කොටි මහාවිරු සමරුව මැද
කරුණා අම්මාන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් රැසක් වෙඩි තබා ඝාතනය කරන ස්ථානයේ තමා ද සිටි බවත් එම අවස්ථාවේ තමා ළඟ කැලෂිනකෝව් අවියක් තිබූ බවත් කොටි බෝම්බ නිෂ්පාදකයකු වූ සෂිකුමාර් කනපතිපිල්ලේ පසුගිය සතියේදී කැනඩා අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණි. එහෙත් ඝාතනයට ලක්වූ සෙබලුන්ගේ සිරුරුවලට කුමක් සිදු කළේද යන ප්රශ්නය ඔහුගෙන් ඇසීමට නීතිවේදීන් ඉඩ දුන්නේ නැත. ඒ ඔහු යුද අපරාධවලට හසුවන නිසාය. යුද හමුදා භටයන් ඝාතනය කරන අයුරු බලා සිටි බවට හිටපු කොටි බෝම්බ නිෂ්පාදකයා කළ හෙළිදරව්ව ගැන කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද අවධානය යොමු කළේ නැත. කනපතිපිල්ලේ සෂිකුමාර් තමා බස් රථ පිපිර වීමට බිම්බෝම්බ නිපදවූ බවද පිළිගෙන ඇත. අද ඔහු කැනඩා රජයෙන් දේශපාලන රැකවරණ පතා ඇත. කොටි යුද අපරාධකරුවන්ගේ පැටිකිරිය මෙලෙස හෙළිවන අවස්ථාවේ කොටි ඝාතකයන්a සැමරීම පසුගිය 27 දා රටවල් කීපයකදී සිදුවිය. බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් තෙරේසා මේ අගමැතිනිය යටතේ මියගිය කොටි ත්රස්තයන් සැමරීමට ලන්ඩන් පොලිසිය අවසර දී තිබුණි.
ලන්ඩන් නුවර එලිසබෙත් රැජින උද්‍යානය වෙන්කරගත් බ්‍රිතාන්‍ය ඊලම්ජාලය මියගිය කොටි ත්රස්තයන් රැසකගේ ඡායාරූපවලට මල්මාලා පලඳවමින් ඝාතකයන් සැමරීමට ක්‍රියා කළහ. එම කොටි උත්සවයේදී ශ්‍රී ලංකාවේ 2/3 ක් ඊළම් රාජ්‍යයට අයත් බවට පිළිබිඹු කෙරෙන විශාල සිතියමක්ද ප්‍රදර්ශනය කෙරුණි. එහෙත් තහනම් සංවිධානයක ත්රස්තයන් සැමරීමට ඉඩ දෙන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් විමසුවේ නැත. එසේම ලන්ඩන් නුවර ඊළම් ඩයස්පෝරාවේ වෙළෙඳසල්වල ද කොටි ධජය ඔසවා තිබුණි. මෙලෙස ඊළම් ඩයස්පෝරාව ප්‍රසිද්ධියේ කොටි ඝාතන කණ්ඩායම සමරන අවස්ථාවේ 2015 වසරේ නොවැම්බර් මස ඊළම් ඩයස්පෝරා සංවිධාන අටක සහ කොටි ක්‍රියාකාරීන් 269 කගේ තහනම රජය ඉවත් කර තිබුණි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා කැනඩා ද්‍රවිඩ කොන්ග්රසය, ඕස්ටේ්රලියානු ද්‍රවිඩ කොන්ග්රසය, ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩයන්ගේ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම එලෙස ඉවත් කරනු ලැබීය.
මේ පසුබිම මැද ලන්ඩන් නුවර කොටි සැමරුම හෙවත් මහා විරු සමරුව සංවිධානය කළ පිරිස කවුදැයි අනාවරණය කිරීමට ඊළම් ඩයස්පෝරාව ක්‍රියා කළේ නැත. එහෙත් ලන්ඩන් ආරංචි මාර්ග දැක්වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරීන් එම සමරුවට සහභාගිවූ බවයි.
