ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක් කිරීමට උත්සාහ කිරීම
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ නඩුවක් ඇති බව දැක්‌වෙන සිද්ධිය ඒකාබද්ධය ගෙතූ ප්‍රලාපයක් බව පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත.
නඩුවක් හෝ පැමිණිල්ලක්‌වත් නැති නම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙතරම් දඟලන්නේ මන්ද?
එසේ නම් කොටි කොන්ත්‍රාත්කාරිය වූ යස්‌මින් සුකා ජගත් ජයසූරිය කොටුකර ගැනීමට මෙතරම් මහන්සි වූයේ ඇයි?
එසේම කොටි රැකවලා වූ ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්බන්දන් හිටපු හමුදාපතිට සාක්‍ෂි දෙන ලෙස පවසා ඇත. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු හමුදාපති සත්‍ය හෙළි කළ යුතු බවයි. මේ පසුබිම මැද ස්‌පාඤ්ඤ නීතිවේදී කාලස් කස්‌ත්‍රෙස්‌නා ඡගත් ජයසූරියට නඩුවක් ගොනු කළ බවට කළ ප්‍රකාශය බොරුවක් යෑයි කිව හැකිද?
කාලොස් කස්‌ත්‍රොස්‌නා ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීල රජයේ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලයට පිටු 41 ක පැමිණිල්ලක් යොමු කර තිබේ. එහි මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂගේ නම්වලට අමතරව සරත් ෆොන්සේකා නමද ඇතුළත් වී ඇත. මේ බව හිටපු හමුදාපතිවරයා දන්නේද? මෙම පැමිණිල්ලේ පිටු 41 ක වාර්තාව අප සතුව ඇත. ඉන් වන්නි මෙහෙයුමේ සියලුම හමුදා ප්‍රධානීත්ට චෝදනා ඉල්ල කර ඇත.
බ්‍රසීලය විශ්ව මානව ප්‍රඥාප්තියට අත්සන් කර ඇති නිසා ජගත් ජයසූරියට එරෙහිව තානාපති මුක්‌තිය ඉවත් කර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කස්‌ත්‍රොස්‌නා බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබේ. මේ සඳහා කොනෙක්‌ටාස් නමැති සංවිධානයද කස්‌ත්‍රොස්‌නාට සහය වී ඇත.
මේ බව මෙරට කටමැත දොඩවන දේශපාලකයන් නොදන්නා හමුදා ප්‍රධානීන්ට එරෙහිව පවරන නඩු ක්‍රියාත්මක වන්නේ ඔවුන් එම විශ්ව සම්මුතියට අත්සන් කළ රටවලට පැමිණියොත් පමණි. නේපාල් රටේ කර්නල් කුමාර් ලාමාව අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය අධිකරණය නියෝග කළේ ඔහු ලන්ඩන් නුවරට පැමිණි අවස්‌ථාවේදීය.
නැම්බියාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සනෙක් පොධා ස්‌විස්‌ටර්ලන්තයට එනතුරු තමාට යුද අපරාධ නඩුවක් ඇති බව නොදැන සිටි අතර ඔහු එය දැනගත්තේ ඔහු ජිනීවා නුවරට පැමිණි විටය.
එහෙත් එම යුද අපරාධ නඩුව පිළිබඳ තොරතුරු වසන් වී තිබිණි. ජිනීවා නුවරදී සනෙක් පොධා අත්අඩංගුවට ගැනුනේ විශ්ව සම්මුතිය මතය.
මේ ඉරණම ගෝතමාලාවේ හිටපු පොලිස් ප්‍රධානියාටද බලපෑවේය. ඒ නිසා යස්‌මිත් සුකා යනු ඉතාමත් කපටි ගැහැනියෙකි. ඇය මේ වන විට සාවද්‍ය යුධ අපරාධ වාර්තා 15 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා තිබේ.
එසේම යුද අපරාධ නඩු පවරණ සූක්‍ෂම ක්‍රමවේදය ඇය දනී. එක්‌සත් ජාතීන්ගේ විශ්ව සම්මුතිය ක්‍රියාත්මක වන අයුරුද සූකා දන්නා නිසා. ඇගේ ලතින් ඇමරිකානු මෙහෙයුම හෙළි දරව් විය.
