Spread the News

“ටැමිල් නෙට්‌ සහ චැනල් ෆොa කැලම් මැක්‌රේ බොරුකාරයෝ”

ලන්ඩන් නුවර සිට ඉරිදා දිවයිනට විශේෂයෙනි

nesbiබ්‍රිතාන්‍යයට යැමට අදහස්‌ කරන ශ්‍රී ලාංකිකයන් වීසා අයදුම්පතෙහි පහත ප්‍රශ්නවලට උත්තර ලිවිය යුතුය “ඔබ යුද අපරාධ වලට හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෝ සමූල ඝාතන ක්‍රියාවලට සම්බන්ධවී තිබේද? එසේම ඔබ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී හෝ සහාය දක්‌වා තිබේද? නොඑසේ නම් ත්‍රස්‌තවාදී සංවිධානයක සාමාජිකයෙක්‌ ලෙස කටයුතු කර තිබේද? මේ හැර ත්‍රස්‌තවාදී කටයුතුවලට ආධාර දීම හෝ ත්‍රස්‌තවාදි ක්‍රියා සාධාරණීයකරණය කිරීමට ඔබ කටයුතු කර තිබේද ?

මෙවන් ප්‍රශ්න ශ්‍රී ලාංකිකයන් වෙත යොමුකිරීමට බ්‍රිතාන්‍යය ක්‍රියාකළේ එරට සිටින කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් මතය.

එහෙත් කොටි කාන්තාවන්ට සයනයිඩ් කරල් ලබාදී ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවලට යොමුකළ ඇඩෙලා බාලසිංහම් හෙවත් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරියට එරෙහිව බ්‍රිතාන්‍ය රජය මෙතෙක්‌ පියවර ගෙන නැත. මේ හැර ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකර බ්‍රිතාන්‍යයට පැන ගිය කොටි ත්‍රස්‌තයන් රැසක්‌ අද බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ඇත.

බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග වලට අනුව 2017 වසරේදී බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 845 කි. මොවුන් සියලුදෙනාම ද්‍රවිඩයන් වේ.

nesbi1මෙවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්‍ෂයේ දේශපාලකයකුවූ මිචෙල් වුල්පැන්ග් ලෝරන්ස්‌ මොරිස්‌ හෙවත් නේස්‌බි සාමිවරයා මේ සතියේ දිනෙක ලන්ඩන් පාර්ලිමේන්තුවේදී මා සමඟ සාකච්ඡාවක්‌ කිරීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් නේස්‌බි සාමිවරයා හමුවී සාකච්ඡාවක්‌ කිරීමේ අවස්‌ථාව හිමිවූයේ ඉරිදා දිවයින පුවත්පතට පමණකි.

වසර 50 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවට ළැදිව කටයුතු කරන නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස කියා සිටියේය.

නේස්‌බි සාමිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා හෙවත් මහාබොරුව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරද්දී කොටි හිතවාදීන් මෙහෙයවන ශ්‍රී ලංකා කැම්පේන් ඔප්පීස්‌ නමැති සංවිධානය ශ්‍රී ලංකාවේ නිවාඩුවක්‌ ගතකිරීමට නොයන ලෙස ඉල්ලමින් ප්‍රචාරණ මෙහෙයුමක්‌ දියත්කර ඇති අයුරු අපට ලන්ඩන් නුවරදී හෙළිවිය. මේ ප්‍රචාරක මෙහෙයුමේ තේමාව වූයේ යුද අපරාධකරුවන් සහ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සමඟ නිවාඩුවක්‌ ගතකිරීමෙන් වළකින්න යනුවෙනි. එහෙත් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය එම රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන්නේ කොටි හිතවාදීන් බවට ප්‍රතිචාර දක්‌වා නොමැත.

