මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂකයෙකු පැවසුවේ මෙම බද්ද අතීතයේ ලාභ වෙනුවෙන් අයකර තිබීම ප්‍රශ්නයක් බවයි. 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට මෙයින් යෝජනා කර තිබේ.

අප වෙත අනාවරණය වන ආකාරයට මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල බලපෑමක් සිදුවන අතර දුරකතන සමාගම් වලට මෙහිදී දෙපැත්තකින් බදු වැටෙන තත්ත්වයක් ඇතිවී ඇත.තවද මෙම බද්ද කිසිදු අද්‍යනයකින් තොරව කරන ලද ක්‍රියාවලියක් බවත් සදහන්වේ .

රජය විසින් දුන් මැතිවරණ පොරොන්දු ඉටුකිකිරීමට සහ රජයේ කෙටි කාලීන ආදායම් අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක් මෙම බද්ද හඳුන්වා දී තිබෙන බවත්.මැතිවරණ පොරොන්දු ඉටුකිකිරීමට ව්‍යාපාරික ප්‍රජාව බිල්ලට දීම පුද්ගලික අංශයේ ඉදිරි පැවැත්මට බලපානු ඇති බවය .

මේ අනුව, මෙම සුපිරි වාසි බද්දට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ඩිස්ටිලරීස්, සිලෝන් ටුබැකෝ, කාර්සන්ස්, බුකිට් ඩාරා, එයිට්කන් ස්පෙන්ස්, නෙස්ලේ, ඕවර්සී රියල්ටි, ඇක්සස් ඉංජිනියරිං, ලංකා ඉන්දීය තෙල් සමාගම, ලංකා ලුබ්රිකන්ට්, AHPL, HHL, සහ ටෝකියෝ සිමෙන්ති යන සමාගම් යටත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන අතර මූල්‍ය අංශය නියෝජනය කරන කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්,ඩී.එෆ්.සී.සී, සෙලාන්, NTB, NDB, යන බැංකු සහ සෙලින්කෝ රක්ෂණ සමාගම, සෙන්ට්‍රල් ෆයිනෑන්ස්, පීපල්ස් ලීසිං යන සමාගම්ද මෙම බද්ද යටතට වැටීමේ ඉඩකඩක් ඇත.

මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ සියයට 2.7 කින් පමණ පහළ වැටුණු බව වාර්තාවේ

ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ මෙම බද්ද අයකරන ආකාරය පිළිබඳව රජය විසින් ඉදිරියේදී දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රශ්න රැසක් තිබෙන බවයි.

මෙම සමාගම් වලින් ඇතැම් ඒවා පසුගිය කාලයේදී සියයට 28 ක් බදු ගෙවා තිබෙන බවත් සියයට 25 ක් වන මෙම බද්ද එකතු වූ පසුව එය සියයට 53 ක් දක්වා ඉහළ යන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වනබවත් හෙතෙම සඳහන් කළේය.

Protected by Security by CleanTalk