Spread the News

ඔබේ දරුවා පරෙස්‌සම් කර ගතයුතු
අලුත්ම ඩීවීඩී සෙල්ලම මෙන්න….
පෙනී සිටින්නේ ලංකාවේ ගැහැනු ළමයි සහ පිරිමි ළමුන්ය

සියලු යහපත් දේවල් නරකට පෙරැළිය හැකි ආකාරය සිහියට ගනිමින් මේ ලිපිය ආරම්භ කරනු ලැබේ. ඒ මෙසේය, පිහියෙන් පාන් කැපිය හැකිය. මිනිසුන්ගේ බෙල්ල ද කැපිය හැකිය. විදුලියෙන් ලයිට්‌ පත්තු කළ හැකිය. එසේම විදුලිසර වද්දා මිනිහකු මැරීමට ද හැකිය. කාර් එකකින් අපට ගමන් කළ හැකිය. එසේම එය මිනිසුන්ගේ ඇඟේ හප්පා ඔවුන් වළපල්ලට යෑවීමට ද හැකිය. මෙයට අවුරුදු සිය ගණනකට පෙර චිත්‍රපට කර්මාන්තය පටන් ගන්නේ මිනිසුන්ට රසාස්‌වාදය සැපයීම සඳහා චිත්‍රපට හදන්නටය. එහෙත් අන්තිමේදී චිත්‍රපට කර්මාන්තය දෙකඩ වී හොඳ චිත්‍රපට මෙන්ම බ්ලූ ෆිල්ම් ද හැදෙන විට වැඩේ පත්තු විය. 1979 දී ඕලන්ද සමාගමක්‌ වූ පිලිප්ස්‌ සමාගම විසින් වීඩියෝ සි. ඩී. හෙවත් VCD තැටිය නිෂ්පාදනය කරන්නේ අඟලක්‌ උස, අඟල් 9 ක්‌ පළල අඟල් 8 ක්‌ දිග වීඩියෝ කැසට්‌ එකට දිය හැකි වඩාත්ම තුනී සහ වඩාත්ම පුංචි ආදේශකය ලෙසය. එහෙත් අද වන විට ලෝකයේ බ්ලූ ෆිල්ම් ගබඩා කරන ප්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ ද මෙකී VCD තැටිය ය. ලිංගිකත්වය යනු වහා ගිනි ගන්නා වූ භාණ්‌ඩයකි. මේ ගින්න පැතිර යැම කොතෙක්‌ ද යත් ඔබ මෙය කියවන මේ මොහොතේදීත් ගතවන සෑම තත්ත්පරයක්‌ පාසාම බ්ලූෆිල්ම් සඳහා ලෝකවාසී ජනතාව වැය කරන මුදල ලංකාවේ සල්ලිවලින් රුපියල් හාරලක්‍ෂ හතළිස්‌පන්දහස්‌ අටසිය හැත්තෑපහකි. අවුරුද්දකට රුපියල් 238896320000 (විසිතුන්දහස්‌ අටසිය අසූහතර කෝටි හැටතුන්ලක්‍ෂ විසිදහස) කි. එසේම සෑම තප්පරයක්‌ පාසාම 28258 දෙනෙක්‌ අන්තර්ජාලයෙහි බ්ලූෆිල්ම් නරඹති. අවුරුදුපතා ලොව වැඩිම බ්ලූ ෆිල්ම් ප්‍රමාණයක්‌ නිපදවන රටවල් වන්නේ ඇමරිකාව, බ්‍රසීලය, ඕලන්දය. ස්‌පාCඳ්Cඳය, ජපානය, රුසියාව, ජර්මනිය සහ එංගලන්තයයි. මේ රටවල් මේවා හදන්නේ තම රටවල්වල ජනයා සඳහා නොව පිටරටවල සිටින ජනයා සඳහා ය. එකී වෙනත් රටවලට ලංකාව ද අයත් ය.

*****************************************

මේ ළඟදී දවසක කොළඹ නගරාසන්නයේ පාසලක උගත් නව යොවුන් ශිෂ්‍යයකුට සිදු වූ සිද්ධියක්‌ විස්‌තර කරනු පිණිස මේ ලිපියේ දෙවැනි ඡේදය අරඹමු. අපේ කථානායකයාගේ වයස අවුරුදු 14 යි. ඔහු පදිංචිව සිටින්නේ තිඹිරිගස්‌යායේ කැප්පෙටිපොළ මාවත ආශ්‍රිත තට්‌ටු නිවාසයකය. ඔහු බටහිර චිත්‍රපට බැලීමට ඇබ්බැහිව සිටි ඉතා හොඳ රසඥතාවක්‌ ඇති යෞවනයෙකි. වැඩි පහසුව සඳහා මෙතැන් සිට අපි ඔහු ‘තිසර’ ලෙස හඳුන්වමු.