ලන්ඩන් කොටි සමරුවට සමගාමීව උතුරේ විවිධ ස්ථානවලද කොටි සමරුව පැවැත්වීමට ක්‍රියා කර ඇත. ප්රභාකරන්ගේ මස්සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් කෝපායිහි 51 වැනි බළසේනා මූලස්ථානය ඉදිරියේ ගිනි මැලයක් දල්වමින් කොටින්ව සැමරීමට ක්‍රියා කළේ හමුදාවට අවමන් වන ලෙසිනි. එසේම කිලිනොච්චියේ කනකපුරම්හි කොටි හිතවාදීන් කැඩුණු කොටි ස්මාරකවල කැබලි එක්කර ස්මාරකයක් ස්ථාපිත කර සැමරීමේ උත්සවය පවත්වා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් ප්රභාකරන්ගේ උපන් දිනය හා මියගිය කොටින්ව සැමරීමට ක්‍රියා කරනු ලැබීය. ප්රභාකරන්ගේ පෝස්ටර් විශ්වවිද්‍යාලය තුළ ද අලවා තිබූ බව හෙළි විය. කොටි ඝාතකයන් සැමරීම ගැන ප්‍රකාශයක් කළ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දිසසිකරන් ද්‍රවිඩයන් තම විරුවන් සැමරීම වැළැක්වීමට කිසිවකුටත් නොහැකි යෑයි කියා සිටියාය.
මියගිය කොටින් සැමරීම සම්බන්ධව කොටි හිතවාදීන් ප්‍රකාශයක් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය සිකුරාදා සමරුව පැවැත්වූ බවත් ඊට බාධාවක් එල්ලවූයේa නැතැයි සඳහන් කළේය. මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරයට පණිවුඩයක් ද නිකුත් කර ඇත.
එහි මෙලෙස සඳහන් වී තිබේ.
ද්‍රවිඩ ඊළම් අරගලයේ විරුවන් ඊළම් ද්‍රවිඩයන්ගේ ස්වෛරීභාවය යටත් කර දීමට සූදානම් නැත. කිසිම විරුවෙක් අරගලය පාවාදී නැත. ඊළම් ද්‍රවිඩයන්ගේ ස්වෛරීභාවය සහ නිදහස ගැන එකඟත්වයක් ද ඇති නොවේ.
මේ පණිවුඩය ප්‍රකාශයට පත් කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායකයායි.
කොටි ඝාතකයන් සැමරීම සම්බන්aධයෙන් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ද මෙලෙස පවසා ඇත.
මහවිරුවන් සිය දිවි පුද කළේ ශුද්ධ වූ අරමුණක් වෙනුවෙනි. මෙදින අපට ශුද්ධ වූ දිනයකි.
මෙම ප්‍රකාශය කළ ශ්‍රීධරන් විවාහ වී සිටින්නේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සොහොයුරිය සමගය. මේ අතර යාපනයෙන් පළ වන සියලුම ද්‍රවිඩ පුවත්පත් ප්රභාකරන්ගේ ඡායාරූප පළ කරමින් කොටි සමරුවට විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි.
එහෙත් උතුරේ¨ මාධ්‍ය එක්වී සැමරීමට ක්‍රියා කළේ මිනිස් ඝාතන සිදු කළ රුදුරු ත්රස්තයන් නොවේද?
මේ ඊට නිදසුන් ය.
1. වව්නියාවේ මහකච්චිකුඩි සහ මාමඩුව අතර ධාවනය වූ බස් රියකට බෝම්බ අටවා 30 ක් ඝාතනය කිරීම.
එම ඝාතනයට ලක්වූවන්ගේa අවමඟුලට යමින් සිටි ගම්වාසීන් රැගත් බස් රියට කාල බෝම්බයක් අටවා 20 ක් ඝාතනය කිරීම.
2. හේරත්මිල්ලෑව, තම්මැන්නාව සහ නිකවැව ගම්මානවලට ප්‍රහාර එල්ල කර ගම්වැසියන් 30 ක් මරා දැමීම.
3. තම්මැන්නාවේදී බිම් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පාසල් ළමුන් ඇතුළු 9 ක් ඝාතනය කිරීම.
4. ගෝනමරියාවේ ශ්‍රීපුර පිරිවෙනේ අධිපති හිමියන් ඝාතනය කිරීම.
5. මහානිකවැවදී ගම්වැසියන් 12 ක් මරා දැමීම.
6. කෝන්ගොල්ලෑවේදී පැති බෝම්බ අටවා 76 ක් ඝාතනය කිරීම.
එහෙත් රජයේ මුදල් ප්‍රතිපාදන මත පවත්වාගෙන යන යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ බිත්තියේ කොටි සමරුව සම්බන්ධ පෝස්ටර් අලවා තිබුණි. එසේම උදයන්, වාලම්පුරි සහ කලෙයිකතිර් යන යාපනයේ පුවත්පත් ඝාතක ප්රභාකරන්ගේ ඡායාරූපය පළ කරමින් කොටි සැමරීමට දිරිගන්වා තිබුණි.
වවුනියා නගර සභාවේ පොංගු තමිල් ස්මාරකය ඉදිරියේදී වවුනියා පුරවැසි කණ්ඩායම නමැති සංවිධානය මියගිය කොටි ත්‍රස්තවාදීන්ව සමරා ඇත. මෙයට අමතරව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහය දක්වමින් කොටි ඝාතක සමාගම සැමරීමට එක්වී තිබිණි. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසුවේ එම සිදුවීම් ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නැති බවයි.
