Fri. Nov 22nd, 2024
Spread the News

 Divaina :නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමි

 

kira

 

kirama222උන්වහන්සේ කලක් වැඩ සිටියේ විදේශයකය. ලොතරැයි ආදියට කිසිදු අනුග‍්‍රහයක් නොදැක්වූවත් එහි දායකයන්ගේ ඉල්ලීමට කන්දීම වෙනුවෙන් උන්වහන්සේ ලොතරැයියක් මිලදී ගත්හ. පුදුමයකි, ඩොලර් බිලියන ගණනක ත්‍යාගය ඒ හිමියන්ට ඇදී තිබුණේය. සිවුරු හැර හීරළුවකු වී කසාදයක්ද බැඳගෙන අති සුකුමාර ජීවිතයක් ගත කිරීමට එම මුදල හොඳටම සෑහින. ඒත් ඒ හිත අකුසලයට නොනැමිණ පිරිසිදු බුදුදහම පිළිබඳ ලියැවුණු ඉංගිරිසි පොතපත ලංකාවේ බොහෝ හිඟයක්ව පැවැති ඒ කාලයේ භාවනා ක‍්‍රම, තුන්පිටකය ආදිය ඉංගිරිසියෙන් ලියවා මුද්‍රණය කර ලෝකය පුරා විද්වතුන්ට ඒවා ලබා  ගැනීමට තැනක් සකසාදීම ඊට වඩා මහා පින්කමක් ලෙස උන්වහන්සේ දුටුහ.

* ති‍්‍රපිටකය ඉංගිරිසියෙන්

උන්වහන්සේ ලංකාවට වැඩියහ. ඊට සුදුසු තැනක් සොයා ගැනීම අමාරුවිය. එහෙත් ‘මානිවත්ථ අභික්ඛම’ නොනැවතී ඉදිරියට යන ගුණයෙන් යුතු ඒ හිමියෝ එදා 90 ගණන්වල මුල් භාගයේ ජනාකීර්ණ නොවූ නැදිමාලේ බිම් පෙදෙසක තම පොත් හා සංස්කෘතික මධ්‍යස්ථානය ඇරැුඹූහ. අද දෙස්-විදෙස් සංචාරකයන් විද්වතුන්ට අවශ්‍ය ගැඹුරු බුදු දහමේ පොත් දහස් ගණනක් එක පියසකදී සොයා ගත හැකි නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ජාතියට පිදෙන්නේ ඒ ආකාරයෙනි. අපේ උරුමය වන ති‍්‍රපිටකය අටුවා ඇතුළු පැරැුණි පොත් නැවත මුද්‍රණය කර මේ රට මිථ්‍යා දෘෂ්ටියෙන් ගලවාගත් කිරම විමලජෝති ස්වාමීන් වහන්සේ මෙරට බෞද්ධ පුනරුදය සඳහා අදත් විසල් මෙහෙයක් කරමින් සිටිති.

තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ නිර්මාතෘ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියෝ අද දිවයින ‘අපේ තාත්තා’ මණ්ඩපයට වඩිති.

* ගල් පර්වත හා කඳුවලට මැදිව

මගේ තාත්තා චාල්ස් විදානපතිරණ. වළගම්බා රජ්ජුරුවෝ සැඟවී සිටි විශාල ගල් පර්වත. එක් පැත්තකින් රත්මලේකන්ද, සරුසාර කෙත්වතු, කුඹුරු ලියැදි වන වදුලින් රමණීය වූ ගමක්. අපේ තාත්තා

ගොවියෙක්. හේන් ගොවිතැනත් කළා. පොඩි කාලේ පැල් රකින්න මාත් ගිය අවස්ථා තියෙනවා. ගමේ ගොවි සමිතිවල, පන්සල් දායක සමිතියේ ඉහළ නිලතල අපේ තාත්තා දැරුවා. ඒ නිසා ගමේ යම් ප‍්‍රභූත්වයක්ද තිබුණා. පොල් ගසක ඒරියල් බැඳපු ලොකු රේඩියෝවක් අපේ ගෙදර ඉස්තෝප්පුවේ තිබුණා. ගමේ උළු සෙවිලි කළ ගෙවල් කීපයෙන් එකක් තාත්තාට තිබුණේ මුළු ගමටම බණ, පිරිත්, ප‍්‍රවෘත්ති ඇහෙන්න මේක ශබ්දයට දානවා.

