මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත්
කොටි ත්‍රස්‌තවාදය නැති කර ලීම සඳහා 6000 කට අධික හමුදා භටයන් සහ නිලධාරීන් දිවිදුන් ශ්‍රී ලංකා යුද හමුදාව අද බරපතල ප්‍රශ්නයකට මුහුණ පා ඇත. මේ සතියේ දිනෙක වාර්තා වූයේ වෙබ් අඩවියක කාටුන් ශිල්පියකු වූ එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සඳහා රහස් පොලිසියට සහය නොවීම සම්බන්ධයෙන් හමුදාපති ක්‍රිශාන්ත සිල්වාට එරෙහිව නඩු පැවරීමට රහස් පොලිස් බලධාරීන් කටයුතු කරන බවයි. හමුදාපතිවරයකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය උත්සාහ කළ මුල් අවස්‌ථාව මෙය නොවේ.
2002 ජනවාරි මස දිනෙක මහනුවර සහකාර පොලිස් අධිකාරීව සිටි කුලසිරි උඩුගම්පොල අතුරුගිරියේ දිගුදුර විහිදුම් බළකාය වටලා එහි සිටි හමුදා භට පිsරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී මෙවන් තත්ත්වයක් මතුවිය. එම සිද්ධියට අදාළව එවකට හිටපු හමුදාපති ලයනල් බලගල්ලට සහ බුද්ධි අංශ ප්‍රධානි කපිල හෙන්දා විතාරණට එරෙහිව නඩු පැවරීමට පොලිසිය සූදානම් විය. එහෙත් එදා සිටි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති තිලක් මාරපන නිසා එකී උත්සාහය අසාර්ථක විය.. මෙවන් පසුබිමක් මැද රහස් පොලිසියට තොරතුරු නොදීම නිසා හමුදාපතිට නඩු පැවරීමට සූදානම් වෙද්දී යුද හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් ඇමරිකානු රජයට දිව්රුම් පෙත්සමක් දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකුට විදේශ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක උසස් ධුරයක් හිමිවිය. පසුගිය ආරක්‍ෂක විශේෂාංගයෙන් “ජුදාස්” යෑයි අපි හඳුන්වනු ලැබුවේ එම හමුදා නිලධාරියායි.
ඔහු හමුදාවෙන් විශ්‍රාම ලබා තම ධුරය ලබාගැනීමට පෙර එතෙක් පැවැති වෙස් මුහුණ ගලවා දමා අලුත් වෙස් මුහුණක් දා ගත්තේය. ඒ සිය වාසගම වෙනස් කිරීමෙනි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ හමුදා නිලධාරියාගේ අතීතය වාර්තා වී නොතිබුණි. යුද හමුදාව පාවාදුන් මොහු විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක ඉහළ ධුරයක් ලැබීමෙන් පසු එම රට ඔහුව පිළිගත්තේ බ්‍රිතාන්‍යයේ මහරැජිනට හිමිවී ඇති සත්කාරවලට සමාන සත්කාරවලිනි.
එහෙත් සිය පැරණි වෙස් මුහුණ ගලවා අලුත් වෙස් මුහුණක් දමාගත් මේ හමුදා නිලධාරියා කවුදැයි මෙරට හමුදා නිලධාරීහු හඳුනා ගත්හ. එසේ වුවත් රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කරමින් ඇමරිකාවට ශ්‍රී ලංකා හමුදාව පාවාදීම ගැන මොහු අත්අඩංගුවට ගැනීමක් හෝ නඩු පැවරීමක් සිදුවූයේ නැත.
මේ අන්දමට දිවුරුම් ප්‍රකාශයක් මගින් ඇමරිකානු නීතිවේදියකු හමුවේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළ එකී හිටපු හමුදා නිලධාරියා ඉහළම ධුරයකට පත්වන අවස්‌ථාවේ වන්නි මෙහෙයුම ජය ගැනීමට අනිකුත් හමුදා ප්‍රධානීන් සමග කැපවූ 58 වැනි සේනාංකයේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 53 වැනි සේනාංකයේ සේනාධිපති ලෙස පත් කරනු ලැබීය. මේ අතර නෝර්වේ විදේශ ඇමැති බ්‍රොaඡ් බ්‍රොන්ඩේ පසුගිය ජනවාරි 7 දා මෙරටට සම්ප්‍රාප්ත විය.
ජනවාරි මස මුල් සතියේ නෝර්වේ විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණීම විශේෂ සිද්ධියක් වන්නේ 2008 වසරේÊජනවාරි 4 දා ශ්‍රී ලංකා රජය නෝර්වේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීම නිසාය.