මේ තත්ත්වය මත නේස්‌බි සාමිවරයා මෙලෙස කියා සිටියේය. “එක්‌සත්ජාතීන්ගේ නේවාසික කණ්‌ඩායම ප්‍රකාශයට පත්නොකළ වාර්තාවක්‌ මා සොයාගත්තා. 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 දක්‌වා වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 7721 ක්‌ බව එහි සඳහන් වී තිබුණා. එම වාර්තාවෙන් පසු දින 6 කදී යුද්ධය අවසන් වුණා. එසේ නම් මැයි 13 සිට මැයි 19 දක්‌වා කාලය තුළ 40000 ක්‌ මියගිය බවට නැඟෙන චෝදනාව විශ්වාස කළ හැකිද? ඉන්පසු මා එක්‌සත්ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ගේ වාර්තාව නිරීක්‍ෂණයට ලක්‌කළා. එහි සඳහන් වන්නේ සිවිල් වැසියන් 7000 ක්‌ පමණ මියයා හැකි බවයි. ඔහු තම වාර්තාවේ තවදුරටත් දක්‌වා තිබුණේ ද්‍රවිඩයන් මැරීම ශ්‍රී ලංකා හමුදාවේ අරමුණ නොවන බවයි. මේ හැර ඇමෙරිකානු තානාපතිව සිටි රොබට්‌ බ්ලේක්‌ 2009 අප්‍රේල් 7 වැනිදා තම වාර්තාවෙන් 2009 ජනවාරි 20 සිට අප්‍රේල් 6 දක්‌වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 4164 ක්‌ ලෙස දක්‌වා තිබුණි.

nesbi22015 මාර්තු මස බ්‍රිතාන්‍ය හමුදා විශේෂඥයකු වූ මේජර් ජනරාල් ජෝන් හෝම්ස්‌ තම වාර්තාවෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර විය හැකි බව සඳහන් කළා.”

මෙලෙස සිවිල් වැසියන් 40000 ක්‌ මරුමුවට පත්වූ බවට ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන මහා බොරුවේ පසුබිමේ සිටින්නේ කවුදැයි අපි නේස්‌බි සාමිවරයාගෙන් විමසුවෙමු.

“මානව හිමිකම් සංවිධාන සහ ද්‍රවිඩ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව පුළුල් ප්‍රචාරයක්‌ ගෙනගියා. මින් වැඩිදෙනා කොටි හිතවාදීන්” එසේම ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය සහ කීලිං පීල්ඩ් චිත්‍රපටය නිර්මාණය කළ චැනල් ෆොa රූපවාහිනි සේවාව ද ඊට මුල්වුණා.

මේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය ගැන චැනල් ෆොa රූපවාහිනිය හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට බලපෑම් කළා.

නේස්‌බි සාමිවරයා තවදුරටත් මෙලෙස සඳහන් කළේය. “මට තොරතුරු දැනගැනීමේ ආඥපනත යටතේ 2009 ජනවාරි 1 සිට මැයි 19 වැනිදා තෙක්‌ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ලන්ඩන් නුවර විදේශ කාර්යාලයට එවූ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. එහෙත් මට තොරතුරු ලබාදීම ඔවුන් ප්‍රතික්‍ෂේප කළා.

nesbi3පසුව තොරතුරු දැනගැනීමේ කොමසාරිස්‌වරිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය තොරතුරු ලබාදීම ව්‍යර්ථ කරන බව කියා සිටියා. මගේ පැමිණිල්ල මත ඇය මැදිහත්වී රහස්‌ ලියවිලි 39 ක්‌ මා වෙත ලබා දුන්නා. එම රහස්‌ ලියවිලිවල ඇතැම් තොරතුරු මකාදමා තිබුණා.”

මෙලෙස නේස්‌බි සාමිවරයා එම යුද රහස්‌ ලියවිලිවල සඳහන් වන තොරතුරු දැකීමෙන් විස්‌මයට පත්විය.

මේ රහස්‌ තොරතුරු හෙළිවීමට පෙර බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත ඇතුළු මාධ්‍ය කිසිදු සාක්‍ෂියකින් තොරව ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බවට හංවඩු ගසනු ලැබීය.

ඊට සම්බන්ධ වූයේ ලන්ඩන් නුවර සිටින කොටි ඩයස්‌පෝරාවයි. මේ ඩයස්‌පෝරාවේ අරමුදල් සහ සහය මත බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනි නාළිකාවේ කුපුකට නිවේදකයන්වූ ජෝන් ස්‌නෝ සහ ජොනතන් මිලර් සහ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ නමැත්තන්ය.

කැලම් මැක්‌රේගේ කිලිං පීල්ඩ් හෙවත් ඝාතන භූමිය චිත්‍රපටය එවකට සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත ප්‍රදර්ශනය කිරීමටද කොටි ඩයස්‌පෝරාව ක්‍රියාකරනු ලැබීය.

එසේම මැක්‌රේ එම චිත්‍රපටයත් සමඟ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ එය ප්‍රදර්ශනය කිරීමට ද ක්‍රියා කළේය. මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කරන අයුරු අපට අතටම අසුවිය.