ඕ ලෙවල් විභාගය සඳහා සූදානම් වෙමින් සිටි තිසර සිය ජීවිතය කාල සටහනකට අනුව සකස්‌ කරගෙන සිටියේය. අලුයම හතරට අවදිවන ඔහු උදේ 6.30 වන තුරු පාඩම් කළේය. ඉන්පසු මුහුණ සෝදා ආහාර ගෙන පාසල් ඇඳුමින් සැරසී ඔහු මෝටර් රථයට නැංඟ විට රියෑදුරු ඔහු පාසලට ගෙන ගියේය. පාසල ඇරුණ පසු ගෙදර විත් ආහාර ගෙන මද විවේකයක්‌ ගත් තිසර ඉන් පසු කෙළින්ම ගියේ ටියුෂන් පන්තියකටය. සවස 5 ට ඉන් නික්‌මෙන ඔහු නගරයේ පිහිටි වීඩියෝ කඩයකට ගොස්‌ ඉංග්‍රීසි චිත්‍රපටයක්‌ ලබා ගන්නේය. සවස 6 ට ගෙදර පැමිණ පැයක්‌ විවේක ගන්නා තිසර රාත්‍රි 7 සිට 9 දක්‌වා පාඩම් කර රාත්‍රි ආහාර ගෙන රෑ 9.30 සිට 10.30 දක්‌වා VCD තැටිය බලා නින්දට යන්නේය.

මෙය පසුගිය වසර 3 තුළ තිසර අනුගමනය කළ කාල සටහනයි. ඔහු සෑම වාර විභාගයකදීම ඉතා ඉහළ ප්‍රතිඵල ගෙදර ගෙනාවේය. මේ නිසා මව හෝ පියා ඔහුගේ දෛනික ක්‍රියාවලියට මැදිහත් වූයේ නැත. ඕ ලෙවල් විභාගයෙන් තමා ලබන ඉහළ ප්‍රතිඵලය තිසර දැන සිටියේය. ඒ අනුව තමා ගණිත අංශයෙන් ඒ ලෙවල් විභාගය කරන බවත්, පසුව ඉංජිනේරු µeකල්ටියට තේරී ඉංජිනේරුවකු වන බවත් ඔහු අම්මාටත් තාත්තාටත් කීවේය. තිසරගේ සැලසුම ඉනුත් එහාට විහිදී තිබිණි. උපාධිය ලැබීමෙන් පසු ඇමරිකාවට ගොස්‌ වැඩිදුර උගෙන, කැලිෙµdaනියාවේ පසදිනා නගරයේ පිහිටි නාසා ආයතනයේ ‘ජෙට්‌ ප්‍රපල්ෂන් ලැබ්’ හෙවත් මිනිසුන් රහිත යානා අභ්‍යාවකාශයට යවන විද්‍යාගාරයේ රැකියාවක්‌ කිරීමට ඔහු අපේක්‍ෂා කළේය. ඔහු ජෙට්‌ ප්‍රපල්ෂන් ලැබ් එකට ආසා කළේ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ ආචාර්ය සරත් ගුණපාල එහි ඉහළ තනතුරක්‌ උසුලන හෙයිනි. මෙයට වසර 18 කට පමණ පෙර නාසා ආයතනය මගින් අඟහරු මතට යවන ලද ‘සර්ජෝනර්’ නමැති පරීක්‍ෂණ රථයේ සුවිශේෂ කැමරා ලෙන්සය නිපදවා තිබුණේ ආචාර්ය ගුණපාලය. මේ ලෙන්සය සතු විශේෂ ගුණයක්‌ තිබිණ. එනම් ඕනෑම වස්‌තුවක තාප ශක්‌තිය කියවා එම වස්‌තුවෙහි අඩංගු මූලද්‍රව්‍ය කවරේද යන්න හඳුනා ගැනීමට එම ලෙන්සයට හැකියාව තිබීමය.

