ඇහැළේපොළ කුමාරිහාමි සමරු උළෙල

Spread the News
ඇහැළේපොළ කුමාරිහාමි සමරු උළෙල
සිංහලේ වීර කාන්තාවක් වු ඇහැලේපොල  කුමාරිහාමිගේ  දෙසිය  පස්වන  ගුණ සමරු උළෙල  මෙම  16, 17 වන  දෙදින  තුළ  අති උත්කර්ෂවත්ව  පැවැත්වෙන  බව ඇහැලේපොල  මාතලේ  වීරුවන්  සැමරීමේ  සංවිධානයේ අනුශාසක පුජ්‍ය  පාලාවත්තේ  සෝනුත්තර  හිමිපාණන්  වහන්සේ  පැවසූහ.
ඒ අනුව  මැයි මස 16දා පස්වරු  4.00ට  ඇහැලේපොල  පුරාණ විහාරස්ථානයේදී විශේෂ බෝධි පුජා පුණ්‍යකර්ම පැවැත්වේ.
මැයි  17දා පස්වරු  2.00ට ඇහැලේපොල වීර මද්දුම බණ්ඩාර ළමා විරුවාගේ පිළිරුවට  පුෂ්පොපහාර දක්වා  එතැන් සිට අලංකාර පෙරහරකින් ඇහැලේපොල  විහාරස්ථානය  අභියසට  පැමිණ උපහාර පෙරහර විහාරස්ථානය අසල පිහිටි පුරාණ වැව අසල  ඉදිකර ඇති  ඇහැලේපොල කුමාරිහාමිගේ  පිළිරුවට  පුෂ්පෝපහාර  දැක්වීමට නියමිතය.
එයට සමගාමිව  පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින්  සකස් කළ ඇහැලේපොල පවුලේ විස්තර ඵලකය බස්නාහිර පළාත් ආණ්ඩුකාර  ආචාර්ය  හේමකුමාර නානායක්කාර මහතා විසින්  නිරාවරණය  කරනු ලැබේ.
ඉන් අනතුරුව ප.ව. 3.00ට පැවැත්වෙන උපහාර උත්සවයේදී ඇහැලේපාල කුමාරිහාමි  පිළිබඳ ව විශේෂ දේශනය ආචාර්ය හේමකුමාර නානායක්කාර   මහතා විසින්  පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින්  සිවිල්  සංවිධාන නියෝජිතයින්  කාන්තා සමිති සාමාජිකාවන්  ඇතුළු විශාල පිරිසක්  සහභාගිවීමට නියමිතය.