එසේම ඔහු මානව හිමිකම් කවුන්සිලය වෙත මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජාවද ගෙන ආවේය. මානව හිමිකම් කවුන්සිලයේ දොරටුව විවෘත කරන තුරු අසල තිබූ කොන්ක්‍රීට්‌ පඩියක වාඩිවි සිටි වර්ධරාජා අප වෙත හෙළිකළේ මුලින්ම බ්‍රිතාන්‍යයට ගිය තමාට දේශපාලන රැකවරණ ලැබුණු බවයි.

මේ පසුබිම මත බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමරුවට ගෙන ආ මාධ්‍ය කණ්‌ඩායමට චැනල් ෆොa වාර්තාකරුවන්වූ ජොනතන් මිලර් සහ ජෝන් ස්‌නෝද සම්බන්ධ කරගෙන තිබුණි.

මේ වාර්තාකරුවන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නුදුන්නොත් තමා පොදු රාජ්‍ය මණ්‌ඩල උත්සවය වර්ජනය කරන බවද කැමරන් තර්ජනය කිරීම නිසා එදා පැවැති රජය අසරණ තත්ත්වයට පත්විය.

කොළඹට පැමිණි කැමරන් කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රශ්න ඇසීම සඳහා ඉඩදුන්නේ චැනල් ෆොa වාර්තාකරුවන්වූ ජෝන් ස්‌නෝ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යවලට පමණකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට කිසිදු ප්‍රශ්නයක්‌ ඇසීමට ඔහු ඉඩදුන්නේ නැත. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ මේ තක්‌කඩි ක්‍රියාවෙන් පසු චැනල් ෆොa රූපවාහිනී සේවාව පුද්ගලික නාලිකාවක්‌ද යන්න ගැන ඉරිදා දිවයින කළ විමර්ශනයේදී හෙළිවූයේ එය රජයේ නාලිකාවක්‌ බවයි. එහෙත් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය ඒ බව දැනසිටියේ නැත.

එසේම 2016 වසරේ යහපාලන රජය චැනල් ෆොa රූපවාහිනියේ ජෝන් ස්‌නෝ නමැති තක්‌කඩියාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි ජෝන් ස්‌නෝ යාපනයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‍ෂි එක්‌රැස්‌ කළේය. ඔහු ආපසු ලන්ඩන් නුවරට ගොස්‌ චැනල් ෆොa රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකාවට අවමන් කළේය.

ජෝන් ස්‌නෝ තම ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙලෙස සඳහන් කළේය.

“මා ශ්‍රී ලංකාවේ මිනීමරු භූමියට පැමිණි අවස්‌ථාවේ ජනාධිපති සහ අගමැති විසින් ප්‍රකාශ දෙකක්‌ කරමින් අපේ චැනල් ෆොa නාලිකාව විසින් වීඩියෝ මගින් අදියර කිහිපයකින් ප්‍රදර්ශනය කළ යුද්ධ අපරාධ ගැන විනිශ්චය කිරීමට විදේශ රටවලින් කිසිවෙක්‌ ගෙන්වන්නේ නැති බව පැවසුවා.”

යුද්ධය අවසන්වී වසර හතක්‌ ගතවන අවස්‌ථාවේ අතුරුදන්වූ අය ගැන දිගින් දිගටම පරීක්‍ෂණයක්‌ නොපැවැත්වීම ගැනත් දෙමළ ජනතාව දැඩි වෛරයෙන් සිටිනවා. හමුදාව උතුරේ අක්‌කර දසදහස්‌ ගණනක්‌ අල්ලාගෙන සිටිනවා. හමුදාව කඩවලට කඩාවැදී ව්‍යාපාර අල්ලාගෙන තිබෙනවා. මයිලයිඩි ගමේ තිබූ ගෙවල් 40 ක්‌ හමුදාව බුල්ඩෝසර් යොදවා සමතලා කර තිබෙනවා. අපේ අගමැති කැමරන් කළ ඉල්ලීම් එකක්‌වත් ශ්‍රී ලංකාව ඉටුකර නැහැ. යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර සම්මිශ්‍රණයක්‌ තිබිය යුතුබව කැමරන් අගමැතිවරයා කියා සිටියා.

ආරක්‍ෂක කලාපයක්‌ ලෙස හඳුන්වමින් ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව විශාල ලෙස කොටුකර ඝාතනය කෙරුණ මෙම මිනීමරු භූමියේ තත්ත්වය ගැන මම අතිශයින්ම කනගාටුවන්නෙමි.