 

kirama444

* අත්ත ගහ මැතිරීම

අපේ තාත්තයි අම්මයි හරිම නිර්මලව බුදුදහම අදහන අයයි. සිල් සමාදන්වීම ඒ අයගේ ජීවිතයේ වටිනාම දේ. අපි පොඩි කාලේ හැම තිස්සෙම ලෙඩ වුණෙත් නෑ. එහෙම වුණාමත් ඒ අය කළේ අත්ත ගහ මතුරනවා කියලා දෙයක්. බලිතොවිල් බැලිල්ලටත් ළමයින් සමග යන්න තාත්තා ආසයි. අපේ පවුලෙත් දරුවෝ මට උඩින් වැඩිමල් හතරයි, බාල හතරයි. ඔක්කොම 9 යි.

ඒ කාලේ ගමේ කුඹුරක වක්කඩකින් වුණත් පිරිසිදු වතුර බොන්න පුළුවන්. අත්ගොටුවට වතුර ගත්තම පුංචි මාළු පැටව් දෙතුන් දෙනෙකුත් අතට එනවා. ඒ අය ඇඟිලි අතරින් මුදාහැරලා අපි වතුර බොන්නෙ. අපට හරක් පට්ටි හිටියා. ඒ අයගේ ගොම එකතු කිරීම, හරකුන්ට කැවීම, උන් ගාල් කිරීම ළමයි වන අපට පැවරුණා. තාත්තලා කුඹුරේ වැඩකරන කොට ඇඹුල අරන් අම්මලා එක්ක කුඹුරට යන්න, කරල් පෑහෙන කොට සකලයන් හඬන්න (කුරුල්ලන් එළවන්න* මාත් යනවා.

* පිරිවැස්ස අරන්

ගෙදරට ‘පිරිවැස්ස’ අරගෙන ආවාම එහි ජපන් කොරළි කපලා ශුද්ධ කරලා දුමේ තබන්නේ තාත්තා. පෝෂණීය ආහාර වේලක් දෙන්න දෙන්නම මහන්සි වුණා. දෙල්, අටුකොස්, කොස් අටුකොස් ගෙදර ඇඳ යට ඕනෑම වේලාවක කන්න තියෙනවා. හරක් හදන නිසා හරක් මස් නොකෑවාට මාළු කරවල කනවා. සත 10-15 යි, ගෝන මස්, මුව මස්. ඒවා විකිණීමත් ඒ කාලේ තහනම් නෑ. ඒවා දරුවන්ට ගෙනැවිත් දෙනවා. අපේ තාත්තා ගමේ මළ ගෙවල්වල ප‍්‍රධාන කථිකයෙක්. ජීවිතය ගැන, මරණය ගැන, සංසාරය ගැන හරිම අපූරුවට කතා කරනවා.

* වට වන්දනාව

මට මතකයි මට අවුරුදු 5 දී විතර තාත්තා කියනවා වන්දනා ගිය කතා. 1953-54 වගේ කාලේ මහියංගන, කතරගම, සිතුල්පව්ව, දළදා මැඳුර, අනුරාධපුර මේ හැම තැනම යනවා. මහා කරත්ත නඩයක් මාස 4 කට පස්සේ මේ අය ආවේ. ගමකින් එක්කෙනයි ගියේ. ඒ නිසා ආවාට පස්සේ ගමේ මිනිස්සු ගෙදර පිරුණා. විස්තර අහනවා. ලබාගත් දන් අනුමෝදන් වෙනවා. කතරගම ගියාට තංගල්ලට එහා බස් එකෙන් යන්න බෑ ඒ කාලේ. අලි ඉන්නවා පාරේ. මට මතකයි රුවන්මැලි සෑයේදී බුදුරැුස් විහිදෙනවා මේ නඩ දැක්ක බව තාත්තා කියනවා.

* ලෝභයාගේ කතාව

ඒ කාලේ තාත්තා මසුරු මිනිහෙක්ගේ ලෝභය තුනී කළ කතාවක් කට්ටියට කීවා. හක්මන මහා ලෝභ සල්ලිකාරයෙක් හිටියලූ. මිනිහා මහා රාත්තිරියේ හුළු අතු බැඳගෙන මොනවාදෝ හොයනවා. ඇහුවාම එයාගේ සතයක් බිම වැටිලා ඒක තමයි මහ ?ත් හොයන්නේ. එක මිනිහෙක් අර ලෝභ සල්ලිකාරයට පෙනෙන්න රුපියල් 10 කොළයක් ගින්නට අල්ලා පත්තු කළා. ලෝභයාට ඒක දැකලා හීන්දාඩිය දැම්මා. ඊට පස්සේ හොඳ දේශනාවක්ද ලෝභයාට දීලා. මේකේ කිසියම් පාඩමක් තියෙනවා. මේ වගේ කතා කියන්න අපේ තාත්තා රුසියෙක්.