මේ පසුබිම මැද මෙරට දේශපාලකයන් එවන් නඩුවක් නැති බවට තර්ක කරති.
නඩුවක් ගොනු කර නැත්නම් ඇය ජගත් ජයසූරිය බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම වැලැක්‌වීමට උත්සාහ කළේ මන්ද?
එසේම කොනෙක්‌ටාස් නැමැති බ්‍රසීල සංවිධානය එරට නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත ගොස් ඉල්ලීමක් කළේ මන්ද?
කාලොස් කස්‌ත්‍රොස්‌නා නමැති ස්‌පාඤ්ඤ නීතිවේදියා ජගත් ජයසූරියට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පෘතුගීසි භාෂාවෙනි.
එම පැමිණිල්ල ඔහු ඉදිරිපත් කර ඇත්තේ වව්නියා ජෝෂප් කඳවුරේ සිටි බව කියන ද්‍රවිඩ කොටි කාන්තාවන් 12 කගේ සාක්‍ෂි සමගය. ඒ නිසා ජගත් ජයසූරියට එරෙහිව ඒකාබද්ධ කණ්‌ඩායම ප්‍රලාපයක් ගෙතූ බව පිළිගත හැකිද?
කොටි 50 කට අධික පිරිසක් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අතුරුදන් වූයේ පසුගියදායි. එහෙත් මේ ගැන කිසිදු රජයේ දේශපාලකයෙක් ප්‍රකාශයක් කළේ නැත. කොටි ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත් වීමත් බොරුවක්‌ද?
ලන්ඩන් නුවරදී චාගි ගාල්ලගේව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝගයක් ලබා ගැනීමටද කොටි උත්සාහ කළහ.
ජර්මනියේදී ජගත් ඩයක්‌ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ද දියත් විය.
එහෙත් මේ අතීත සිද්ධිය වසන් වී ඇත.
ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැතත් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ව එම සම්මුතියට අත්සන් කර ඇති රටවල්වලදී අත්අඩංගුවට ගත හැකිය.
එහෙත් ඇතැම් එන්. ජී. ඕ. මෝඩයන් මේ විශ්ව සම්මුතිය ගැන නොදනී. පුරවැසි බලය නමැති හිටිහැටියේ අටවාගත් සංවිධානයක් නිසා තාවකාලික රැකියාවක් ලබාගත් එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක් ජගත් ජයසූරියගේ සිද්ධිය වසන් කිරීමේ දීන උත්සාහයක නිරත වී ඇත.
එහෙත් සත්‍යය වසන් කළ හැකිද? යස්‌මින් සූකා දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවකි. ඇගේ සත්‍යය හා යුක්‌තිය නමැති යුරෝපා සංගමයේ අරමුදල් ලබන සංවිධානය ජාත්‍යන්තර සබඳතා ඇති ආයතනයකි.
එවැනි විටෙක යස්‌මින් සූකා ජගත් ජයසූරියට නඩු පවරා ඇති බවට කරන ප්‍රකාශය විහිළුවක්‌ද?
ඊශ්‍රායලයේ හිටපු විදේශ ඇමතිනියට එරෛහිව යුධ අපරාධ නඩුවක් ඇති බව මොසෑට් ඔත්තු සේවය නිසා ඊශ්‍රායලයට දැන ගැනීමට හැකි විය.
ඊශ්‍රායල් රජය ඒ ගැන බ්‍රිතාන්‍ය රජයට දැන්වීමෙන් පසු ඇති නඩුව යටපත් විය.
එහෙත් ජගත් ජයසූරියට අදාළ සිද්ධිය ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන් බ්‍රසීල රජයෙන් විමසීමක් කර නැත. එසේම මේ දක්‌වාම බ්‍රසීලයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක්‌ද පත්කර නොමැත. මේ පසුබිම මැද පසුගිය සඳුදා ජිනීවා මානව හිමිකම් සමුළුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා පැවසූවේ ජාත්‍යන්තර විශ්ව සමුළුව ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ යුතුයි.
දිවයින පුවත්පත අනුග්‍රහයෙන්