මේ අතර තිසරගේ ජීවිතය පසුගිය වසරේ අගෝස්‌තු මාසයේදී නොසිතූ කඩඉමකට පිවිසුනේය. එම මාසයේ සති අන්ත දවසක VCD තැටියක්‌ ලබා ගැනීම සඳහා ඔහු කවදත් යනෙන වීඩියෝ කඩයට ගියේය. මෙහි මුදලාලි තරුණයෙකි. “මම මල්ලිව හම්බවෙන්නත් එක්‌ක හිටියේ. ඔයා හැමදාම ඔය ක්‌ලැසිකල් ඉංග්ලිෂ් ෆිල්ම්ස්‌ බල බලා ඉඳලා හරියන්නෙ නැහැ. ජීවිතයේ වෙනසක්‌ ගෙනෙන යමක්‌ බලන්න..” තිසර සමඟ මඳ වේලාවක්‌ කතා කළ තරුණ මුදලාලි කීවේය.

“මට තේරුණේ නැහැ අයියේ…….” තිසර කීවේය.

“මේකයි මල්ලි කතාව……..” මුදලාලි තරුණයා විස්‌තර කරන්නට විය. “මල්ලි හැමදාම ගෙනියන්නේ හැරිසන් ෙµdaඩ්, ෂෝන් ක්‌ලෝඩ් වෑන්ඩෑම්, ජැක්‌ නිකල්සන් වගේ ක්‌ලැසික්‌ නළුවන්ගේ චිත්‍රපට. ඒවට වැඩියේ හොඳ සිංහල sex ෆිල්ම් වගයක්‌ දැන් ඇවිත් තියෙනවා. ඔයා චිත්‍රපට බලන්නේ ලැප්ටොප් කම්පියුටරේ නිසා ගෙදරට මාට්‌ටු වෙන්නෙත් නැහැ. දැන් මම එයින් එකක්‌ ඔයාට නිකම් දෙන්නම්. ගෙදර ගිහින් බලන්න. හැබැයි කාටවත් කියන්න එපා මගෙන් ගත්තා කියලා.

මේ කතාව ඇසූ තිසර මදක්‌ කම්පනයට පත්විය. ඔහු මෙසේ කීවේය. “හැබැයි අයියේ මම බලන හැම වෙස්‌ටර්න් ෆිල්ම් එකකම sex ටිකක්‌ තියෙනවා. අයිය මට දෙන්න හදන්නේ බ්ලූ ෆිල්ම්ස්‌ද?”

“පිස්‌සුද මල්ලි…….? වීඩියෝ කඩේ මුදලාලි ක්‍ෂණික ප්‍රශ්නයක්‌ දැමීය “මල්ලි මේවා sex ම නෙමෙයි. ඔයා බලන Films වලට වඩා වෙනස්‌ ලෝකල් girls ලා boys ලා රඟපාන රොමැන්ටික්‌ චිත්‍රපටි.

ඉතින් ඒවා ෆිල්ම් හෝල්වල පෙන්වන්නෙ නැද්ද?

බැහැනෙ මල්ලි….. වීඩියෝ මුදලාලි කීවේය. “මේවා එහෙම පෙන්නන්න නම් රැඟුම් පාලක මණ්‌ඩලයට දාන්න ඕනෑ. එතකොට ඒකෙ ඉන්න කට්‌ටිය හිටු කියලා හොඳ හරිය කපනවා. අන්තිමට බලන්න වෙන්නේ නාමාවලියයි නිමි කියන කෑල්ලයි විතරයි. හෝල් එක ගානේ ශ්‍රී ලංකා මාතා සිංදුව දාන නිසා තව විනාඩියක්‌ විතර හෝල් එක ඇතුලේ හිටගෙන ඉන්නත් පුළුවන්.”

“හොඳයි අයියෙ. එහෙනම් මට එකක්‌ දෙන්න. ගාන කීයද?”

“මේකට සල්ලි එපා.” වීඩියෝ මුදලාලි කීවේය. ඊළඟ එකේ ඉඳලා සල්ලි දෙන්න. හැබැයි මම මේවා දෙන්නේ රෙන්ට්‌ එකට. (කුලියට) එක දවසකට රුපියල් දෙසීයයි. වැඩිවන හැම දවසකට රුපියල් 150 යි….”

සීඩී තැටිය බෑගයේ දමාගත් තිසර ගෙදර දිව්වේ කුරුල්ලකු පියාඹන තරම් වේගයෙනි. එදා රෑ නිදන කාමරයට ගොස්‌ දොර වසා ගන්නා තුරු ඔහුට ඉවසිල්ලක්‌ නැති විය. ඒ හවස්‌ වරුවේ ඔහු හරියාකාරව පාඩමක්‌ නොකළේද ඒ නොඉවසිල්ල විසින් සිත පෙළන ලද බැවිනි.

ලබන සතියේ තව කොටසක්‌

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකි`ද