මෙලෙස උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ සහ විදෙස් රටවල් කීපයක කොටි සැමරීම සිදුවන අවස්ථාවේ පොලිස් ජීප් රියක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කර පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරියකු වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 23 දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
ඔහු කොටි ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් රැසකට දායක වූ නිලධාරියෙකි. විශේෂ කාර්ය බළකායට අයත් වාහනයක් භාවිතා කිරීම නිසා රුපියල් 146690 ක පාඩුවක් රජයට සිදුවී ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රංශයේ ඊළම්වාදියකුට කිරුබාහරන් සතුය පළ කර ඇත.
එහෙත් පොලිස් සහ හමුදා වාහන කොපමණ සංඛ්‍යාවක් අවභාවිතා වන්නේ ද යන්න කොළඹ නගරය තුළ විමර්ශනයක් සිදු කළහොත් දැකගත හැකිය. මෙහිදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු විශේෂ කාර්ය බළකා ප්‍රධානියාව අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 21 සිට 27 තෙක් කොටි මහාවිරු සමරුව පැවැත්වෙන සමයේදී වීම විශේෂ සිදුවීමකි.
එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව පැමිණිලිකර තිබුණේaද විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියෙකි. මෙම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට පවා යොමු වී තිබුණි. එහෙත් බරපතළ අවමානයක් සිදුවූයේ විශේෂ කාර්ය බළකායටය. ඒ කොටි ත්රස්තයන් සමරන සමයේ සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට පත්වීමයි. මේ අතර නැගෙනහිර හිටපු කොටි හමුදා නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද පසුගිය අඟහරුවාදා දහවල් කොළඹ මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ කරුණා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉතා වේගයෙන් ඊළම් ඩයස්පෝරාව වෙත පැතිර ගියේය. පසුගිය ඔක්තෝබර් මාසයේදී රජය සතු රුපියල් ලක්ෂ 70 ක් වටිනා ජීප් රියක් භාවිතා කිරිමේ චෝදනාව ඔහුට එල්ල විය. එම ජීප් රියද මූල්‍ය අපරාධ අංශය මඩකලපුවේ ගරාජයක තිබියදී සොයා ගැනිණි. ප්රභාකරන්ගේ කොටි සංවිධානය දෙකඩ කර 2004 මාර්තු 2 වැනිදා කොටි සංවිධානයෙන් ඉවත් වූ කරුණාට එරෙහිව මාර්තු 6 දා කොටි නායකත්වය යුද්ධ ප්‍රකාශ කළේය. කරුණාව අල්ලා ගැනීම සඳහා ප්රභාකරන් විසින් ස්වර්නම් ජිම්කෙළි, තාත්තා වැනි කොටි හමුදා නායකයන් නැගෙනහිරට එවූ නමුත් ඒ කිසිවකුටත් ඔහු අල්ලා ගැනීමට නොහැකි විය.
විනයාගමූර්ති මුරලිදරන් ඉන්පසුව තමිල් මක්කල් විදු තලායි පුලිකල් පක්ෂය පිහිටුවීමට ක්‍රියා කළේය. 2009 මාර්තු 09 දා රජයේ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාට වසර ගණනකට පෙර තිරුකෝවිල් ප්‍රදේශයේදී පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමේ චෝදනාව එල්ල විය.
“පොලිස් භටයන් ඝාතනය වන සමයේ මම වන්නියේ සිටියා. පොට්ටු අම්මාන්ගේ නියෝග මත එම පොලිස්a භටයන් ඝාතනය කළේ නැගෙනහිර විශේෂ හමුදා නායකයාව සිටි රමේශ් යෑයි කරුණා අප කළ විමසීමේදී අනාවරණය කළේය.
” ප්රභාකරන් යුද්ධ කිරීම ගැන කිsසිදු දෙයක් දැනගෙන සිටියේ නැහැ. ජය සිකුරු මෙහෙයුමට බියවී වන්නියෙන් පලා යැම ට උත්සාහ කළ අවස්ථාවේ මම නැගෙනහිර සිට ජෙයනාදන් බළකාය රැගෙන වන්නියට ගොස් ප්‍රභාකරන්ව බේරාගත්තා” යෑයි කරුණා කියා සිටියේය.
