Spread the News

කන්න දුන් අත හපා කා පස්ස බිම ඇනගත් එමානුවෙල් සිය කතෝලික කම තවදුරටත් ලොවට පෙන්වයි.

කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීම මානව හිමිකම් කඩ කිරීමක්‌ද?

සති තුනක්‌ තිස්‌සේ ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ විවිධ රැඟුම් දැක්‌වූයේ කොටි හිතවාදී සංවිධානයි.

එහෙත් ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. එය අශ්වයා පැනගියාට පසු ඉස්‌තාලය වසා දැමීමක්‌ වැනිය. තහනමට ලක්‌ වූ සංවිධාන මෙසේයි.

1. කොටි සංවිධානය, 2. ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය, 3. ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, 4. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, 5. ලෝක ද්‍රවිඩ සංසදය, 6. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය, 7. ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, 8. ගෝලීය ද්‍රවිඩ සංසදය, 9. කැනඩා ද්‍රවිඩ ජාතික කමිටුව, 10. ද්‍රවිඩ ජාතික කවුන්සිලය, 11. ද්‍රවිඩ තරුණ සංවිධානය, 12. ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව. 13. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව, 14. ද්‍රවිඩ ඊලම් ජනතා සභාව, 15. ලෝක ද්‍රවිඩ සහන අරමුදල, 16. මූලස්‌ථාන කණ්‌ඩායම

මේ සංවිධාන අතරින් කීපයක නායකයන් ලෙස එමානුවෙල් පියනම නදියවන් හෙවත් පෙරිම්පනායගර් විශ්වනාදන්, රුද්රමාරන් සහ විනයකුමාරන් විනයාගන් ක්‍රියා කරයි.

රජය මෙම තහනම ප්‍රකාශයට පත් කිරීම එකී සංවිධානවලට පමණක්‌ නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය හා ද්‍රවිඩ සංධානයට එල්ල වූ අතුල් පහරකි.

මෙලෙස රජය කොටි හිතවාදී සංවිධාන 16 ක්‌ තහනම් කිරීමෙන් පසු හිටපු බ්‍රිතාන්‍ය මන්ත්‍රී ජෝන් රසන් පැවසුවේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්‌ බවයි.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදයේ මෙරට ප්‍රචාරක ඒජන්තවරුන්ටද එකී තහනම නිසා කොටි ප්‍රචාරවලට මුල්තැන දීමට නොහැකි වී තිබේ.

රජයේ මේ ක්‍රියාමාර්ගය ගැන මෙතෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් කවුන්සලය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

එහෙත් එකී සංවිධානවල ක්‍රියාකාරීහු පසුගිය කාලයේ සංචාරකයන් වේශයෙන් මෙරටට පැමිණ තිබේ.

තහනම ප්‍රකාශයට පත් වීමත් සමගම ඔවුන්ටද මෙරටට පැමිණීමට නොහැකිය. මේ පසුබිම මැද ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් කලබලයට පත්වී ඇත. අපි සාකච්ඡාමය විසඳුමකට එළඹීම සඳහා සූදානම් වූ අවස්‌ථාවේ රජය ගෝලීය ද්‍රවිඩ සංසදය තහනම් කිරීම වැරදි සහගත ක්‍රියාවක්‌ යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් පසුගිය මාර්තු 27 දා ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති පැවසුවේ රජයට හා ජනාධිපතිට මෙහිදී හොඳ පාඩමක්‌ උගන්වන බවයි.

සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදය, ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධානයක්‌ බවයි. එහෙත් එය කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානයක්‌. අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන විශ්වනාදන් රුද්රකුමාරන් යනු ප්‍රභාකරන්ගේ උපදේශකයාය. ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසයට සම්බන්ධ සෑම් පාරි නමැත්තිය හිටපු කොටි ක්‍රියාකාරිනියකි. කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් ප්‍රපාල පිල්ලේ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ සංස්‌කාරක ලෙස කටයුතු කළ සී. පී. සිවරාම් හෙවත් තාරකිගේ මස්‌සිනායි. තාරකී කොටියකු නොවන බව පෙන්නුම් කිරීමට මෙරට ඇතැම් මාධ්‍ය පාර්ශ්ව ද උත්සාහ කළේය.

ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය මෙහෙයවූ අර්ජුන් එදිරිවීරසිංහම් නමැත්තා ශ්‍රී ලංකාවට ඒමටද මෑතකදී උත්සාහ කළේය.

මේ කොටි හිතවාදී සංවිධානවලට සම්බන්ධ ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවිය මෙහෙයවූ කන්නන්ද මෙරටට පැමිණ ආරක්‍ෂක අමාත්‍යාංශය මෙහෙයවූ ආරක්‍ෂක සමුළුවට ද සහභාගි විය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ අගෝස්‌තු 21 දා විශ්‍රාම යයි. එහෙත් ඇයට ශ්‍රී ලංකා රජය කොටි හිතවාදී සංවිධාන 16 කට පැනවූ තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමට නොහැකිය. එසේම මෙම සංවිධාන මානව හිමිකම් ආරක්‍ෂකයන් යෑයි ප්‍රකාශ කිරීමටද ඉඩක්‌ නැත.