අට වසරකට පෙර නෝර්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතාවය ෙද්‍රdaහි ක්‍රියා නිසා බිඳ වැටෙද්දී 2016 ජනවාරි 7 දා යළි නෝර්වේ ආගමනය සිදු විය. ඔහු පැමිණියේ පව් සමා කර ගැනීමට නොවේ.
බ්‍රොaඡ් බ්‍රොන්ඩේ මෙරටට පැමිණියේ කුමක් සඳහාද? ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමයට සහයවීම සම්බන්ධයෙන් කරුණු සෙවීමට නෝර්වේ රජය කටයුතු කරන බව ඔහු දේශපාලන නායකයන් සමග පැවැති සාකච්ඡාවලදී පවසා ඇත.
නෝර්වේ විදේශ ඇමැතිව සිටි ජාන් පැටර්සන් සහ නියෝජ්‍ය විදේශ ඇමැතිව සිටි විදාර් හෙල්ඡේසන් කොටි සමග එක්‌ව කටයුතු කළ ආකාරය අමතක නොවේ.
2002 ජනවාරි සිට 2008 ජනවාරි දක්‌වා කාලය තුළ නෝර්වේ රාජ්‍යය මෙරට කටයුතු කළ ආකාරය මෙලෙස දැක්‌විය හැක. ප්‍රභාකරන් සිදු කළ බිහිසුණු ක්‍රියා අමතකවී ඇති විටෙක නෝර්වේ ෙද්‍රdaහි ක්‍රියා සහමුලින් අමතක වී ඇත.
1. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ව්‍යාජ සාමයක් මැවීමට රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් මිලියන 250 කට අධික මුදලක් ලබාදීම.
2. කොටි හඬ ගුවන් විදුලිය සඳහා අධි සම්ප්‍රේෂණ යන්ත්‍ර ලබාදීම.
3. හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂි දීම.
4. නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති විදාර් හෙල්ඡේසන් කොටි නායක ප්‍රභාකරන්ගෙන් ස්‌වර්ණමය තිළිණයක් ලබා ගැනීම.
5. හිටපු නෝර්වේ තානාපති හෑන්ස් බ්‍ර්‍රට්‌ස්‌කාර් හිටපු ජනාධිපති හමුවී සාම්පූර් මෙහෙයුම නතර කිරීමට උත්සාහ කිරීම.
6. කොටි සංවිධානයට නැගෙනහිර මුහුදු කලාපය ලබාදීම සඳහා ද සටන්විරාම කමිටුව සමග එක්‌වී පිඹුරුපත් සකස් කිරීම.
7. සාම සාකච්ඡා මුවාවෙන් ඔස්‌ලෝ අගනුවරට පැමිණි කොටි කණ්‌ඩායමට නෝර්වේ අවි සමාගම්වලට යැමට ඉඩ දීම.
8. කොටි කණ්‌ඩායමකට නෝර්වේහි රේන විශේෂ බළකා කඳවුරට යැමට අවසර දීම – එකී විශේෂ බළකා කටයුතු ගැන අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීම.
9. කොටි ඊළම් පොලිස් කණ්‌ඩායමක් විදේශ පුහුණුවට යැවීම.
10. නෝර්වේ චන්ද්‍රිකා තාක්‍ෂණ උපකරණ වූ “නේරා” උපාංග සැපයීම. මෙම උපාංග හමුදාව විසින් පසුව සොයා ගෙන තිබිණි.
11. ප්‍රභාකරන් සමග යුද්ධ කර ජයගත නොහැකි බව එරික් සෝල්හයිම් ශ්‍රී ලංකා රජයට දැනුම්දීම.
12. විදේශ ඇමැතිව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධව කොටින්ට එරෙහිව නිසි පියවර ගැනීමෙන් වැළකීම.
13. නෝර්වේ ඒජන්තවරුන් දෙදෙනකු මෙරට ස්‌ථාපිත කර එම ඒජන්තවරු දේශපාලන පක්‍ෂවලට රිංගවීම.
මෙවන් අවමන් සහගත අතීතයක් ඇති නෝර්වේ රාජ්‍යය යළි ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට කටයුතු කර ඇත්තේ නෝර්වේහි සිටින ඊළම්වාදීන්ගේ ඉලක්‌කය සපුරා ගැනීම සඳහායි.
වන්නි මෙහෙයුමට පසු ප්‍රධාන පෙළේ කොටි ත්‍රස්‌තයන් රැසක් තානාපති වරප්‍රසාදවලට මුවාවී නෝර්වේ වෙත යෑවූ බව ඔස්‌ලෝ නුවර ඇප්ටන් පෝස්‌ටන් පුවත්පත හෙළි කර තිබිණි.