ශ්‍රී ලංකා රජය සමග ඔස්ලෝ ගිsවිසුම අත්සන් කරන ලෙස මට ඇන්ටන් බාලසිංහම් නියෝග කළා. ඔහු වෙව්ලන අතින් එම ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු සාම නියෝජිත කණ්ඩායමට සහභාගි වූ රුද්රකුමාරන් ඒ බව ප්රභාකරන්ට දැනුම්දී තිබුණා. මම ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්රභාකරන් මාව වන්නියට කැඳවා උඹ ෙද්‍රdaහියෙක්. කවුද උඹට ගිවිසුමට අත්සන් කරන්න කිව්වේ’ යෑයි කියා කෑගැසුවා. මම ඔහුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඔහු එය පිළිගත්තේ නැහැ. මහත්තයා (මහේන්ද්‍ර රාජා) මට ෙද්‍රdaහි වුණා. උඹත් ඒ ෙද්‍රdaහිකම මට කළා යෑයි ප්රභාකරන් පිපිරී පිපිරී කෑගැසුවා” යෑයි කරුණා හෙළි කළේය.
මහේන්ද්‍රරාජා ඝාතනය කළ අයුරින් ප්රභාකරන් තමාවද මරා දැමීමට සැලසුම් කරන බව තේරුම්ගත් කරුණා නැගෙනහිරට පැන ආවේය.
2004 මාර්තු 06 වැනිදා සිට 2009 මැයි 19 දා කොටි සංවිධානය විනාශ වනතුරු කරුණා අම්මාන්ව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට කොටින්ට නොහැකි විය.
එහෙත් අතු=රුගිරියේ නිවසක රැඳී සිටි කරුණාගේ සගයන් පිරිසක් අමු අමුවේ ඝාතනය විය.
2007 නොවැම්බර් 2 දා ලන්ඩන් නුවරදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ කරුණා සතුව තානාපති ගමන් බලපත්‍රයක් තිබූ බව හෙළි විය. 2008 ජනවාරි 25 දා ලන්ඩන් අධිකරණය කරුණාට මාස නවයක සිරදඬුවමක් නියම කරනු ලැබීය. අනතුරුව 2008 මැයි මස ඔහුට රැඳවුම් කඳවුරකට යවා ඇත. මේ සමයේදී ඇවනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කරුණා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබිණි.
ඊට ප්‍රතිචාර දැක්වූ කරුණා කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ හෙළි කරන බවට තර්ජනය කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ඊළාම් ඩයස්පෝරාව නිහඬ විය.
2008 ජුලි 3 දා බ්‍රිතාන්‍ය රජය කරුණාව මෙරටට පිටුවහල් කරනු ලැබීය. තමා ලන්ඩන් නුවරට පැමිණියේ සිය බිරිය නිරා සහ දරු තිදෙනා බැලීමට යෑයි කරුණා පැවසුවත් අධිකරණය එම ප්‍රකාශය පිළිගත්තේ නැත.
2007 නොවැම්බර් 2 දා ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගත් විනයාගමූර්ති මුරළිදරන් ඊට වසර නවයකට පසු එනම් 2016 නොවැම්බර් 22 දා මූල්‍ය අපරාධ අංශය අත්අඩංගුවට ගැනීම ඔහුගේ දෛවයට එල්ලවූ සරදමක් නොවේද?මෙහිදී කරුණාට එරෙහිව පැමිණිලි කළ පාර්ශ්වය හෙළි වූයේ නැත. එහෙත් අතීතය අමතක කළ යුතුද? අද සියලුම දේශපාලකයන් සහ පොලිස් නිලධාරීන් නිදහසේ කටයුතු කරන්නේ වසර 12 කට පෙර කරුණා කොටි සංවිධානය දෙකඩ කර කොටිසංවිධානය බරපතළ අර්බුදයකට ලක් කිරීම නිසාය.
“මා නැතිව ඔවුන්ට යුද්ධයෙන් ජය ලබන්න බැහැ” යෑයි කරුණා කියා සිටියේය. එදා කරුණා කොටින්ගෙන් වෙන් නොවූයේ නම් කොටි සංවිධානය අදටත් ක්‍රියාත්මක වේ. මූල්‍ය වංචා විමර්ශන අංශයක් ස්ථාපිත වන්නේ ද නැත. එහෙත් අපේ දේශපාලකයෝ තමන්ට සැනසුම් සුසුම් හෙළීමට මග පාදා දුන් කරුණා අමතක කර ඇත. ප්රභාකරන් වසර ගණනකට පෙර පැවසුවේ සිංහලයන්ට සතියකට පසු සැමදේම අමතක වන බවයි. එය සැබෑවකි. කොටි හිතවාදීන් හා ද්‍රවිඩ සංධානයේ දේශපාලකයන් එදා කරුණා හැඳින්වූයේ දොaහියකු ලෙසිනි. කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපයේ කොටි වෙබ් අඩවි පැවසුවේ සිsංහල රජය මුල්වරට කරුණා අත්අඩංගුවට ගත් බවයි.