* බත්පත

අපේ අම්මා මැන්චිනා පතිරණ. පුදුමාකාර දයාවකින් දරු පවුල හදාවඩා ගත් මාතාවක්. කවරදාවත් එතුමිය තාත්තා සමග සණ්ඩු වෙනවා අපි දැකලා නෑ. තාත්තා අම්මාටත් අම්මා තාත්තාටත් නිසි හිමි ගෞරවය දුන්නා. උදේ රැුයින් නැගිටලා මේ දෙන්නාම වැඩ. ඒක අපටත් පුරුදු වුණා. වී කොටනවා, මිරිස් අඹරනවා, කොස් පොලොස් කපනවා, රසට උයනවා, රෙදි සෝදනවා මොන තරම් වැඩ අම්මලත් කළාද? තාත්තාට ගෙදර වැඩ, ගමේ වැඩ, පන්සලේ වැඩ මේ ඔක්කොම තිබුණා. කොච්චර වැඩ තිබුණත් ගෙදර ක‍්‍රමයක් තිබුණා. බුද්ධ පූජාව තියනවා වගේ ඉස්සෙල්ලාම තාත්තාට බත් පත බෙදලා ඊට පස්සේ දරුවන්ට. තාත්තා ගෙදර හිටියත් නැතත් ඒක තමයි පිළිවෙළ.

* විදුහල්පතිතුමාගේ පුතා

මං හරිම දඟකාරයි. ඒ කාලේ හරක් පිටේ නැඟලා ඇවිදිනවා. ඇළේ දොළේ පීනනවා. අතු උඩ ඉඳලා වැවට පනිනවා. විදුහල්පතිතුමාගෙ පුතා එක්ක තමයි සෙල්ලම් කළේ.

* අරූ මට වඳිනවා

මට එතකොට වයස 13 යි. 8 වැනි ශ්‍රේණියේ හිටියෙ. අම්මා දවසක රෑ කෑම ගන්නකොට මෙහෙම යෝජනාවක් කළා. ‘‘පුතේ, පින් ලැබෙන වැඩක් තියෙනවා. හතරවරිගෙම නිවනට යනවා. උඹ මහණ වෙන්න කැමතිද? කියලා එතුමිය මගෙන් ඇහුවා. මං අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන දන්නේ නෑ. මට එකපාරටම සිහියට ආවේ මං හාමුදුරු කෙනෙක් වුණොත් අරූ (ප‍්‍රින්සිපල්ගෙ පුතා* මට වඳිනවා කියන එකයි. මං කැමැත්ත පළ කළා. වෙහෙරහේන රජ මහා විහාරයේ පරවාහැර වජිරඥාන නායක හාමුදුරුවො තමයි මා ඉල්ලා තිබෙන්නෙ. උන්වහන්සෙ යටතේ මා 1959 දී පැවිදි වුණා. පරවාහැර රේවත නායක හාමුදුරුවන්ගේ කාලේ 1935 දී ධර්මපාලතුමාගේ ව්‍යාපාර සඳහාත් අනුග‍්‍රහය දක්වපු දකුණේ පන්සලක් වෙහෙරහේන. ශ‍්‍රීමත් සී. ඒ. රාජපක්‍ෂ වගෙ මහින්ද රාජපක්‍ෂ පවුලේ නෑදෑයො වෙහෙරහේන පන්සලට කිට්ටුයි. ධර්මපාලතුමා බෝධිසත්ත්වයෙක්. මතු බුදුවන කෙනෙක් කියලයි මේ ප‍්‍රභූ පන්තිය හා අපේ නායක ඇත්තො පිළිගත්තෙ. ජෝර්ජ් රාජපක්‍ෂ මහත්මයා ගැනත් පන්සලේ ලොකු පිළිගැනීමක් තිබුණා. මා ගිය කිරම ධම්මානන්ද ස්කෝලෙ එක පාරක් මැතිවරණයකදී පෝස්ටර් ගහලා තිබුණේ ‘අතපත්තුට පාචනේ – රාජපක්‍ෂට ආසනේ’’ කියලයි. මං මහණ වෙච්ච දවසෙ මගෙ අම්මයි – තාත්තයි දෙන්නාම ඇඬුවා. ඒ සතුටු කඳුළු ඔවුනගේ දෙකොපුල් දිගේ ගලා යන විට මේ මහණකම මා හරියටම රකිනවා කියන පොරොන්දුව මා මටම දුන්නා.