පොළොවේ හෑරි ගිය ෂෙල් වෙඩි වළවල්වල තවමත් දිරන සාරි – කමිස සහ යට ඇඳුම් මා දුටුවා. ඊට වඩා බිහිසුණු දේ මා දුටුවා. ඒ මුහුදු වෙරළ පුරාම පුංචි දරුවන්ගේ තනි සපත්තු දැකීමයි.

උතුරේ 120000 ක හමුදාවක්‌ සිටිනවා. මිලියන 20 ක්‌ වත් ජනගහණයක්‌ නැති රටකට බ්‍රිතාන්‍යයට නැති තරම් විශාල හමුදාවක්‌ කුමකටද?

එහෙත් නේස්‌බි සාමි හෙළිකළ බ්‍රිතාන්‍ය යුද රහස්‌ ලියවිලි 39 ක තොරතුරු නිසා චැනල් ෆොa රූපවාහිනියේ කැලම් මැක්‌රේ. ජෝන් ස්‌නෝ සහ ජොනතන් මිලර්ට කටඋත්තර නැති විය.

නේස්‌බි සාමිවරයා 2017 ඔක්‌තෝබර් 12 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකව සිටි ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවල දැක්‌වෙන තොරතුරු හෙළිකිරීමත් සමඟම චැනල් ෆොa රූපවාහිනිය නේස්‌බිගේ ප්‍රකාශය විභාග කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියාකළේ නැත.

ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් තම රහස්‌ ලියවිලිවල මෙලෙස සඳහන් කර තිබුණි.

කොටි සංවිධානය පරාජය වන බව කොටින් දැන ගත්තා. මේ නිසා ටැමිල්නෙට්‌ සහ අනිකුත් පාර්ශව රජය ලවා සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සඳහා බලපෑම් කළා.

අනාථ නිවාස, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම, රසායනික අවි භාවිත කිරීම, විෂ බෝම්බ භාවිත කිරීමට, යුද හමුදාව ක්‍රියාකර ඇති බව ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය චෝදනා කළා. එහෙත් මේ චෝදනා විශ්වාස කළ නොහැකියි.”

එසේ වූවත් බ්‍රිතාන්‍ය රජය මේ රහස්‌ තොරතුරු වසන් කරනු ලැබූ අතර එහි අඩංගු තොරතුරු ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ට ලබාදීමට ක්‍රියා කළේ නැත.

ඊට මූලික හේතුව වූයේ ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ තොරතුරුවලින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණයට කොටි ඩයස්‌පෝරාව රහසිගතව ලබාදුන් සාක්‍ෂි බොරු බව සනාථ වීමයි.

මේ අතර නේස්‌බි සාමිවරයා අප කළ විමසීමට වැඩිදුරටත් කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාව එදා බ්‍රිතාන්‍යයට ලබාදුන් සහාය ගැනද හෙළිකළේය.

“ලෝක යුද්ධ දෙකක ම සහ පෝක්‌ලන්ත යුද්ධයට ද ශ්‍රී ලංකාව විසින් බ්‍රිතාන්‍යයට සහාය දැක්‌වූවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සහායට බ්‍රිතාන්‍යා පැමිණිය යුතුයි. ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් තරම් වෙන කිසිම හමුදා නිලධාරියෙක්‌ වන්නි මෙහෙයුම ගැන තොරතුරු දැනසිටියේ නැහැ.

ශ්‍රී ලංකා හමුදාව විනය ගරුක හමුදාවක්‌ මෙන්ම සිවිල් වැසියන්ට බේරීයැමට උදවු කළා. ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි සියල්ල ලබා දෙන ලෙස මා විදේශ කාර්යාලයෙන් ඉල්ලීමක්‌ කළවිට එම ලියවිලි රහස්‌ තොරතුරු හෙළිදරව් කිරීමක්‌ බව පැවසුවා. මේ රහස්‌ ලියවිලි අතරින් සත්‍ය අනාවරණය කරන ප්‍රධානතම ලියවිල්ල ලෙස දැක්‌විය හැක්‌කේ 2009 ජනවාරි 28 වැනිදා ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් කොළඹ සිට බ්‍රිතාන්‍යයට යෑවූ රහස්‌ ලිපියේ කොටි සහ සිවිල් වැසියන් හඳුනාගැනීමට පහසු නැතැයි දක්‌වා තිබුණා යෑයි නේස්‌බි සාමිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙලෙස වසර අටක්‌ තිස්‌සේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර මාධ්‍ය වලින්ද වසන්කර තිබූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවල සඳහන් වන රහස්‌ තොරතුරු හෙළිකිරීමට මෙරට මාධ්‍යවලින් හැකිවී ඇත්තේ ඉරිදා දිවයිනට පමණකි.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලය භාර රාජ්‍ය ඇමැති අහ්මද් සාමිවරයා නේස්‌බි සාමි වරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමින් සඳහන් කර ඇත්තේ යුද අපරාධ එල්ලවන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකරන බවයි. ශ්‍රී ලංකාව එම යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමටත් වගවීමේ ක්‍රියාදාමය ඉටුකිරීමටත් එකඟවී ඇති බවයි.