මෙවන් පසුබිමක් මැද බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. හියුගෝ ස්‌විරේ මෙරටට එන්නේ ශ්‍රී ලංකාවේ සෞන්දර්යය දැක ගැනීමට නොවේ.
ස්‌විරේ විසින් බ්‍රිතාන්‍යයේ ඊළම් සංසදයට සම්බන්ධ සිසොම්ගාන් මැක්‌ඩොනා වෙත යෑවූ ලිපියෙන් ඔහුගේ සංචාරයේ අරමුණ හෙළි විය.
ඒ ශ්‍රී ලංකා හමුදාව උතුරින් ඉවත් කිරීම සහ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමටයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අරමුදලින් ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත. හියුගෝ ස්‌විරේ ඊළාම් බෙදුම්වාදයට සහය වන මැක්‌ඩොනා මන්ත්‍රිනිය වෙත යවා ඇති ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ. “සංහිඳියාව සහ යුද අපරාධ චෝදනා විමර්ශනය සම්බන්ධව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක් දී ඇත. එහිදී ශ්‍රී ලංකා හමුදාව වැදගත් කාර්ය භාරයක් ඉටු කල යුතුයි. ඒ උතුර හා නැගෙනහිරින් හමුදාව ඉවත්වීම සහ හමුදාව භාරයේ ඇති ඉඩම් සිවිල් ජනතාවට ලබාදීමයි. එසේම ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට සහය වීම අපේ අරමුණයි”.
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මෙරටට පැමිණීමෙන් පසු ඊළඟට ශ්‍රී ලංකාවට එන්නේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ය. මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ජිනීවා යෝජනාව ප්‍රකාර රජය ක්‍රියා කර තිබේද යන්න විමර්ශනය කිරීමයි.
මෙලෙස බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හා මානව හිමිකම් කොමසාරිස් ශ්‍රී ලංකාවට එන සමයේ උතුරේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.
උතුරු පළාත් සභාව මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය නමින් සමරු මධ්‍යස්‌ථානයක් ඉදිකිරීමටත් එය මැයි 28 දා විවෘත කිරීමටත් සැලසුම් කිරීම මෙම මෙහෙයුමයි. එහෙත් ඒ සඳහා රජයෙන් අවසර ගෙන නැත. උතුරු පළාත් සභාව මෙම සමරු මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීමට සැලසුම් කර ඇත්තේ කොටි ඝාතන සමාගම සැමරීම සඳහායි.
මුල්ලිවයික්‌කාල් සමරු මධ්‍යස්‌ථානය ඉදිකරන බව උතුරු පළාත් සභාව ප්‍රසිද්ධියේ පවසන අවස්‌ථාවේ රජයේ යාන්ත්‍රණයෙන් ඊට නිසි ප්‍රතිචාරයක් දක්‌වා නැත. මේ අන්දමට ත්‍රස්‌තවාදීන් සැමරීමේ ස්‌මාරක ඉදිකිරීමට ලොව වෙනත් රටවල් ඉඩදී නොමැත.
මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන දැනගත් වූ විගස මෙරට රාජ්‍ය නොවන සංවිධාන 12 ක් හා සිවිල් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වාගත් 41 ක පිරිසක් කරුණු දහයක් ඉටු කරන ලෙස ඉල්ලීමක් කරමින් රජයට සන්දේශයක් යවා ඇත. මේ සන්දේශයේ දැක්‌වෙන කරුණු පාඨකයන්ගේ අවධානය උදෙසා අපි මෙලෙස සඳහන් කරන්නෙමු.
1. ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරනු.
2. යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණයක් සහ ස්‌වාධීන කාර්යාලයක් පිහිටුවනු.
3. විශේෂ අධිකරණය සඳහා විදේශ විනිසුරුවරුන්, නීතිවේදීන්, නඩු අධ්‍යක්‍ෂකවරුන් සහ විමර්ශකයන්ට සහභාගි වීම සඳහා නීතිරීති ඇති කරනු.
4. පසුගිය කාලයේ සිදුවූ යුද අපරාධ ගැන නඩු පැවරීම සඳහා නව නීතිරීති කෙටුම්පත් කරනු.
5. ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ සහය ලබාගනු.
6. ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානයට ලක් කරනු.
7. මානව හිමිකම් උල්ලංඝනය කර ඇති අයවළුන් සාම හමුදා කටයුතු සඳහා අනුයුක්‌ත කිරීමෙන් වළකිනු.
8. මහජන ආරක්‍ෂක පනත හා ත්‍රස්‌ත මර්දන පනත සංශෝධනයට ලක් කරනු.
9. අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් (හිටපු කොටි ත්‍රස්‌තයන්) නිදහස් කරනු.
10. විපතට පත් වූවන් නිරීක්‍ෂණය කිරීමෙන් වළකිනු.
මේ ඉල්ලීම්වලින් කියන්නේ ඇන්ටනෝව් යානාවට මිසයිල ගැසූ ත්‍රස්‌තයන් ද මුදාහැරිය යුතු බවයි.
මෙකී ඉල්ලීම් ඇතුළත් සන්දේශයට අත්සන් තබා ඇති සමහරු මෙයට පෙර අසා නැති පුද්ගලයන්ය. තවත් අයෙක් ශ්‍රී ලංකා හමුදාව චීනයෙන් ගෑස් කුටි ගෙන්වා ලක්‍ෂ ගණනක් ද්‍රවිඩයන් පුලුස්‌සා මරා දැමීමට යුද හමුදාව ක්‍රියා කළ බවට සාවද්‍ය ප්‍රචාරයක් දියත් කළ අයෙක්.
එසේම සන්දේශයේ සඳහන් රාජ්‍ය නොවන සංවිධාන විදේශ අරමුදල් ලබන සංවිධාන වේ. ඉන් වාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්‌ථානය යනු වසර කීපයකට පෙර වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක් කැඳවීමට උත්සාහ කළ සංවිධානයයි.
එකී ක්‍රියාදාමයට සම්බන්ධ වූ එම මධ්‍යස්‌ථානයේ ප්‍රධානියාව සිටි ප්‍රංශ ජාතික රාමා මානිව මෙරටින් පිටුවහල් කිරීමට රජය ක්‍රියා කළේය.
මෙකී සන්දේශයේ දැක්‌වෙන කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්‌මින් සුකා ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණි.
මේ නිසා තහවුරු වන්නේ “අත ඊසොප්ගේ හඬ ඡේකොබ්ගේ” යන බයිබල් පාඨයයි.
මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ වඩුක්‌කෝඩේ සම්මුතිය යළි මතු විය. 1976 යාපනය වඩුක්‌කෝඩේහිදී එස්. ඡේ. වී. චෙල්aවනායගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ප්‍රථම ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු බවට දැක්‌වෙන එකී සම්මුතිය ප්‍රකාශයට පත් විය. මේ සම්මුතියට 2016 වසරේදී වසර 40 ක් සපිරෙයි.
දැන් මේ සම්මුතිය ඉදිරියට ගෙන යැමට උත්සාහ කරන්නේ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයයි.
මේ අතර මුහුදු කොටි පාලනය යටතේ පැවැති මුලතිව්හි නැගෙනහිර මුල්ලිවයික්‌කාල් ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව විසින් මුදා ගැනීමෙන් වසර හතකට පසු එකී ප්‍රදේශයේ නාවික කඳවුරක් ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතා එල්ලවී ඇත.
මුලතිව් යනු උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. නැගෙනහිර මුල්ලිවයික්‌කාල්හි පදිංචිකරුවන් යෑයි හඳුන්වාගත් පිරිස් එකී විරෝධතාවට සම්බන්ධ වී තිබේ.
මෙයට සමගාමීව ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ද රජයට ඉල්ලීම් පහක් යොමු කර ඇත.
මෙහි දැක්‌වෙන්නේ එම ඉල්ලීම්ය.
1. දෙමළ ජාති ඝාතනය ගැන යුක්‌තිය ලැබිය යුතුය.
2. ජනවාර්ගික ගැටලුව විසඳීමට ඇමරිකාව ඉන්දියාව සහ යුරෝපා සංගමය සම්බන්ධ කර ගත යුතුය.
3. හමුදා කඳවුරු ශක්‌තිමත් කිරීම නතර කළ යුතුය.
4. අතුරුදන් වූවන් ගැන කඩිනම් ප්‍රතිචාරයක් දැක්‌වීම.
5. දෙමළ දේශපාලන රැඳවියන් 200 ට නිදහස දිය යුතුයි.
ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ද ඊට සමාන ප්‍රකාශයක් කරමින් රටේ සෑම ජනවර්ගයකටම සම තත්ත්වය දිය යුතු බව පවසා ඇත. ප්‍රභාකරන්ගේ ඉල්ලීම වූයේ ද සම තත්ත්වයයි. මේ අතර වසර කීපයකට පසු නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් තවත් රහසක් හෙළි කර ඇත. රහස නම් විදේශ ඇමැති කදිරගාමර් කොටි සංවිධානය මැරුවේ ඔහු කොටින්ව ජාත්‍යන්තර තහනමට ලක් කළ නිසා යෑයි පවසා ඇත.
කීර්ති වර්ණකුලසූරිය