එකී සංවිධාන ප්‍රධානීහු මානව හිමිකම් සමුළුව වෙත පැමිණියේ බටහිර රටවල සහය මතය.

ඔවුන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා නිල ආවරණය ද ලැබී තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා රජය පැනවූ තහනම නිසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව 2015 දී ආරම්භ වන අවස්‌ථාවේ එම කොටි ක්‍රියාකාරීන්ට ඊට සහභාගි විය හැකිද යන ප්‍රශ්නය බටහිර රටවල් හමුවේ පවතී.

මෙතෙක්‌ දවස්‌ එමානුවෙල් පියනම ඇතුළුÊකොටි ක්‍රියාකාරීහු හඳුන්වනු ලැබුවේ මානව හිමිකම් රැකවලුන් ලෙසයි. එහෙත් මින්පසු ඔවුහු ත්‍රස්‌තවාදයේ රැකවලුන් ලෙසට නම් වී ඇත.

මෙලෙස ක්‍රියාත්මක වූ කොටිහිතවාදී සංවිධානවල පසුබිමේ සිටියේ බටහිර රටවල්ය. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සමග සාකච්ඡා කළේය. කැනඩාවේ දේශපාලනඥයන් ද එරට කොටි හිතවාදී සංවිධාන සමග රහස්‌ සාකච්ඡාවල නිරත වී තිබිණි. එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය බ්‍රිතාන්‍ය දේශපාලන පක්‍ෂ සමඟ දැඩි සබඳකම් පවත්වයි. එහෙත් ශ්‍රී ලංකා රජය කොටි සංවිධාන 16 කට පැනවූ තහනම මත විදේශ රටවල් කෙලෙස ක්‍රියා කරන්නේ ද යන ප්‍රශ්නය පැනනැගී ඇත.

මෙවන් පසුබිමක්‌ මැද එකී සංවිධානවලට අරමුදල් එකතු= කර ගත හැකිවේ ද?

මේ අතර රජය පැනවූ තහනම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ සමඟ සබඳකම් පැවැත්වීම ද ප්‍රශ්නයක්‌ වී ඇතැයි කොටි වෙබ් අඩවියක්‌ ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය මත රජය මීළඟ පියවර ද ගත යුතුව තිබේ. ඒ එකී කොටි හිතවාදී සංවිධාන සමඟ සබඳකම් පවත්වන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද තහනම් කිරීමයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ එකී කොටි සංවිධාන සමග සබඳකම් පවත්වන බව රහසක්‌ නොවේ. එය තහවුරු වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු කොටි ක්‍රියාකාරීන් සමග සතුටු සාමීචියේ යෙදීම නිසායි.

ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහි ඝෝෂා කළ කැනඩා ද්‍රවිඩ සංවිධානයේ ක්‍රිෂ්ණ සවරිමුත්තු නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට ගොස්‌ උතුරේ පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට මින් මතු ඉඩ නොලැබෙන බව කියා සිටියේය.

ඉන් සනාථ වුයේ 2009 සිට 2014 දක්‌වා මොවුන් මෙරටට පැමිණ තම ඉලක්‌ක සපුරාගෙන ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමයි.

සවරීමුත්තුලා ජිනීවාහිදී රඟ දැක්‌වූ නාටකය අපි දුටුවෙමු. ඔවුන්ට තවදුරටත් මෙරටට පැමිණ රාජෙද්‍රdaහී ක්‍රියාවල නිරතවීමට ඉඩදිය යුතුද?

“අපේ ක්‍රීඩාව හමාරයි” යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය පැවසුවේ මේ නිසාය. කැනඩාවේ ද්‍රවිඩයන් 300,000 ක්‌ සිටිනවා. රජය පැනවූ තහනම නිසා අපේ සබඳතාවලට බරපතළ ප්‍රශ්න මතුවී තිබෙනවා යෑයි සවරීමුත්තු නමැත්තා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීමට සියයට 100 ක්‌ ම විවිධ කුමන්ත්‍රණ දියත් කළේ කොටි හිතවාදී සංවිධානයි.

ඔවුහු එහිදී විවිධ වහසිබස්‌ දෙඩූහ.

උතුරු පළාත් සභාව අපි සමග සිටිනවා අපිව නවත්වන්න කාටත් බැහැ යෑයි කොටි ඩයස්‌පෝරාව කියා සිටියහ.

වලිකාමම් ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකු ද ජිනීවාහිදී කොටි ක්‍රියාකාරීන්ට එක්‌විය. එහෙත් මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදී ආරක්‍ෂකයන්ට එක්‌වීමට ඉඩදිය යුතුද?

* කීර්ති වර්ණකුලසූරිය

 

http://www.divaina.com/2014/04/04/feature.html