අහ්මද් සාමිවරයා එම ප්‍රකාශයෙන් තවදුරටත් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකඟ වූයේ නම් එම යෝජනාවට එකඟ වූයේ මන්දැයි ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරන ලෙසයි.

මේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජය තම හමුදාව පාවාදීමක්‌ කළ බව සනාථ වේ. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විදේශ මැදිහත්වීම් ප්‍රතික්‍ෂේප කර තමන්ට ඒ ගැන පරීක්‍ෂණ පවත්වන බව පවසා තිබුණි.

එසේ වුවත් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ එවකට විදේශ කටයුතු ඇමැතිවරයා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වීමට එකඟත්වය පළකිරීම මුළුමනින් ම රාජෙද්‍රdaගී ක්‍රියාවකි.

මේ අයුරින් නේස්‌බි සාමිවරයා ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිල්ලෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බව අනාවරණය කරද්දී බ්‍රිතාන්‍ය රජය පවසන්නේ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාවට එකඟවූයේ ශ්‍රී ලංකා රජය බවයි.

ලොව කිසිම රටක්‌ තම රටේ යුද හමුදාව යුද අපරාධ කළ බවට එකඟවීමට ක්‍රියානොකර තිබියදී ශ්‍රී ලංකාව එකඟවූයේ මන්ද?

මේ පසුබිම මැද ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ලන්ඩන් පාර්ලිමේන්තුවේදී නේස්‌බි සාමිවරයා හමුවී රාජනීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා, නීතිවේදී ජෙප්රි නයිස්‌ ඇතුළු කණ්‌ඩායම කෙටුම්පත් කළ විමර්ශන වාර්තාව භාරදුන්නේය. මේ විමර්ශන වාර්තාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකා හමුදාව මානුෂීය නීතිය ප්‍රකාර කටයුතු කර ඇති බවත් කිසිදු යුද අපරාධයක්‌ සිදුකර නැති බවත්ය.

රාජනීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා සකස්‌ කළ එම විමර්ශන වාර්තාව මෙයට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය විසින් නේස්‌බි සාමිවරයාට භාරදිය යුතුව තිබුණත් එවැන්නක්‌ සිදුවූයේ නැත. මේ අතර ලන්ඩන් නුවර කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට අවුත් කෑකෝගසමින් ශ්‍රී ලංකාවට අවමන් කරද්දී බ්‍රිතාන්‍ය පොලිසිය බලා සිටියේය. මේ විරෝධතාවය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ නිදහස්‌ දිනයට එරෙහිවය.

මෙය සංවිධානය කර තිබුණේ ලන්ඩන් නුවර සිට කොටි වෙබ් අඩවියක්‌ මෙහෙයවන රාජන් සොක්‌කලිංගම් නමැති කොටියා බව අපි හඳුනාගත්තෙමු.

බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වුවත් එම තහනම නොතකා කොටි ඩයස්‌පෝරාව සිය විරෝධතාවය මෙහෙයවමින් තමන්ට මහකොමසාරිස්‌ කාර්යාලයේ හමුදා නිලධාරියා තර්ජනය කළ බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ද කර ඇත.

මේ සතියේදී මෙරට ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුනිල් චන්ද්‍රකුමාර, නුවන් බෙල්ලන්තුඩාව බෙංගමුවේ නාලක හිමි සහ ජයරාඡ් සුජීව පලිහවඩන, නේස්‌බි සාමිවරයා සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් කොටි ඩයස්‌පෝරාව ගෙනයන ද්වේශසහගත ප්‍රචාරයක්‌ ගැන අනාවරණය කළහ.