* පඩිය සතයයි

වෙහෙරහේන පන්සලෙ 88 රියන් බුදුපිළිමය හදන්න පටන් ගත්තෙ 1932 දී. ඒකෙ වැඩ කළ කම්කරුවන්ට නායක හාමුදුරුවො සතය සතය පඩි ගෙව්වා. අපේ නායක හාමුදුරුවො පරවාහැර වජිරඥාන හාමුදුරුවො හරිම සැරයි. මාත් නායක හාමුදුරුවන්ගෙ පඩික්කම් පවා හෝදලා තියෙනවා. උන්වහන්සෙ මාස 3-4 කට සැරයක් මට ගමට ගිහින් එන්න අවසර දෙනවා. අලූත් අවුරුද්දට විශේෂයෙන්. පන්සලේ ලොකු පින්කම්වලට උදව් කරන්න මං උඩපීක්වැල්ලේ පන්සලට පලංගම් කෝප්ප පවා ගෙනාවා.

* පවුලේ කතාව කෑම මේසෙ

තාත්තා නියම කරපු පිළිවෙළ බලන්න. රාත‍්‍රී කෑම මේසෙට කවුරුත් එකතු වුණාම පවුලෙ කතා, ස්කොලෙ ප‍්‍රශ්න, ගෙදර ප‍්‍රශ්න කතා කරලා විසඳුම් ලබාගන්නෙ. අද එහෙමද? ඔක්කොම ඉන්දියානු ටෙලිනාට්‍ය බලනවා. ඒ නිසා පවුල්වල බැඳීම නැති වෙනවා. මේවා අපෙ තාත්තා දැන හිටියා. පුදුමාකාර පවුල් බැඳියාවක් තිබුණා. සැලසුමක් අනුව පවුලේ කටයුතු කෙරුණා. පලා ජාති, අල ජාති, බත්, තලප, කොස්, දෙල් මේවා ඔක්කොම අපේ කෑම මේසෙ තිබුණා. පුදුමාකාර රස කොළ කැඳක් උදෑසන අපට ලැබෙනවාමයි. ගොටුකොළ, වැල්පෙනෙළ, මුකුණුවැන්න, කූර තම්පලා හා තවම නොයෙක් කැලෑ කොළ මේ කැඳට ඇතුළත් මැල්ලූම් මුට්ටියක් ගෙදර වරදින්නේ නෑ. තාත්තාට කුල ප‍්‍රශ්න නම් බලපෑවා. ඒත් අනෙකුත් අය සමඟ සහජීවනය එකමුතුකම නැති කර ගත්තේ නෑ. පහත් කුලවල අයට වුණත් ගැරහීම් කළෙත් නෑ. ජාති වශයෙන් වෙනත් ජාතික අය ගමේ ඒ කාලෙ හිටියෙත් නෑ.

* රේඩියෝ එක වහපන් කීවා

1988-89 මේ රටේ භීෂණය උඩුදුවද්දී අපෙ අම්මා සවස රේඩියෝ එකේ බණ අහමින් සිටියදී, කොල්ලො ටිකක් තුවක්කුවක් අරන් අපේ ගෙදරට ඇවිත් තිබෙනවා. අපේ අම්මට මේ දරුවො අණ කළාලූ රේඩියෝ එක වහන්න. එතුමිය කියලා තියෙනවා ‘‘බණනෙ පුතේ, යන්නේ ඇයි? වහන්නෙ’’ කියලා. ඒ අය තර්ජනය කරලා රේඩියෝ එක වහලා දැම්මා. අම්මා මේකට බය වුණා. අපේ තාත්තගෙයි අම්මගෙයි මුණුබුරෙක් හමුදාවේ හිටියා. එයාව ඉන් ඉවත්

* උපාලි සමරසිංහ

Protected by Security by CleanTalk